ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 10


ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 10

ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න

  • )ආහාරයට ගනු ලබන මල් වර්ගයක් නොවන්නේ?

     (1) වැටකොළු ය      (2) කතුරුමුරුංගාය     (3) කෙහෙල්මුව ය

 (2)පිරිමි මදුරුවාගේ ආහාරයක් වන්නේ?

       (1)ශාක පත්‍ර යුෂය     (2)රුධිරය       (3) මල් පැණිය

 (3)”ගිරෙන් ගිරට පැන .............” කවිය අයත් වන්නම වන්නේ?

             (1) තුරගා වන්නම      (2)ගජගා වන්නම  (3)හනුමා වන්නම 

(4) අපේ ජාතික උත්සවයක් නොවන්නේ?

    (1)මැයි දිනය        (2) කධීන පුජෝත්සවය     (3)ජාතික වීර දිනය                                 

(5) කැළණි ගඟ පටන් ගන්නේ කුමන කදු වැටියෙන්ද?

    (1)සමනල කදු මුදුනෙන්      (2)පිදුරුතලාගල කදු මුදුනෙන්        

                                      (3) නමුණුකුල කදු මුදුනෙන්     

 (6) එකම ස්ථානයකින් ආරම්භ වී එකම පළාතකින් මුහුදට වැටෙන ගංගා යුගලය වන්නේ?

     (1) කළු -වලවේ        (2) මහවැලි -කළු      (3) කළු-කැලණි  

(7) “ඇහැල මලින් ගස් පිරිලා” යන ගීතය ඇතුලත් නාට්‍ය රචනා කරන ලද්දේ?

     (1)දයානන්ද ගුණවර්ධන මහතා (2) කුමාරතුංග මුනිදාස මහතා

                                 (3) ජයලත් මනෝරත්න මහතා 

                  

                                   

(8) “කියවන නුවණ “ නම් ග්‍රන්ථයේ කතුවරයා වන්නේ?

     (1) මාර්ටින් වික්‍රමසිංහ මහතා    (2) කුමාරතුංග මුනිදාස මහතා                            (3) සෝමවීර සේනානායක මහතා

 

(9) සුළග මගින් පැතිර බෝ වන ශාකයක් වන්නේ?

    (1) තුත්තිරිය         (2) වරා  ය         (3) රබර් ය 

(10)පේරාදෙණිය මල්වත්ත පිහිටා ඇත්තේ?

    (1) මධ්‍යම පළාතය    (2)දකුණු පළාත   (3)බස්නාහිර පළාත                                            

 

(11)විල්බැරෝවක ඇති රෝද ගනන වන්නේ?

        (1) 2 කි                  (2) 1 කි         (3)3 කි

(12) ශ්‍රී  ලංකාවේ දැකිය හැකි භූ විෂමතා ලක්ෂනයක් නොවන්නේ?

      (1) වගුරු බිමය            (2)තැනිතලා ය       (3)කාන්තාර ය

 

(13) ශ්‍රී ලංකාවේ උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රියක් වන්නේ?

      (1) උඩරට මැණිකේ ය     (2)රුහුණු කුමාරි ය    (3) යාල් දේවිය 

(14)ගවයාට වැලදෙන රෝගයක් නොවන්නේ?

      (1)කුරුළු උණය      (2)කිනිතුළු උණය       (3) අඩප්පරය ය

 

(15)ධිවර කර්මාන්තයේදී දැලට හසුවන මසුන් එකතු වන මුල්ල හදුන්වන්නේ?

       (1)වාරකන් ය        ( 2) හම්බාව ය            (3)මඩිය ය

(16) ගෙවත්තක වැවෙන වල් පැළෑටියකි,

       (1) ) තුත්තිරි          (2) ඉරිවේරිය              (3)කෝමාරිකා

 

(17) පදුරු ශාකයට   උදාහරණයකකි,

        (1) සේර                   (2) කරපිංචා                     (3)පොල්පලා

 

(18) ඉරබට තරුව , පහන් තරුව , වීනස් යන  නම්වලින් හදුන්වන්නේ?

      (1) සෙනසුරු ය       (2) බ්‍රහස්පති ය         (3) සිකුරු ය 

(19) හින්දු බැතිමතුන් සමරන උත්සවයකි,?

       (1) දීපවාලි උත්සවය         (2) රාමසාන් උත්සවය  (3) මහ සිකුරාදා ය 

(20) අහසේ  දක්නට ලැබෙන විස්මිත දෙයක් නොවන්නේ?

        (1) වල්ගා තරුය        (2)උල්කාපාත ය   (3) හිම කදු ය  

(21) මුස්ලිම් ජනතාවට අවේණික වූ ආහාර වර්ගයක් වන්නේ?

      (1) තොසේය        (2)බත් ය       (3)බුරියානි ය

 

(22) ඇද සිටින ඇදුමකට ගිනි ඇවිලුනු විට ගත යුතු බුද්ධිමත් ම ක්‍රියා මාර්ගය වන්නේ?

