සාමාන්‍ය දැනුම 01 - සාමාන්‍යපෙළ සාමාන්‍ය දැනුම

සාමාන්‍ය දැනුම 01

  1. ශ්‍රී ලංකාවේ මුල්ම නවකතාව කුමක්ද? මීනා
  2. ලෝකයේ හොදම නවකතාව කුමක්ද? යුද්ධය හා සාමය
  3. වඩාත්ම තද ස්ඵටික පාෂාණ වර්ගය කුමක්ද? දියමන්ති
  4. ලොව සුප්‍රසිද්ධ කාල් මාස්ගේ කෘතිය කුමක්ද? ද දාස් කැපිටාල්
  5. "පන්සලේ පියතුමා" යන විරුදාවලිය ලත් පියතුමා වන්නේ කවුද? මර්සලින් ජයකොඩි පියතුමා
  6. ශ්‍රී ලංකාවේ ඉදි වූ ප්‍රථම වැව කුමක්ද? බසවක්කුලම වැව
  7. "සුනාමි" යන වචනය කුමන භාෂාවකට අයත් එකක්ද? ජපන් භාෂාවට
  8. පොප් සංගීතයේ උපත ඇති වූයේ කුමන රටේද? ඇමරිකා එක්සත් ජනපදය
  9. "මොනාලිසා" චිත්‍රය අදින ලද්දේ කවුරුන්ද? ලියනාඩෝ ඩාවින්සි
  10. ඇමරිකා එල්සත් ජනපදයත් කැනඩ‍ාවත් අතර පිහිටි දිය ඇල්ලේ නම කුමක්ද? නයගරා 
  11. ලෝකයේ හොදම නවකතාව ලියුවේ කවුද?  ලියෝ ටෝල්ස්ටෝයි
  12. ලෝකයේ ලොකුම පොත් සාප්පුව කුමක්ද? පොයිල්
  13. ගම්පෙරලිය ලියුවේ කවුද? මාටින් වික්‍රමසිංහ ශූරීන්
  14. ගංගා රෝහණ වර්ණනාව ලියුවේ කවුද? සමරසේකර දිසානායක
  15. කුමාරතුංග මුනිදාස මහතා ලියූ ළමා පොත් මොනවාද? හත්පණ, මගුල් කෑම, හීන්සැරය
  16. තුංමං හන්දිය කෘතිය රචනා කළේ කවුද? මහගමසේකර මහතා
  17. සමේ ඇති වන අළුහම් වලට හේතු වන ජීව විශේෂයේ නම කුමක්ද? දිලීර
  18. ශ්‍රී ලංකාවේ මුලින්ම නිකුත් කළ තැපැල් පතේ මිල කීයද? ශත 3 යි
  19. ශ්‍රී ලංකාවේ මුල්ම සංදේශ කාව්‍යය කුමක්ද? මයුර සංදේශය
  20. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ කොහෙද? ස්විස්ටලන්තයේ ජිනීවා නුවර
  21. ශ්‍රී ලංකාවේ ප්‍රථම උප කුලපතිවරයා කවුද? විමලා ද සිල්වා - ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  22. මහවැලි ගග මුහුදට වැටෙන්නේ කවර නගරය ආසන්නයෙන්ද? ත්‍රිකුනාමලය නගරය ආසන්නයෙන්
  23. පෙන්ටගනය යනුවෙන් හැදින්වෙන්නේ කුමන ස්ථානයක්ද? ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානය
  24. “ලොව මහ පියස්ස” යනුවෙන් හදුන්වන්නේ කුමක්ද? ෆාමීර් ශිඛරය
  25. රතු ග්‍රහයා යනුවෙන් හදුන්වන්නේ කුමන ග්‍රහයාද? අගහරු ග්‍රහයා
  26. කොහොඹා කංකාරියෙන් පහළ වූ නැටුම් කලාව කුමක්ද? උඩරට නැටුම් කලාව
  27. ලෝකයේ මෙතෙක් වැඩිම පිටපත් ප්‍රමාණයක් අලෙවි වී ඇති ග්‍රන්ථය කුමක්ද? බයිබලය
  28. සීගිරියේ චිත්‍ර සමාන වන්නේ කුම ස්ථානයක පිහිටා අති චිත්‍ර වලටද? ඉන්දියාවේ අජන්තාවේ පිහිටා ඇති චිත්‍ර වලට
  29. ලෝකයේ දිගම අත්තටු ඇති සත්වයා කවුද? ඔනගදෝරි - ජපානය
  30. දොරටුපාලයෙකු සමග විනෝද වීමට ගොස් රජකම අහිමිකර ගත් රජු කවුද? යසලාලක තිස්ස රජු
  31. ලොව ප්‍රථමයෙන් වල්ගා තරුවක ගමන් මග ලොවට හෙලි කළේ කවුරුන් විසින්ද? එඩ්මන්ඩ් හෙලී
  32. ලොව ප්‍රථම වරට නොබෙල් ත්‍යාගය ලැබූ අඹුසැමි යුවළ වන්නේ කවුද? මාරි කියුරි සහ පියුරි කියුරි
  33. කුකුළන් 100 ක් නිදැල්ලේ ඇති කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය කීයද? අක්කර 1 කි.
