සිංහල ගද්‍ය සාහිත්‍යය දම්පියා අටුවා ගැටපදය


සිංහල ගද්‍ය සාහිත්‍යය ඉතිහාසය අනුරාධපුර යුගය තරම් ඈතට විහිද යන්නකි. ඓතිහාසික සිංහල ගද්‍ය සාහිත්‍යය ඉතිහාසය පිළිබඳ ජීවමාන සාක්ෂි සීගිරි කුරුටු ලිපි අතරින් හමු වේ. හය වන සියවසේ සිට දහවන සියවස දක්වා, එනම් සියවස් හතරක පමණ කාලපරාසයකට මෙම සීගිරී කුරුටු ලිපි අයත් බව කියැවේ. සීගිරී කුරුටු ගී පිළිබඳ අප බොහෝ සෙයින් අසා ඇතත්, කුරුටු ලිපි පිළිබඳ අසා ඇත්තේ අල්ප වශයෙනි.සැබැවින් ම මෙම ලේඛන අතර ගද්‍ය පාඨ අල්ප වීම මෙයට හේතුවයි. මෙම ලිපිය තුළ අපගේ අවධානය  යොමුවන්නේ සිංහල ගද්‍ය සාහිත්‍ය ඉතිහාසයේ සුවිශේෂී කෘතියක් වූ දම්පියා අටුවා ගැටපදය පිළිබඳ ව ය.

දම්පියා අටුවා ගැටපදය වනාහී දැනට හමු ව ඇති පැරණිතම සිංහල කෘතියයි. පාලි ධම්මපදට්ඨ කථාවන්ට ලියූ අර්ථ විවරණයක් වූ මෙම කෘතිය අනුරාධපුර යුගයට අයත් ය. "දෙබිස වැජා අබා සලමෙවන්" නම්  රජෙකු විසින් මෙම කෘතිය කරවූ බව කියැවේ. ඉන් අරුත් ගැන්වෙන්නේ දෙවරක් අභිෂේක ලද  අබා සලමෙවන් කසුප් රජු හෙවත් පස්වන කාශ්‍යප රජු පිළිබඳ ව ය.   කොටහේනේ  පඥ්ඥාකිත්ති හිමියන් හා ඩී.බී. ජයතිලක මහතා ( මෙතුමා දම්පියා අටුවා ගැටපදය  සංශෝධනය කොට පළ කර ඇත.)   පෙන්වා දෙන පරිදි මෙම කෘතිය   දහවැනි සියවසට අයත් ය.   මෙම කෘතිය දම්පියා අටුවා ගැටපදය ලෙස  අද අප හැඳින්වුව නමුත් කතුවරයා එහි නම එසේ  දක්වා නොමැත. එම පොතෙහි සඳහන් වන්නේ  මෙය සන්න පොතක් වශයෙනි. පස්වන කාශ්‍යප රජුට සමකාලීන අභිලේඛනයක් බව පුරාවිද්‍යාත්මක සාධක මඟින් තහවුරු වී ඇති   අභයගිරි සෙල්ලිපිය මෙම  කෘතියේ කතෘත්වය තහවුරු කරවන්නකි. යට කී ශිලා ලිපියෙහි අක්ෂර වින්‍යාසය හා භාෂා භාවිතය, අපගේ අවධානයට ලක්වන 'දම්පියා අටුවා ගැටපදයේ' භාෂා ව්‍යවහාරයට බෙහෙවින් සමානකම් දක්වයි. මහාවංසය තුළ ද පස්වන කසුප් රජු බහුශැතයෙකු බව දක්වා තිබීමෙන් මෙම කෘතිය එතුමාගේ ම නිර්මාණයක් බව තහවුරු වේ.

