නුතන පද්‍ය කුකුලු හැවිල්ල - උසස්පෙළ සිංහල

නුතන පද්‍ය කුකුලු හැවිල්ල

මං ශිෂ්ටාචාරය සමතික්‍රමණය කරමින් මානව ශිෂ්ඨාචාරය ක්‍රමයෙන් වර්ධනය වූ බව සැබවි. මනුෂ්‍යයා ශීර්ෂයත් කශේරුකාවක් සිරස වඩා ගැනීමෙන් තිරස්චිනයන්ගෙන් මිදුනෙ වී යනු සැබවි. මන්ද බුද්ධික භාවයේ සිට සති ඉන්ද්‍රිය අධි මානසික තලයක දක්වා සාපේක්ෂ බුද්ධි ඵලයකට මනුෂ්‍යයා හිමිකම් කියන බවත් සැබැවි. එය මතු නොව භෞතික ආධ්‍යාත්මික ශිඨ වර්ධනයේදී මනුෂ්‍යයා විසින් පෞරාණික යුගයන්ගෙන් ශේෂ වූ වූ ඇතැම් භාවමය චර්යාවන් අවඥාවෙන් බැහැර කළ බව සැබවි.

එසේ වුව ද නව සහශ්‍රකයේ තාක්ෂණික හස්තයෙන් ලොව ජය ගන්නා මිනිසුන් ගෝත්‍ර සංකල්පයන්ගෙන් සර්ව සම්පූර්ණයෙන් මිදුනෙවීද? ජීව විද්‍යාත්මක නොවන ඇදහිලි හා විශ්වාස වලින් මිදුනෙ වීද?

අද ඔහු පෙරමග සුබ නිමිති සලකති. පෙරමග අසුබ නිමිති දැක සැලෙති. ආරක්ෂාව, සහනය, සැපය, සුවය තකා දෙවියන් යදිති. ප්‍රේත කුම්භාණ්ඩ පිසාච ආදින්ට බිය වෙති. කුකුළා සොරාගෙන ගොස් ය අපූරුවට හැරීමට හැරී වැඩුණු සරණං පැහැ පෙද පිහාටු පුරවාගෙන ආඩම්බර වූ ඉරටත් කලින් ඇහැරී කොක් හැඩලු කුකුළාසොරාගෙ ගෙන ගොස් මරා දමලාය. මේ විපත දරා ගන්නට නොහැකි ය. අලාභය දරන්නට නොහැකි ය. පිහිට සොයන්නේ ඒ කාගෙන්ද? මැරූ කුකුළා යනු ලැබෙන්නේ නැත යළි ඇතිවීමට ඉඩකඩ යන්න පෙන්වීමට ඌට පණ ලැබෙන්නේද නැත. පාඩුවේ ඉල්ලා ගන්නට ලැබෙන්නේ නැත. කරන්නට පුළුවන් එකම දේ නම් දෙවියන්ට කන්නලව් කිරිමයි. දුකට සැපට කරදරයට අනතුරට නොවෙනස් ව සිටී දෙවියන්ට කන්න ලව් කර පිහිට පැතිම පමනය. කවර පිහිටක්ද කුකුලා ලැබෙන්නෙත් ඌට පණ ලැබෙන්නෙත් නැත. එසෙනම් කල හැකි එකම දේ කුකුලා සොරා ගත් සොර දෙටුවාට පලි ගැසිමයී. සාප කිරිම පමනය. 

දුද නොද බිද

ලද තෙද කද

කද දෙව් රද

                  සාමිනේ.

 

කතරගම දෙවියනේ, 

ඔබෙ බලය තෙජස ශක්තිය කෙතෙක්ද?. මිනිස් කටහඩින් තොර ,ඇත කදු හෙල් අතර මහ වනය අරක් ගත් ඔබෙ විමානයම ඔබෙ බලය තෙජස කියා පායි. දුර්ජනයන්ගෙන් එඩිය දර්පය සුන්නත් දුලි කොට සැවුලිදු දද ගළපා මයුර වාහන මතුයෙහි වැඩ සිටින ඔබ වහන්සෙගෙ එකදු ඉරියව්වම ඔබ වහන්සෙගෙ බලය තෙජස කියා පායි එවන් තෙජසක් ඇති කතරගම දෙවියනේ ඔබෙ කිර්තිය කියාපාන , ඔබෙ කොඩිය පාලු කලඔබට අපහාස කල එ දුර්ජනයා වැනසිය යුතුය. මගෙ කුකුලා මරා දැමු එ නරුමයා තව එක කෙම්මුර බදාදාවක් එන්නට මත්තෙන් මකා දැමිය යුතුය.මරා  දැමිය යුතුය. තූ තූ තූ කල යුතුය.

මගෙ කුකුලා නැසු එ    කා

දදය ඔබගෙ පාළුය       කා

තව එක බුද විනක් ත   කා

ඉන්නට ඉඩ නොදි ම      කා

 

ඔබ වහන්සෙ විසින් එ දුර්ජනයා මරා දැමිය යුත්තෙම කුකුලා මරා දැමු තැන ඉදන්මය එල්ලය බලා හෙල්ලයෙන් ගැසිය යුතුය.බෙල්ල මුලින්ම ගසා එ දුර්ජනයා නැසිය යුතුය.

බලා එ  ල්ල

හෙළුව හෙ ල්ල

මුලැමැ බෙ ල්ල

මරු තැනේ...

එකාන්තයෙන් ම දෙවියන් මේ යාදින්න අසනු ඇත. මේ කන්න ලව්ව දැක කුකුලු හොරාට දඩුවම් දෙනුනියතය. කුකුලු හොරා නැසු පසු මම බාරයක්  ඔප්පු කරමි. ඔබ වහන්සෙ වෙසෙන රුහුනු රටෙ කතරගමට මම මහා භක්තියෙන් එන්නෙමි . හිගා නොකා හිගා කමින් වුවද පයින්ම ඔබෙ විමානය වෙත එන්නෙමි මහත් භක්තියෙන් මහපොලොවෙ වැතිරි නලල බිම උලා ඔබෙ නමින් වදින්නෙමි . පුදන්නෙමි යදින්නෙමි.

(ඉහත මෙන්ම උපමා යොදාගෙන තවත් රසවත් ලෙස ඔබට මෙම රසස්වාදය කල හැකිය මෙය ඔබට සපයන ආදර්ශ කොටසකි එයින් උපමා ගෙන තමාටම ආවෙනික වූ රසස්වාදයක් ගොඩ නගන්න.

දෙවියන් යැදිම කන්නලව් කිරිම  පුද පුජා කිරිම ප්‍රාථමිකය ගොත්‍රිකය එහි ප්‍රාථමික  හා ගොත්‍රික බවෙ ලක්ශන මෙම කාව්‍ය තුලින් ධවනිත වෙයි.