ඉදිකිරීම් තාක්ෂණවේදය - කොන්ක්‍රීට් භාවිතය (01 කොටස)


ඉදිකිරීම් තාක්ෂණවේදය - කොන්ක්‍රීට් භාවිතය

[ CONCRETE    ( පලමු කොටස )


  

යකඩ, දැව, ගඩොල් යන ද්‍රව්‍ය යම් ආකාරයකට වැදගත් වනවා සේම කොන්ක්‍රීට් ද ඉදිකිරීම් තාක්ශනයේදී වැදගත් වෙයි. ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස කොන්ක්‍රීට් බහුලව භාවිතා කිරීම දක්නට ලැබෙයි.

 

කොන්ක්‍රීටයක් යනු....

බැදුම් ද්‍රව්‍ය, සියුම් සමාහාර, රළු සමාහාර, ජලය සමග නිශ්චිත අනුපාතකයට මිශ්‍ර කිරීමෙන් සාදාගත හැකි නිර්මිත ගොඩනැගිලි ද්‍රව්‍ය‍යකි.

 

 

කොන්ක්‍රීටයේ ගුණාත්මකභාවය

සදහා බලපාන සාධක

  • අමුද්‍රවයන්ගේ ගුණාත්මකභාවය
  • සමාහාරයන්ගේ වර්ගීකරණය
  • මිශ්‍රන අනුපාතය
  • එකතුකරන ලද ජල ප්‍රමාණය
  • පදම් ගතිය

 

 

කොන්ක්‍රීට් සදහා භාවිත ද්‍රව්‍ය

Materials for Concrete

 

 

 

 

  • රළු සමාහාර - මෙටල්
  • සියුම් සමාහර - වැලි /ගල් කුඩු
  • බැදුම් ද්‍රව්‍ය - සිමෙන්ති
  • සජලීකාරක - ජලය

 

 

කොන්ක්‍රීට් මිශ්‍රණයක ඇති ජල ප්‍රමාණය වැඩි වුවහොත් කුමක් සිදුවේද?

“කොන්ක්‍රීට් මිශ්‍රණයක ඇති ජල ප්‍රමාණය වැඩි වුවහොත් කොන්ක්‍රීටයේ ශක්තිමත් බව හීන වෙයි”

ඉහත රූපය සලකන්න. ජලය වැඩිවීමෙන් මිශ්‍රණයේ ඒකාකාරි බව නැතිවී යයි. බරින් වැඩි කොටස් පතුලේ තැන්පත් වීම සිදුවේ. බරින් අඩු කොටස් මිශ්‍රණයේ ඉහලට පැමිනේ. බන්ධන ස්වභාවයට හානි වෙයි. මෙය විසංගමනය ලෙස හදුන්වයි.

 

කොන්ක්‍රීට් සදහා භාවිත ද්‍රව්‍ය වල

අනුපාත මැන ගැනීම

ලබා දී ඇති අනුපාතයකට අනුව කොන්ක්‍රීට් සදහා ද්‍රව්‍ය මැන ගැනීම සිදු කරයි.හොද කොන්ක්‍රීටයක් සදහා අමුද්‍රව්‍ය නිවැරදිව මැනිම අවශ්‍ය වේ.

  • පරිමාව අනුව
  • බර අනුව ප්‍රධාන ක්‍රම දෙකකට අනුපාත මැනීම සිදු කරයි.

 

කොන්ක්‍රීට් මිශ්‍රණයක අනුපාත  ක්‍රම තුනක් යටතේ තීරණය කරයි.

  • නාමික මිශ්‍රණය : මිශ්‍රණයේ සංඝටක සරල අනුපාත වලින් ප්‍රකාශ කිරීම මෙහිදී සිදුවේ.
  • සම්මත මිශ්‍රණය :  බර අනුව සම්මත මිශ්‍රණ දැක්වීම මෙලෙස හදුන්වයි.
  • නිර්මිත මිශ්‍රණ  :  ප්‍රතයාබලය ලබා ගැනීම සදහා මිශ්‍ර කල යුතු සංඝටක වල අනුපාතය පරීක්ෂණ මගින් ලබා දීම මෙහිදී සිදු වේ.

 

බර අනුව අනුපාත මැනීම...

