ඝර්ෂණ බලය


ඝර්ෂණ බලය.....

 

   ඝර්ෂණ බලය අධ්‍යනය කිරීම සඳහා ඉහත රූපයේ දක්වා ඇති පරීක්ෂණාත්මක ඇටවුම භාවිතා කළ හැකිය.තුලා තැටියට ස්කන්ධයන් එකතු කරන විට තන්තුවෙහි ගොඩනැගෙන්නා වූ ආතතියෙ හි විශාලත්වය එමගින් වැඩි කළ හැකිය.(T=mg) එවිට M කුට්ටිය මත ක්‍රියා කරන්නා වූ එකම බාහිර බලය T වේ .

                     පළමුව තුලා තැටියට කුඩා ස්කන්ධයන් එකතු කරන විට කුට්ටිය චලිත නොවේ. මක්නිසාද යත් මේසය මගින් කුට්ටියේ පහළ මුහුණත මත කුට්ටිය චලිත වීමට උත්සාහ ගන්නා දිශාවට ප්‍රති විරුද්ධ දිශාවක් ඔස්සේ F බලයක් ක්‍රියා කරන බැවින් ය . මෙලෙස වස්තුව චලිත වීමට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ඇති වන බලය ඝර්ෂණ බලය ලෙස හැඳින්වේ.යම් කිසි අවස්ථාවක් දක්වා තව තවත් කුඩා ස්කන්ධයන් තුලා තැටියට එකතු කළද කුට්ටිය චලිත වීමක් දක්නට නොලැබේ.මින් නිගමනය කළ හැක්කේ ඝර්ෂණ බලයක් සෑම විටම හටගනු ලබන්නේ පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇති වීමට උත්සාහ ගන්නා අවස්ථාවකදී පමණක් වන බවයි. මෙම ඝර්ෂණ බලයෙහි විශාලත්වය ශූන්‍යෙයහි සිට යම් අගයක් දක්වා වැඩි විය හැකිය.

                     තුලා තැටියට තව තවත් ස්කන්ධ එකතු කරමින් තන්තුවේ ආතතියෙහි විශාලත්වය ක්‍රමයෙන් වැඩි කළහොත් එක් අවස්ථාවකදී කුට්ටිය මේසය මත චලිත වීමට ඉතාමත් ආසන්න අවස්ථාවක් කරා එළඹෙයි.මෙම අවස්ථාව සීමාකාරී අවස්ථාව ලෙසින් හඳන්වනු ලබන අතර මෙම අවස්ථාවේදී කුට්ටිය සහ මේසය අතර ඇතිවන බලය සීමාකාරී ඝරිෂණ බලය ලෙසින් හඳුන්වනු ලබයි.සීමාකාරී ඝර්ෂණ බලය ස්වයං සීරුමාරු බලයක් වේ . මේ අනුව ස්ථිතික ඝර්ෂණ බලය විචල්‍ය බලයකි.එහි අවම අගය ශූන්‍ය වන අතර උපරිම අගය සීමාකාරී ඝර්ෂණ බලය ලෙසින් හඳුන්වයි. මෙකී සීමාකාරී ඝර්ෂණ බලය ඝර්ෂණ බලය සඳහා ගත හැකි උපරිම අගය ද වේ.

              පෘෂ්ඨ දෙක අතර ක්‍රියා කරන්නා වූ ස්ථිතික ඝර්ෂණ බලය සෑම විටම සීමාකාරී ඝර්ෂණ බලයට සමාන හෝ කුඩා අගයක් ගනී .සීමාකාරී අවස්ථාවේ දී ඝර්ෂණ බලය පෘෂ්ඨ දෙක අතර පවතින අභිලම්භ ප්‍රතික්‍රියාවට අනුලෝම ව සමානුපාතික වේ.සීමාකාරී ඝර්ෂණ බලය (F*) පහත සමීකරණය භාවිතයෙන් ගණනය කළ හැකිය.

