උපස්තිතිවාදී කලාවේ චිත්‍ර ශිල්පීන් - උසස්පෙළ චිත්‍ර කලාව

උපස්තිතිවාදී කලාවේ චිත්‍ර ශිල්පීන්

19 වන සියවසේ අවසානයේදී ප්‍රංශයේ පැරිස් නුවර කලා කරුවන් සමූහයක් අතර සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙන් වූ කලා සම්ප්‍රදායක් ඇති විය .මෙය පසු කාලීනව උපස්තිති වාදය යනුවෙන් හැදින්විනි .මීට ප්‍රධාන වූ ශිල්පීන් වූයේ එඩ්වඩ් මැනේ ,ක්ලෝඩ් මොනේ ,එඩ්ගා ඩෙගා ,පියාරෙ ඔගස්ට් රෙනුවා ,කැමිලි පිසාරෝ යන කලා කරුවන් කිහිප දෙනායි .

මොවුන් සාම්ප්‍රදායික කලාවෙන් වෙනස් වී නවතම චිත්‍ර සම්ප්‍රදායික් අනුගමනය කලහ ,එහිදී ක්ලෝඩ් මොනේ ශිල්පියාගේ හිරු උදාව නැමැති සිතුවමින් පසු නවතම සම්ප්‍රදාය බිහි විය ,ඇකඩමි කලාවෙන් පිටට ගෙනා මේ කලාවෙන් යම් කිසි ස්තානයකට කොටු වී සිතුවම් ඇදීමේ කලාව වෙනස් විය .

මොවුන් මේ සඳහා තෝරාගනු ලැබූ තේමා වශයෙන් විලාසිතාවන්ගෙන් සැරසුනු ලදුන් ,විවිද වුද්‍යාන ,බොජුන් හල් ,නාටිකාංගනාවන් වැනි තේමාවන්‍ය .ස්වාභාවික සෞන්දර්යයේ වෙනස්වීම් සිතුවමට නැගීමට මෙම ශිල්පීන් ප්‍රිය කලේය .

එඩ්වඩ් මැනේ =====

 උපස්තිති වාදී කලාවේ ප්‍රවීන ශිල්පියෙකු ලෙස හදුන්වා දිය හැකිය .උශ්න වර්න යොදාගන්නා මොහුගේ චිත්‍ර ශයිලියේ ඇති වැදගත්ම අංගයක් වන්නේ පිහි තලයකට හෝ පින්සලකට ගන්නා වර්න කැට වශයෙන් කැන්වසය මත නිර්මානය කිරීමයි.මොහු කලු පාට ප්‍රියකලේ නැති කෙනෙකි .මොහුගේ චිත්‍ර වශයෙන් ඔලිම්පියා /තන පිටියේ විනෝද වීම /බටනලා වාදකයා /මහලු සංගීතවේදියා /අශ්ව රේස් /සදලු තලය /තන බිම මත දිවා බෝජනය නැමැති සිතුවම් හැදින්විය හැකි වේ.

එඩ්ගා ඩෙගා ======

 උපස්තිති වාදය බිහිකරලීමේ පුරෝගාමී ශිල්පියෙකු වූ මොහු ආලෝකය හා ද්‍රව්‍ය අතර වින්දනාත්මක ශෙලියක් ප්‍රකාශ කිරීමට උත්සහ ගත්තේය .මොහුගේ නිර්මාන වලට ප්‍රදාන වශයෙන් පසු බිම් වූයේ නෘත්‍ය ශාලා හා ආපනශාලා වැනි තේමාවන්‍ය .මොහුගේ සිතුවම් ලෙස පුංචි නාටිකාංගනාව /බදුනේ දිය නෑම ,නාන බේසම /නැටුම් පාඩම /හිස පීරන ස්ත්‍රීන්  වැනි සිතුවම් පෙන්වා දිය හැකිය .