 

වර්තමානයේදී කොන්ක්‍රීට් මිශ්‍රණ සාදා ගැනීම සදහා බර අනුව අනුපාත මැනීම බහුලවම භාවිතා වෙයි.සිමෙන්ති හා සමාහාර අවශ්‍ය පරිදි කිරා ගැනීමෙන් පසුව භාවිතයට ගනු ලබයි.රූපයේ දැක්වෙන්නේ බර අනුව අනුපාත මැනීමට භාවිත කරන කොන්ක්‍රීට් අංගනයක පිහිටි උපකරණ කට්ටලයකි.

 

 

පරිමාව අනුව අනුපාත මැනීම...

 

 

පරිමාණ පෙට්ටියක් භාවිතයෙන් ද්‍රව්‍යයන්ගේ පරිමාව මැන ගැනීම මෙහිදී සිදු වෙයි.මෙය නිවැරදි මැනිමේ ක්‍රමයක් නොවේ. විවිධ ද්‍රව්‍යන්ගේ ඝනත්ව වෙනස් වීම මෙයට හේතුවයි.

 

 

කොන්ක්‍රීට් මිශ්‍රණ සදහා වූ ද්‍රව්‍ය වල සම්මත අනුපාත

Ratio of Ingredient   for Concrete

 

වියලි කොන්ක්‍රීට් මිශ්‍රණයක අඩංගු සිමෙන්ති, වැලි, කළු ගල් පරිමා අනුපාත මෙහිදී ප්‍රකාශ කරයි.

 

1:3:6  - M 15  - තනි කොන්ක්‍රීට් මිශ්‍රණයකි. අත්තිවාරම්, ගෙබිම සදහා භාවිත  

                        කරයි.

1:2:4  -M 20  - වැරගැන්වූ කොන්ක්‍රීට් මිශ්‍රණයකි. ලින්ටල, බාල්ක, කුලුනු   

                         සදහා භාවිත කරයි.

1:1.5:3  - M 25 - විශේෂ වැරගැන්වූ කොන්ක්‍රීට් මිශ්‍රණයකි. ජල ගබඩා ටැංකි,

                          අධිභාර දරන කුලුනු සදහා භාවිත කරයි.

1:1:2 -M 30  -    අධිභාර දරන බාල්ක  සදහා භාවිත කරයි.

 

“ඉහත කොටසේ M මගින් නිරූපණය කරන්නේ ශ්‍රේණියයි.”

 

 

කොන්ක්‍රීට් මිශ්‍රණ සදහා අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීම

ද්‍රව්‍ය මැනීම , ම්ශ්‍ර කිරීම, ප්‍රවාහනය, තැන්පත් කිරිම හා පදම් කිරීම නිසිලෙස සිදු කිරීමෙන් කොන්ක්‍රීට් වල ශක්තිය නිවැරදිව ලබා ගත හැකිය.

 

අතින් මිශ්‍ර කිරිම....

පොලොව මත මෙටල් අතුරා ඉන් පසුව සියුම් සමාහාර හා බැදුම්ද්‍රව්‍ය යොදා මිශ්‍ර කරනු ලබයි. ඉන් පසු අවශ්‍ය ලෙස ජලය එකතු කර සවල් භාවිතයෙන් කොන්ක්‍රීට් මිශ්‍රණය සකසා ගනු ලබයි.

 

 

යන්ත්‍රානුසාරයෙන් මිශ්‍ර කිරීම....

 

කිසියම් ආකාරයක යන්ත්‍රයක් භාවිතයෙන් කොන්ක්‍රීට් මිශ්‍රණය සාදා ගැනීම මෙලෙස හදුන්වයි. අද වනවිට බහුලවම භාවිත කරනුයේ මෙම ක්‍රමයයි.

 

 

දෙවන කොටසින් නැවත හමුවෙමු...

එතෙක් සුභ දිනක්...





උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
ඉදිකිරීම් තාක්ෂණවේදය - කොන්ක්‍රීට් භාවිතය [ CONCRETE ]     ( පලමු කොටස )    යකඩ, දැව, ගඩොල් යන ද්‍රව්‍ය යම් ආකාරයකට වැදගත් වනවා සේම කොන්ක්‍රීට් ද ඉදිකිරීම් තාක්ශනයේදී වැදගත් වෙයි. ගොඩනැගිලි ද්‍රව්&zwj...
උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
ඉංජිනේරු තාක්ෂණවේදය civil short note part 02 ගොඩනැගිලි ඉදිකිරීමේදි බලපානු ලබන සම්මත නීතිරීති ශ්‍රි ලංකාවේ ඉදිකිරීම් කටයුතු සිදු කිරිමෙදි එ සඳහා නීතිරීති වලට යටත්ව සිදුකරනු ලබන සෑම ඉදිකිරිමක්ම කල යුතුය. මේ සඳහා ශ්‍රි ලංකා නාගරීක සංවර්ධන අධිකාරිය මඟින් ව...
උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
ඉංජිනේරු තාක්ෂණවේදය civil short note part 01 (01) SLS ප්‍රමිති සහතික  සිමෙන්ති  - sls 107,sls1247,sls515,sls1253 දියගැසු හුණු - sls 682 ගොඩනැගිලි හුණු - sls 552 ගඩොල් - sls 39 බ්ලොක් ගල් - sls 855 වානේ කම්බි - sls 26,sls ...
උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
හැදින්වීම ඈත අතීතයේ සිටම මිනිසා සෑම විටම අලුත් දේ නිෂ්පාදනය කිරීමට උත්සහ කරන අතර නිර්මාණය කර ඇති දෑ නවීකරණය කරනු ලබයි.මෙහිදී සෑම විටම මිනිසාගේ හෝ සමාජයට පවතින ගැටළු වලට විසදුම් ලෙස මෙම නිර්මාණයන් සිදුකරන ආකාරය දැකගත හැකිය.එනම් මිට වසර මිලියන 1.5 කට පමණ පෙර විසු හ...
උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
ගඩොල් (Brick)             ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී බහුලව භාවිතා කෙරෙන ගොඩනැගිලි ද්‍රව්‍ය අතුරෙන් ප්‍රධාන තැනක් ගනී.ගංගා,වැව්,ඔයවල් ආශ්‍රිත පහත බිම්වල ගඩොල් තැනීම සදහා සුදුසු...
උසස්පෙළ - ඉංජිනේරු_තාක්ෂණවේදය
"පවත්නා හෝ මතු විය හැකි තාත්වික ගැටලුවලට මානව යහපත සැලසෙන ලෙස විසදුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්පය ඇතුලත් ක්‍රියාවලිය" ඉංජිනේරු තාක්ෂණවේදය ලෙස සරලව අර්ථකථනය කළ හැකිය. තාක්ෂණවේදයේ විකාශය තාක්ෂණවේදයේ විකාශය යනුවෙන් හදුනවන්නේ අතීතයේ පටන් තාක්ෂණයේ සිදුව ඇති ක්‍රමික වෙ...
Janaka Sandaruwan

උසස්පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
වන්නම් දහ අට රාග තමයි පවසන්නේ - කවි සිංද කියන්නේ තොන්නන් තරිකිට වන්නන් දහ අට දන්නේ - මේ සැටි පවසන්නේ පලමුව ගාහක වන්නමටයි පවසන්නේ - පිළිවෙළ අහපන්නේ දෙවනුව ...

12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යවසායකත්වයේ ප්රවණතා  ගෝලීය ව්යවසායකත්වය සමාජයීය ව්යවසායකත්වය හරිත ව්යවසායකත්වය අභ්යන්තර ව්යවසායකත්වය ගෝලීය ව්යවසායකත්වය ගෝලීය වශයෙන් වෙළෙඳාමේ යෙදීමයි. එනම්, ලෝකයේ කුමන ස්ථානයක සිටිය ද, තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ වෙනත් ඕනෑ ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...

7-වසර - ඉතිහාසය
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර අප ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ඇත නමුත් 7 ශ්රේණිය මෙම පාඩම සදහා එම ශිෂ්ඨාචාර වලින් ප්රධාන ශිෂ්ඨාචාර 2ක් මේ සදහා ඉදිරිපත් කොට ඇත.එනම්, ග්රීක ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 4 වන කොටස HTML (Hyper Text Markup Language) HTML යනු අන්තර්ජාලයේ www (wold wide web) පිටු සැකසීම සඳහා භාවිතා ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 3 වන කොටස මාධ්ය සම්පත් තොරා ගැනීම වෙබ් අඩවියකට ඇතුළත් කිරීම සඳහා විවිධ රූප, ශබ්ද, වීඩියෝ, ...

12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...