ආර්ථික විද්‍යා සාමාන්‍ය දැනීම ප්‍රශ්න 2


 ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න 1 ‌කොටස මෙතැනින් කියවන්න.

 

සමිත් අල්විස් ආර්ථික විද්‍යාව

  1. බ්‍රෙට්න්වුඞ්ස් සිටර්ස් නමින් හදුන්වන ජාත්‍යන්තර සංවිධාන දෙක මොනවා ද?
  2. යුරෝ මුදල් භාවිතා කරන රටවල් 5ක් නම් කරන්න
  3. OPEC සංවිධානයේ මූලස්ථානය ඇත්තේ කුමන රටක කුමන නගරයේ ද?
  4. ලෝකයේ වැඩිම ජාතික ආදායමක් වාර්තා වන රට කුමක් ද?
  5. රැකියා නියුක්තියල පොලී අනුපාත හා මුදල් පිළිබද පොදු න්‍යාය නම් ලෝක ප‍්‍රසිද්ධ ග‍්‍රන්ථය ලියු ආර්ථික විද්‍යාඥයා කවුද?
  6. ලෝකයේ විශාලතම අපනයනකරු වශයෙන් හැදින්විය රාජ්‍ය කුමක් ද?
  7. ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන ආයතනයකට මුදල් සමාගමක් ලෙස කටයුතු කිරීම සදහා බලපත‍්‍රයක් ලබා ගත යුත්තේ කුමන පනත යටතේ ද?
  8. රජයේ සුරුකුම්පත් නිකුත් කිරීමේ දී අනුගමනය කරනු ලබන ”ටැප් ක‍්‍රමය” යනු කුමක් ද?
  9. කේන්ස්ට අනුව මුදල්වලට ඇති ඉල්ලූම තීරණය කරන ප‍්‍රධාන සාධක දෙක මොනවා ද?
  10. ලෝකයේ පළමු මහ බැංකුව වශයෙන් සැලකෙන්නේ කුමක් ද?
  11. ශ‍්‍රී ලංකාවේ ආයෝජන ප‍්‍රවර්ධන කටයුතු මෙහෙය වන ආයතනය කුමක් ද?
  12. 2012 සංගණනයට අනුව ශ‍්‍රී ලංකාවේ අඩුම ජනගහනයක් වාර්තා වන පළාත කුමක් ද?
  13. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවලින් වැඩිම ජනගහනයක් ඇති රට කුමක් ද?
  14. බලපත‍්‍රලාභී වානිජ බැංකු බලපත‍්‍රලාභී විශේෂිත බැංකුවලින් වෙනස්වන ප‍්‍රධාන ලක්ෂණය කුමක් ද?
  15. රජයේ භාණ්ඩාගාර බැදුම්කර සදහා පොලී ගෙවනු ලබන්නේ කුමන කාල පරිච්ජේදයකයට වරක් ද?
  16. අධිබලැති මුදල්වලට අයත් වන්නේ මොනවා ද?
  17. භාණ්ඩ හුවමාරු ක‍්‍රමයක තිබෙන ගැටලූවක් දක්වන්න
  18. යෙදවුම් මිල ඉහළ යෑම නිසා නිෂ්පාදන පිරිවැය වැඩිවීමෙන් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමක් හදුන්වන්නේ කෙසේ ද?
  19. පුද්ගල ආදායම් ප‍්‍රමාණය හා ගනුදෙනු චේතනාව මත මුදලට ඇති ඉල්ුලමේ තිබෙනුයේ කුමන සම්බන්ධයක් ද?
  20. යම් භාණ්ඩයක සැපයුම නොවෙනස්ව පවතින අවස්ථාවක එම භාණ්ඩයේ ඉල්ලූමේ වැඩිවීමක් නිසා ඇතිවිය හැකි සෘජු ප‍්‍රතිඵලය කුමක් ද?
  21. ශ‍්‍රී ලංකාවේ ජාතික ආදායම ගණනය කරනු ලබන ආයතනය කුමක් ද?
  22. ප‍්‍රාමාණික ලාභ යන්නෙහි අදහස කුමක් ද?
  23. කිසියම් භාණ්ඩ දෙකක් අතර හරස් මිල ඉල්ලූම් නම්‍යතාවය +2.5  ක් නම් එම භාණ්ඩ දෙක සම්බන්ධයෙන් නිගමනය කුමක් ද?

 

පිළිතුරු

  1. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
  2. ඔස්ට්‍රියාව/බෙල්ජියම/ සයිප‍්‍රස්/ එස්ටෝනියෝ/ ෆින්ලන්තය/ ජර්මනි/ ප‍්‍රංශය/ ග්‍රීසිය/ අයර්ලන්තය/ ඉතාලිය/ ලැට්වියා/ ලක්සම්බර්ග්/ මෝල්ටා/ නෙදර්ලන්තය/ පෘතුගාලය/ ස්ලෝවැකියාව/ ස්ලොවෙනියා සහ ස්පාඤ්ඤ
  3. ඔස්ට්‍රියාවේ වියානා නුවර
  4. ඇමරිකා එක්සත් ජනපදය
  5. ජෝන් මේනාඞ් කේන්ස්
  6. චීනය
  7. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ
  8. සුරැකුම්පත් නිකුත් කිරීමෙන් අනතුරුව අපේක්ෂිත මුළු වටිනාකම ලැබෙන තුරු වෙන්දේසිය විවෘතව තැබීම . වෙන්දේසි ක‍්‍රමයේ දී මෙන් ටෙන්ඩර් භාර ගැනීමේ අවසන් දිනය හා වේලාව නියම කර නැත.
  9. පුද්ගල ආදායම හා පොලී අනුපාතය
  10. ස්වීඩනයේ රික්ස් බැංකුව
  11. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
  12. උතුරු පළාත
  13. ඉන්දියාව
  14. වාණිජ බැංකුවලට ජංගම ගිණූම් පවත්වා ගෙන යෑමේ අයිතිය හිමි වීම.
  15. මාස 06කට වරක්
  16. මහජනයා සහ බැංකු සතු මුදල් (කාසි හා නෝට්ටු +බැංකු විසින් මහ බැකුවේ පවත්වාගෙන යන සංචිත)
  17. ද්වික සම්පාතයක් තිබිය යුතු ය.සමහර භාණ්ඩ නෂ්‍යවන සුළු බව, විශාල ගනුදෙනු සිදු කිරීමේ දී ඒවායේ ප‍්‍රමාණ තිරණය කිරීම, අපහසුව, ගෙනයෑමේ අපහසුව
  18. පිරිවැයෙන් තල්ලූවන උද්ධමනයක් ලෙස
  19. අනුලෝම සම්බන්ධයක්
  20. එම භාණ්ඩ මිල ඉහළ යෑම
  21. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
  22. ප‍්‍රමාණික ලාභය යනු ලාභය ශූන්‍ය වන අවස්ථාවයි. නමුත් ආවස්ථික පිරිවැය ආවරණය වන බැවින් නිෂ්පාදකයාට තවදුරටත් වෙළෙදපොළේ රැදී සිටිය හැකි ය.
  23. එම භාණ්ඩ දෙක ආදේශක භාණ්ඩ වේ.



200 0

ලිපිය කියවා ඇති ගණන
200

ලිපිය බෙදාගන්න
ලිව්වේ : Samith
අදාල විෂය : ආර්ථික විද්‍යාව ලියු දිනය : Tue 03 Dec 2019
මෙම ලිපිය කියවා ඇති ගණන : 200
"ආර්ථික විද්‍යාව" විෂයට අදාල අනෙකුත් ලිපි

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...