නව මාධ්‍යයයේ ගුණ අගුණ


social mediaසාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගිය නව මාධ්‍ය කලාවක් බිහි වන්නේ 20 වන සියවස මුල් භාගයේදීය. ක්‍රමිකව විකාශනය වෙමින්  ආ නව මාධ්‍ය වර්තමානය වන විට ජනයාගේ අතැඹුලක් වී හමාරය. ලොව කොතැනක ජීවත් වුවත් ඕනෑම තොරතුරක් එසැනින් දැන ගැනීමේ හැකියාව පවතින්නේ නව නිසාය. මානවයා දූපත් මානසිකත්වයෙන් මුදා ලීම නව මාධ්‍ය ඇතිවීමේ ඵලයකි.

විශාල ග්‍රාහක ප්‍රජාවක් වෙත එකවර ළඟා වීමට සමත්, තාක්ෂණිකමය ස්වභාවයක් ගන්නා, අන්තර් ක්‍රියාකාරී සම්බන්ධතා පවත්වා ගැනීමට හැකි නව මාධ්‍ය මාධ්‍යන්හි සමාජීය බලපෑම පිළිබඳ විවිධ කතිකාවන් ගොඩ නැගී ඇත. නව මාධ්‍යෙය් සුබවාදී මෙන්ම අසුබවාදී බලපෑම් මේ අතර වේ. ගෝලීයකරණය ද නව මාධ්‍යයයේ ප්‍රතිඵලයක් බව පැවසෙන අතර ගෝලීයකරණය විසින් ලොව පුරා මිනිසුන් අතර ම්නිසුන් අතර ඇති දුර ප්‍රමාණය හකුළුවනු ලබයි. ලොව ඕනෑම තැනක සිටින අයෙකු හට පණිවිඩයක්දූ දීමට හැකි වන්නේ එබැවිනි. දූපත් මානසිකත්වයෙන් මිදුණු සමාජයකට මඟ පෙන්වන්නේ ද නව මාධ්‍යයි. තොරතුරු ප්‍රජාතන්ත්‍රීකරණය ද නව මාධ්‍යයයේ තවත් වාසිදායක පැත්තකි. නව මාධ්‍යයයේ බලපෑමට දැඩි ලෙස හසුවන ක්ෂේත්‍රයක් ලෙසින් මහජන සම්බන්ධතා ක්ෂේත්‍රය ද හඳුනාගත හැකිය. සාම්ප්‍රදායික ප්‍රවෘත්ති මාධ්‍යයයේ ආවරණය වඩාත් පුළුල් කිරීමක් සිදු කරන්නේ ද නව මාධ්‍යයි.

නව මාධ්‍ය බිහි වීමේ අරමුණ කෙසේ වෙතත් එය හසුරුවන්නාගේ වගකීමේ ස්වභාවය මත නව මාධ්‍යයයේ අයහපත් ඵල විපාක ද ලැබී ඇත. You tube, Twitter, Facebook, skype, Instagram, Snapchat ආදී සමාජ ජාල භාවිත කරන්නන් අනිටු විපාක වලට ගොදුරු වූ සිද්ධි රැසක් ලොව සෑම රටකින්ම දැක ගත හැකිය. නව මාධ්‍ය ඔස්සේ ප්‍රවේශම්කාරීව භාවිත කිරීම වගකීමකි. ජීවිත හානි සිදු කර ගැනීම්, බුද්ධිමය දේපල සොරා ගැනීම්, චරිත ඝාතනයන්, පුද්ගල හො ආයතන වලට අපහාස වීම්, අපයෝජනයන් ආදී විවිධ අනිටු ප්‍රතිඵල රැසකි.

නව මාධ්‍යට ඇබ්බැහි වූවෝ සිටිති. අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත වීඩියෝ ක්‍රීඩා, අසභ්‍ය ප්‍රකාශන(Pornography) ආදිය මෙම ඇබ්බැහිවීම් මේ අතර වේ. ගෝලීය වශයෙන් වැඩිම භාවිතයක් ඇත්තේ අසභ්‍ය ප්‍රකාශන සහිත වෙබ් අඩවිය. යම්තාක් දුරට පවතින සීමා කිරීම් පැවතිය ද අධ්‍යාපනය ලබන දරුවන් අනිටු විපාක වල ගොදුරු බවට පත් වීමේ සම්භාවිතාව වැඩිය. එහෙයින් නව මාධ්‍යයයේ ද අන්තර්ගතය හෝ ක්‍රියාකාරිත්වය පාලනය කිරීම උචිත බවට තර්ක කිරීමට හැකියාව පවතින බවට සක් සුදත් සේ පැහැදිලිය.




