රාජකාරි ලිපියක් හා අත් පත්‍රිකාවක් සකස් කරමු


 

පහත දැක්වෙන ප්‍රශ්නයන්ට අනුව රාජකාරි ලිපික් සකස් කල හැකිය.

දීර්ඝ කාලයක් තිස්සේ  ප්‍රදේශවාසීන්ගේ ජීවිතවලට මෙන් ම වගාකටයුතු වලට ද වනඅලියන්ගෙන් බාධා පැමිණෙමින්  තිබේ. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුවලටත්,  සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා කටයුතුවලටත් මෙමගින් එල්ල වන්නේ විශාල තර්ජනයකි. මෙම ව්‍යසනයට මුහුණ පා සිටින දඹුල්ල ප්‍රදේශයේ  බගවන්කුලම ග්‍රාමයේ ප්‍රජා සංවර්ධන සමිතියේ ලේකම් ධූරය හොබවන පුබුදු තිලකරත්න  ඔබ යයි සිතා, ගම්වාසීන් එකතු වී මෙම උවදුර මැඩපැවැත්වීම සදහා සම්මත කර ගත් යෝජනා දඹුල්ල අඩවි වන නිලධාරි වෙත දන්වමින් ඒවා කඩිනමින්  ක්‍රියාවට නැංවිමට අවශ්‍ය පියවර  ගන්නා ලෙස කෙරෙන ඉල්ලීම ද සහිත ලිපිය සකස් කර යුතුයි  එම ලිපිය මෙ ආකරයට සකස් කරයුතුයි,                                                      

                                                                                                                                      පුබුදු තිලකරත්න,

                                                                                                                                      ලේකම්,

                                                                                                                                     ප්‍රජා සංවර්ධන සමිතිය,

                                                                                                                                     බගවන්කුලම,

                                                                                                                                     දඹුල්ල.

                                                                                                                                    2017.10.08

අඩවි වන නිලධාරිතුමා,

දඹුල්ල.

මහත්මයානෙනි.

                                             ප්‍රදේශවාසී ජනතාව වනඅලි උවදුරින් බේරා ගැනීම.

කලක් පටන් දඹුල්ල ප්‍රදේශවාසීන් වනඅලින්ගෙන් වන බාධා අපමණ ය. මිනිසුන්ගේ එදිනෙදා කටයුතුවලට හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙය බලවත් තර්ජනයකි.

ඔවුන් දිවා රෑ කල් ගෙවන්නේ කවර මොහොතක අලි උවදුරට ගොදුරු  වේදැ’ යි යන බියෙනි.

මෙම ව්‍යසනයෙන් මිදීමට ගම්වාසීන් විසින් සම්මත කරගත් යෝජනා කිහිපයක් පහත දැක්වේ.

  • ආහාර සොයමින් ගම් වදින අලින්ට ආහාර, තෘණ වර්ග, ජලය පිරි කලාප ස්ථාපිත කිරීම.
  • මිනීමරු අලි හදුනාගෙන උන් වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ගයක් ගැනීම.

මෙම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා ඔබතුමාගේ අවධානය යොමුකරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි.

 

                                                                                                                                                                              ස්තුතියි,

                                                                                                                                                                              මෙයට,

                                                                                                                                                                              විස්වාසී,

                                                                                                                                                         ......................  අස්සන

                                                                                                                                                          ( පුබුදු තිලකරත්න.)

 

රැකියා විරහිත තරුණ තරුණියන් සදහා ස්වයං රැකියා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතු බව ද ඊට සුදුසු ගොඩනැගිල්ලක් ඉදි කළ යුතු බව ද කුරුණැගල  පුබුදු යෞවන සමාජයේ මාසික රැස්වීමේ දී තීරණය කෙරිණි. යෞවන සමාජයේ ලේකම් වන තිලකරත්න පුබුදු ඔබ යැයි සිතා ස්වයං රැකියා පුහුදු මධ්‍යස්ථනයක් පිහිටුවීමෙන් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට සිදුවන සේවය පිළිබද අවධාරණය කරමින් දැනට ප්‍රජා ශාලාව පවතින භූමියේ නව ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා අවසර ඉල්ලමින් ප්‍රාදේශිය ලේකම් වෙත යැවීමට සුදුසු ලිපියක් සකස් කරන්න.