කෘතියේ  මුඛ්‍ය අරමුණ ධම්මපදට්ඨ කතාවේ අර්ථ විග්‍රහ කිරීම නමුත්, සාහිත්‍යයමය හා භාෂාමය ප්‍රවේශයකින් මෙම කෘතිය විවරණයට බඳුන් කළහොත් එහි වටිනාකම මුඛ්‍ය අරමුණ ඉක්මවා යන්නේ ය. සිංහල භාෂාවේ විකාශනය හා සමකාලීන භාෂා සැකැස්ම පිළිබඳ සුඛාවබෝධය කරගනු පිණිස දම්පියා අටුවා ගැටපදය ඉවහල් වනු ඇත. එනයින් බලන කල, දම්පියා අටුවා ගැටපදය ඓතිහාසික අධ්‍යයනයන්ට ඉඩහසර සලසන්නක් බව කිවතොත් එහි ද වරදක් නැත. පාලි හා සංස්කෘත භාෂාවලින් ගත් තත්සම පද කෘතිය තුළ භාවිතා වුව ද, පශ්චාත් කාලීන ගද්‍ය කෘතිවලට සාපේක්ෂ ව මෙහි සංස්කෘත තත්සම පද භාවිතය අවම බව පැවසිය හැක. කතා විලාසයෙන් හෝ අන් රසවින්දනාත්මක ස්වරූපයෙන් ලියවී නොමැති හෙයින් මෙය එකදිගට කියවා රසවිඳිය හැක්කක් නොවේ. එහෙත්  සිංහල භාෂාවේ  පරිණාමය  පිළිබඳ සොයා යන්නෙකුට දම්පියා අටුවා ගැටපදයෙන් ලැබෙන අනුබලය නම් සුළුපටු වූවක් නොවේ. කෘතියේ අන්තර්ගතය විමසා බැලීමේදී පෙනී යන්නේ, අර්ථ විවරණය පිණිස කර්තෘවරයා එක ම ක්‍රමවේදයක් භාවිත නොකළ බවයි. ඇතැම් පද දීර්ඝ පරිද්දෙන් ද, ඇතැම් පද සංක්ෂිප්ත වශයෙන්  ද විග්‍රහ කර ඇත. ඇතැම් තැනෙක පාලි වචනවලට සිංහල අරුත් සපයා ඇති අතර, තවත් තැනක පාලි වචනවලට පාලියෙන් ම අරුත් සපයා ඇත. ඇතැම් තැනෙක පාලි හා සිංහල යන භාෂා ද්විත්ව ම යොදා ගෙන මිශ්‍ර භාෂාවකින් අරුත් සපයා ඇත. වර්තමාන ව්‍යවහාරයේ එන 'ද' කාරය වෙනුවට 'ජ' කාරය භාවිත කර ඇති අතර, 'ච' කාරය වෙනුවට  ද 'ජ' කාරය භාවිතා කොට ඇත. 

ග්‍රන්ථකරණය සඳහා භාවිත කළ බහුවිධ අර්ථ දැක්වීම් ක්‍රමවේදය, ග්‍රන්ථකරුගේ  භාෂා ඤාණය සමඟ සමමිශ්‍ර වීමෙන් දම්පියා අටුවා ගැටපදයේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු වන්නේ ය. 




ලිව්වේ : Duminda
අදාල විෂය : සිංහල හා සාහිත්‍යය ලියු දිනය : Sat 30 Nov 2019
මෙම ලිපිය කියවා ඇති ගණන : 41
"සිංහල හා සාහිත්‍යය" විෂයට අදාල අනෙකුත් ලිපි

අනෙකුත් ලිපි
13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙහි පළමු කොටස මෙතනින්කියවන්න. බ්රෙට්න්වුඞ්ස් සිටර්ස් නමින් හදුන්වන ජාත්යන්තර සංවිධාන දෙක මොනවා ද? යුරෝ මුදල් භාවිතා ...

13-වසර - ආර්ථික විද්‍යාව
1.ආර්ථිකවිද්යාව යනු සමාජය විසින් ඵලදායි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සදහා සම්පත් භාවිතා කරනු ලබන්නේ කෙසේ ද එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ ...

උසස්පෙළ - ජනමාධ්‍ය
සන්නිවේදනයේ ස්වරූපය වඩා ක්රමානුකූලව හඳුනාගැනීමට සන්නිවේදන ආකෘති ඉවහල් වේ.මෙකී ආකෘති මගින් යම් කරුණක් පරීක්ෂා කර බලා ඒ පිළිබඳව සමාජයට පිළිගත හැකි අදහස්,කරුණු,මත ආදිය ඉදිරිපත් කිරීමට ...

සාමාන්‍යපෙළ - සිංහල හා සාහිත්‍යය
සාමාන්ය පෙළ සිංහල භාෂාව හා සාහිත්යය විෂයට නියමිත, සිංහල සාහිත්යය සංග්රහයේ එන "දෑතේ කරගැට සිඹසනසන්නට" නම් නිර්මාණය බිහි කළ සුප්රකට කලාකරුවා අන් කවරෙකුත් නොව මහගම ...

සාමාන්‍යපෙළ - සිංහල හා සාහිත්‍යය
සිංහල ගද්ය සාහිත්යය ඉතිහාසය අනුරාධපුර යුගය තරම් ඈතට විහිද යන්නකි. ඓතිහාසික සිංහල ගද්ය සාහිත්යය ඉතිහාසය පිළිබඳ ජීවමාන සාක්ෂි සීගිරි කුරුටු ලිපි අතරින් හමු වේ. හය ...

සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
වන්නම් දහ අට රාග තමයි පවසන්නේ - කවි සිංද කියන්නේ තොන්නන් තරිකිට වන්නන් දහ අට දන්නේ - මේ සැටි පවසන්නේ පලමුව ගාහක වන්නමටයි පවසන්නේ - පිළිවෙළ අහපන්නේ දෙවනුව ...

12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යවසායකත්වයේ ප්රවණතා  ගෝලීය ව්යවසායකත්වය සමාජයීය ව්යවසායකත්වය හරිත ව්යවසායකත්වය අභ්යන්තර ව්යවසායකත්වය ගෝලීය ව්යවසායකත්වය ගෝලීය වශයෙන් වෙළෙඳාමේ යෙදීමයි. එනම්, ලෝකයේ කුමන ස්ථානයක සිටිය ද, තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ වෙනත් ඕනෑ ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...