වෙනත් - බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාව - බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාව - ප්‍රශ්න පත්‍ර අංක 02
කේත අංකය : 20


Saumya Abeysinghe විසින් 2016-04-03 දින බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාව විෂයට අදාලව ලියන ලදි


පිළිතුරු සපයන්න ඇතුළත් වන්න
ඔබ මෙම වෙබ් අඩවියට ඇතුළත් විය යුතුයි.

බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාව - ප්‍රශ්න පත්‍ර අංක 02


ප්‍රශ්න ගණන : 40 යි. | එක් ප්‍රශ්නයකට ඇති පිළිතුරු ගණන: 4 යි. | සමත් වීමට අවශය ළකුණු ගණන : 70 | ප්‍රශ්න පත්‍රයෙන් ලබා ගත හැකි සම්පූර්ණ ලකුණු ගණන : 80

ශ්‍රී ලංකා පරිපාලන ශ්‍රේණි (SLAS) , බැංකු , මහ බැංකු , පෞද්ගලික බැංකු , නීති ප්‍රවේශය (LOW ENTRANCE) , ගුරු විද්‍යාල ප්‍රවේගය , ග්‍රාම නිළධාරි , සංවර්ධන නිළධාරී , රේගු නිළධාරි ප්‍රවේශය , කළමනාකරණ සහකාර , ලිපිකරු , අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය ආදී සියලු විභාගයන්හි බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාව ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමේ නිපුණතාව මෙන්ම ගැටලු විසඳීමේ කෙටිමං දැනගත හැකිවේ.

 






ප්‍රශ්න අංක 01

බස් රථයක සිටින පිරිමි මගීන් සංඛ්‍යාව එහි සිටින ගැහැනු මගීන් සංඛ්‍යාවට වඩා 10 ක් වැඩිය. ගැහැනු 5 ක් බැස ගියහොත් ගැහැනු සංඛ්‍යාව පිරිමි සංඛ්‍යාවෙන් 1/2 ක් වේ. එවිට බස් රථයේ මුළු මගීන් සංඛ්‍යාව කොපමණද

ප්‍රශ්න අංක 02

8471, 7472, 6473, .............

ප්‍රශ්න අංක 03

නිමාෂි ගැහැනු ළමයෙකි. ඇයගේ අයියාට සහෝදරයන් දෙදෙනෙක් ද සහෝදරියන් තුන් දෙනෙක් ද සිටීයි. නිමාෂාට සිටින සහෝදරියන් ගණන හා පවුලේ ළමුන් සංඛ්‍යාව කීයද

ප්‍රශ්න අංක 04

පොල් වගා කරන ලද ඉඩමක වළවල් 2 ක් අතර පරතරය මීටර 2 1/2 කි. ඒ අනුව පොල් සස් 5 ක් අතර ඇති පරතරයන්හි මුළු දිග කොපමණ ද

ප්‍රශ්න අංක 05

දොඩම් ගොඩක් ත්‍රිකෝණාකාරී ලෙස තට්ටු 4 කට ගොඩගසා ඇත. උඩම තට්ටුවේ එක දොඩම් ගෙඩියක් ඇත. මෙහි තිබෙන මුළු දොඩම් සංඛ්‍යාව කීයද

ප්‍රශ්න අංක 06

ගොවිපළක එළුවන් හා කුකුළන් 13 දෙනෙකු සිටියි. එම සතුන්ගේ පාදවල එකතුව 42 කි. එම ගොවිපළේ සිටින එළුවන් ගණන කීයද

ප්‍රශ්න අංක 07

2, 5, 10, 17, ..........

ප්‍රශ්න අංක 08

15 12 09
40 25 10
33 13 ..

 

ප්‍රශ්න අංක 09

මාලා තමන් ළඟ තිබූ මුදලෙන් 1/4 ක් පොත් මිලදී ගැනීමට වැය කළාය. ඉතිරිය සමාන කොටස් 3 කට බෙදන ලදි. එක් කොටසක් ඇදුම් මිලදීගැනීමට වැය විය. ඉතිරි මුදල රු 1000.00 ක් නම්, ඇය ඇදුම් වලට වැය කළ මුදල කීයද

ප්‍රශ්න අංක 10

අන්නාසි ගෙඩි 1 ක් හා අඹ ගෙඩි 2 ක මිල රු 100.00 කි. අන්නාසි ගෙඩි 2 ක් හා අඹ ගෙඩි 3 ක මිල සොයන්න

ප්‍රශ්න අංක 11

පන්තියක යාලුවෝ 7 දෙනෙක් ඔවුන්ගේ උපන්දින වලදී එකිනෙකාට සුබ පැතුම්පත් යවති. එක් අවුරුද්දක් තුළ දී හුවමාරු වන සුබ පැතුම්පත් සංඛ්‍යාව කොපමණද

