සමාන වචන 1


  • සමාන වචන

     

    1. පාර - මාවත, මාර්ගය, මග
    2. අම්මා - මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ,මාතා
    3. එන්න - පැමිණෙන්න, සම්ප්‍රාප්ත වන්න
    4. ගෙදර - නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය
    5. ටිකක් - ඇබිත්තක්, ස්වල්පයක්, චුට්ටක්, මදක්, පොඩ්ඩක්, ඩිංගක්
    6. ඉක්මනින් - කඩිසරව, නොපමාව, වහාම, යුහුසුළුව, නොලස්ව, විගසින්, විගසට, හනික, අප්‍රමාදව
    7. ගුරුතුමා - ගුරුවරයා, ආචාර්යවරයා, විනයු, ඇදුරා
    8. පාසල - විදුහල, විද්‍යාලය, ශාස්ත්‍රාලය, ඉස්කොල්ය, සිප්හල, පාඨශාලාව
    9. එක්ක - සමග, කැටුව, සහ,හා
    10. උදේ - පාන්දර, හිමිදිරියේ, අළුයම, උදෑසන
    11. කිවුවා - පැවසුවා, ප්‍රකාශ කළා, දෙසුවා
    12. වාහනය- රථය, රිය, යානය
    13. නගින්න - ගොඩවෙන්න, නැගගන්න
    14. දුව - දියණිය, දෝණිය, දුහිතෘ
    15. දෙපැත්ත - දෙපාර්ශවය, දෙපිල, උභයපාර්ශවය
    16. ඊට පස්සෙ - ඉක්බිතිව, ඊට පසුව, ඊලගට, අනතුරුව
    17.  ළග - අසල, කිට්ටුව, මෙහා, සමීපය, නොදුර, මෙපිට, ආසන්න, අසබඩ
    18. හැමෝම - කවුරුත්, ඔක්කොම, සැවොම, සැමදෙන, සියල්ලම
    19. ප්‍රසංසාව - ස්තුතිය, ගෞරවය, පැසසුම
    20. හඩ - ශබ්දය, නාදය, රාවය, ධ්වනිය
    21. පියා - තාත්තා, පිතෘ, අප්පච්චී, අප්පා
    22. පෙර - කලින්, පළමුව, ඉස්සර, පුරාණයේ, අතීතයේ
    23. කුඹුර - කෙත,වෙල
    24. වතුර - ජලය, දිය,පැන්, උදක, අඹ
    25. වනාන්තරය - වනය, කැලය, කැලෑව, අරණ
    26. අලියා - හස්තියා, වරුණ, ඇතා,ගජ, නා
    27. කන්ද - පර්වතය, පව්ව, ගිර
    28. යාළුවා - මිතුරා, සගයා, මිත්‍රයා, හිතවතා, සහෘදයා, සකි
    29. ඥානවන්ත - නුවනැති, නැණවත්, පඥාවන්ත, උගත්, නුවණක්කාර, ප්‍රඥාවන්ත,
    30. අලුත් - නවීන, නොපැරණි
    31. කෙළවර - අවසානය, කොන, අග්‍රය, අන්තය, සීමාව, අන්තිම, මායිම, නිම
    32. විශාල - ලොකු,මහ, මහත්, විසල්
    33. ඇදිරිය - කළුවර, අන්දකාරය, අදුර
    34. පියාඹන්න - ඉගිලෙන්න, පියාසලන්න
    35. ප්‍රමාද - පරක්කුව, පමා,ලස
    36. කුසලතා - ප්‍රවීණතා, දක්ෂතා, දස්කම්, හැකිකම්, හැකියා, සමර්ථතා, නිපුණතා
    37. දෙනෙත් - දෑස, දෙනුවන්. දෙඇස්, ඇස්දෙක, දෙනයන
    38. පොළව - බිම, දෙරණ, භූමිය, ධරණි, පෘථීවිය
    39. ප්‍රසිද්ධ - පසිදු, පවර, පරසිදු, ප්‍රකට. පතල
    40. රජතුමා - භූපති, නරදෙව්, රජු, නිරිදු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, මහීපාල
    41. කතාව - අන්දරය, කතන්දරය, කථාව