                                                                                                                                               තිලකරත්න පුබුදු,

                                                                                                                                              ලේකම්,

                                                                                                                                              පුබුදු යෞවන සමාජය,

                                                                                                                                               කුරුණෑගල.

                                                                                                                                               2017.10.08

ලේකම්තුමා,

ප්‍රාදේශීය සභාව,

කුරුණෑගල.

 

මහත්මයාණෙනි,

ස්වයං රැකියා පුහුණු මධ්‍යස්ථානයක්

           පිහිටුවීම සදහා

කුරුණෑගල  පුබුදු යෞවන සමාජයේ මාසික රැස්වීමේ දී රැකියා විරහිත තරුණ තරුණියන් සදහා රැකියා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය විය.

ආර්ථික, සාමාජික ප්‍රශ්නාවලියකට මුහුණ පා ඇති රැකියා විරහිත තරුණ  තරුණියන් සියයකට වැඩි පිරිසක් අප සමාජයේ සාමාජිකත්වය දරන අතර, ඉදිරියේ දී එය වැඩිවනු ඇත.

ස්වයං රැකියා අවස්ථා ලබාදීමෙන් මෙම තරුණ ගැටලුව තරමක් හෝ විසදිය හැකි බව අප බොහෝ දෙනකුගේ අදහස්යි. ඔවුන්ට අතහිත දීමක් වශයෙන් ඉදිවන මෙම ගොඩනැගිල්ල ගමේ ප්‍රජා ශාලා භූමියේ තනා ගැනීමට ඔබතුමාගේ අවසරය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

                        

                                                                                                                                           ස්තුතියි,

                                                                                                                                          මීට විශ්වාසී,

                                                                                                                                         තිලකරත්න පුබුදු

                                                                                                                                         ලේකම්.

 පහත දැක්වෙන ප්‍රශ්නයට අනුව අත් පත්‍රිකාවක් සකස් කල හැකිය.

ප්‍රදේශයේ  බහුල ව වැවී, ප්‍රයෝජනයට නොගෙන අපතේ යන පලතුරු වර්ග බෝතල්වලට අසුරා දෙස් - විදෙස් වෙළෙදපොවලට අලෙවි කිරීමෙන් ආදායම් උපයා ගත හැකි ස්වයං රැකියා ව්‍යාපෘයක් ආරම්භ කිරීමට ඔබගේ යෞවන සමිතිය විසින් තීරණයකර ඇත. ප්‍රදේශයේ පිළිගත් බැංකුවක් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවශ්‍ය විශේෂඥ දැනුම ලබා දීමටත් එකගතාව පළකොට තිබේ. මෙම තොරතුරු ඇතුළත් කරමින් ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ - තරුණියන්ට මෙම ව්‍යාපාරයට සම්බන්ධ වීම සදහා උනන්දුවක් ඇති කෙරෙන ආකාරයේ ආකර්ෂණීය අත් පත්‍රිකාවක් සකස් කරන්න.

 

                                                                                         විරකියාවට තිත - රැකියාවට අත                                       

දියුණු ආර්ථිකයක් සහිත සෞභාග්‍යවත් දේශයක් බවට අප රට පත් කිරීමට නම්,..

  • රැකිය විරහිත තරුණ තරුණියන් ප්‍රාදේශීය මටිටමෙන් කවර හෝ ව්‍යාපාරයකට සම්බන්ධ වීම වැදගත් වේ.
  • රජයේ ක්‍රමෝපාන්ට අනුකුල ව ස්වයං රැකියා ව්‍යාපෘතියක් අප ප්‍රදේශයේ ආරම්භ කිරිමට ආලෝකපුර පුබුදු සමාජය තීරණකොට ඇත.
  • ගස් යට වැටී අපතේ යන අඹ, වරකා ආදී පලතුරු බෝතල්කර දේශීය හා විදේශීය වෙළදපොළට අලෙවි කිරිමෙන් හොද ආදායමක් ලැබිය හැකි ය.
  • මේ සදහා ප්‍රදේශයේ පිළිගත් බැංකුවකින් මූල්‍ය පහසුකම් ලැබෙන අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවශ්‍ය විශේෂඥ දැනුම ලබා දීමට කැමැත්තෙන් සිටී.
  • මෙම ව්‍යාපාරයට බැදි සරු ආදායමක් ලැබීමට ඔබ ද දිරි ගන්න.

