ඉදිකිරීම් කටයුතු වලදී භාවිතා වන ගඩොල් බැමි


  • ගඩොල් (Brick)

            ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී බහුලව භාවිතා කෙරෙන ගොඩනැගිලි ද්‍රව්‍ය අතුරෙන් ප්‍රධාන තැනක් ගනී.ගංගා,වැව්,ඔයවල් ආශ්‍රිත පහත බිම්වල ගඩොල් තැනීම සදහා සුදුසු මැටි පවතී.මේවාට අවශ්‍ය ප්‍රමාණයට වැලි මිශ්‍ර කර පදම් කරගත් මැටි යොදා අච්චුවල දමා සකස් කරගත් ගඩොල් වියලා පුළුස්සා ගැනීමෙන් ගඩොල් නිෂ්පාදනය කෙරේ.ගඩොල් පිලිස්සීමෙන් ඇතිවන රසායනික ක්‍රියාවලිය නිසා ගඩොල් ශක්තිමත් ඒකකයක් බවට පත්වේ.ගඩොල් නිපදවීමට යොදාගන්නා රතු මැටි වල ප්‍රධාන සංඝටක 02ක් අඩංගු වේ.

එනම් ඇලුමිනා (Al2O3),සිලිකා වැලි (Sio2) මීට අමතරව 2%ක් පමණ යකඩ ඔක්සයිඩ,මැග්නීසියම්,හුණු සහ සෝඩියම් ලවණ අඩංගු වේ.මෙම එක් එක් ද්‍රව්‍ය මගින් ගඩොල් සදහා විවිධ බලපෑම් ඇතිකරයිගඩොල්වල

  • ශක්තිමත් භාවය කෙරෙහි බලපාන සංඝටක
  • ඇලුමිනා

ගඩොලට දැඩි බවක් ලබාදේ එමෙන්ම මැටි වලට ස්විකාර්යතාවය ලබාදේ.

  • සිලිකා වැලි

තෙතමනය උරාගැනීම අවම කරන අතර දැඩි බව,කල් පැවැත්ම සහ තාපයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරයි.

  • හුණු

ගඩොල් හැකිලීම අවම කරන අතර අඩු උෂ්ණත්වයකදී සිලිකා ද්‍රව බවට පත්වේ.එමගින් මැටි අංශු අතර බන්දන ශක්තිය වැඩි කරයි.

  • යකඩ ඔක්සයිඩ

සුළු ප්‍රමාණයක් අන්තර්ගත වුවද වැලි මෘදු කිරීමට සහය වේ.එමගින් මැටි අංශු අතර බන්දන හැකියාව වැඩි වේ.ගඩොල් පිළිස්සීමේදී රතු පැහැයක් ගන්නේ මෙම යකඩ ඔක්සයිඩ නිසාය.

  • මැග්නිසියා

හැකිලීම අවම කරන අතර අදුරු කහ පැහැයක් ගනී.ප්‍රමාණය ඉක්මවා අන්තර්ගත වුවහොත් ගඩොල දිරාපත් වේ.

  • ගඩොල් නිෂ්පාදනය කරන ප්‍රදේශ

◊දංකොටුව                      ◊බංගදෙනිය

◊මහියංගනය                    ◊කොටදෙනියාව

◊අම්පාර                         ◊පොලොන්නරුව

◊අනුරාධපුර                     ◊මාතර

◊ගඩොල් වර්ග

  • ගඩොල් වර්ග

01.අතින් සෑදු ගඩොල් (Hand made bricks)

සාමාන්‍ය ගොඩනැගිලි ඉදිකිරීමේදී මේවා භාවිතා වේ.

02.කම්බියෙන් කැපු ගඩොල් (Wire cut bricks)

මෙය හොද නිමාවකින් සහ වැඩි ශක්තියකින් යුක්තය.කපරාරු නොකරන බිත්ති සදහා භාවිත කල හැක.

03.සම්පීඩිත ගඩොල් (Compressed bricks)

මේවා නිෂ්පාදනය සදහා විශේෂ යන්ත්‍ර සහ අච්චු උපයෝගී කරගනී.නිවෙස් හෝ පොදු ස්ථානවල බිම ඇතිරීම සදහා භාවිතා වේ.වැඩි ශක්තියකින් යුක්තය.

04.ගිනිගඩොල් (Fire bricks)

වැඩි උෂ්ණත්වයකට ඔරොත්තුදෙන ස්ථාන සදහා භාවිතා කරයි.

05.කුහර සහිත ගඩොල් (Hollow bricks)

මෙහි කුහර තිබෙන නිසා ගඩොල් බර සාමාන්‍ය ගඩොලකට වඩා අඩුවේ.බර නොදරන බිත්ති සදහා භාවිතා කල හැක.