   (01) බිම පෙරළීමය     (2 )වතුර ඉස ගැනීමය   (3) ඇද සිටින ඇදුම් ගලවා දැමීමය

 

(23)ගාලු කොටුව තැනුවේ කවුද?

      (1)ඉංග්‍රීසින්             (2)ලන්දේසින්                (3)පෘතුගීසින්

 

(24) ශ්‍රී ලංකාවේ මුල් ම රාජධානිය වන්නේ?

   (1) අනුරාධපුරය ය     (2) පොලොන්නරුව ය   (3)මහනුවර

 

(25) ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංජනයේ දැකිය නොහැකි දෙයකි

     (1) බෝ කොළ        (2) ධර්ම චක්‍රය         (3) ඉර සහ සද

 

(26) තේ පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ?

      (1) බදුල්ල             (2)බණ්ඩාරවෙල         (3) තලවාකැලේ

 

(27) රාජ්‍ය ලාංජනය ප්‍රදර්ශනය වන ආයතනයකි

      (1) උසාවිය       (2)ග්‍රාම නිලධාරී කාර්යාලය   (3)රෝහල

(28) පැරණි සාහිත්‍ය ග්‍රන්ථයක් වන්නේ?

      (1)හත්පණ යි          (2)ගුත්තිල කාව්‍ය යයි  (3) ගම්පෙරලිය 

(29) වසරකට ඇති පාසල් නිවාඩු වාර ගණන,

      (1) 2 කි                    (2) 4 කි                         (3) 3 කි

 

(30) මේ රජවරුන් අතරින් අනුරාධපුරය තම රාජධානිය බවට පත් කර ගත්තේ?

       (1) කාශ්‍යප රජුය    (2) පණ්ඩුකාභය රජුය  (3)ධාතුසේන රජුය

(31)මුස්ලිම් ජාතික කාන්තාවන්ගේ ඇදුම වන්නේ?

       (1) හබායා ය          (2)ඔසරිය       (3) ගවුම

 

(32) මහසෙන් රජු විසින් සැදු වැවක් වන්නේ?

      (1) තිසා වැව         (2)කලා වැව           (3)මාගල්ල වැව

(33) ශ්‍රී ලංකාවේ මුල් ම විදුලි බලාගාරය වන්නේ?

      (1) ලක්ෂපාන           (2) මොරගහකන්ද  (3)වික්ටෝරියා

(34) අප්‍රේල් මාසයට පිපෙන මල් වර්ගයක් වන්නේ?

      (1) මානෙල් ය               (2) එරබදුය     (3) රෝස ය

(35)මහා කවියා ලෙස හැදින් වූ ජාතික වීරයෙකි,

      (1) ඇස් .මහින්ද හිමි     (2) ටි.බි ජයා මහතා    (3) ඩි.බි ජයතිලක මහතා

(36) ගොදුරු ඩහැ ගැනීමට තම ශක්තිමත් පාද යොදා ගන්නා පක්ෂියකි.

       (1) කොකා          (2)උකුස්සා          (3)දියකාවා

(37)දතක් ආරක්ෂා වන්නේ ?

        (1) විදුරු මස නිසාය         (2)එනමලය නිසාය  (3)විදුරු මස නිසාය

 

(38) සිංහල අලුත් අවුරුදු උත්සව වල දක්නට ලැබෙන කණ්ඩායම් ක්‍රීඩාවකි

       (1)අන් ඇදීම       (2) කණා මුට්ටි බිදීම      (3)අලියාට ඇහැ තැබීම        

(39)මලක් ළපට් කාලයේ ආරක්ෂා වී තිබෙන්නේ?

  (1)පෙති මගින්ය          (2)මණි පත්‍ර මගින්ය      (3)නටුවෙන්ය

(40) කැලණි රජ මහා විහාරයේ චිත්‍ර නිර්මාණය කර ඇත්තේ?

       (1)මාර්ටින් වික්‍රමසිංහ මහතා

      (2) සෝලියස් මෙන්ඩිස් මහතා

       (3)පියසේන සිරිසේන මහතා

 

 

 

 

 

පිළිතුරු

 