                                                                                                                                                            තිලකරත්න පුබුදු  

                                                                                                                                                            ලේකම්,

දිනය : 2017.10.08                                                                                                                                 පුබුදු සමාජය,

                                                                                                                                                            දොඩම්ගස්ලන්ද.





සාමාන්‍යපෙළ - සිංහල
ශ්‍රී ලංකා මාතාඅප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතාසුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකාධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යාඅප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතාපිළිගනු මැන අප භක්‍තී පූජානමෝ නමෝ මාතාඅප ශ්‍රී ...... ලංකා නමෝ නම...
සාමාන්‍යපෙළ - සිංහල
තොරතුරු සන්නිවේදන තාක්ෂණය - කෙටි සටහන   දත්ත - වෙන් වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට නොහැකි අංක, වචන,සලකුණු දත්ත ලෙස හැඳින්වේ. තොරතුරු - දත්ත ගොනු කිරීමෙන් හා සකස් කිරීමෙන් අර්ථවත් ආකාරයට පත් කළ පසු එය තොරතුරක් ලෙස හැඳින්වේ. තොරතුරු පද්ධති-     &nbs...
සාමාන්‍යපෙළ - සිංහල
  පහත දැක්වෙන ප්‍රශ්නයන්ට අනුව රාජකාරි ලිපික් සකස් කල හැකිය. දීර්ඝ කාලයක් තිස්සේ  ප්‍රදේශවාසීන්ගේ ජීවිතවලට මෙන් ම වගාකටයුතු වලට ද වනඅලියන්ගෙන් බාධා පැමිණෙමින්  තිබේ. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුවලටත්,  සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා කට...
සාමාන්‍යපෙළ - සිංහල
භාෂාව යනු කුමක්ද මානව සංස්කෘතියේ අසහාය නිර්මාණයක් වශයෙන් ‘භාෂාව’ හැදින්විය හැකිය. එය මානවයා අන්‍ය සත්ත්වයින්ගෙන් සුවිශේෂ තත්ත්වයට පත් කරන්නකි. භාෂාව කෙදින කෙසේ ඇති වී ද? යන්න පිළිබදව ශිෂ්ටාශිෂ්ට සමාජීය මානවයාගේ විචාරාක්‍ෂිය ඉතා ඈත අතීතයේ සිට යොමු වූ...
උසස්පෙළ - සිංහල
සන්ධී (සද)                      සිදත් සගරාව සං අදියරේදි කෙටියෙන් සන්ධි පිළිබදව පැහැදිළි කර දෙයි.              ...
උසස්පෙළ - සිංහල
ලිඟු අදියර සිදතේ බොහෝ මතබේදයකට තුඩු දුන් මාතෘකාවකි.ඊට හේතුව වන්නේ භාෂවේ ස්ත්‍රි ලිංග,පුරුෂ ලිංග,නපුංශක ලිංග යනුවෙන් ලිංගත්‍රයන් තිබියදි සිදත් සඟරා කතු ස්ත්‍රි ලිංග ,පුරුෂ ලිංග පමණක් ඇති බව පැවසිමයි.සං අදියරේදි ලිංග පැහැදිලි කරන කතුවරයා “මේය මෝය වහරට ක...