  • සම්මත ගඩොලක මිනුම් (ඉංජිනේරු ගඩොලක)

                     බ්‍රිතාන්‍ය ප්‍රමිතිය

  ප්‍රමාණය කුස්තුර රහිතව ප්‍රමාණය කුස්තුර සහිතව
දිග 215mm 225mm
පළල 102.5mm 112.5mm
උස 65mm 75mm

                         SLS-39 ප්‍රමිතිය

  ප්‍රමාණය කුස්තුර රහිතව ප්‍රමාණය කුස්තුර සහිතව
දිග 220mm 230mm
පළල 105mm 115mm
උස 65mm 75mm

මේ අනුව මෙම මිනුම් සලකා බලන විට දිග,පළල සහ උස අතර පහත සම්බන්දතාවය ලබාගත හැක.(බ්‍රිතාන්‍ය ප්‍රමිතිය ඇති ගඩොලක)

     කුස්තුර සමග පළල = කුස්තුර සමග ගඩොලයේ දිගෙන් බාගයක් වේ.

     කුස්තුර සමග උස = කුස්තුර සමග දිගෙන් 1/3ක් වේ.

  • ගඩොලක කොටස්

  • ගඩොලක තිබිය යුතු ඉංජිනේරුමය ගුණාංග (qualities of good brick)
  • ගඩොලක ඔලුව පැත්ත බිමට පතිත වනසේ2M උසක සිට බිම අතහැරිය හොත් ගඩොල නොකැඩි තිබිය යුතුය.
  • ගඩොලක් පැය 24ක් ජලයේ ගිල්වා තැබූ විට ජලය උරාගන්නා ප්‍රතිශතය ගඩොලේ වියලි බරෙන් 20%ක් ඉක්මවා නොයා යුතුය.
  • ජල ත්‍යගිතාවය.
  • ගඩොල් දෙකක් එකට ගැටීමේදී ලෝහ හඩක් නිකුත් විය යුතුය.
  • ඉරිතැලීම් පිපිරීම් වලින් තොර විය යුතුය.
  • ගඩොල් බැමි (Brick bonds)
  • ගඩොල් බැම්මක් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
  • බැම්මෙහි ශක්තිමත් භාවය
  • අලංකාරය
  • නිවැරදි බදාම මිශ්‍රණය භාවිතා කිරීම
  • බැම්ම සදහා වැයවන පිරිවැය
  • අවශ්‍යතාවය
  • ගඩොල් බැමි වර්ග (Type of brick bond)

අවශ්‍යතාවය මත යොදාගත යුතු බැමි වර්ගය වෙනස් වේ.එනම් ශක්තිමත් භාවය අලංකාරය පිරිවැය වැයවන ඉඩ ප්‍රමාණය යන සාදක පදනම් කරගෙන භාවිත කල යුතු බැමි වර්ගය තීරණය කරනු ලබයි.ඒ අතරින් බැමි වර්ග හතරක් පහතින් දැක්වේ.

  1. බඩගල් බැම්ම
  2. ඉංග්‍රීසි බැම්ම
  3. ඔලුගල් බැම්ම
  4. ෆ්ලෙමිෂ් බැම්ම

 1)බඩගල් බැම්ම (stretcher bond)

ගඩොලක බඩ මුහුණත ඉදිරියට දිස්වන සේ නිර්මාණය කරනු ලබන බැම්ම බඩගල් බැම්ම නම් වේ.

Related image

  • බඩගල් බැම්මේ ගුණාංග
  • අතිවැස්ම හෙවත් කුස්තුර පැන්නුම ගඩොලේ දිගෙන් බාගයක් වේ.
  • ඉදිකිරීම් සදහා ගතවන කාලය ඉතා අඩුය.
  • බැම්මෙහි පළල ගඩොලේ පළලට සමාන වේ.
  • බැම්ම සදහා වැයවන ඉඩ ප්‍රමාණය ඉතා අඩු වේ.
  • ශක්තිමත් හා හොද බැදීමක් සිදු නොවේ.
  • බඩගල් බැම්මේ භාවිතය
  • තාප්ප නිර්මාණය කිරීමේදී භාවිතා කරයි.
  • කාමර වෙන් කරන බිත්ති සදහා භාවිතා කරයි.
  • තට්ටු ගොඩනැගිලි වල බිත්ති සදහා භාවිතා කරයි.
  • තාවකාලික ඉදිකිරීම් සදහා භාවිතා කරයි.
  • බඩගල් බැම්මේ වාසි
  • ඉදිකිරීම් කටයුතු වේගවත් වේ.
  • පිරිවැය අවම වීම.
  • වැයවන ඉඩ ප්‍රමාණය අවම වීම.
  • බඩගල් බැම්මේ අවාසි
  • ශක්තිමත් භාවය අඩු වීම.
  • බර දරන බිත්ති සදහා භාවිතා කල නොහැකි වීම.
  • වැඩි දිගක් බැම්ම නිර්මාණයේදී කොන්ක්‍රීට් කුළුණු නිර්මාණය කිරීමට සිදුවීම.

