ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය - පුරා විද්‍යාත්මක මූලාශ්‍ර - 10-වසර ඉතිහාසය

ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය - පුරා විද්‍යාත්මක මූලාශ්‍ර

පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර

පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් ලබා ගන්නා ඕනෑම වස්තුවක් මගින් පුරා විද්‍යාක්මක සාක්ෂි මතුකර ගත හැකි ය. කිසියම් සිදුවීමක් සිදු වූ කාලයේම සටහන් කර තැබූ හෝ එකල තිබූ වස්තුවක් ඒ ආකාරයෙන්ම හමු වීම එම මූලාශ්‍රවල විශ්වාසනීයත්වය තහවුරු කරයි.මෙවැනි මූලාශ්‍ර කොටස් කිහිපයකි.

  1. අභිලේඛන
  2. සෙල්ලිපි
  3. කාසි
  4. පුරාණ නටඹුන්
  5. චිත්‍ර/මූර්ති/පුරාවස්තු

 මෙම ලිපිය මගින් අභිලේණක සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.

  1. අභිලේඛන

අභිලේඛන යන්න සරලවම කිසියම් මතුපිටක ලියා ඇති ලේඛන ලෙස හැදින්විය හැකි ය. බ්‍රාහ්මී යනුවෙන් හැදින්වෙන අත්ෂර මාලාවක් මුල් කාලීන අභිලේඛන රදනා කිරීමේ දී යෙදා ගෙන ඇති අතර, ඒම අක්ෂර උතුරු ඉන්දියාවේ භාවිත කරන ලද අක්ෂර විශේෂයක් බව ද කිය වේ. ගල්, මැටි පුවරු, බිත්ති,තඹ තහඩු, දැව හා විවිධ භාජන ආදිය මාධ්‍යය කර ගනිමින් මේවා රචනා කර ඇත.

අභිලේඛන ලියා ඇති මාධ්‍යය

ලක්ෂණ

උදාහරණ

01.ශිලා (ගල්)

  • පැරණි සමාජ ඉතිහාසය හා ජනාවාස ව්‍යාප්තිය තේරුම් ගැනීමට උපකාරී වේ.
  • විවිධ කරුණු වාර්තා කර ඇත.
  • විහාරාරාමවලට ගම් බිම් පිදීම
  • රජයේ නීති මහජනයාට දැනුම් දීම
  • බදු අය කිරීම
  • වෙළදාම
  • වැරදිකරුවන්ට සමාව දීම

 

  1. ගිරි ලිපි

 

විහාරාරාම හෝ වාරිකර්මාන්තයන් නිම වූ පසු අසල ඇති පර්වතයක හෝ ගල්තලාවක ලියා ඇත.

තෝණිගල, මිහින්තලය, ගඩලාදෙණිය, සිතුල්පව්ව, අලවල අමුණ

  1. ලෙන් ලිපි
  • ක්‍රි.පූ.යුගයේ සිට ගල්ලෙන්වල වැසි වතුර ලෙන තුළට ගලා යාම වැළැක්වීමට යෙදා ඇති නටාරමට පහළින් බ්‍රාහ්මීය අක්ෂරවලින් කොටා ඇත.
  • භික්ෂූන්ට පූජා කරන ලද ලෙන්, විහාරවල මේවා දක්නට ලැබේ.
  • බොහෝ විට මෙම ලෙන් පූජා කරන ලද පුද්ගලයාගේ තරාතරම, රැකියාව ආදී ෙතාරතුරු සටහන් කර ඇත.

මිහින්තලය, වෙස්සගිරිය( පැරණිම ලෙන් ලිපි), සිතුල්පව්ව ලෙන් ලිපි.

  • ටැම් ලිපි

මීටර 1.5ක් උසට සකස් කර ගත් ගල් කණුවල මෙම ලිපි ලියවා ඇත.

  • ගොඩවාය ටැම් ලිපිය- ගොඩපවත වරායෙන් ලබා ගත් අයබදු සදහන් ය.
  • බදුලු ටැම් ලිපිය- වෙළදපොළ පාලනය පිළිබද තොරතුරු ඇතුළත් ය.
  • යාපහුව ටැම් ලිපිය/කටු ගල්ගේ ලිපිය
  • අල්ලායි ටැම් ලිපිය- ඒක්වන දප්පුල රාජ්‍ය කාලයේ නැගෙනහිර පළාත පිළිබදව තොරතුරු ඇතුළත් ය.
  1. පුවරු ලිපි
  • සකස් කරන ලද ශිලාමය පුවරුවක අදාළ ලේඛනය කොටවා ඇත.
  • විහාර සංඝයා වහන්සේලාට පූජා කරන අවස්ථාවල දී මෙවැනි ලිපි කරවා ඇත.

පොළොන්නරුව ගල්පොත ලිපිය/ මිහින්තලය/හෝපිටිගමුව/සෝමාවතී දාගැබ් පුවරු ලිපිය/සිතුල්පව්ව

  1. ආසන ලිපි/පදර ලිපි

මල් ආසන මෙන් තැබූ ගල් පුවරු මත ලියූ ලිපි ආසන ලිපි වේ.