    42. හද - චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිදු, නිශාකර, හිමකර, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි,සිසි, සසදර
    43. අහස - ගුවන, අමර, ආකාෂය, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග
    44. සතුරා - හතුරා. පිළිමල්, ප්‍රතිමල්ලවයා, පසමිතුරා, විරුද්ධකරු,
    45. තෑග්ග - තිළිණය, ත්‍යාගය, පඩුර
    46. කනවා - බුදිනවා, අනුභවකරනවා, වළදනවා. භක්ෂණය කරනවා
    47. ඉර - සූර්යයා, සැබරැස්, දිනේන්ද්‍ර, තික්මෙරද, දිනකර, සහස්රැස්, ගහමිණ, ගිම්රැස්, දියනෙත, අදුරුරුපු, සැඩකර, දිවයුරු, දිනපති, සහසකර, දිනිසුරු, දිනිදු, දිවාකර, දිනමිණ, හිරු
    48. කෑම - ආහාර, බොජුන්, භෝජන, ගොදුරු
    49. කෑලි - කැබලි, කොටස්, අංශු, අංග
    50. කුරුල්ලෝ - පක්ෂීන්, සියොතුන්, විහගුන්, සකලයන්  
    51. වත්ත - උද්‍යානය, උයන
    52. ඔලුව - හිස, සිරස, ශිර්ශය
    53. ඇස් - නෙත්, අක්ෂි, නුවන්, නයන, නේත්‍ර, සක්
    54. කරදර - උවදුරු, අනතුරු, උපද්‍රව, අන්තරා, ගැහැට, විපත්ති, ආපදා, අවහිර
    55. ඇග - ශරීරය, සිරුර. ගත,කය
    56. සාරු - යුෂ, ඉස්ම, ශ්‍රාවය
    57. ලස්සන - ප්‍රියකරු, අලංකාර, ප්‍රියංකර, මනහර, ශෝභන, දර්ශනීය, විචිත්‍ර, මනොහර. දැකුම්කළු
    58. පාට - වර්ණය, පෑ,වන්, පැහැය
    59. නරියා - හිවලා, කැනහිලා, ගෘගාලයා
    60. ප්‍රීතිය - සතුට, සන්තෝෂය, සොම්නස. සතොස, තුට, ප්‍රමෝදය, ආහ්ලාදය, පමෝද, ඔකද, ආනන්දය
    61. මැණික් - මාණික්‍ය, මිණි, රුවන්, රත්න
    62. රත්තරන් - රත්රන්, කාංචන, කසුන්, ස්වර්ණ, කනක
    63. දුක - ශෝකය, කනගාටුව, දොම්නස, සොව
    64. කොඩි - ධජ,දද, පතාක
    65. කන - සවන, වදත්මහ, කර්ණය
    66. සරු - සාරවත්, සශ්‍රීක
    67. කට - මුඛය, මුව,මිය
    68. ප්‍රීති ඝෝෂා - ඔල්වරසන්, ජයඝෝෂා
    69. උදව්ව - උපකාරය, පිහිට, සරණ, සහාය, සහයෝගය, ආධාර, පිටිවහල
    70. අවුරුද්ද - වසර, ශතකය, වර්ෂය
    71. ගෝලාකාර - රවුම්, වටකුරු
    72. පොත - ග්‍රන්ථය, පුස්තකය
    73. සුදු - ධවල, ශ්වේත, සේ
    74. සාගරය - මුහුද, සයුර, සමූද්‍රය, ජලනිධි, දළනිදු, සිදු, රුවනාර
    75. සමූහය - කැන,රැස, රාශිය
    76. ආකාරය - අයුරු, ක්‍රමය, විධිය. අන්දම, පිළිවෙළ, හැඩය. පෙනුම, ස්වරූපය
    77. උත්සාහය - වෑයම, වීර්ය, වෙහෙස, මහන්සිය, ප්‍රයන්තය, දිරිය, පරිශ්‍රමය, ප්‍රයන්තය, ධෛර්යය
    78. පතුල - අඩිය, පත්ල
    79. අවශ්‍ය - වුවමනා, අවැසි
    80. පියගැටපෙළ - පඩිපෙල, සෝපානය
    81. පිච්චෙන - පිළිස්සෙන, දැවෙන
    82. කැකුළු - පොහොට්ටු, මොට්ටු