සාමාන්‍යපෙළ - සිංහල
 සායම ගියා                                         -     ගෞරවය කෙලෙසී ගියා  වැලේ වැල් නැතිව             &nb...
සාමාන්‍යපෙළ - සිංහල
විවිධ භාෂා ව්‍යවහාරය * අපේ රටේ බොහෝ දෙනාගේ ප්‍රධානතම සන්නිවේදන මාධ්‍යය වන්නේ සිංහල භාෂාව වේ. * එක් එක් ප්‍රදේශයට ආවේණික භූගෝලීය ලක්ෂණ, ජීවනෝපය, පරම්පාරික ගුණාංග හා සංස්කෘතික විවිධත්වය ආදිය මුල් කර ගෙන ව්‍යවහාරය අනුව එහි විවිධ වෙනස්කම් පවතී. * සිංහ...
සාමාන්‍යපෙළ - සිංහල
(අ) අන්තංස්ථාක්ෂර සහ ඌෂ්මාක්ෂර යෙදීම * ය, ර, ල, ව යනන්තංස්ථාක්ෂරත්  ශ, ෂ, ස, හ යන ඌෂ්මාක්ෂරත් සිංහල හෝඩියේ සෙසු අකුරු සමග  යෙදෙන අයුරු පහත පරිදි වේ. ය, ර, ල, ව යන අකුරකට පෙර ව්‍යාගාන්ත ශබ්දය වෙනුවට බින්දුව (o)  යොදනු ලැබේ.සංරක්ෂණය | සංස්...
සාමාන්‍යපෙළ - සිංහල
(අ) අල්ප ප්‍රාණ අක්ෂර හා මහා ප්‍රාණ අක්ෂර යෙදීම * සිංහලයන්ගේ මාතෘ භාෂා වන පාලි හා සංස්කෘත භාෂාවන්ගේ පැමිණි වචන හා ඒ ඇසුරෙන් සැදුණු වචන විශාල ප්‍රමාණයක් අප භාවිතයේ ඇත. 01) ක - ඛ - ග - ඝ  යන අකුරැ යෙදෙන වචන        &nb...
සාමාන්‍යපෙළ - සිංහල
ණ, න, ල, ළ අකුරැ යෙදීම නාම පදයක ‘ර‘ කාරයට පසු ව යෙදෙන්නේ ‘ණ‘ කාරයයි.සාධාරණ   විවරණය   හොරණ     ආභරණ     අනුස්මරණය ‘ර්‘ අකුරට පසුව යෙදෙන්නේ ද ‘ණ‘ කාරයයි.පූර්ණ    &n...
සාමාන්‍යපෙළ - සිංහල
අග අකුර ද්විත්ව වන කල්හි යෙදෙන්නේ දන්තජ ‘න‘ යන අකුරය.දේදුනු | ගනුදෙනු | ඉනි | පිනි | ඔටුනු සන්ධි හෝ සමාස පදවල දී ‘ර‘ යන්නෙන් හෝ රකාරාංශයෙන් පර ව ව, හ, ප, ව යන අකුරකින් පර ව යෙදෙන්නේ දන්තජ ‘න‘ කාරය...
සාමාන්‍යපෙළ - සිංහල
  දේශිය නර්තන හා බැදි වාද්‍ය භාන්ඩ ලෙස ගැට බෙරය , පහතරට බෙරය , දවුල , උඩැක්කිය හා රබාන දැක්විය හැක . ගැට බෙරය උඩරට නර්තන සම්ප්‍රදායට අයත් ප්‍රදාන අවනද්ද භාන්ඩය ලෙස ගැටබෙරය නොහොත් උඩරට බෙරය හැදින්විය හැකිය . මෙහි කද මැද ගැටයක් මෙන් වූ විශේෂ තත්වයක් ඇත...
සාමාන්‍යපෙළ - සිංහල
 සාරාංශකරණය  - 01 (  අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ට  ලකුණු 10ක් ) සිංහල ප්‍රශ්න පත්‍රය තුළ දෙවන කොටසේ තෙවන ප්‍රශ්නය ලෙස යෙදෙන්නේ සාරාංශකරණය ගැටළුවකි. එහි දී ඔබ ට දෙ...
සාමාන්‍යපෙළ - සිංහල
  සිංහල භාෂාව තුළ තත්සම තත්භව පද නිවැරදිව භාවිතා කරමු සිංහල භාෂාව තුළ පද බිහිවන අාතාරය අනුව එ්වා කොටස තුනකට බෙදා දක්වා අැත. එ්වා නම්, නිෂ්පණ්ණ පද තත්සම පද තත්භව පද   නිෂ්පණ්ණ පද වූ කලී සිංහල භාෂාව තුළ ම හට ගත් පද වේ. මෙම පද සිංහල භාෂාව තුළ පමණක් පවත්නා අත...
සාමාන්‍යපෙළ - සිංහල
සිංහල භාෂාව හා සාහිත්‍යය ප්‍රශ්න පත්‍රය - අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ                         සැකැස්ම හා ලකුණු උපයන අයුරු 1 කොටස සිංහල ප්‍රශ්න පත්‍රය ප්‍රධාන කොටස්...
