ශ්‍රී ලංකාවේ වතු ආර්ථිකය - 11-වසර ඉතිහාසය

ශ්‍රී ලංකාවේ වතු ආර්ථිකය

වතු වගා  ලෙස කුරුදු , කොපි ,සින්කෝනා, තේ , රබර් ,පොල් යනාදී බෝග වගාවන් අයත් වේ.

මුලින්ම අපි ලංකාවේ වතු ආර්ථිකයේ නැග්මට හේතු වූ කාරනා සොයා බලමු.මෙහිදී ප්‍රධාන වශයෙන් කොල්බ්රුක් ප්‍රතිසංස්කරණ බලපා ඇත.මෙම ප්‍රතිසංස්කරණ යටතේ,

1.රාජකාරි ක්‍රමය අහෝසි කිරීම

මෙම නිසා ශ්‍රම සංචලතවයට තිබූ බාධාව ඉවත් වූ නිසා තම කැමති වෘර්තියක් කිරීමට හැකියාව ලැබුණි.සාම්ප්‍රදායික ඉඩම් වලින් ගැමියෝ නිදහස් වී ශ්‍රම සැපයුම නිසා බ්‍රිතාන්‍ය ප්‍රාග්ධන හිමියන් ලංකාව තුල වතු වගාවට ආයෝජනය කළහ.

 

2.රාජ්‍ය ඒකාධිකාරිය අහෝසි කිරීම

මෙහිදී රජය කුරුදු වතු අඩු මිලට වැවිලිකරුවන්ට විකුණා දැමුහ.බ්‍රිතාන්‍ය ආයෝජකයින් විශාල මුදලක් යොදවා වතු වගාව ආරම්භ කළහ.

 

3.සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීම

මෙමගින් සිවිල් සේවකයන්ගේ විශ්‍රාම වැටුප කැප හරිම,වැටුප් අඩු කිරීම,තනතුරු ගණන සිමා කිරීම සිදු විය.මේ නිසා සිවිල් සේවය ආකර්ශනීය නොවීය.එම නිසා සිවිල් වැසියෝ වතු වගාවට යොමු විය.ඔවුන් පාලන කටයුතු පසෙකලා ඉඩම් මිලදී ගත්හ.

 

4.නියෝජන ආණ්ඩු ක්‍රමයක් හදුන්වා දීම

මෙහිදී ව්‍යවස්ථාදායකය හා විදයකය යනුවෙන් කොටස් දෙකකි.වැවිලි කරුවන්ගේ අවශ්‍යතා හා ප්‍රශ්න ව්‍යවස්ථාදායකය තුල සාකච්චා කළහ. ව්‍යවස්ථාදායකය තුල නියෝජනය වුයේ වවිලිකරුවන්මය.එහිදී බහුතරයක් වූ සිංහල ජනයා නොසලකා සුළුතරයක් වූ වැවිලිකරුවන්ගේ යහපත පිණිස සියල්ලම සිදු විය.වැවිලිකරුවන් වතු වගාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට මෙම ආණ්ඩු ක්‍රමය යොදා ගත්හ.

 

5.බටහිර අධ්‍යාපනය හා කතෝලික ආගම ව්‍යාප්ත කිරීම

වැවිලි ආර්ථිකයට හිතකර පරිදි සිංහලයන්ගේ සිතුම් පැතුම් වෙනස් කළහ.තමාගේ කටයුතු වලින් ඈත් වී අනුන්ගේ කටයුතු කිරීමට සිංහලයා හුරු විය.

 

කුරුදු වගාව

ලංකාවේ කුරුදු වගාව විනාශ වී යාමට හේතු

1.ඉන්දියාව,ජාවා වැනි රටවල් සමග තරග කිරීමට සිදු වීම

2.ඉල්ලුමට වඩා සැපයුම වැඩි වීමෙන් මිල පහත වැටීම.

3.කුරුදු වලට ආදේශකයක් වන කැසියා වලට ජනතාව හුරු වීම.මේවා මිලෙන්ද ඉතා අඩුය.

4.ලංකාවේ කුරුදු වලින් ය කල තීරු බද්ද වැඩි වීම

5.ලංකාවේ ඉස්තරම්ම කුරුදු යුරෝපා වෙලදපොලේදී බාල භාණ්ඩ වලට මිශ්‍ර කර අලෙවි කිරීම

6.ලෝක ආර්ථික පරිහානිය නිසා කුරුදු වගාවට අවශ්‍ය ණය ලබා ගැනීමට නොහැකි වීම

 

 

කෝපි වගාව

ලංකාවේ කෝපි වගාවට සිදු වූ බාධක

  1. ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා ප්‍රවාහන පිරිවැය අධික වීම.
  2. ශ්‍රමිකයන්ගේ වැටුප් මට්ටම ඉහළ නිසා නිෂ්පාදන පිරිවැය අධික වීම.
  3. ලන්ඩන් වෙලදපොලේදී ලංකාවේ කෝපි වලින් අධික තීරු බද්දක් අය කිරීම.
  4. බටහිර ඉන්දීය දුපත් නව වගා ක්‍රම අනුගමනය කිරීම.
  5. වෙලදොපල දුර බැවින් අධික නැවු ගාස්තුවක් ගෙවීමට සිදු වීම හා නැවු සමාගම් ලංකාවෙන් අධික නැවු ගාස්තුවක් අය කිරීම.
  6. ලෝක ආර්ථික පරිහානිය.මේ නිසා වගාවට අවශ්‍ය ණය ලබා ගැනීමට නොහැකි වීම.
  7. හැමිලියා වැස්ට්‍රට්‍රික්ස් නමැති දිලිර රෝගය කෝපි වගාව සම්පුර්ණයෙන්ම විනාශ කළහ.මෙහිදී වගා කරුවන් කොළ රෝගය වැලදී තිබුනත් කෝපි වලට ලැබී තිබුණු ඉහල මිල නිසා ලැබුණු අධික ලාභය නිසා රෝගය මැඩලීමට උනන්දු නොවුනි.

 

කෝපි වගාව දියුණු වීමට හේතු

1 .යුරෝපයේ කෝපි ඉල්ලුම  ඉහළ යාම.අමද්‍යප ව්‍යාපාරය හේතුවෙන්.

2 .නවීන වග ක්‍රම අනුගමනය කිරීම

3.කොල්බ්රුක් ප්‍රතිසංස්කරණ.මේ යටතේ රාජකාරි ක්‍රමය අහෝසි කිරීම,රජයේ වෙළද ඒකාධිකාරිය අහෝසි කිරීම,සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීම,නියෝජන ආණ්ඩු ක්‍රමය හදුන්වා දීම,ආණ්ඩුකාරයාගේ බලතල සිමා කිරීම,ඒකීය පාලන ක්‍රමයක් ඇති කිරීම,ඉංග්‍රීසි භාෂාව හා බටහිර අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම යනාදිය සිදු විය.

4.නව මහා මාර්ග,පාලම් ඉදි වීම නිසා ප්‍රවාහනය පහසු හා ලාභ වීම.

5.රජය දුම්රිය ව්‍යාපාරය හදුන්වා දීම.

6 .විදුලි පණිවිඩ ක්‍රම ආරම්භ වීම. (Fax)

7 .වැවිලිකරුවන්ගේ සංවිධානය පිහිටුවීම.

 

උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි)

(විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)