පතල් කවි


 

අතීතයේ අප සමාජය තුල ජිවත් වූ මිනිසා තම එදිනෙදා ජීවිතය ඔවුන්ට ගත කිරීමට අවශ්‍ය මිල මුදල් ආදිය සොයාගැනීම සදහා විවිධාකාරයේ වෘත්තීන් වල නිරත විය. එහි දී ඔවුන් පිරිසක් වශයෙන් එකට එකතු වී පතල් හැරීම තුලින් මිනිරන්, මැණික් ආදිය ගොඩ ගැනීම තුලින් ඒවා විකුණා එයින් ලැබෙන මුදල විය පැහැදම් කර තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පුරුදු විය. එම කාර්යයයේ නිරත වීමේ දී ඔවුන්ට විවිධ දුක් කරදර වලට මුහුණ දීමට ද සිදු විය. එම කරදර තම ජිවිතයේ ම කොටසක් කරගත් ඔවුන් එම කරදර උපයෝගී කොට ගනිමින් කවි නිර්මාණයට ඉබේ ම හුරු පුරුදු විය. එහි දී ඔවුන්  

    1. පතල් හැරීමේ දී

    2. දෝනාවේ ගමන් කිරීමේ දී

    3. මිනිරන් ගැනීමේ දී

    4. ආහාර අනුභව කිරීමේ දී

    5. මැණික් ගැරීමේ දී

    6. දබරය කරකැවීමේ දී

මේ ආකාරයේ දී ඔවුන්ගේ වැඩ කිරීමේ දී තම වෙහෙස මහන්සිය ද නිවා ගැනීම සදහා ඔවුන් මෙම කවි ගායනය තුලින් බලාපොරොත්තු විය. මේ ආකාරයේ කටයුතු වල දී ඔවුන් පහත ආකාරයේ කවි ගයනා කරන ලදී.   

1. කරව නැල්ල ස්ටේෂම ටිකට්                    දෙන

    රුවන් වැල්ල කන්තෝරුව ලියුම්               දෙන

    කොටියා කුඹුර කඩමණ්ඩිය බඩු               කිරන

    මහ බෝගල පතලයි අපි වැඩ                  කරන

2. ආවා තමා පතලේ වැඩ                   කරන්ට

    බැරුවා තමා ඉනිමං වල බැස              යන්ට

    මැරුවා වගේ ලග ඉදගෙන කියන         කොට

    බැරුවා දෙවියනේ කළුගල්              බිදින්නට

3. දබර කරනවා අත් දෙක              වෙව්ලනවා

    නිතර ඇවිත් ලෝඩර දත් මිටි             කනවා   

    වතුර ඇදලා අත් වල කරගැට              එනවා

    මිතුර පතල් වැඩ ගැන මගේ බඩ          දනවා

4. දුම්බර කන්ද පාමුල මිනිරන්          පතලේ

   බැසලා බඹ තිහක් කළුගල් සිදුරු       කලේ

   බස්නාහිරට දෝනා දෙක ගමන්        කලේ

   විස්තර කියමි දුම්බර මිනිරන්          පතලේ

5. ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක්             යට

    කන්නෙත් කරවලයි රට හාලේ               බතට

    බොන්නෙත් බොර දියයි පූරුවේ කළ         පවට

    යන්නේ කවදාද මව්පියෝ  බලන්              නට

6. කළු වන් කළු රුවයි මන්ගෝ දිලිසෙන      වා

    මිනිරන් තෝරන්න දින ගණනින් යන       වා

    මිනිරන් තේරුවොත් ලඳ නුබ කළු වෙන    වා

    ලගනම් ගෙදර මුර ඇරුනම මම එන        වා

7. දඩි බිඩි ගගා කරනා වැඩ රට            වටියේ

     රට වෙඩි දමා කඩනා කළු ගල්         කැටියේ

     මඩ යට තිබෙනා මිනිරන් ගන්නා       සැටියේ

     උඩ වැඩ කරනා අයට දෙන්නේ අඩු     පඩියේ

8. මිනිරන් පතල හරියට අපේ ගෙදර         වගේ

    කෝකි අයියා හරියට මෑණියෝ            වගේ

    ලියන අප්පු පවුලට ලොකු අයියා          වගේ

    ලෝඩර ගොල්ල හරියට යම පල්ලා       වගේ

9. සතර වරම් දෙවියෝ මගේ දුක        බැලුවා

    මිනිරන් පතල ඇතුළත මම වැඩ     කෙරුවා

    දවස් ගණන් නොකා නොබී දිවි       ගෙව්වා

    මිතුර ඔබත් මම සමග ම කල්         ගෙව්වා   

10. මහ බෝ ගලට ඇවිදින                 දුකා

      ගැට්ට නැති මුට්ටියේ උයා             කකා

      පනත් විස්ස ණය වෙනකොට සිතට    දුකා

      සතර වරම් දේවි පිහිටෙන් නොවන    දුකා

මේ ආකාරයට පතල් තුළ තම ජිවන අරගලය සිදු කිරීමේ දී ඔවුන් මේ ආකාරයේ කවි ගයනා කළහ. මෙම කවි පාසල් වයසෙහි පසුවන ඔබ දැන උගෙන සිටීම ඔබේ ඉදිරි අධ්‍යාපනයට මෙන් ම සමාජීය තොරතුරු පිළිබද හදුනා ගැනීමට ඉතා වැදගත් වනු ඇත.
              

 

 

                 



8158

ලිපිය කියවා ඇති ගණන
8158

ලිපිය බෙදාගන්න
ලිව්වේ : kelum
සාමාන්‍ය ලිපි ලියු දිනය : Wed 30 Nov 2016
මෙම ලිපිය කියවා ඇති ගණන : 8158
අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...