සාමාන්‍යපෙළ - සිංහල
සාමාන්‍ය පෙළ විචාර ලිවීම සතර කන් මන්ත්‍රණය   ප්‍රශ්නය: උම්මග්ග ජාතකයේ එන මහෞෂධ තියුණු නුවණක් ඇත්තෙකි. නිර්දිෂ්ට කොටසින් උදාහරණ 3ක් වත් දක්වමින් විමසන්න.   පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ ඇතුළත් ව ඇති දීර්ඝතම ජාතක කථාව වන්නේ, උම්මග්ග ජාතකයයි. එහි බ...
සාමාන්‍යපෙළ - සිංහල
අ.පො. ස (සා. පෙළ) විචාර ලිවීමේදී සිහි ගබා ගත යුතු වැදගත් කරුණු   සාහිත්‍ය රසාස්වාදයේ විශේෂා අංගයක් වන්නේ එම සාහිත්‍ය කෘතිය පිළිබඳව විචාරය කිරිමයි. යම් සාහිත්‍ය නිර්මාණයක් පිළිබඳ විධිමත් හා බුද්ධිගෝචර විග්‍රහ කිරීමක් විචාරය කිරීමක් ලෙස හඳුන්වා දිය හැ...
සාමාන්‍යපෙළ - සිංහල
   10/11 ශ්‍රේණී සාහිත්‍ය රසාස්වාදය - ජාතික තොටිල්ල   ජාතික තොටිල්ල පද්‍ය පන්තියෙහි ඇස්. මහින්ද හිමියන් විසින් දරුවෙකුගේ චරිත සංවර්ධනයට අවශ්‍ය කරුණු සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇති ආකාරය පිළිබඳව ඇගැයීමක් කරන්න.       &n...
සාමාන්‍යපෙළ - සිංහල
      නිර්මාණාත්මක රචනා   කඳුකර අසිරිය   "කඳුකරයේ සීතලේ- මීදුම් සළු පාවෙලා........"             දෙසවන් පිනා යන ගීයක් මගේ මුවගට නැගේ. ඒ අන් වෙනකක් නිසා නොව කඳුකරයේ අසිරිය විඳ ගැනීමට මා ඇතුළු ...
සාමාන්‍යපෙළ - සිංහල
                                              ...
සාමාන්‍යපෙළ - සිංහල
අව්‍යය පද ‘ව්‍යය’ යන්නෙන් වෙනස් නොවන, වැය නොවන යන අර්ථය ලැබේ. ව්‍යය නොවන්නේ අව්‍යයි. එනිසා භාෂාවේ වැය නොවන පද ‘අව්‍යය පද’ ලෙස හඳුනා ගත හැකිය. අව්‍යය පද කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. නිපාත උපසර්ග අව්‍යය පද පද ලෙසවත...
සාමාන්‍යපෙළ - සිංහල
අතීතයේ සිට අපේ මුතුන් මිත්තන් තම සිතෙහි ජනිත වන හැගීමක් හාස්‍යද මුසු කර ව්‍යංග ලෙස ප්‍රකාශ කිරීමට යොදා ගත් අපූර්ව යෙදුම් විශේෂයකි මෙම ප්‍රස්තාව පිරුළු. අතීත ග්‍රාමය ජන සමාජය පිලිබඳ මොනවට කියාපාන මෙම යෙදුම් වර්තමානයේ වුවද බහුලව භාව...
සාමාන්‍යපෙළ - සිංහල
අඳුර = අන්ධකාරය, කළුවර රැය = රාත්‍රිය ගම = ගම්මානය ආදරය = සෙනෙහස දිනය = දවස විශාල = ලොකු, විසල් ගවයා = හරකා යුද්ධය = සංග්‍රාමය, සටන කම්මැළි = අලස යාළුවා = මිතුරා, සකි, සබඳ, මිත්‍රයා පුදුමය = විස්මය භය = බිය ළඟ = ආසන්න, සමීප ශක්තිය = සවිය පාසල = සිප්හල, වි...
සාමාන්‍යපෙළ - සිංහල
සිංහල වර්ණ මාලාව ස්වර (පණකුරු ) අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ) ව්‍යාංජනාක්ෂර (ගතකුරු) ක ඛ ග ඝ ඞ ඟ ච ඡ ඦ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ අකුරු වර්ග කණ්ඨජ(උගුරෙන්) අ ආ ක ඛ ග ඝ ඞ හ ඟ තාලුජ (තල්ලෙන්) ඉ ඊ ච ඡ ජ ඣ ඤ ය ශ...
PUBUDU DILSHAN THILAKARATHNA

