සමාන වචන 3 - උසස්පෙළ සිංහල

සමාන වචන 3

  1. නොපෙනී - අතුරුදහන්, අන්තර්ධාන, අදර්ශන, අදෘශ්‍යමාන, අතුරුදන්
  2. සිංහයා - සිහ,සීහ, කෙසරිදු, මිගිදා, සී
  3. අවධිය - සමය, යුගය, වකවානුව, කාලසීමාව
  4. ආරංචි - පුවත්, ප්‍රවෘත්ති
  5. පාවිච්චිය - පරිභෝජනය, පරිශීලනය
  6. මෘදු - මොලොක්, මෙලෙක්, සියුමැලි
  7. වචන - වාග්,වාං, වදන්, පද
  8. කනවා - බුදිනවා, අනුභවකරනවා, වළදනවා. භක්ෂණය කරනවා
  9. කරදර - උවදුරු, අනතුරු, උපද්‍රව, අන්තරා, ගැහැට, විපත්ති, ආපදා,
  10. ප්‍රීතිය - සතුට, සන්තෝෂය, සොම්නස. සතොස, තුට, ප්‍රමෝදය,
  11. උදව්ව - උපකාරය, පිහිට, සරණ, සහාය, සහයෝගය, ආධාර,
  12. සමූහය - කැන,රැස, රාශිය
  13. උපත - ඉපදීම, ජන්මය, උප්පත්තිය, බිහිවීම, පනිතය, ප්‍රසූතිය,
  14. දියුණුව - ප්‍රගතිය, උන්නතිය, වර්ධනය, වැඩීම
  15. ස්වාමිපුරුෂයා - සැමියා, හිමියා, බරුවා, වල්ලභයා, ස්වාමියා
  16. වාඩිවෙන්න - ඉදගන්න, හිදගන්න, අසුන්ගන්න
  17. බෙල්ල - ගෙල, ග්‍රීවය, බොටුව, කුළල
  18. රැකියාව - රක්ෂාව, ජීවිකාව, ජීවනොපාය, වෘත්තිය
  19. කණ්ඩායමක් - රංචුවක්, රොත්තක්, රැලක්, සමූහයක්, පිරිසක්, රෑනක
  20. මිනිස්ලොව - මනුලොව, මනුශ්‍ය ලෝකය, නරලොව
  21. වැටුප - චේතනය, පඩිය
  22. නිශ්ශබ්ද - නිහඩ, නිසල, නිසසල, නිශ්චල
  23. උගත් - පණ්ඩිත, වියත්, බහුශ්‍රැත, ව්‍යක්ත
  24. නැගෙනහිර - පෙරදිග, පූර්වදිග, ප්‍රාචීන
  25. පිළිමය - ප්‍රතිමාව, ප්‍රතිමූර්තිය, ප්‍රතිරූපය, අනුරුව. පිළිරුව
  26. ගින්දර - අග්නි, ගිනි
  27. වගේ - වැනි,මෙන්, සේ,ලෙස, වත්,එව්
  28. ගල් - සෙල්, ශිලා. ශෛල, පාෂාණ, පහණ්
  29. හිගන්නා - යාචකයා, යදියා
  30. විරල - දුර්ලභ, දුබල, අඩු
  31. ලාම්පුව - ප්‍රදීපය, පහන, පාන
  32. දැහැමි - ධාර්මික, ධර්මිෂ්ඨ
  33. නොයෙක් - අනෙක, නොයෙක්, නෙක,නන්
  34. ගමන - චාරිකාව, සංචාරය
  35. සේයාරුව - පින්තූරය, ඡායාරුව
  36. ආශ්‍රය - ඇසුර, සේවනය
  37. ඔපමට්ටම් - මටසිලිටු. සුමට
  38. ඔටුන්න - කිරුළ, කිරීටය, ක්‍රීටය
  39. කපුටා - කාක්කා, කවුඩා
  40. ආදරය - සෙනෙහස, ස්නේහය, ඇල්ම
  41. කොහා - කොවුලා, කෝකිලයා
  42. දුප්පත් - දුගී, දිළිදු, නිර්ධන, දරීද්‍ර, නිවත්
  43. නුසුදුසු - නොගැලපෙන, නොමනා. නොහොබිනා, නොනිසි, අයෝග්‍ය
  44. පුරසාරම් - පුරාජේරු, පම්පෝරි
  45. අවනම්බුව - අපහාසය, අපකීර්තිය. අගෞරවය, නින්දාව
  46. අවවාද - ඔවදන්, ඔවා
  47. නියෝගය - අණ, නියමය, විධානය, ආඥාව
  48. බියසුළු - බියගුලු, බයාදු, බය
  49. සුබ - හොද, යහපත්, වාසනාවන්ත
  50. ශක්තිය - වීර්යය, වෙර
  51. ඊතලය - ඊය,හීය
  52. බොරු - ව්‍යාජ, මුසා, අසත්‍ය
  53. උපක්‍රමශීලී - උපායශීලී, ප්‍රයෝගශීලී
  54. හපනා - ශූරයා, සමතා, සමර්තයා, දක්ෂයා