 2)ඉංග්‍රීසි බැම්ම (English bond)

ඉදිකිරි ක්ෂේත්‍රයේ වඩා ශක්තිමත්ම බැම්ම මෙම ඉංග්‍රීසි බැම්ම වේ.ඔලුගල් වරි සහ බඩගල් වරි මාරුවෙන් මාරුවට යොදා නිර්මාණය කරනු ලබයි

Related image

  • ඉංග්‍රීසි බැම්මේ ගුණාංග
  • ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශක්තිමත්ම බැම්ම වේ.
  • බැම්මෙහි කුස්තුර පැන්නුම හෙවත් අතිවැස්ම ගඩොල් ¼කි
  • ඔලුගල් වරියක පළමු ඔලුගලට පසු ආනබාන්දුවක් යොදාගනු ලැබේ.
  • බඩගල් වරි සහ ඔලුගල් වරි වශයෙන් එකම බැම්මක වරි මාරුවෙන් මාරුවට පිහිටයි.
  • ඉංග්‍රීසි බැම්මේ භාවිතය
  • බර දරන බිත්ති සදහා භාවිතා කරයි.
  • තාප්ප නිර්මාණය කිරීමේදී යොදාගනී.
  • ගඩොල් මගින් කුළුණු නිර්මාණයේදී යොදාගනී.
  • ඉංග්‍රීසි බැම්මේ වාසි
  • ශක්තිමත් භාවය වැඩි.
  • අලංකාරවත් නිමාවක් ලබාගත හැක.
  • බර දරන බිත්ති සදහා වඩාත් සුදුසු වේ.
  • ඉංග්‍රීසි බැම්මේ අවාසි
  • පිරිවැය අදිකය.
  • නිර්මාණය සදහා වැඩි කාලයක් ගතවේ.
  • බැම්ම සදහා වැඩි ඉඩක් වැයවේ.

 3)ඔලුගල් බැම්ම (Header bond)

ගඩොලක ඔලුව පැත්ත ඉදිරියට දිස්වන සේ නිර්මාණය කරනු ලබන බැම්ම ඔලුගල් බැම්ම වේ.මෙහි පළල ගඩොලේ දිගට් සමාන වේ.

Related image

  • ඔලුගල් බැම්මේ වාසි
  • වෘත්තාකාර බැමි ඉදිකිරිම පහසු වීම.
  • ආරුක්කු පහසුවෙන් ඉදිකර ගත හැකිවීම.
  • ඔලුගල් බැම්මේ අවාසි
  • අධික පිරිවැයක් දැරීමට සිදුවීම.
  • ශක්තියෙන් අඩු වීම.
  • අතිවැස්ම ගඩොල් කාලක් වීම.(අඩු වීම)
  • බැම්මේ පළල වෙනස් කල නොහැකි වීම.

 4)ෆ්ලෙමිෂ් බැම්ම (Flemish bond)

අලංකාරවත් බිත්ති නිර්මාණයේදී මෙම ෆ්ලෙමිෂ් බැම්ම නිර්මාණය කරයි.මෙහි විශේෂත්වය වන්නේ එකම වරිය තුල ඔලුගල් සහ බඩගල් වශයෙන් මාරුවෙන් මාරුවට ගඩොල් පිහිටවනු ලැබීමයි.

Related image

  • ෆ්ලෙමිෂ් බැම්ම සකස් කිරීමේදී අනුගමනය කල යුතු කරුණු
  • මුල් ඔලුගලට පසු ආනබාන්දුවක් සහ බඩගලක් පිහිටන පරිදි එම වරිය ආරම්භ කල යුතුය.
  • එක වරියක ඔලුගලක් ඊට යාබද ඉහලින් සහ පහලින් පිහිටි බඩගල් අතර හරි මැදින් පිහිටයි.
  • ෆ්ලෙමිෂ් බැම්මේ වාසි
  • අලංකාරවත් බැවින් යුක්ත වීම.
  • කපරාරු කිරීම අවශ්‍ය නොවීම.
  • කුළුණු ඉදිකිරීමට යොදාගත හැකි වීම.
  • ෆ්ලෙමිෂ් බැම්මේ අවාසි
  • ශක්තියෙන් අඩු වීම.
  • පිරිවැය අධික වීම.




උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
ඉදිකිරීම් තාක්ෂණවේදය - කොන්ක්‍රීට් භාවිතය [ CONCRETE ]     ( පලමු කොටස )    යකඩ, දැව, ගඩොල් යන ද්‍රව්‍ය යම් ආකාරයකට වැදගත් වනවා සේම කොන්ක්‍රීට් ද ඉදිකිරීම් තාක්ශනයේදී වැදගත් වෙයි. ගොඩනැගිලි ද්‍රව්&zwj...
උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
ඉංජිනේරු තාක්ෂණවේදය civil short note part 02 ගොඩනැගිලි ඉදිකිරීමේදි බලපානු ලබන සම්මත නීතිරීති ශ්‍රි ලංකාවේ ඉදිකිරීම් කටයුතු සිදු කිරිමෙදි එ සඳහා නීතිරීති වලට යටත්ව සිදුකරනු ලබන සෑම ඉදිකිරිමක්ම කල යුතුය. මේ සඳහා ශ්‍රි ලංකා නාගරීක සංවර්ධන අධිකාරිය මඟින් ව...
උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
ඉංජිනේරු තාක්ෂණවේදය civil short note part 01 (01) SLS ප්‍රමිති සහතික  සිමෙන්ති  - sls 107,sls1247,sls515,sls1253 දියගැසු හුණු - sls 682 ගොඩනැගිලි හුණු - sls 552 ගඩොල් - sls 39 බ්ලොක් ගල් - sls 855 වානේ කම්බි - sls 26,sls ...
උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
හැදින්වීම ඈත අතීතයේ සිටම මිනිසා සෑම විටම අලුත් දේ නිෂ්පාදනය කිරීමට උත්සහ කරන අතර නිර්මාණය කර ඇති දෑ නවීකරණය කරනු ලබයි.මෙහිදී සෑම විටම මිනිසාගේ හෝ සමාජයට පවතින ගැටළු වලට විසදුම් ලෙස මෙම නිර්මාණයන් සිදුකරන ආකාරය දැකගත හැකිය.එනම් මිට වසර මිලියන 1.5 කට පමණ පෙර විසු හ...
උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
ගඩොල් (Brick)             ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී බහුලව භාවිතා කෙරෙන ගොඩනැගිලි ද්‍රව්‍ය අතුරෙන් ප්‍රධාන තැනක් ගනී.ගංගා,වැව්,ඔයවල් ආශ්‍රිත පහත බිම්වල ගඩොල් තැනීම සදහා සුදුසු...
උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
"පවත්නා හෝ මතු විය හැකි තාත්වික ගැටලුවලට මානව යහපත සැලසෙන ලෙස විසදුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්පය ඇතුලත් ක්‍රියාවලිය" ඉංජිනේරු තාක්ෂණවේදය ලෙස සරලව අර්ථකථනය කළ හැකිය. තාක්ෂණවේදයේ විකාශය තාක්ෂණවේදයේ විකාශය යනුවෙන් හදුනවන්නේ අතීතයේ පටන් තාක්ෂණයේ සිදුව ඇති ක්‍රමික වෙ...
medhanga methsara

උසස්පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
වන්නම් දහ අට රාග තමයි පවසන්නේ - කවි සිංද කියන්නේ තොන්නන් තරිකිට වන්නන් දහ අට දන්නේ - මේ සැටි පවසන්නේ පලමුව ගාහක වන්නමටයි පවසන්නේ - පිළිවෙළ අහපන්නේ දෙවනුව ...

12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යවසායකත්වයේ ප්රවණතා  ගෝලීය ව්යවසායකත්වය සමාජයීය ව්යවසායකත්වය හරිත ව්යවසායකත්වය අභ්යන්තර ව්යවසායකත්වය ගෝලීය ව්යවසායකත්වය ගෝලීය වශයෙන් වෙළෙඳාමේ යෙදීමයි. එනම්, ලෝකයේ කුමන ස්ථානයක සිටිය ද, තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ වෙනත් ඕනෑ ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...

7-වසර - ඉතිහාසය
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර අප ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ඇත නමුත් 7 ශ්රේණිය මෙම පාඩම සදහා එම ශිෂ්ඨාචාර වලින් ප්රධාන ශිෂ්ඨාචාර 2ක් මේ සදහා ඉදිරිපත් කොට ඇත.එනම්, ග්රීක ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 4 වන කොටස HTML (Hyper Text Markup Language) HTML යනු අන්තර්ජාලයේ www (wold wide web) පිටු සැකසීම සඳහා භාවිතා ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 3 වන කොටස මාධ්ය සම්පත් තොරා ගැනීම වෙබ් අඩවියකට ඇතුළත් කිරීම සඳහා විවිධ රූප, ශබ්ද, වීඩියෝ, ...

12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...