සාමාන්‍යපෙළ සිංහල

අනෙකුත් ලිපි
උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
අවදානම් අවම කිරීමට භාවිතා කරනු ලබන ශිල්පීය ක්රමයන් අවදානම් තුන කිරීමට බොහෝ ශිල්පීය ක්රමයන් ඇත. මෙම ශිල්පීය ක්රමයන් කණ්ඩ හතරකට සාරාංශ ගත කළ හැකිය. * අවදානම් ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර අරමුණු වලට බලපානු ලබන අවදානම්. අවදානම් කලමනාකරණයේ වැදගත්කම. විවිධ ව්යාපාර සංවිධාන සහ ඒවායේ අරමුණ පිළිබඳව මෙම පාඨමාලාවේ පළමු පාඨමාලාව පළමුවන පරිච්ඡේදය තුළ අප විසින් සාකච්ඡා කර ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
උසස් පෙළ-ආර්ථික විද්යාව - ජාතික ගිණුම් - වියදම් ප්රවේශය කලින් ලිපිවලින් අපි,නිමැවුම් හා ආදායම් ප්රවේශය යටතේ ජාතික ගිණුම් සකස් කරා මතක ඇතිනේ.දැන් අපි වියදම් ප්රවේශය ගැන ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
උසස් පෙළ ආර්ථික විද්යාව - ජාතික ගිණුම් - ආදායම් ප්රවේශය ඔයාලට මතක ඇති අපි කලින් ලිපියෙන් කතා කරේ, ජාතික ගිණුම්වල එන නිමැවුම් ප්රවේශය ගැනනේ....දැන් අපි කතාකරමු ...

උසස්පෙළ - ගිණුම්කරණය
හවුල් ව්යාපාරයක් යනු කුමක්ද යන්න පිළිබදව 1890 හවුල් ආඡ්ඡාපනතේ සදහන් වී ඇති ආකාරයට මෙසේ දැක්විය හැකිය."ලාභ ඉපයීමේ අරමුණින් යම් ව්යාපාර කටයුත්තක් කරගෙන යන පුද්ගලයන් අතර ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
කොළඹ කොටස් හුවමාරුවේ ලේඛනගත වී ඇති සීමිත පොදු සමාගම් ලැයිස්තුගත සමාගම් ලෙස හඳුන්වයි. එනම් කොටස් වෙළඳපොළේ කොටස් හා ණයකර ගනුදෙනු කිරීම සඳහා අවසර ලත් සීමා ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ලැයිස්තුගත සමාගම් වල කොටස් ණයකර ආදී සුරැකුම්පත් මිලට ගැනීම හා විකිණීම සිදුවන ස්ථානය හෝ අවකාශය කොටස් වෙළඳපොළයි කොටස් වෙළඳපොළ ප්රධාන කොටස් 02 කි. ප්රාථමික කොටස් වෙළඳපොළ ( ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
දිගුකාලීන ප්රාග්ධන අවශ්යතා සපුරාලීම සඳහා සංවිධානය වූ වෙළඳපොළප්රාග්ධන වෙළඳපොළයි. මෙහි වර්ෂයකට වඩා වැඩි කාලයකින් පරිණත වන මූල්ය උපකරණ ගනුදෙනු වේ. ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළඳපොලේ උප වෙළඳපොළ ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
මුදල් වෙළඳපොළ කෙටි කාලීන අරමුදල් අවශ්යතා සපුරාලන ආයතන වලින් සමන්විත වෙන වෙළඳපොළයිඑනම්,වර්ෂයක් හෝ ඊට අඩු කාලයකින් පරිණත වන මූල්ය උපකරණ ආශ්රිතව වන මූල්ය උපකරණ ආශ්රිතව ගණුදෙනු ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
මූල්ය පද්ධතික් යනු ආර්ථිකයක මූල්ය තීරණ ක්රියාත්මක කිරීමේ නිරතව සිටින මූල්ය වෙළඳපොළ මූල්ය ආයතනල මූල්ය උපකරණ සහ මූල්ය යටිතල පහසුකම් යනාදියෙන් සමන්විත පද්ධතිය යි. මූල්ය පද්ධතිය ...