ලිව්වේ : Nalinika
අදාල විෂය : ජනමාධ්‍ය ලියු දිනය : Tue 09 Apr 2019
මෙම ලිපිය කියවා ඇති ගණන : 44
"ජනමාධ්‍ය" විෂයට අදාල අනෙකුත් ලිපි

අනෙකුත් ලිපි
12-වසර - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර පදනම (පළමු පාඩම ) 01. ව්යාපාරයක් යනු කුමක්දැයි නිවැරැදිව අර්ථ දක්වන්න. ලාභ හො ලාභ නොවන කිසියම් අරමුණක් ඉටුකරගැනීම සඳහා මිනිස් අවශ්යතා හා වුවමනා ඉටුකරන ඕනෑම ආර්ථික කටයුත්තක් ...

6-වසර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මෙහෙයුම් පද්ධතිය මෙහෙයුම් පද්ධතිය යනු පරිගණක මෘදුකාංගයක් හෙවත් පරිගණක වැඩසටහනකි. මෙමඟින් කෙරෙන කාර්යයන් පහත දැක්වේ. පරිශීලකයා හා පරිගණක දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කිරීම පරිගණකය තුළ ඇති අනෙකුත් ...

උසස්පෙළ - භෞතික විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්ර විද්යාව ( Mechanics ) හතරවන කොටස - අවසන් කොටස තරල යාන්ත්ර විද්යාව ( Fluid Mechanics ) ද්රව සහ වායු යන දෙවර්ගයම පොදුවේ හඳුන්වනු ලබන්නේ ...

උසස්පෙළ - භෞතික විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්ර විද්යාව ( Mechanics ) තුන්වන කොටස කාර්යක්ෂමතාවය ( Efficiency ) ඒකක නැත. මාන නැත. අදිශ රාශියකි. කාර්යක්ෂමතාවය = Wout 100% / Win අයින්ස්ටයින්ගේ ශක්ති ස්කන්ධ සම්බන්ධය ( Einstein's ...

උසස්පෙළ - භෞතික විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්ර විද්යාව ( Mechanics ) දෙවන කොටස බල යුග්මය ( Couple Of Force ) විශාලත්ව සමාන, සමාන්තර, අභිදිශාවෙන් ප්රතිවිරුද්ධ එකම ක්රියා රේඛාවේ නොපිහිටන බල දෙකක් ...

උසස්පෙළ - භෞතික විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්ර විද්යාව ( Mechanics ) පළමු කොටස විස්ථාපනය ( Dislacement ) තෝරාගත් අනුබද්ධ ලක්ෂයක සිට සලකනු ලබන වස්තුවට ඇති සරල රේඛීය දුර එම මොහොතේදී එම ...

උසස්පෙළ - ජනමාධ්‍ය
සාම්ප්රදායිකත්වයෙන් ඔබ්බට ගිය නව මාධ්ය කලාවක් බිහි වන්නේ 20 වන සියවස මුල් භාගයේදීය. ක්රමිකව විකාශනය වෙමින් ආ නව මාධ්ය වර්තමානය වන විට ජනයාගේ අතැඹුලක් වී ...

4-වසර - සිංහල
ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )අෂ්ට පා සතෙකු වන්නේ? (1) ඉස්සා ය (2) මදුරුවා ය (3) මකුළුවා ය (2) ආහාර වමාරා කන සත්වයා වන්නේ? (1)ගවයා ...

උසස්පෙළ - ඉංජිනේරු තාක්ෂණවේදය
ඉංජිනේරු තාක්ෂණවේදය civil short note part 01 (01) SLS ප්රමිති සහතික සිමෙන්ති - sls 107,sls1247,sls515,sls1253 දියගැසු හුණු -sls 682 ගොඩනැගිලි හුණු -sls 552 ගඩොල් -sls 39 බ්ලොක් ගල් -sls 855 වානේ කම්බි ...

4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්රශ්න පත්ර 04 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාකයක් වන්නේ? (1) කෙසෙල් (2) රබුටන් (3) දුරියන් (2) ...