ඉදිකිරීම් තාක්ෂණවේදය - කොන්ක්‍රීට් භාවිතය (01 කොටස)


ඉදිකිරීම් තාක්ෂණවේදය - කොන්ක්‍රීට් භාවිතය

[ CONCRETE    ( පලමු කොටස )


  

යකඩ, දැව, ගඩොල් යන ද්‍රව්‍ය යම් ආකාරයකට වැදගත් වනවා සේම කොන්ක්‍රීට් ද ඉදිකිරීම් තාක්ශනයේදී වැදගත් වෙයි. ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස කොන්ක්‍රීට් බහුලව භාවිතා කිරීම දක්නට ලැබෙයි.

 

කොන්ක්‍රීටයක් යනු....

බැදුම් ද්‍රව්‍ය, සියුම් සමාහාර, රළු සමාහාර, ජලය සමග නිශ්චිත අනුපාතකයට මිශ්‍ර කිරීමෙන් සාදාගත හැකි නිර්මිත ගොඩනැගිලි ද්‍රව්‍ය‍යකි.

 

 

කොන්ක්‍රීටයේ ගුණාත්මකභාවය

සදහා බලපාන සාධක

  • අමුද්‍රවයන්ගේ ගුණාත්මකභාවය
  • සමාහාරයන්ගේ වර්ගීකරණය
  • මිශ්‍රන අනුපාතය
  • එකතුකරන ලද ජල ප්‍රමාණය
  • පදම් ගතිය

 

 

කොන්ක්‍රීට් සදහා භාවිත ද්‍රව්‍ය

Materials for Concrete

 

 

 

 

  • රළු සමාහාර - මෙටල්
  • සියුම් සමාහර - වැලි /ගල් කුඩු
  • බැදුම් ද්‍රව්‍ය - සිමෙන්ති
  • සජලීකාරක - ජලය

 

 

කොන්ක්‍රීට් මිශ්‍රණයක ඇති ජල ප්‍රමාණය වැඩි වුවහොත් කුමක් සිදුවේද?

“කොන්ක්‍රීට් මිශ්‍රණයක ඇති ජල ප්‍රමාණය වැඩි වුවහොත් කොන්ක්‍රීටයේ ශක්තිමත් බව හීන වෙයි”

ඉහත රූපය සලකන්න. ජලය වැඩිවීමෙන් මිශ්‍රණයේ ඒකාකාරි බව නැතිවී යයි. බරින් වැඩි කොටස් පතුලේ තැන්පත් වීම සිදුවේ. බරින් අඩු කොටස් මිශ්‍රණයේ ඉහලට පැමිනේ. බන්ධන ස්වභාවයට හානි වෙයි. මෙය විසංගමනය ලෙස හදුන්වයි.

 

කොන්ක්‍රීට් සදහා භාවිත ද්‍රව්‍ය වල

අනුපාත මැන ගැනීම

ලබා දී ඇති අනුපාතයකට අනුව කොන්ක්‍රීට් සදහා ද්‍රව්‍ය මැන ගැනීම සිදු කරයි.හොද කොන්ක්‍රීටයක් සදහා අමුද්‍රව්‍ය නිවැරදිව මැනිම අවශ්‍ය වේ.

  • පරිමාව අනුව
  • බර අනුව ප්‍රධාන ක්‍රම දෙකකට අනුපාත මැනීම සිදු කරයි.

 

කොන්ක්‍රීට් මිශ්‍රණයක අනුපාත  ක්‍රම තුනක් යටතේ තීරණය කරයි.

  • නාමික මිශ්‍රණය : මිශ්‍රණයේ සංඝටක සරල අනුපාත වලින් ප්‍රකාශ කිරීම මෙහිදී සිදුවේ.
  • සම්මත මිශ්‍රණය :  බර අනුව සම්මත මිශ්‍රණ දැක්වීම මෙලෙස හදුන්වයි.
  • නිර්මිත මිශ්‍රණ  :  ප්‍රතයාබලය ලබා ගැනීම සදහා මිශ්‍ර කල යුතු සංඝටක වල අනුපාතය පරීක්ෂණ මගින් ලබා දීම මෙහිදී සිදු වේ.