පොළොවෙහි අතුරන ලද ගල් පුවරු මත පියූ ලිපි පදර ලිපි ලෙස හදුන්වයි.

 

02.බිත්ති

ඔප දැමූ බිත්ති මත ලියා ඇත.

සීගිරි ගී

03.සන්නස් පත්‍ර

තඹ තහඩු

රන් තහඩු

රජවරුන් හා ප්‍රභූවරුන් විසින් කරන ලද ප්‍රධානයන් පිළිබදව දක්වා ඇත.

නාවලපිටිය අඹගමුවේ 01වන විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස/වසභ රජුගේ වල්ලිපුරම් රන් සන්නස

04.දැව

ශක්තිමත් හා කල්පවත්නා දැව වර්ග යොදා ගෙන ඇත.

ඇම්බැක්ක දේවාලයේ දැව කණුවල ලියූ ලේඛන

05.මැටි පුවරු

උළු හා ගඩොල් මත ලියූ ලේඛන

යුප්‍රටීස්-ටයිග්‍රීස් නිම්නවල මැටි පුවරු

 

  1. කැටයම්/ චිත්‍ර/මූර්ති

කිසියම් රටක සංස්කෘතික උරුමයේ වැදගත්ම අංගයක් ලෙස එරට සතු පැරණි කලා මාධ්‍යයන් හඳුන්වා දිය හැක. සම්ප්‍රදායික කලා මාධ්‍යයන්කිසියම් සමාජයක ආධ්‍යාත්මය පිළිඹිබු කරන කැටපතක් ලෙස අගය කල හැකිය. කිසියම් ජන සමාජයක සිතුම් පැතුම් රටාව පමණක් නොව ඔවුන්ගේකලා රසඥතාවන්, විද්‍යාත්මක හා තාක්ෂණික ඥානයන් එසේම ශිල්පීය කුසලතාවන් සාම්ප්‍රදායික කලා මාධ්‍යයන්ගෙන් මනාව නිරූපණය කෙ‍රේ.

ලාංකීය මෙන්ම ලෝක ඉතිහාසය තුළ සමාජමය තත්ත්වයන් මිශ්‍රණය වීම පිළිඹිබු කරන්නක් ලෙස චිත්‍ර, මූර්ති හා කැටයම් කලාව පෙන්වා දිය හැකි ය.මෙහි පවත්නා විශේෂතාවය නම් සාම්ප්‍රදායික වූ සමාජ විවරණයක් සැපයීමට යොදා ගතහැකි වීමයි.ලාංකීය සමාජය ගත් කළ ඓතිහාසික  ව වූ රාජධානී මාරු වීමත් සමග වූ විපර්යාසයන් මෙම නිර්මාණ ත්‍රළින් හදුනා ගත හැකි ය.

බෞද්ධ විහාරයකට අයත් චෛත්‍යය, බෝධිය, බුදුපිළිම වහන්සේ මුලික කොට ගෙන බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පය, කැටයම් කලාව මෙන්ම චිත්‍ර ශිල්පය ආදී සියලුම කලා ශිල්පයන්වර්ධනය වී ඇත. 

 

ෙම්වා සංස්කෘතික ඉතිහාසය විදහා පාන ජීවමාන සාක්ෂි ෙලස ෙපන්වා දිය හැකි ය.

  1. මූර්ති- ෙෙශලමය පිළිම/රජවරුන්ෙග් මූර්ති/ශිව පාර්වතී පිළිම
  2. කැටයම්-සදකඩ පහන/ෙකාරවක් ගල/වාහල්කඩ/මුරගල්
  1. චිත්‍ර-සීගිරිය/හිදගල/ෙදගල්ෙදාරුව/ලංකාතිලක විහාරය

 

ෙමමගින්,

  1. අතීත ජනතාවෙග් අැදුම්/පැළදුම්/අාභරණ භාවිතය/ෙකාණ්ඩා ෙමා්ස්තර/රූපලාවන්‍ය භාවිතය අාදී කරුණු
  2. වර්ණ භාවිතෙය් ෙවනස්කම්
  3. ඒ ඒ කාලවල දී ෙවනස් වූ කලා කුසලතා/ශිල්ප ක්‍රම.උදා- අනුරාධපුර යුගෙය් සිට මහනුවර යුගය වන විට චිත්‍රවල සිදු වූ ෙවනස්කම්
  4. අාගමික විශ්වාස.උදා- ෙපාෙළාන්නරුව ශිව ෙද්වාලය/ශිව පාර්වතී පිළිම
  5. විවිධ කාලවල දී ෙවනත් රටවල් මගින්/ සංස්කෘතීන් මගින් අැති වූ බලපෑම හදුනා ගත හැකි ය.උදා- අනුරාධපුර යුගෙය් දී සදකඩ පහෙන් තිබූ ගව රූපය ෙපාෙළාන්නරුව යුගෙය් දී ඉවත් කිරීම.
  6. ජනතාවෙග් විවිධ හැකියා/කුසලතා
  7. පැරණි සංස්කෘතිය
  8. විෙද්ශ සබදතා
  9. ජනතාවෙග් ජීවන තත්ත්ව අාදිය හදුනා ගත හැකි ය.