(1)වැටකොළු ය                 (2) ශාක පත්‍ර යුෂය     

(3) හනුමා වන්නම                        (4) කධීන පුජෝත්සවය

(5) සමනල කදු මුදුනෙන්       (6)කළු-කැලණි

 (7) දයානන්ද ගුණවර්ධන මහතා    (8) කුමාරතුංග මුනිදාස මහතා

(9) වරා  ය                                  (10) මධ්‍යම පළාතය   

(11)   1 කි                                     (12) කාන්තාර ය

(13) යාල් දේවිය                          (14) කුරුළු උණය    

(15)මඩිය ය                                 (16) තුත්තිරි         

(17) සේර                                      (18) සිකුරු ය 

(19) දීපවාලි උත්සවය                  (20) හිම කදු ය  

 (21) බුරියානි ය                             (22) බිම පෙරළීමය

(23) ලන්දේසින්                             (24) අනුරාධපුරය ය

(25)බෝ කොළ                             (26)  තලවාකැලේ

( 27)  උසාවිය                                (28) ගුත්තිල කාව්‍ය යයි

 (29)  3 කි                                      (30) පණ්ඩුකාභය රජුය  

(31)  හබායා ය                            (32) මාගල්ල වැව

(33) ලක්ෂපාන                             (34) එරබදුය             

 (35) ඇස් .මහින්ද හිමි                   (36) උකුස්සා

 (37) එනමලය නිසාය                    (38) අන් ඇදීම          

 (39) මණි පත්‍ර මගින්ය                 (40) සෝලියස් මෙන්ඩිස් මහතා




ලිව්වේ : Anura
අදාල විෂය : සිංහල ලියු දිනය : Wed 29 May 2019
මෙම ලිපිය කියවා ඇති ගණන : 246
"සිංහල" විෂයට අදාල අනෙකුත් ලිපි

අනෙකුත් ලිපි
උසස්පෙළ - ආර්ථික විද්‍යාව
ජාතික ගිණුම් පාඩම අමාරු ද ? ඉන්න මං කියලා දෙන්නම් ඔයාලට සරල ව. හරි,මුලින් ම අපි තේරුම් අරං ඉමුකෝජාතික ගිණුම්කරණය කියන්නේ මොකද්ද කියලා.. ජාතික ගිණුම්කරණය කියන්නේ...සමස්ත ආර්ථිකයේ ව්යුහය, ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
- කතාකරනECON-බැඳුම්කර - "බැඳුම්කර".....මේ වචනෙ නම් අනත්තවත් අහලා ඇති නේද ? ඒත් හරියට ම දන්නේ නෑ නේද බැඳුම්කර කියන්නේ මොනාද , මොකද්ද ඒවයෙන් කරන්නෙ කියලා... හ්ම්ම්..හරි වැඩිකතා ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
12 වසර ,3 වෙනි පාඩම - වෙළඳපොළ ක්රියාකාරීත්වයට රජයේ මැදිහත් වීම - එම පාඩමෙහි එන , මිල ප්රතිපත්ති යටතේ ඇති උපරිම මිල සීමාකරණය පිළිබඳව කෙටියෙන්,පැහැදිලිව හදාරමු ...

4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්රශ්න පත්ර 11 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න )ගොරෝවන ඖෂධය ලබා දෙන්නේ? (1) ගවයා ය (2) ලේනා ය (3) කස්තුරි මුවාය (2)අපිරිසිදු ජලය පානය ...

උසස්පෙළ - දේශපාලන විද්‍යාව
රාජ්යයේ උපත රාජ්යය බිහි වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව ඉදිරිපත් වූ මතවාද රාශියක් දේශපාලන විද්යාව තුල දැකිය හැක. එසේ ම මෙම මතවාද එකිනෙකින් වෙනස් ද ...

13-වසර - SFT
01. පහත සඳහන් පද අර්ථ දක්වන්න, (a) දෛශික රාශි (b) අදීශ රාශි (c) ස්කන්ධය (d) ගම්යතාව 02. නිව්ටන්ගේ පලමු නියමය අර්ථ දක්වන්න. 03. නිව්ටන්ගේ දෙවන නියමය අර්ථ ...

13-වසර - SFT
01. (i) දිලීරයක් ඇඳ ප්රධාන කොටස් 5 ක් නම් කරන්න. (ii) දිලීර වල පෝෂණ ක්රමය සඳහන් කරන්න. (iii) ඒකසෛලීය දිලීරයක් සඳහා උදාහරණයක් දෙන්න. (iv) දිලීර වල වංශ ...

13-වසර - SFT
01. පෘථිවියේ සෑම ස්ථානයකම ක්ෂුද්රජීවීන් හමු වේ. එම ක්ෂුද්රජීවීන්ගෙන් කිහිපදෙනෙකු පහත සඳහන් කොටුව තුළ ලැයිස්තු ගත කර ඇත. එම කොටුව තුළ දී ඇති ක්ෂුද්රජීවීන් ඇසුරින් ...

13-වසර - SFT
ක්ෂුද්රජීව විද්යාව ප්රශ්න අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ තාක්ෂණවේදය සඳහා විද්යාව විෂයේ අන්තර්ගත පාඩමක් වන ක්ෂුද්රජීව විද්යාව කියන පාඩමෙන් විභාගයට පැමිණිය හැකි ප්රශ්ණ පහත දක්වා ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
1. HTML ආශ්රිත පහත දැක්වෙන ප්රකාශ සලකන්න. (2018 A/L -14) A - අතරික්සු කවුළුවක් බහුවිධ කොටස් වලට බෙදීමට HTML රාමු භාවිත කෙරේ. B - ...