මුද්දරයේ ඉතිහාසය


 

මුද්දර පිළිබද කරුණු එක්රැස් කිරීමේ දී එහි ඇති සුවිශේෂීත්වය වන්නේ බොහෝ දෙනා මුද්දර එකතු කිරීම බාල මහලු භේදයකින් තොර ව දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම දෙනා ම ප්‍රිය කරනු ලබන විනෝදාංශයකි. මුද්දරය හා තැපැල් සේවාව අතර ඉතා සමීප සබදතාවයක් ඇත. 15 වන සියවසේ දී යුරෝපයේ රටවල් කිහිපයක තැපැල් සේවාව ආරම්භ වූ බවට ශාක්ෂි තිබේ. එහෙත් ඒ පණිවුඩ හුවමාරු කර ගැනීම්, රජ පවුල්වල අයට පමණක් සිමා වූ බව පෙනේ. ක්‍රි. ව 1642 දී එංගලන්තයයේ එඩ්වඩ් රජතුමාගේ කාලයේ දී රජතුමාට කිසියම් ගාස්තුවක් ගෙවා පණිවුඩ යැවීමට රටවැසියන්ට හැකි විය. මෙසේ පොදු ජනයාට ද පණිවුඩ හුවමාරු කර ගැනීමේ අවස්ථාවක් උදාවීම වැදගත් පියවරකි. මුල් කාලයේ දී ලිපියක් ලබන තැනැත්තා ගාස්තු ගෙවිය යුතු විය. ලිපිය ලබන්නා ගාස්තුව ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් වැය වූ මුදල අය කර ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නැගුණේ ය.
                  

ලිපියක් යවන විට ම මුද්දරයක් ඇලවීමෙන් ගාස්තු අය කර ගත හැකි බව බිතාන්‍ය ජාතික “රෝලන්ඩ් හිල්” මහතා පෙන්වා දුන්නේ ය. එම නිසා බර්මිංහැම් නගරයේ විසූ රෝලන්ඩ් හිල් මහතා මුද්දරයේ නිර්මාතෘ ලෙස සලකනු ලබයි. 1846 මැයි 6 වන දා එංගලන්තයයේ දී ලෝකයේ ප්‍රථම මුද්දරය බිහිවිණි. එය “පෙනී බ්ලැක්” නමින් හැදින්විණි. වික්ටෝරියා රැජිනගේ උඩුකයේ රූපය සහිත එම මුද්දරයේ වටිනාකම පැන්ස 1 කි. පෙනී බ්ලැක් මුද්දරයේ නිකුත් කල රට සදහන් නොවේ. මුද්දරවල රට සදහන් නොකිරීමේ සම්ප්‍රදාය තවමත් එංගලන්තයේ පවතී. රටේ නම සදහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තයයි.බ්තාන්‍යයේ යටත් විජිතයක් ව පැවති ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය නිකුත් වූයේ 1857 අප්‍රේල් 1 වන දා ය. වික්ටෝරියා රැජිනගේ උඩුකයේ රූපය දැක්වෙන එම මුද්දරයේ වටිනාකම පැන්ස 6 කි. 1857 සිට 1872 දක්වා වූ වකවානුවේ දී ලංකාවේ භාවිත වූයේ පැන්ස, සිලිං වටිනාකම් වලින් යුත් මුද්දර ය. මුද්දර ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. එනම්

                        1. තැපැල් මුද්දර

                        2. අදායම් මුද්දර

දැනට අප රටෙහි රුපියල් 5 සිට රුපියල් 200 දක්වා වූ සියලු ම මුද්දර තැපැල් සහ අදායම් ගාස්තු වශයෙන් ගෙවිය හැකි ය. රු. 500 සහ රු.1000 අදායම් මුද්දර ය. තැපැල් මුද්දර නැවත කාණ්ඩ දෙකකට බෙදයි. එනම්

                        1. කාණ්ඩයේ මුද්දර

                        2. සමරු මුද්දර

කිසියම් විශේෂ සිදුවීමක් රටෙහි වැදගත් දෑ, දේශයට හෝ භාෂා සාහිත්‍යයට උදාර සේවාවක් ඉටු කළ පුද්ගලයන් සිහි කිරීමට සමරු මුද්දර නිකුත් කෙරෙයි. ලංකාවේ ප්‍රථම සමරු මුද්දරය නිකුත්වුයේ 1935 දී ය. ඉන් පසු 1949 පෙබරවාරි මස 04 වන දා නිදහස ලැබීම නිමිති කොටගෙන නිකුත් වූ මුද්දරයෙහි ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායක මහතාගේ රූපයක් ද සිලෝන් වෙනුවට ශ්‍රී ලංකා යන වචනය ද පාවිච්චි විණි. පළමු වරට මුද්දරයක් නිකුත් කරන විට මුල් දින කවරය යනුවෙන් හැදින්වෙන කවරයක් අලෙවි කරනු ලබයි.
            

ඒ සමග එම මුද්දරය පිළිබද තොරතුරු රැසක් සදහන් වන “මුද්දර නිවේදන” නම් වූ පත්‍රිකාවක් ද නොමිලේ සපයනු ලබයි. 1999 නොවැම්බර් 11 වන දින විශිෂ්ඨ පෞරුෂ නම් ශීර්ෂය යටතේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ උඩුකය රැගත් මුද්දරයක් නිකුත් විය. මුද්දර නිවේදනයෙහි 1914 ජූනි 10 වන දා එතුමා උපත ලැබූ බව, අධ්‍යාපනය ලැබූ පාසල් සහ විශ්ව විද්‍යාල, ලියූ පොත් පත් සහ සිංහල සාහිත්‍යයට එතුමාගෙන් සිදු වූ සේවය ආදියට ගරු කිරීමක් වශයෙන් එතුමාගේ මුද්දරයක් නිකුත්විය. මේ ආකාරයේ කරුණු අධ්‍යයන කිරීමේ දී මුද්දර පිළිබද තොරතුරු රාශියක් හදුනාගත හැකි ය.
                                              



6403 12

ලිපිය කියවා ඇති ගණන
6403

ලිපිය බෙදාගන්න
ලිව්වේ : kelum
සාමාන්‍ය ලිපි ලියු දිනය : Thu 27 Oct 2016
මෙම ලිපිය කියවා ඇති ගණන : 6403
අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...