  34. ලෝකයේ පැරණිතම අක්ෂි වෛද්‍ය මධ්‍යස්ථානය කුමක්ද? මිකායිල් බුල්ගා නැව
  35. ලෝකයේ වැඩිම කාලයක් පැවති දේදුන්න කුමක්ද? බ්‍රිතාන්‍යයේ උතුරු වේල්සයේ 1979.08.14 - කාලය පැය 3 කි.
  36. අභ්‍යවකාශයට ගිය ප්‍රථම පුද්ගලයා කවුරුන්ද? යූරි ගගාරීන්
  37. පෘථිවියේ බහුලවම ඇති මූලද්‍රව්‍ය කුමක්ද? ඇලුමිනියම්
  38. ඔලිම්පික් වර්ණ මොනවාද? නිල්, කහ, කළු, කොළ, රතු
  39. මහා බ්‍රිතාන්‍යයේ රජ මැදුර හදුන්වන්නේ කුමන නමකින්ද? බකින්හැම් මාලිගාව
  40. එක කෙස් ගසක් දහයට පලා වෙන් කළේ කවුරුන් විසින්ද? ඇල්ප්‍රඩ් චෙස්ට් - බ්‍රිතාන්‍යය
  41. ලෝකයේ මුල්ම වයින් බෝතලය හමු වී ඇත්තේ කුමන ස්ථානයකින්ද? ප්‍රංශයේ බෝඩෝ නගරයේ සොහොන් කොතකින් හමු වී ඇත
  42. ලෝකයේ විශාලම කිඹුලන් ඇති කරන ස්තානය කුමක්ද? සමූර් ප්‍රාකාරණ - තායිලන්තය
  43. ලෝකයේ වැඩිම වජසිය බාදිය නැගීම සිදුවන්නේ කුමන ප්‍ර‍්‍රදේශයේද? පුන්ඩි මූදුබඩ
  44. ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප මොනවාද? පහතරට වියළි කලාපය, පහතරට තෙත් කලාපය, කදුරට වියළි කලාපය, කදුරට තෙත් කලාපය
  45. සත්ව ලෝකයෙ දිවක් නැති සත්වයා වන්නේ කවුද? කිඹුලා
  46. ඉන්දීය පාර්ලිමේන්තුව හදුන්වන්නේ කුමන නමකින්ද? ලොක් සභාව
  47. රත්කළ විට ප්‍රසාරණය නොවන ලෝහ වර්ගය කුමක්ද? පොලෝනියම්
  48. මෝටර් රථ ධාවන තරගයක් පැවැත් වූ ලොව ප්‍රථම රට කුමක්ද? ප්‍රංශය
  49. ලුණු රසැති ජලයෙන් යුත් ගංගාව කුමක්ද? විනිගර් ගග
  50. පූර්ණ දහනයේදී ගිනි දැල්ලක ලැබෙන වර්ණය කුමක්ද? නිල් වර්ණය
  51. වැඩිම වාර ගණනක් නොබෙල් ත්‍යාගය දිනාගත් අන්තර්ජාතික සංවිධානය කුමක්ද? අන්තර්ජාතික රතුකුරුස සංවිධානය
  52. සිගරැට් වල තිබෙන සිරුරට අහිතකර විෂ රසායනික වර්ගය කුමක්ද? නිකොටීන්
  53. අන්ධ බිංදුව පිහිටා තිබෙන්නේ ශරීරයේ කුමන අවයවය තුළද? ඇස තුළ