ලිව්වේ : ගයාන්
අදාල විෂය : සිංහල
ලියු දිනය : Tue 18 Nov 2014
මෙම ලිපිය කියවා ඇති ගණන : 18436

ගයාන් මධුශාන්ත

උසස්පෙළ සිංහල

විෂයට අදාල ලිපි

  1. සිඛ වළඳ හා සිඛ වළඳ විනිස
    (Rev: Handaganawe chandrajothi / 2018-10-19)
  2. ‌සන්ධි-2
    (Pathum / 2017-10-05)
  3. ගීතමය වදන් තුලින්ම ප්‍රශ්ණ කරමින් ධ්වනිතාර්ථ ඉස්මතු කිරීමේ කලාව
    (ශ්‍රීපාලි / 2017-07-20)
  4. තද්ධිත නාම
    (Rev: Handaganawe chandrajothi / 2017-04-07)
  5. සන්ධි ප්‍රභේද
    (Rev: Handaganawe chandrajothi / 2017-04-06)
  6. සන්ධි (අක්ෂර සංවිධානය)
    (Rev: Handaganawe chandrajothi / 2017-04-04)
  7. ලිංග භේදය
    (Rev: Handaganawe chandrajothi / 2017-04-01)
  8. විරුද්ධාර්ථ පද
    (Rev: Handaganawe chandrajothi / 2017-04-01)
  9. පිරුළු
    (Rev: Handaganawe chandrajothi / 2017-03-31)
  10. වාක්‍යය ක්‍රම
    (Rev: Handaganawe chandrajothi / 2017-03-30)
  11. වාක්‍යය නිර්මාණය
    (Rev: Handaganawe chandrajothi / 2017-03-26)
  12. ක්‍රියා පද 2
    (Rev: Handaganawe chandrajothi / 2017-03-25)
  13. ගිරා සංදේශකරුගේ කාව්‍ය ප්‍රතිභාව
    (අනුර / 2017-03-09)
  14. සද්ධර්ම රත්නාවලිය
    (Dileeka / 2016-07-23)
  15. ප්‍රඥාවෙන් ආනන්දයට ගිය නැලවිලි ගීතය (උසස් පෙල සංගීත විෂය හදාරන සිසුන්ට සහ විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ට කාලීන ගීත සාහිත්‍ය විචාරයන් කිරීමට වැදගත් මාතෘකාවකි)
    (ශ්‍රීපාලි / 2016-04-26)
  16. සන්ධි
    (රෂින්ත / 2016-01-18)
  17. සිංහල අක්ෂර මාලාව.
    (රෂින්ත / 2015-10-19)
  18. සාමාන්‍ය පෙළ රචනා
    (උදාර ධනංජය / 2015-09-21)
  19. රූඩී පද
    (ගයාන් / 2015-05-03)
  20. ප්‍රස්තාව පිරුළු 11
    (ගයාන් / 2015-05-03)
  21. ප්‍රස්තාව පිරුළු 10
    (ගයාන් / 2015-05-03)
  22. ප්‍රස්තාව පිරුළු 09
    (ගයාන් / 2015-05-03)
  23. ප්‍රස්තාව පිරුළු 08
    (ගයාන් / 2015-05-03)
  24. ප්‍රස්තාව පිරුළු 07
    (ගයාන් / 2015-05-03)
  25. ප්‍රස්තාව පිරුළු 06
    (ගයාන් / 2015-05-02)
  26. ප්‍රස්තාව පිරුළු 05
    (ගයාන් / 2015-04-29)
  27. ප්‍රස්තාව පිරුළු 04
    (ගයාන් / 2015-04-29)
  28. ප්‍රස්තාව පිරුළු 03
    (ගයාන් / 2015-04-29)
  29. ප්‍රස්තාව පිරුළු 02
    (ගයාන් / 2015-04-24)
  30. ප්‍රස්තාව පිරුළු 01
    (ගයාන් / 2015-04-24)
  31. විරුද්ධ පද
    (ගයාන් / 2015-04-23)
  32. සමාන වචන 3
    (ගයාන් / 2015-04-14)
  33. “ජාතික තොටිල්ල” පිළිබද රසාස්වාදය
    (Ashan / 2015-03-02)
  34. සමාන වචන 2
    (ගයාන් / 2014-11-20)
  35. සමාන වචන 1
    (ගයාන් / 2014-11-18)
  36. තනි පද
    (ගයාන් / 2014-08-12)

අනෙකුත් ලිපි
ඉංජිනේරු තාක්ෂණවේදය හැදින්වීම (කෙටි සටහන්)
(medhanga විසින් 2018-12-09 දින උසස්පෙළ යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාලව ලියන ලදි)

හැදින්වීම ඈත අතීතයේ සිටම මිනිසා සෑම විටම අලුත් දේ නිෂ්පාදනය කිරීමට උත්සහ කරන අතර නිර්මාණය කර ඇති දෑ නවීකරණය කරනු ලබයි.මෙහිදී සෑම විටම මිනිසාගේ හෝ සමාජයට ...