 

බර අනුව අනුපාත මැනීම...

 

වර්තමානයේදී කොන්ක්‍රීට් මිශ්‍රණ සාදා ගැනීම සදහා බර අනුව අනුපාත මැනීම බහුලවම භාවිතා වෙයි.සිමෙන්ති හා සමාහාර අවශ්‍ය පරිදි කිරා ගැනීමෙන් පසුව භාවිතයට ගනු ලබයි.රූපයේ දැක්වෙන්නේ බර අනුව අනුපාත මැනීමට භාවිත කරන කොන්ක්‍රීට් අංගනයක පිහිටි උපකරණ කට්ටලයකි.

 

 

පරිමාව අනුව අනුපාත මැනීම...

 

 

පරිමාණ පෙට්ටියක් භාවිතයෙන් ද්‍රව්‍යයන්ගේ පරිමාව මැන ගැනීම මෙහිදී සිදු වෙයි.මෙය නිවැරදි මැනිමේ ක්‍රමයක් නොවේ. විවිධ ද්‍රව්‍යන්ගේ ඝනත්ව වෙනස් වීම මෙයට හේතුවයි.

 

 

කොන්ක්‍රීට් මිශ්‍රණ සදහා වූ ද්‍රව්‍ය වල සම්මත අනුපාත

Ratio of Ingredient   for Concrete

 

වියලි කොන්ක්‍රීට් මිශ්‍රණයක අඩංගු සිමෙන්ති, වැලි, කළු ගල් පරිමා අනුපාත මෙහිදී ප්‍රකාශ කරයි.

 

1:3:6  - M 15  - තනි කොන්ක්‍රීට් මිශ්‍රණයකි. අත්තිවාරම්, ගෙබිම සදහා භාවිත  

                        කරයි.

1:2:4  -M 20  - වැරගැන්වූ කොන්ක්‍රීට් මිශ්‍රණයකි. ලින්ටල, බාල්ක, කුලුනු   

                         සදහා භාවිත කරයි.

1:1.5:3  - M 25 - විශේෂ වැරගැන්වූ කොන්ක්‍රීට් මිශ්‍රණයකි. ජල ගබඩා ටැංකි,

                          අධිභාර දරන කුලුනු සදහා භාවිත කරයි.

1:1:2 -M 30  -    අධිභාර දරන බාල්ක  සදහා භාවිත කරයි.

 

“ඉහත කොටසේ M මගින් නිරූපණය කරන්නේ ශ්‍රේණියයි.”

 

 

කොන්ක්‍රීට් මිශ්‍රණ සදහා අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීම

ද්‍රව්‍ය මැනීම , ම්ශ්‍ර කිරීම, ප්‍රවාහනය, තැන්පත් කිරිම හා පදම් කිරීම නිසිලෙස සිදු කිරීමෙන් කොන්ක්‍රීට් වල ශක්තිය නිවැරදිව ලබා ගත හැකිය.

 

අතින් මිශ්‍ර කිරිම....

පොලොව මත මෙටල් අතුරා ඉන් පසුව සියුම් සමාහාර හා බැදුම්ද්‍රව්‍ය යොදා මිශ්‍ර කරනු ලබයි. ඉන් පසු අවශ්‍ය ලෙස ජලය එකතු කර සවල් භාවිතයෙන් කොන්ක්‍රීට් මිශ්‍රණය සකසා ගනු ලබයි.

 

 

යන්ත්‍රානුසාරයෙන් මිශ්‍ර කිරීම....

 

කිසියම් ආකාරයක යන්ත්‍රයක් භාවිතයෙන් කොන්ක්‍රීට් මිශ්‍රණය සාදා ගැනීම මෙලෙස හදුන්වයි. අද වනවිට බහුලවම භාවිත කරනුයේ මෙම ක්‍රමයයි.

 

 

දෙවන කොටසින් නැවත හමුවෙමු...

එතෙක් සුභ දිනක්...




ලිව්වේ : Janaka
අදාල විෂය : ඉංජිනේරු තාක්ෂණවේදය ලියු දිනය : Wed 08 May 2019
මෙම ලිපිය කියවා ඇති ගණන : 122
"ඉංජිනේරු තාක්ෂණවේදය" විෂයට අදාල අනෙකුත් ලිපි

අනෙකුත් ලිපි
4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්රශ්න පත්ර 04 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )කුණු කසළ කා දමන සත්වයකු වන්නේ? (1) කපුටා ය (2) බළලා ය (3) ...

