ශිලා ලේඛණ 4 කොටස - උසස්පෙළ ඉතිහාසය

ශිලා ලේඛණ 4 කොටස

ශිලා ලේඛණ 4 කොටස


 

           සෙල්ලිපි හැදැරීමේදී ඇතිවන දුෂ්කරතාද ඇත. එවැනි එක දුෂ්කරතාවයක්  ලෙස ඒවායේ සදහන් රජවරුන් කවුරුන්දැයි නිශ්චිතව කිව නොහැකි දැක්විය හැක. මුල් කාලයේ ලිපි බෙහෝමයක තිස්ස, ගාමිණි, අභය යන නම් සදහන් වී ඇත. මෙවැනි අවස්ථා වලදි වංශකථා තොරතුරු හා  සෙල්ලිපි සසදා බැලිය යුතුය. එසේම අක්ෂර විකාශනය වු ආකාරය සහ භාෂා ශෛලිය ගැන විමසා එම තොරතුරු තහවුරු කරගත යුතුය. අනුරාධපුර යුගය තුල මුහුණ පාන්නට සිදුවු තවත් දූෂ්කර තාවක් නම් අබාසල මෙවන් ( අභය ශිලා මේඝවර්ණ) වැනි විරුද්ධ නම් යෙදිමයි. පුද්ගල නාම නොයොදා ඇත්නම් එය ඉතිහාසය හැදැරිමට දුෂ්කරතාවයක් වනු ඇත. එසේම රජවරු ගැනද සාහිත්‍ය මුලාශ්‍රවල දක්නට ලැබෙන සෑම තොරතුරක්ම සෙල්ලිපි වලින් තහවුරු කිරීම අසීරුය. දේවානම්පියතිස්සගෙන් ඇරඹූ සෙල්ලිපි වසභගේ කාලයේ සිට මහනාම රජුගේ කාලය දක්වා ( වසභ ක්‍රි:ව 65 -104) කාලය සිඝ්‍රයෙන් වැඩි වී කිත්සිරි මෙවන් රජු දවස වන විට ක්‍රමයෙන් හීන වී තාවකාලිකව කෙලවරට පැමිණේ. කිත්සිරි මෙවන් සිට VII අග්ගබෝධි රජු දක්වා පැමිණි රජවරුන් විසි හතර දෙනා ගැන සෙල්ලිපි වල සදහන් නොවේ.            

            ලංකා ඉතිහාසයට වැදගත් වන සෙල්ලිපි කිහිපයක් ඉන්දියාවේත්, බූරුමයේත් දක්නට ලැබේ. ඉන්දියාවේ අශෝක සෙල්ලිපි වල බුදු දහම පැමිණීම ගැන සදහන් වන ලිපි කිහිපයක් දක්නට ලැබේ. මේවායින් වැදගත් වන ලිපියකි බුද්ධගයා සෙල්ලිපිය. ඉන්දියාවේ ගුජත රාජධානිය හා ලංකාව අතර පැවති සබදතා මින් පැහැදිළි වේ. එසේම නාගාර්ජුන කොණ්ඩෙහි ඇති සෙල්ලිපිය මගින් මහයානය පැතිර පැවති එම ප්‍රදේශය හා ලංකාව අතර තිබු සම්බන්ධයේ කරුණු දැක ගත හැකිය. සොලි, පාණ්ඩ්‍ය, කේරළ වැනි ප්‍රදේශ වල ලිපි කිහිපයක ලංකාව ගැන සදහන් වේ. චිධම්බරම්, අරපාකම්, සම්බනාර් කෝවිල්, තිරුවාලංගොඩි, උතුරු ආර්කෙට් වැනි ලිපි ඉන් කිහිපයකි. මේ අතර බුරුමයේ කළ්‍යාණි ලිපි වලද ලංකාව ගැන තොරතුරු ඇත.

වෙනත් පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර.      

            මේ ගණයෙහි ලා සැලකෙන්නේ අපේ මුතුන්මිත්තන් විසින් භාවිතා කෙරුනු හා ඔවුන් විසින් නිර්මිත නොයෙක් දේවල නටබුන්ය. ආදිතමයන් විසින් භාවිතා කල රළු අවි ආයුධ මෙන්ම අනුරාධපුර, පොළෙන්නරු ආදී පැරණි කාලයන් හි නිර්මාණය කරන ලද චිත්‍ර, මුර්ති හා නොයෙක් ගොඩනැගිලිද මේ ගණයෙහි ලා සැලකේ. අද මෙවායේ නටඹුන් වුවත් දක්නට ඇත්තේ ශක්තිමත් ද්‍රව්‍ය වලින් ඒවා නිර්මාණය කල නිසාය.

 

  • ලේඛන ගත මුලාශ්‍ර වලින් කියවෙන තොරතුරු බොහෝ විට මේ නටබුන් වලින් ස්ථිර වේ. වංශකථා වල කියවෙන නිර්මාණ අප දන්නා ගොඩනැගිල්ලක නටඹුන් හා සැසදීමෙන් හදුනාගත හැකිනම් අපට ලබා ගත හැකි දැනුම අතිවිශාලය. වැව් ඇතුලු වාරිමාර්ග ගැනද කිවයුත්තේ මෙය මය. ඒ ඒ කර්මාන්ත හදුනා ගනීමට ඇති හැකියාව පමණක් නොව පැරණිම කාලයේ පැවති කාර්මික දක්ෂතාවය ගැන මනා අවබෝධයක් එම නටඹුන් දෙස බැලිමෙන් ලබාගත හැක. මුළු රජ රට පුරාම රුහුණේත් පැරණිම කාලයේ සිට පැවත එන කලින් කල පුළුල් වු වාරිමාර්ග නටඹුන් රාශියකි.  මේවා වංශකථා වල විස්තර තව දුරටත් පැහැදිළි කරන අතර පැරණි සිංහලයන්ගේ කාර්මික දක්ෂතාවයන් පිළිබිඹු කරයි.
  • ඉතා සංකීරිණ රජරට වාරි සැලැස්මේ ඇතැම් අංග කෙසේ ක්‍රියාත්මක වී දැයි අවබෝධ කර ගැනිමට අද පවා ඉතා දුෂ්කරය.
  • එසේම නොයෙක් ගොඩනැගිලි  හා චිත්‍ර පැරුණ්නන්ගේ කලාත්මක හා කාර්මික දක්ෂතාව හොදහැටි පෙන්වයි. මෙරට පැවති නෙයෙක් කලා ශිල්ප අසල රටවල කෘතින්ගේ ආභාශයෙන් නිර්මාණය වීමෙන් අප රට කෙරෙහි වෙනත් රටවලින් ඇතිවු බලපෑම හොදින් අවබෝධ කරගත හැකිය. එසේම නොයෙක් ආගමික ඇදහිලි වල වර්ධනය ගැන අවබෝධයක්ද අපට ලබා ගත හැක.      
    • උදා-: පොළොන්නරු සදකඩ පහනේ ගවයා ඉවත් විම.                                       
    •  අනුරාධපුර සදකඩ පහනේ ගවයා දක්නට තිබිම.