දෙවන විමලධර්මසුරිය පාලන සමය (ක්‍රි.ව.1687-1707) - 11-වසර ඉතිහාසය

දෙවන විමලධර්මසුරිය පාලන සමය (ක්‍රි.ව.1687-1707)

දෙවන රාජසිංහ රජුගෙන් පසු ඔහුගේ පුත්‍රයා දෙවන විමලධර්මසුරිය නමින් රජ විය. දෙවන රාජසිංහ රජු මිය යාමට ටික දිනකට පෙර තම රාජ්‍ය පුත්‍රයාට පවරා දුන්නේය.ඔහුට ලන්දේසීන් සමග සාමකාමිව පාලනය ගෙනයාමට අවශ්‍ය පසුබිමද සකස් කොට තිබුණි.

මහාවංසයේ ද්විතීය භාගයේ සදහන් අන්දමට දෙවන විමලධර්මසුරිය රජතුමා ආගමික කටයුතු වල නියැලුණු සාමකාමී පුද්ගලයෙකි. දෙවන රාජසිංහ රජු පියා තරම් රණශුරි පාලකයෙකු නොවුන අතර ලන්දේසීන් සමග සටන් කිරීමටද කැමැත්තක් නොදැක්විය.ඔහුගේ අගමෙහෙසිය වුයේ තම පියා මධුරා පුරයෙන් ගෙන එන ලද අගබිසවගේම දුව බව මහාවංසයේ දැක්වේ.

දෙවන විමලධර්මසුරිය රජු අග්නිදිග ආසියාතික රටවල් සමග ආගමික හා සංස්කෘතික සබදතා ගොඩනගා ගන්නා ලදී.මේ වන විට සඝ සසුන පරිහානි තත්වයක පැවති නිසා ලක්දිව උපසම්පදාව පිහිටුවීමට බුරුම දේශයෙන් භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගත්තේය.මේ සදහා නැව් සපයන ලද්දේ ලන්දේසීන් විසිනි. දෙවන විමලධර්මසුරිය රජු කාර්යශුර පාලකයෙකු නොවුනද ඔහුගේ පාලන සාමය තුලදී ලන්දේසින් සමග ගැටලුකාරී තත්වයක් උදා වුයේ නැත.

මුල් කාලීනව එසේ වුවද දෙවන විමලධර්මසුරිය රජුත් ලන්දෙසිනුත් අතර පැවති සබදතා මතභේදවලින් තොරයයි කිව නොහැකිය.ඔහුගේ පාලන කාලයේදී දේශපාලන හා ආර්ථික වශයෙන් ලන්දේසීන් සමග මතභේද ඇතිවිය.එකල පහතරට සිටි සිංහලයන්ද තමන්ගේ රජු ලෙස පිළිගත්තේ දෙවන විමලධර්මසුරිය රජුය.මේ නිසා දෙවන විමලධර්මසුරිය රජු දැකීමට පහතරට සිංහල ප්‍රධානීහු උඩරටට ඇති එන්නට විය.මෙම තත්වය ලන්දේසින් නොසන්සුන් කිරීමට හේතුවක් විය.නමුත් පහතරටින් එන පිරිස නැවත්වීමට ලන්දේසීන්ට නොහැකි විය. මන්දයත් එසේ කලොත් රජු හා ඔවුන් අතර පැවති සුහද සබදතාව නැතිව යන වග ඔවුන්ට වැටහිණි.නමුත් එසේ නොකළහොත් උඩරට රජුගේ බලය පහතරට පැතිරියාමට ඉඩ දීමක් වැනි විය.මෙවැනිම තත්වයක් පහතරට සිද්ධස්ථාන සම්බන්දයෙන්ද පැන නැගිණි. දෙවන විමලධර්මසුරිය රජු පහතරට වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට අවධානය යොමු කළේය.

මේ කාලවකවානුවේදී ලන්දේසීන්ට ආර්ථික අතින්ද ගැටළුවක් මතු විය.මෙම අවධියේදී උඩරට රාජ්‍යය හා ඉන්දියාව අතර පුවක් හා රෙදිපිළි වෙළදාම ඉතා සාර්ථකව සිදු කෙරිණි.ලන්දේසීන්ගේ බලපොරොත්තුව වුයේ මෙරට ප්‍රධාන ආනයන අපනයන භාණ්ඩ ඒකාධිකාරිය තමන් යටතට ගැනීමටයි.එබැවින් උඩරට රාජ්‍ය හා ඉන්දියාව අතර පවතී වෙළදාම තමන් සතු කරගැනීමට ලන්දේසීන්ට අවශ්‍යය විය.නමුත් වෙළදාම නිදහස්ව තබා ගැනීමට උඩරට රාජ්‍යයට අවශ්‍යය විය.ඊට හේතුව වන්නේ මෙරට විකුණන පුවක් වලට උපරිම මිලක් ලබා ගැනීමටත් සාධාරණ මිලකට රෙදිපිළි ආනයනය කල හැක්කේත් එම පදනම මත බැවිනි.

මේ නිසා පුත්තලම වරායෙන් නිදහසේ පුවක් පිටරටට අපනයනය කිරීමටත් රෙදිපිළි ආනයනය කිරීමටත් දෙවන විමලධර්මසුරිය රාජුට අවශ්‍යය විය.එහෙත් ලන්දේසින් මිට අකමැති වුනු නිසාවෙන් ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්වයකට මග එළිවිය.එහෙත් දෙවන විමලධර්මසුරිය රජුගේ බලවත් ඉල්ලීම නිසාවෙන් පුත්තලම,ත්‍රිකුණාමලය,මඩකලපුව යන වරායම් උඩරට හා ඉන්දියාව අතර වෙළද කටයුතු කරගෙන යාමට ඒවා නිදහස් වරායන් බවට ලන්දේසින් විසින් පත් කරන ලදී.මෙම වරායන් අතරින් පුත්තලම වරාය ලක්දිව හා ඉන්දියාව අතර වෙළද කටයුතු කරගෙන යාමට වැදගත් වෙළද මධ්‍යස්ථානයක් බවට පත්විය.

එහෙත් මෙයින් ලන්දේසීන්ට බලවත් සේ පාඩු විදීමට සිදු විය.මේ නිසාවෙන් ක්‍රි.ව.1703දි මේ වරායන් සියල්ලම වසා දමන ලදී.මෙම වරායන් නැවත විවෘත කිරීම සදහා දෙවන විමලධර්මසුරිය රජු ලන්දේසින්ගෙන් ඉල්ලීම් කලද ඒවා සාර්ථක නොවිය.කෙසේ වෙතතේ මින් සිත්තැවුලට පත් දෙවන විමලධර්මසුරිය රජිගේ සිත සැනසීමට ලන්දේසීන්වෙනත් ක්‍රම උපයෝගී කරගන්නා ලදී.රජුගේ දුත ගමන් සදහා නැව් සපයා දීම,රජුට ලියන ලියුම් වල ඉතා යටහත් පහත්ව පාඨ යෙදීම,දුත පිරිස් මාර්ගයෙන් රජුට තෑගි යැවීම මින් සමහරකි. දෙවන විමලධර්මසුරිය රජුගේ සාමකාමි නිසා ඉන් යුතු ලෙස පියවර ගත උඅදරට රාජ්‍යය අයත් ප්‍රාදේශීය රදලවරුන් මේ වන විය ස්වාධින පාලකයන් වශයෙන් කටයුතු කිරීමට පටන්ගෙන තිබුණි. දෙවන විමලධර්මසුරිය රජුගෙන් පසු ඔහුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ විය.