  55. මුවා - මිග,මෘග
  56. අඩක් - භාගයක්, අර්ධයක්
  57. දබරය - රණ්ඩුව, හබය, කෝළාහලය, සණ්ඩුව
  58. තේරුම - අදහස, අර්තය, අරුත
  59. කොණ්ඩය - වරල, මුහුල. කෙස්, හිසකෙස්, ඉසකේ
  60. සිතුවිලි - අදහස, චේතනාව
  61. සැලෙන - හෙල්ලෙන, සෙලවෙන, චංචල, කම්පිත
  62. අමාරු - අපහසු, දුෂ්කර, උගහට
  63. බළලා - පූසා, බිළාලයා
  64. සෙබලා - සොල්දාදුවා, භටයා, හේවායා, බළයා
  65. නපුරු - කුරිරු, කෘර, දුෂ්ට, සැහැසි. දරුණු
  66. මුදුන - කූටය, කුළ
  67. නිර්භිත - අභීත, නිර්භය, එඩිතර
  68. ගෙහිමියා - ගෘහමූලිකයා, ගෘහපතියා, කෙළෙඹියා
  69. තවුසා - තාපසයා
  70. තාප්පය - පවුර, ප්‍රාකාරය
  71. ජනපදය - ජනාවාසය, දනව්ව
  72. විඩාව - වෙහෙස, මහන්සිය
  73. පියාපත් - අත්තටු, තටු,පියා
  74. නිසරු - නිස්සාර, අසරු. අසාර, නිශ්‍රික ‍‍‍‍
  75. මීමා - මීහරකා
  76. බමන - කැරකෙන
  77. මොළය - මස්තිෂ්කය
  78. ගෝනුස්සා - නුහුසුවා
  79. ජෝඩුව - යුවළ, දෙක, සගල, යුගල
  80. සිනහව - හිනාව, හාස්‍ය
  81. පුද්ගලයා - තැනැත්තා
  82. ඇතුළ - අභ්‍යන්තරය, තුළ
  83. පෘෂ්ඨය - මතුපිට, මුහුණත
  84. පොකුණ - තඩාගය, තටාකය, පුෂ්කරණි
  85. අදක්ෂ - නොහැකි, අසමත්
  86. කෙට්ටු - කෙසග, දිරාපත්, වැහැරුණු
  87. අප්‍රමාණ - අසීමිත, අමිත, අපමන
  88. පිපෙයි - විකසිතවෙයි, ප්‍රබෝධවෙයි, මිණිමුතුවෙයි, පුබුදුවෙයි
  89. රෝසමල - සෙව්වන්දි
  90. තාප්පය - ප්‍රාකාරය, පවුර
  91. ලංකාව - සිරිලක, ශ්‍රී ලංකාව, ලක්දිව, හෙලදිව, ලංකාද්වීපය
  92. වියදම - වැය, ගෙවීම
  93. තෝ - යුෂ්මතා, නුඹ, ඔබ
  94. බෞද්ධ - බොදු, බුද්ධාගම්කාර
  95. මැලියම් - ලාටු, ගම්
  96. වෙළද - වාණිජ, වාණිජ්‍ය
  97. අනංගයා - මල්සරා, මදන, මලවි, පන්සැර, මින්දද
  98. පවුකාර - පාපිෂ්ඨ, පාපකාරී
  99. පස්වරු - අපරභාග
  100. පෙරවරු - පූර්වභාග
  101. අනුග්‍රහය - උපකාරය, අනුමැතිය
  102. විදුහල්පති - විද්‍යාලයාධිපති, මුල්ගුරු, ප්‍රධානාචාර්ය, පදනැදුරු
  103. මත්පැන් - මද්‍යසාර, රහමෙර, සුරා
  104. ඇඹුල් - අම්ල,
  105. ශ්‍රමණ - සමණ, මහණ
  106. නිවන - නිර්වාණය, මෝක්ෂය, මොක්පුර
  107. අසන්න - අහන්න, කන්දෙන්න, විමසන්න, සවන්දෙන්න
  108. අලවංගුව - ගල්ඉන්න, නාරස්නය
  109. ශක්‍රයා - සුරපති, පුරන්දර, සහසැල්, සහස්නෙත්, සුරිදු, ඉන්ද්‍ර, විදුරවි
  110. ඊෂ්වර - තිනෙත්, මහෙසුරු, මහේෂ්වර
  111. අනාවැකිය - සාත්තරය
  112. බුදුන් - මොකැදුරු, තිලෝගුරු,දම්රද, මරරුපු, මුනිදු, දියනා, දම්රද
  113. සැතපුම - හැතැප්මය, මයිල
  114. නිශ්පාදනය - නිපැයුම, නිර්මාණය
  115. ලනුපට - රැහැන, වරපට
  116. ඡායාව - සෙවනැල්ල, ප්‍රතිබිම්බය, සේයාව
  117. රාජ්‍ය - රජය, ආණ්ඩුව
  118. කවිය - කාව්‍ය, සිව්පදය, කව