                         F* = μR

මෙහි μ යනු සමානුපාතික නියතය වේ .එම සමානුපාතික නියතය සලකනු ලබන්නා වූ පෘෂ්ඨ දෙකෙහි ස්වාභාවය මත පමණක් රඳා පවතින නියතයක් වන අතර මෙය සලකනු ලබන පෘෂ්ඨ දෙක සඳහා ස්ථිතික ඝර්ෂණ සංගුණකය ලෙසින් හඳුන්වනු ලැබේ . ප්‍රායෝගික ව භාවිත වන පරිදි පෘෂ්ඨ දෙකක් සඳහා ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0 ත් 1 ත් අතර අගයක් ගනී . පද්ධතිය සීමාකාරී අවස්ථාවේ පවතින විට තුලා තැටියට තවත් කුඩා සිකන්ධයක් හෝ එකතු කළ විට කුට්ටිය මේසය මත චලිත වීමට පටන් ගනී . මෙම අවස්ථාවේදී මේසය මගින් කුට්ටය මත ප්‍රතිරෝධී ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක කරයි. මෙම බලය ගතික ඝර්ෂණ බලයක් ලෙසින් හඳුන්වනු ලබයි . ගතික ඝර්ෂණ බලයෙහි විශාලත්වය සෑම විටම වස්තුවෙහි පහළ පෘෂ්ඨය හා මේසයේ පෘෂ්ඨය අතර ඇතිවන්නා වූ සීමාකාරී ඝර්ෂණ බලයෙහි විශාලත්වයට වඩා කුඩා අගයක් ගනී .

              පෘෂ්ඨ දෙකක් අතර ක්‍රියා කරන ගතික ඝර්ෂණ බලය එම පෘෂ්ඨ දෙක අතර ක්‍රියා කරන්නා වූ අභිලම්භ ප්‍රතික්‍රියාවට අනුලෝම ව සමානුපාතික වේ .

         ගතික ඝර්ෂණ බලය පහත සමීකරණය භාවිතයෙන් සොයා ගත හැකි වේ .

                          F = μR

                               මෙහි μ සලකනු ලබන්නා වූ පෘෂ්ඨ දෙකෙහි ස්වාභාවය මත පමණක් රඳා පවතින නියතයක් වන අතර මෙය සලකනු ලබන පෘෂ්ඨ දෙක සඳහා ගතික ඝර්ෂණ සංගුණකය ලෙසින් හඳුන්වනු ලැබේ . සලකනු ලබන්නා වූ යම් පෘෂ්ඨ දෙකක් සඳහා ගතික ඝර්ෂණ සංගුණකයේ විශාලත්වය එම පෘෂ්ඨ දෙක අතර ඇතිවන්නා වූ ස්ථිතික ඝර්ෂණ සංගුණකයෙ හි විශාලත්වයට වඩා කුඩා අගයක් ගනී.

                          ඝර්ෂණ බලය ස්පර්ශ වර්ගඵලය මත රඳා නොපවතී.

 

 





උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) හතරවන කොටස - අවසන් කොටස තරල යාන්ත්‍ර විද්‍යාව ( Fluid Mechanics ) ද්‍රව සහ වායු යන දෙවර්ගයම පොදුවේ හඳුන්වනු ලබන්නේ තරල යන නමිනි.   ඝනත්වය ( Density ) ඒකක - kgm-3 මාන - ML-3 අදිශ රාශියකි. ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) තුන්වන කොටස කාර්යක්ෂමතාවය ( Efficiency ) ඒකක නැත. මාන නැත. අදිශ රාශියකි. කාර්යක්ෂමතාවය = Wout × 100% / Win   අයින්ස්ටයින්ගේ ශක්ති ස්කන්ධ සම්බන්ධය ( Einstein's Mass Energy Relation Ship ) ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) දෙවන කොටස බල යුග්මය ( Couple Of Force ) විශාලත්ව සමාන, සමාන්තර, අභිදිශාවෙන් ප්‍රතිවිරුද්ධ එකම ක්‍රියා රේඛාවේ නොපිහිටන බල දෙකක් බල යුග්මයක් ලෙස හඳුන්වයි. බල යුග්මයක සම්ප්‍රයුක්තය සෑම විටම ශුන්‍ය වේ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) පළමු කොටස විස්ථාපනය ( Dislacement ) තෝරාගත් අනුබද්ධ ලක්ෂයක සිට සලකනු ලබන වස්තුවට ඇති සරල රේඛීය දුර එම මොහොතේදී එම වස්තුවේ විස්ථාපනය වේ. ඒකක - m මාන - L දෛශික රාශියකි විස්ථාපන වෙනස (s) = d පසු - d පෙර  ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
පළමු ඒකකය - මිනුම් ( MEASUREMENTS )   භෞතික රාශී (Physical Quantities) සෘජුව හෝ වක්‍ර ආකාරයට රාශියකට ප්‍රමාණය නිශ්චිතව ප්‍රකාශ කළ හැකි නම් එය භෞතික රාශියක් ලෙස හඳුන්වයි. මූලික භෞතික රාශි 7කි. එනම් දිග, ස්කන්ධය, කාලය, තාපගතික උෂ්ණත්වය, විද්‍යුත...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
~ හරිම සරල සිද්දින් මත දිග හැරෙන මහා පෙරලි කාර කතන්දරය ~ 1 සාපේක්ෂතා වාදය පටන්ගැන්ම 1.1 මුලින්ම සාපේක්ෂතා වාදය ගැන ලොකයට කියන්නෙ ගැලිලියෝ ගැලලි (Galileo Galilei),   ගැලිලියො ගැලලි කියන්නෙ සමාජයෙක් කොන් කරපු පුද්ගලයෙක්!. මොකද මෙයා තමයි විද්‍යා...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෝලන හා තරංග සරල අනුවර්තීය චලිතය යම් අංශුවක් යම් ලක්ෂයක් වටා දෙපසට චලිත වේනම් එය අනුවර්තීය චලිතයක් නම් වේ. අංශුවකට මේ ආකාරයෙන් අනුවර්තීය චලිතයක් සිදු කිරීමටනම් එම මධ්‍යස්ථ පිහිටුම දෙසට යොමු වූ බලයක් දිගටම ක්‍රියාත්මක විය යුතුය. මෙහිදී මෙම වස්තුව මත ක්‍ර...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
පදාර්ථ හා විකිරණ ඝන ද්‍රව හෝ වායු වැනි කිසිම මාධ්‍ය සහභාගිත්වයකින් තොරව වුවද එනම් රික්තයක් තුලින් වුවද සිදුවන ශක්ති සම්ප්‍රේෂණ ක්‍රියාවලිය විකිරණය ලෙස හැදින්වේ. සියලුම වස්තු අවට පරිසරයට විකිරණ විමෝචනය කරන අතරම පරිසරයෙන් විකිරණ අවශෝෂණය කරගනී. විකිරණ යන...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
                                                                   තරංග වල ගුණතරංග වල ගුණ පහක් පිලිබ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
නිදහස් කම්පන කම්පන චලිතයට එරෙහිව බලපෑමක් නොමැතිව සිදුවන කම්පනයක් නිදහස් කම්පනයක් ලෙස හැදින්වේ.මෙහිදි විස්තාරය කාලය සමග වෙනස් නොවි පවතින අතර පද්දතිය ස්වාභාවික සංඛයාතයෙන් කම්පනය වේ.එකම පද්ධතියක ස්ව්භාවික සංඛයාත එකකට වඩා වැඩි ගණනක් පැවතිය හැකිය.   පරිමන්දිත කම...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
