ප්‍රස්තාව පිරුළු - සාමාන්‍යපෙළ සිංහල

ප්‍රස්තාව පිරුළු

අතීතයේ සිට අපේ මුතුන් මිත්තන් තම සිතෙහි ජනිත වන හැගීමක් හාස්‍යද මුසු කර ව්‍යංග ලෙස ප්‍රකාශ කිරීමට යොදා ගත් අපූර්ව යෙදුම් විශේෂයකි මෙම ප්‍රස්තාව පිරුළු. අතීත ග්‍රාමය ජන සමාජය පිලිබඳ මොනවට කියාපාන මෙම යෙදුම් වර්තමානයේ වුවද බහුලව භාවිතා වේ. එවැනි ප්‍රස්ථාව පිරුළු කිහිපයක් පහත දැක්වේ.

  1. කබලෙන් ලිපට වැටුණ වගේ - කරදරයකට පත්ව සිටියදී ඊටත් වඩා කරදරයකට පත් වූ අවස්ථාවක
  2. පරංගියා කෝට්ටේ ගිය වගේ - ඉතා ළඟක ඇති ස්ථානයකටනොදෙනුවත්කම නිසා විශාල දුරක් ගෙවා පැමිණීම 
  3. කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ - යමක වටිනාකම නොදත් යමකුට එය පිරිනැමීම සිදු වූ විට
  4. බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ - අවදානම් ක්‍රියාවක් වෙනත් අයෙකු ලවා කරවාගන්නා විට
  5. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුන වගේ - ඉතාම සත්භාවයෙන් යමක් කරන්න ගිය විට ඉන් කරදරයට පත් වීම
  6. ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ - යමක් නරක යයි සිතා එය ඉවත් කර ඊට වඩා නරක දෙයක් ලං  කර ගැනීම
  7. කළුවා මාරපන් ගියා වගේ -  යමෙක් හරිහැටි කරුණු අසා නොගෙන අරමුණක් නැති ගමනක් ගිය විට
  8. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලුවා වගේ - ලබාගන්න බැරි යමක් යමෙකුගෙන් ඉල්ලු විට 
  9. අතීසාරයට අමුද ගැහුවා වගේ - යම් කාර්යක් හරියට නොකර අපිළිවෙලකට කිරීම.
  10. ආඬි  හත් දෙනාගේ කැඳ හැලිය වගේ - යම් කාර්යක් අසවල් කෙනා කරනු ඇතැයි සිතාගෙන කිසිවෙක් එම කාර්යය සිදු නොකිරීම
  11. වක්කඩේ හකුරු හැංගුවාවගේ - වටිනා දෙයක් පරිස්සමට විනාශ වී යන තෙනක තැබීමෙන් එය හානි වූ විට
  12. ඉත්තෑවාගේ ගෙට කැබැල්ලෑව රිංගුවා වගේ - යමෙකුට උදව් කිරීමට ගොස් තමාගේ දේ ඔහු අයිතිකර ගත් විට
  13. වඳුරට දැලි පිහිය අහු වූනාවගේ- සුදුසු නැති පුද්ගලයෙකු අතට යමක් පත් වූ විට සිදු වන අනර්ථය දැක්වීමට 
  14. ලෝභයාගේ බඩු කූඹි කාවාවගේ - මසුරු කමින් තබාගත් දෙයක් වෙනත් අයුරකින් විනාශ වීම 
  15. අඬන්න ඉන්න ඇහැට ඇඟිල්ලෙන් අන්නා වගේ - යමක් සිදුවීමට ආසන්නයේ තිබියදී වෙනත් බලපෙමක් නිසා එයට අනුබලයක් ලැබීම
  16. අවුරුදු කන්න ගිහින් බඩගින්නේ ආව වගේ - විශාල ලෙස බලාපොරොතු වී එම බලාපොරොත්තුව සුන් වීම
  17. අන්ධයා අලියාගේ හැටි කිව්වා වගේ - තමන් හරි හැටි නොදන්නා දෙයක් ගැන යමෙක් පවසන විට 
  18. ගහෙන් වැටුන මිනිහට ගොනා අන්න වගේ -එක කරදරයක් සිදු වීමත් සමග තවත් කරදරයක් සිදී වීම 
  19. හිගන්නාගේ පාත්තරේට හෙනහුරා ගැහුවා වගේ - අසරණව සිටින අයෙකු තවත් අසරණ කිරීම 
  20. විෂ්ණු දෙවියොත් බටකොළ කෑවා වගේ - බලවත් පුද්ගලයන්ට පවා නරක අවස්ථා උදා වන බව 
  21. ඉසේ කැක්කුමට කෝට්ටේ මාරු කළා වගේ - ප්‍රශ්නයට පිළියම් නොකර නිෂ්පල දෙයක් කිරීම 
  22. ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු උනා වගේ - මුලින් ලද දේට හෝ පුද්ගලයට වඩා පසුව ලද දේ හෝ පුද්ගලයා අගය කරන අවස්තාවක 
  23. කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ - නරක දෙයක් හෝ කෙනෙක් සමග තවත් නරක දෙයක් හෝ කෙනෙක් එකතු වීම 
  24. පුහුල් හොරා කරින් දැනේ - යමක් සිදු කල පුද්ගලයා ළගම ඒ පිලිබඳ සාක්ෂි තිබීම 
  25. දාහට අරන් සීයට දුන්නා වගේ - ඉතා කනස්සල්ලයෙන් සිටින අවසතාවක 
  26. බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියා වගේ - තමන්ට අදාළ නැති කාර්යක් කිරීමට ගිහින් කරදරේ වැටීම 
  27. ලිඳෙන් වතුර බී මුහුදට ආවඩන්නා වගේ - යම් තැනකින් හෝ පුද්ගලයෙකුගෙන් උදව් ලබාගෙන වෙනත් අයෙකුගේ ගුණ කීම 
  28. ඌරගෙ මාළු ඌරගේ පිටේ තියල කපුවා වගේ - ප්‍රයෝජන දෙකක්ම එක්  පුද්ගලයෙකුගෙන් ලබා ගැනීම 
  29. අතු කඩා මොර කන්නා වගේ - යමක විනාශ කර එහි ප්‍රයෝජන ලබා ගැනීම 
  30. කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ - ඉතාම දුර්ලභ දෙයක් සිදු වීම 
  31. හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ - යම් වරදක් කල පුද්ගලයාගෙන්ම ඒ ගැන විමසීම.