ප්‍රශ්න අංක 12

නිමල් ඔහුගේ සහෝදරිය මෙන් පස් ගුණයක් වයසය. ඔහුගේ දැන් වයස අවුරුරු 15 කි. ඔහු සහෝදරිය මෙන් තුන් ගුණයක් වයස වන්නේ තව කොපමණ අවුරුදු ගණනකින්ද

ප්‍රශ්න අංක 13

19 වන සියවසෙහි 6 වන දශකයට අයත් වර්ෂයක උදාහරණයක් වන්නේ

ප්‍රශ්න අංක 14

මිලි ලීටර 1000 බීම බෝතලයකින් වැඩිහිටියන් 6 දෙනෙකුට හෝ ළමයින් 8 දෙනෙකුට සංග්‍රහ කළ හැකි නම් , වැඩිහිටියන් 39 කට හා ළමයින් 20 දෙනෙකුට අවශ්‍ය බීම බෝතල් ප්‍රමාණය කොපමණද

ප්‍රශ්න අංක 15

ඔරලෝසුව සෑම පැයකට වරක්ම මිනිත්තු 5 ක් අඩුවෙන් යයි. අද දහවල් 12.00 ට වේලාව නිවැරැදි කරන ලදී. එසේනම් හෙට දහවල් 11.00 ට ඔරලෝසුවේ වේලාව කීයද

ප්‍රශ්න අංක 16

එක්තරා දුර ගමන් සේවා බස් රථයක් පෙ.ව 6.00 ට පිටත්ව පැය 5 කට පසු නැවත මුල් ස්ථානයට පැමිණේ. පැයක විවේකයකින් පසු නැවත ගමන් අරඹන මෙම බස් රථය පෙ.ව 6.00 සිට රාත්‍රී 11.00 දක්වා වාර කීයක් ගමන් කරයිද

ප්‍රශ්න අංක 17

ගොඩනැගිල්ලක් පියවර 3 කින් ඉදිකිරීමට යෝජිතය. පළමු පියවර ඉදිකිරීමට ගත වූ කාලයෙන් 1/3 ක් දෙවන පියවරට ද එයින් 1/2 ක් තෙවන පියවරට ද ගතවේ. පළමු පියවර 2002 වසරේ ආරම්භ කර 2008 වසරේ අවසන් කර එම වසරේම දෙවන පියවර ආරම්භ කළේ නම්, එම ගොඩනැගිල්ලේ වැඩ සම්පූර්ණයෙන් ම නිම වන්නේ කුමන වසරේ ද

ප්‍රශ්න අංක 18

ළමුන් දෙදෙනෙක් එක් ස්ථානයකින් එකම වෙලාවක ගමන් අරඹා ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරති. මුලින් ම මීටර 10 බැගින් ගොස් තම වම් අත පැත්ත්ට හැරී තවත් මීටර 10 ක් ගමන් කළහ. දැන් ඔවුන් දෙදෙනා සිටින්නේ පටන් ගත් ස්ථානයේ සිට කොපමණ දුරකින්ද 

ප්‍රශ්න අංක 19

රූපයේ දැක්වෙන ඝනකය වටා තීන්ත ගා රේඛා දිගේ කපා වෙන් කර ගතහොත් පැති දෙකක පමණක් තීන්ත ගෑවුණ කැට ගණන කොපමණ ද

ප්‍රශ්න අංක 20

ප්‍රභාශි ගණිතයට හා සිංහල යන විෂයන් වලට දක්ෂය. චලනි විද්‍යාව හා සිංහල වලට දක්ෂය. නයනි සිංහල හා ඉංග්‍රීසි වලට දක්ෂය. තිදෙනාම දක්ෂ කුමන විෂයටද

ප්‍රශ්න අංක 21

ත්‍රිකෝණාකාර ඉඩමක් වටා කම්බි කණු සිටුවා ඇත්තේ එක් පැත්ත්ක සිට බැලූවිට කණු 4 ක් පෙනෙන පරිදිය. සිටුවා ඇති මුලු කම්බි කණු ගණන කීයද

ප්‍රශ්න අංක 22

මමත් මගේ යහළුවන් 5 දෙනෙකුත් එකිනෙකාට වෙසක් කාඩ්පත් හුවමාරු කර ගතිමු. අපට හුවමාරු කර ගැනීමට අවශ්‍ය මුළු වෙසක් කාඩ්පත් ගණන කීයද

ප්‍රශ්න අංක 23

වර්ෂ 2011 ජනවාරි පළමුවැනිදා සෙනසුරාදාවකි. 2012 ජනවාරි පළමුවැනිදා ඉරිදාවකි. 2013 ජනවාරි පළමුවැනිදාකවර දිනයක්ද