විභව මානය ක්‍රමාංකනය කිරීම  Y කෝෂය සම්මත කෝෂයක් විය යුතුය.මේ සඳහා 1.018 V විද්‍යුත්ගාමක බලයක් සහිත වෙස්ටන් කැඩ්මියම් කෝෂයක් භාවිතා වේ. R1 යනු 1000 Ωපමණ විශාල ප්‍රතිරෝධයක් වේ.මෙම ප්‍රතිරෝධය ගැල්වනෝමීටරය හා සම්මත කෝෂය හරහා විශාල ධාරා ගැලීමෙන්...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ස්කන්ධයක හෝ ස්කන්ධ සමූහයක ආකර්ෂණ බලය පැතිර පවතින ප්‍රදේශ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ලෙස හැදින්වේ. යම් ස්කන්ධයක ක්ෂේත්‍රය ප්‍රායෝගිකව සීමාසහිත ප්‍රදේශයකට පැතිර පවති. නමුත් සෛද්ධාන්තිකව එය අනන්තය දක්වා පැතිර ඇතැයි සැලකිය හැක. &...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
..........................චල අන්වීක්ෂය...................                  අපි මුලින් ම චල අන්වීක්ෂයේ කොටස් හඳුනා ගනිමු. 01.(A)-සිරස් වර්නියර් පරිමාණ සියුම් සීරුමාරු ඇණය 02.(B)-සිරස් ප්‍රධ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
ඝර්ෂණ බලය.....      ඝර්ෂණ බලය අධ්‍යනය කිරීම සඳහා ඉහත රූපයේ දක්වා ඇති පරීක්ෂණාත්මක ඇටවුම භාවිතා කළ හැකිය.තුලා තැටියට ස්කන්ධයන් එකතු කරන විට තන්තුවෙහි ගොඩනැගෙන්නා වූ ආතතියෙ හි විශාලත්වය එමගින් වැඩි කළ හැකිය.(T=mg) එවිට M කුට්ටිය මත ක්‍රියා කරන්න...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
  ..............ගෝලාමානය...........   අපි මුලින් ම ගෝලාමානයේ කොටස් හඳුනා ගනිමු. 01.(A)-වට පරිමාණය- 02.(B)-ඉස්කුරුප්පු කඳ 03.(C)-ගෝලාමානයේ පාද 04.(D)-ප්‍රධාන පරිමාණය 05.(E)-ඉස්කුරුප්පු කඳ   කාසියක ඝනකම,අන්වීක්ෂ කදාවක ඝනකම,උත්තල දර්පණයක වක්&...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමානය........ අපි මුලින් ම මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමාන‍යේ කොටස් හඳුනා ගනිමු. 01.(A) -කලම්ප 02.(B) -ඉද්ද 03.(C)- කිණිහිරිය 04.(D) - වට පරිමාණය 05.(E) - රේඛීය පරිමාණය 06.(F) - දිදාලය 07.(G) - දිදාල හිස   මයික්&...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
..............වර්නියර් කැලිපරය‍ ...............   අපි මුලින්ම වර්නියර් කැලිපරයේ කොටස් හඳුනා ගනිමු. 01.(A)ඇතුල් හනු: මේවා සිලින්ඩරයක් වැනි උපකරණයක අභ්‍යන්තර විෂ්කම්භය මැනීමට භාවිතා කරයි.           ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
උසස් පෙල ඉලෙක්ට්‍රොනික විද්‍යාව සඳහා එහි මූලික ලිපි පෙලේ පලමු වන කොටස(#1) සන්නායක හා පරිවාරක විවිද ද්‍රව්‍යවලට  විද්‍යුතය සන්නයනය කිරීමේ හැකියාව අනුව ඒවා සන්නායක හා පරිවාරක යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන් කල හැකිය.සියලුම ලෝහ වර්ගද මිනිරන් වැ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
සංකේත භාවිතයේදී සැලකිය යුතු කරුණු     පූද්ගල නාමයක් ඒකකය ලෙස භාවිතා කරනවිට සංකේතයේ මුල් අකුර සදහා ඉංග්‍රීසිකැපිටල් අකුරු භාවිතා කරයි. අනෙක් ඒකක වල සංකේත සදහා ඉංග්‍රීසි සිම්පල් අකුරුභාවිතා කරයි. උදා-A, W, K, Pa, m, s, cd   ඒකක දෙකක ගුණි...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
ඉහත මූලික ඒකක සහ පරිපූරක ඒකක පහත පරිදි අර්ථ දැක්වාඇත. මීටරය තප්පර 1/299 792 458 කාලයක් ඇතුලත, රික්තයක් තුළ ආලෝක කිරණයක් ගෙවායන පථයේදිග. කිලෝග්රෑම් කිලෝග්රෑමයේ අන්තර්ජාතික ප්‍රතිරූපකයේ ස්කන්ධය. තප්පරය සිසියම්-133 පරමාණුවෙහි භූමි අවස්ථාවෙහි අධිසූක්ෂ්...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
ඒකක (Units)   භෞතික විද්‍යාව ගණිතමය පදනමක් මත පිහිටා ඇති පරීක්ෂනාත්මක විද්‍යාවක් වේ. මෙයසදහා පරීක්ෂණ ප්‍රතිඵල සටහන් කිරීම, විශ්ලේෂණය කිරීම සහ නිගමනයන් කිරීමට නිවරද්‍යමිනුම් මූලික වේ. ක්‍රමවත්ව මිනුම් ලබාගැනීම සදහා ඒකක පද්ධතියක් තිබීම අත්‍යාව...
Charith Janaka