13-වසර - SFT
තීන්ත නිශ්පාදනය තීන්ත කියන්නේ ලෝකේ නිතරම පාහේ පාවිච්චි වෙන රසායනික ද්රව්යක්. අපි මොන ඉදිකිරීම, මොන උපකරණය නිර්මානය කලත් අන්තිමට අපි තීන්ත ආලේප කරනවා. වෙලදපොලේ එක එක නම් වලින් ...

උසස්පෙළ - ඉංජිනේරු තාක්ෂණවේදය
ඉදිකිරීම් තාක්ෂණවේදය - කොන්ක්රීට් භාවිතය [ CONCRETE ] ( පලමු කොටස ) යකඩ, දැව, ගඩොල් යන ද්රව්ය යම් ආකාරයකට වැදගත් වනවා සේමකොන්ක්රීට්ද ඉදිකිරීම්තාක්ශනයේදී වැදගත් වෙයි. ගොඩනැගිලි ද්රව්යයක් ...

උසස්පෙළ - සිංහල
ප්රත්යාර්ථ නාම(තද්ධිත නාම) ප්රත්යාර්ථ නාම යනු ප්රත්යාර්ථ වලින් අර්ථ ගැන්වෙන නාම වේ. නාම ප්රකෘතියට සහ ක්රියා ප්රකෘතියට පසුව යෙදී අර්ථ ගන්වන කළ එය ප්රත්යාර්ථ නාම වේ. ...

12-වසර - SFT
මිනුම් උපකරණ විද්යාගාරයේදී මිනුම් ලබා ගැනීම සඳහා විවිධ ආකාරයේ මිනුම් උපකරණ භාවිත කරනු ලැබේ. මෙම සෑම උපකරණයක් සඳහාම පරිමාණයක් (scale) අන්තර්ගත වේ. සමහර පරිමාණ සහිත මිනුම් ...

4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්රශ්න පත්ර 04 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )නිතරම තමුන්ගේ ශරීරය පිරිසිදු කර ගන්නා සතෙකු වන්නේ? (1) ලේනා ය (2) බළලා ...

12-වසර - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර පදනම කෙටි ප්රශ්න - දෙවන කොටස 01 . ස්වයංපෝෂිත යුගය පිළිබඳ කෙටි පැහැදිලි කිරිමක් කරන්න. අතීතයේ ජිවත් වු මිනිස්සුන්ගේ අවශ්යතාවන් එතරම් සංකිර්ණ වුයේ නැත. මිනිසාට අවධානය යොමු ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වෙබ් අඩවි නිර්මාණය HTML අප වේබ් අඩවි නිර්මාණයේ දී භාෂාවන් කිහිපයක් බහුලව භාවිතා කරනු ලබයි.ඒවා නම්, HTML CSS PHP HTML- (Hypertext Markup Language) HTML භාවිතයෙන් නිර්මාණකරන විට අපට Tagභාවිතා කිරිමට සිදුවේ.එවිට සෑමtag ...

උසස්පෙළ - ඉංජිනේරු තාක්ෂණවේදය
ඉංජිනේරු තාක්ෂණවේදය civil short note part 02 ගොඩනැගිලි ඉදිකිරීමේදි බලපානු ලබන සම්මත නීතිරීති ශ්රි ලංකාවේ ඉදිකිරීම් කටයුතු සිදු කිරිමෙදි එ සඳහා නීතිරීති වලට යටත්ව සිදුකරනු ලබන සෑම ඉදිකිරිමක්ම ...

12-වසර - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර පදනම (පළමු පාඩම ) 01. ව්යාපාරයක් යනු කුමක්දැයි නිවැරැදිව අර්ථ දක්වන්න. ලාභ හො ලාභ නොවන කිසියම් අරමුණක් ඉටුකරගැනීම සඳහා මිනිස් අවශ්යතා හා වුවමනා ඉටුකරන ඕනෑම ආර්ථික කටයුත්තක් ...