ක්ලෝඩ් මොනේ =====

 මොහු උපස්තිති වාදය බිහි කරලීමේ පුරෝගාමී ශිල්පියා විය මොහු ජීවිතය පිලිබඳ කල කිරීමෙන් කිහිපවරක්ම සියදිවි හානි කරගැනීමට උත්සාහය කලද එය එසේ කරගැනීමට ඔහුට නොහැකි විය .මොහු පසුව තමාටම වූ බෝට්ටුවක් සාදාගෙන ගඟක් මැද සිය කලා ගාරය පිහිටුවා ගත්තේය .එහිදී ඔහු නිර්මාණය කල හිරු උදාව නැමැති සිතුවම තුලින් උපස්තිති වාදය ආරම්භ විය .මෙහිදී පෝල් ශෙසාන් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී .මොනේ ඇසකට වඩා යමක් නොවේ .නමුත් දෙවියනේ මොනතරම් විස්මිත ඇසක්ද .

ක්ලෝඩ් මොනේ නිර්මානය කල සිතුවම් ලෙස හිරු උදාව ,වෝර්ටල්ලු පාලම ,ලිලීමල් ,පොපිමල් යාය ,රොපින් පල්ලිය,රුවල් බෝට්ටුව  යන සිතුවම් විශේෂ ස්තානයක් ලබාගනී.

පියාරෙ ඔගස්ට් රෙනුවා ======

 උපස්තිති වාදයේ පුරෝගාමී ශිල්පියෙකු වූ මොහු වැඩියෙන්ම කැමැත්තක් දැක්වුයේ නිරුවත් කාන්තා රූප සිතුවම් ඇදීමටයි ,මොහුගේ සිතුවම් තුල රලු බුරුසු පහරවල් දැක්වෙන අතර මිනිස් රූප ස්වබාවික අන්දමින් කැන්වසය මත සිතුවම් කර ඇත .තවද මෙම සිතුවම් තෙල් සායමින් නිරූපණය කොට ඇත.මොහුගේ සිතුවම් ලෙස බෝට්ටුවේ සාදය /හිරු එලියේ සිටින යුවතියෝ /ඕගන් වාදනයේ යෙදෙන්නී /නගරයේ නැටුම /ඔංචිල්ලාව වැනි සිතුවම් ප්‍රධාන තැනක් හිමි කරගනී .

කැමිලි පිසාරෝ ======

 උපස්තිති වාදයේ ප්‍රදානතම ශිල්පියෙකු වූ මොහු උපස්තිති වාදී ශිල්පීන් අතර ප්‍රදානියා ලෙස සලකා ඇත්තේ වැඩිහිටි කම නිසාම පමනක් නොවේ .මොහු නිදහසේ සිතුවම් නිර්මානය කල නිසාවෙන්‍ය .මොහුගේ සිතුවම් අතර විශේෂ සිතුවමක් ලෙස සලකනු ලබන්නේ ඇපල් එකතු කරන්නෝ යන සිතුවමයි .තවද හාම් ලේජ් හි එලවලු වත්ත නැමැති සිතුවම ප්‍රදාන තැනක් ගනී .මොහුගේ සිතුවම් තුල තිබූ සුවිශේස තාවයක් වනුයේ තිත් පදාස ක්‍රමය යටතේ සිතුවම් වර්න කිරීමයි ,බූමි දර්ශන සිතුවම් bබොහෝ ප්‍රමානයක් නිර්මානය කල මොහුට වැලදුන ඇස් රෝගයක් හේතුවෙන් පසු කාලයේ සිතුවම් නිර්මානය කිරීමට නොහැකි විය .මොහුගේ සිතුවම් වශයෙන් පලතුරු උයන /අස්වැන්න නෙලීම /දර කපන්නෝ /ඇපල් එකතු කරන්නෝ  වැනි සිතුවම් පෙන්වා දිය හැකිය .

 

තවත් මෙවැනි වටිනා ලිපියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම් (ටෙනිල් ප්‍රබාත් ප්‍රේමතිලක)