උසස්පෙළ භෞතික විද්‍යාව

අනෙකුත් ලිපි
උසස්පෙළ - ආර්ථික විද්‍යාව
ජාතික ගිණුම් පාඩම අමාරු ද ? ඉන්න මං කියලා දෙන්නම් ඔයාලට සරල ව. හරි,මුලින් ම අපි තේරුම් අරං ඉමුකෝජාතික ගිණුම්කරණය කියන්නේ මොකද්ද කියලා.. ජාතික ගිණුම්කරණය කියන්නේ...සමස්ත ආර්ථිකයේ ව්යුහය, ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
- කතාකරනECON-බැඳුම්කර - "බැඳුම්කර".....මේ වචනෙ නම් අනත්තවත් අහලා ඇති නේද ? ඒත් හරියට ම දන්නේ නෑ නේද බැඳුම්කර කියන්නේ මොනාද , මොකද්ද ඒවයෙන් කරන්නෙ කියලා... හ්ම්ම්..හරි වැඩිකතා ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
12 වසර ,3 වෙනි පාඩම - වෙළඳපොළ ක්රියාකාරීත්වයට රජයේ මැදිහත් වීම - එම පාඩමෙහි එන , මිල ප්රතිපත්ති යටතේ ඇති උපරිම මිල සීමාකරණය පිළිබඳව කෙටියෙන්,පැහැදිලිව හදාරමු ...

4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්රශ්න පත්ර 11 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න )ගොරෝවන ඖෂධය ලබා දෙන්නේ? (1) ගවයා ය (2) ලේනා ය (3) කස්තුරි මුවාය (2)අපිරිසිදු ජලය පානය ...

උසස්පෙළ - දේශපාලන විද්‍යාව
රාජ්යයේ උපත රාජ්යය බිහි වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව ඉදිරිපත් වූ මතවාද රාශියක් දේශපාලන විද්යාව තුල දැකිය හැක. එසේ ම මෙම මතවාද එකිනෙකින් වෙනස් ද ...

13-වසර - SFT
01. පහත සඳහන් පද අර්ථ දක්වන්න, (a) දෛශික රාශි (b) අදීශ රාශි (c) ස්කන්ධය (d) ගම්යතාව 02. නිව්ටන්ගේ පලමු නියමය අර්ථ දක්වන්න. 03. නිව්ටන්ගේ දෙවන නියමය අර්ථ ...

13-වසර - SFT
01. (i) දිලීරයක් ඇඳ ප්රධාන කොටස් 5 ක් නම් කරන්න. (ii) දිලීර වල පෝෂණ ක්රමය සඳහන් කරන්න. (iii) ඒකසෛලීය දිලීරයක් සඳහා උදාහරණයක් දෙන්න. (iv) දිලීර වල වංශ ...

13-වසර - SFT
01. පෘථිවියේ සෑම ස්ථානයකම ක්ෂුද්රජීවීන් හමු වේ. එම ක්ෂුද්රජීවීන්ගෙන් කිහිපදෙනෙකු පහත සඳහන් කොටුව තුළ ලැයිස්තු ගත කර ඇත. එම කොටුව තුළ දී ඇති ක්ෂුද්රජීවීන් ඇසුරින් ...

13-වසර - SFT
ක්ෂුද්රජීව විද්යාව ප්රශ්න අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ තාක්ෂණවේදය සඳහා විද්යාව විෂයේ අන්තර්ගත පාඩමක් වන ක්ෂුද්රජීව විද්යාව කියන පාඩමෙන් විභාගයට පැමිණිය හැකි ප්රශ්ණ පහත දක්වා ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
1. HTML ආශ්රිත පහත දැක්වෙන ප්රකාශ සලකන්න. (2018 A/L -14) A - අතරික්සු කවුළුවක් බහුවිධ කොටස් වලට බෙදීමට HTML රාමු භාවිත කෙරේ. B - ...