2 නෙක් කැමතියි

4 පාඩම, මව්පිය දූ දරු යුතුකම් (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
(යසිරු විසින් 2018-12-07 දින 9-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

දෙමාපියන්, මුල්ම ආචාර්යවරුන් යන අර්ථයෙන් පුබ්බාචරිය යන නමින්ද, සතර බ්රහ්ම විහරණයෙන් යුක්තවූ බැවින් බ්රහ්ම යන නමින් ද හැඳින්වේ. සටහන:- සතර බ්රහ්ම විහරණ පිළිබඳ වැඩිදුර විස්තරයක් ...


ඉදිකිරීම් කටයුතු වලදී භාවිතා වන ගඩොල් බැමි
(medhanga විසින් 2018-12-04 දින උසස්පෙළ යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාලව ලියන ලදි)

ගඩොල් (Brick) ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේදී බහුලව භාවිතා කෙරෙන ගොඩනැගිලි ද්රව්ය අතුරෙන් ප්රධාන තැනක් ගනී.ගංගා,වැව්,ඔයවල් ආශ්රිත පහත බිම්වල ගඩොල් තැනීම සදහා සුදුසු මැටි පවතී.මේවාට අවශ්ය ...


විජය සිට මහසෙන් රජ සමය දක්වා ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්‍ර වල වටිනාකම
(Samishka විසින් 2018-11-24 දින 12-වසර යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ලංකා ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්ර වල වටිනාකම ලංකා ඉතිහාසය හැදෑරීමේදී දේශීය හා විදේශීය සාහිත්ය මූලාශ්ර ද පුරා විද්යාත්මක මූලාශ්ර ද ...


සංවර්ධනය වෙමින් පවතින රටවල් මහුණ දෙන ගැටළු (The Problems Facing Third World Countries)
(Rev: Handaganawe chandrajothi විසින් 2018-11-23 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ප්රංශ නිරීක්ෂකයකු වූ ඇල්බට් ගෝව් විසින් 1952 අගෝස්තු 14 ලියන ලද ලිපියක "තුන්වන ලෝකය" (Third world) යන වචනය සඳහන් වේ. එය ප්රංශ විප්ලව සමයේදී එමානුවෙල් ...

1 නෙක් කැමතියි

3 පාඩම, අංගුලිමාල මහරහතන් වහන්සේ (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
(යසිරු විසින් 2018-11-20 දින 9-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

වැරදි නිවැරදි කරගත් අයට යහපත් පුද්ගලයෙකු විය හැකි බව සනාථ කරන බුදු දහමේ එන උදාහරණයකි අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිත කතාව. කුඩා කල අහිංසක නම් වූ ...


චෝල නාවික කටයුතු
(Rev: Handaganawe chandrajothi විසින් 2018-11-20 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ඉන්දියාව මුල් කරගනිමින් සමුද්රාන්තර අධිරාජ්යක් ගොඩ නැංවූ රාජ වංශයක් ලෙස චෝල රාජවංශය හැඳින්විය හැකිය. ක්රි.ව 1013 සියවස් අතර කාලය තුළදී චෝළ අධිරාජ්යය ව්යාප්තව පැවතුණි. නමුත් ...

1 නෙක් කැමතියි

බදු
(තරුෂි විසින් 2018-11-19 දින 10-වසර යටතේ ගණිතය විෂයට අදාලව ලියන ලදි)

...


ඉල්ලුම් නම්‍යතාවය හදුනා ගනිමු
(ECON with විසින් 2018-11-18 දින 12-වසර යටතේ ආර්ථික විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

නම්යතාවය ප්රධාන වශයෙන් කොටස් දෙකකි.එනම්, 1.ඉල්ලුම් නම්යතාවය - ඉල්ලුමට බලපාන සාධකයන්ගේ වෙනසට ඉල්ලුම් ප්රමාණය දක්වන සංවේදීතාවය වේ.එනම් ඉල්ලුමට බලපාන සාධකයන් වන:සලකා බලන භාණ්ඩයේ මිල,අනෙකුත් භාණ්ඩ වල ...


සංස්කෘත නාට්‍ය කලාවේ ප්‍රභවය
(Tharindu විසින් 2018-11-14 දින සාමාන්‍යපෙළ යටතේ නාට්‍ය හා රංග කලාව විෂයට අදාලව ලියන ලදි)

සෘග් වේදයෙහි එන සංවාදාත්මක ස්තෝත්ර ඔස්සේ සංස්කෘත නාට්ය කලාවෙහි ප්රභවය සිදු වී ඇතැයි ඇතැම් වියත්හු අනුමාන කරති. "විද්" ධාතුවෙන් නිපන් වේද යන්නෙහි වාච්යාර්ථය දැනුම හෙවත් ...