ප්‍රශ්න අංක 24

ක්‍රීඩා පිටියක ඉදිරිපස මීටර 5 න් 5 ට කොඩි කණු 11 ක් සිටුවා තිබුණි. මෙහි ප්‍රථම කොඩි කණුවේ සිට අවසාන කොඩි කණුවට දුර කොපමණද 

ප්‍රශ්න අංක 25

පමෝදා ප.ව 5.00 ට පමණ නිවසට එන විට ඇයගේ සෙවනැල්ල ඇගේ වම් අත පැත්ත්ට වැටී තිබුණි. ඒ අනුව ඇය ගමන් කළේ කුමන දිශාවට මුහුණලාද

ප්‍රශ්න අංක 26

සමන්ට සෑම ඉරිදා හා බදාදා දවසකම නිවාඩු ලැබේ. ඔහුගේ බිරිඳට දවසක් හැර දවසක් නිවාඩු ලැබේ. අඩ ඉරිදා දිනයකි. දෙදෙනාටම නිවාඩු ලැබී ඇත. ඒ අනුව පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය වන්නේ

ප්‍රශ්න අංක 27

ක්‍රීඩා පිටියක සිටි 10 දෙනෙකු අතරින් 7 ක් කුඩ ඉසලාගෙන සිටියහ. 6 ක් හිස් වැසුම් පැළඳ සිටියහ.  ඔවුන්ගෙන් සෑම අයෙක් ම  එක්කො කුඩයක් ඉසලාගෙන නැතහොත් හිස්වැසුමක් පැළඳ සිටියහ. හිස් වැසුමක් පැළඳ කුඩ ද ඉසලාගෙන සිටි පිරිස කීයද

ප්‍රශ්න අංක 28

ප්‍රදීප් , විජය , රාජා හා කරීම් යන ළමයි හතර දෙනා ඩුර දිවීමේ තරගයකට සහභාගි වූහ. රාජා කරීම්ට වඩා වේගයෙන් දිව ගිය අතර , ඔහු ප්‍රදීප්ට පසුපසින් විය. එහෙත් ප්‍රදීප්ට විජයට වඩා වේගයෙන් දිව නොහැකි විය. එසේ නම් ළමයින් තරගය අවසන් කළ අනුපිළිවෙල වන්නේ

ප්‍රශ්න අංක 29

බසයක සිටින පිරිමි මගීන් සංඛ්‍යාව ගැහැනු මගීන් සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වෙයි. තවත් ගැහැනු 4 දෙනෙකු බසයට නැගුණ හොත් , බසයේ සිටින පිරිමි සංඛ්‍යාව සහ ගැහැනු සංඛ්‍යාව සමාන වේ. එවිට රථයේ සිටින මුළු මගීන් සංඛ්‍යාව කීයද

ප්‍රශ්න අංක 30

එක් මාර්ගයක ඉරට්ටේ ක්‍රමයට අංක යොදා ඇත. හරි මැද පිහිටි නිවසේ අංක 28 සඳහන් වී තිබුණි නම් එම මාර්ගයේ ඇති නිවෙස් ගණන කීයද

ප්‍රශ්න අංක 31

රූපයේ දැක්වෙන ඝනකය වටා තීන්ත ගා රේඛා දිගේ කපා වෙන් කර ගතහොත් එක් පැත්තක් පමණක් තීන්ත ගෑවුණ කැට ගණන කොපමණ ද

ප්‍රශ්න අංක 32

පැත්තක දිග සෙන්ටි මීටර 5 ක් වූ දාදු කැටයක් , සෙන්ටි මීටර 1 ක් වූ දාදු කැට වලට කපා වෙන් කරන ලදි. එයින් කපා ගතහැකි සෙන්ටි මීටර 1 දාදු කැට ගණන කීයද

ප්‍රශ්න අංක 33

1 , 64 , 729 , ..........

ප්‍රශ්න අංක 34

ab, de, gh, jk, ...........

ප්‍රශ්න අංක 35

අඹු සැමි යුව්ලකගේ හා දරුවන් පිරිසකගේ වයස් වල එකතුව 1890.01.01 දින වයසට වඩා 1990.01.01 දින වයස අ 60 කින් වැඩිය. පවුලේ දරුවන් ගණන කීයද

ප්‍රශ්න අංක 36

12 වන වර්ග සංඛ්‍යාව වන්නේ

ප්‍රශ්න අංක 37

10 වන ත්‍රිකෝණ සංඛ්‍යාව වන්නේ

ප්‍රශ්න අංක 38

20 වෙනි ඔත්තේ සංඛ්‍යාව වන්නේ

ප්‍රශ්න අංක 39

මුල් ඔත්තේ සංඛ්‍යා 10 එකතුව වන්නේ

ප්‍රශ්න අංක 40

මුල් ඉරට්ටේ සංඛ්‍යා 5 එකතුව වන්නේ