11-වසර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලිකාංග
කේත අංකය : 16


kelum priyadarshana විසින් 2016-03-25 දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි


පිළිතුරු සපයන්න ඇතුළත් වන්න
ඔබ මෙම වෙබ් අඩවියට ඇතුළත් විය යුතුයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලිකාංග


ප්‍රශ්න ගණන : 40 යි. | එක් ප්‍රශ්නයකට ඇති පිළිතුරු ගණන: 4 යි. | සමත් වීමට අවශය ළකුණු ගණන : 40 | ප්‍රශ්න පත්‍රයෙන් ලබා ගත හැකි සම්පූර්ණ ලකුණු ගණන : 80

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලිකාංග  පිළිබදව 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දැනුම පරීක්ෂා කරගත හැකිවනු ඇත. 






ප්‍රශ්න අංක 01

මුල්ම විද්‍යුත් සංඛ්‍යාංක (Commercial) පරිගණකය "ENIAC" නමින් බිහි විය. මේ සඳහා යොදා ගත් මූලික ඉලෙක්ට්‍රොනික උපාංගය කුමක් ද?

ප්‍රශ්න අංක 02

ක්ෂුද්‍ර පරිපථය (Micro Processor) නූතන පරිගණක නියෝජනය කරයි. එය අයත්වන පරම්පරාව වනුයේ

ප්‍රශ්න අංක 03

දෙවන පරම්පරාවේ පරිගණකවල පැවති විශේෂ ලක්ෂණ දෙකකි.

ප්‍රශ්න අංක 04

ප්‍රමාණය (Size) සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණයේ දී අයත්වන නිවැරදි කාණ්ඩය වනුයේ

ප්‍රශ්න අංක 05

පරිගණකයේ සුවිශේෂීතා අතරින් පහත සඳහන් කරුණු නිවැරදි ය.

ප්‍රශ්න අංක 06

පරිගණකය මගින් ඉටු කරනු ලබන ප්‍රධාන කාර්යයන් පහකි. ඒවා අනුපිළිවෙලින් ලියා ඇත්තේ කුමන පිළිතුරෙහි ද?

ප්‍රශ්න අංක 07

නිර්මාණ තාක්ෂණය (Design Technology) සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණය කළ විට පහත ආකාරයෙන් වේ.

ප්‍රශ්න අංක 08

පරිගණක පද්ධතියක (computer System) අඩංගු ප්‍රධාන ඒකක  හතරකි. එවා නිචැරදිව දක්වා ඇති පිළිතුර වනුයේ,

ප්‍රශ්න අංක 09

පරිගණකයේ හදවත ලෙස හැඳින්වෙන මධ්‍ය සැකසුම් ඒකකයේ අභ්‍යන්තර කොටස් සඳහන්වන පිළිතුර වනුයේ,

ප්‍රශ්න අංක 10

සසම්භාවී පිවිසුම් මතකය ප්‍රධාන ආකාර දෙකකි. ඒවා නම්

ප්‍රශ්න අංක 11

විද්‍යුතය භාවිතයෙන් මැකීමෙන් හා නැවත නැවත ක්‍රමලේඛනය කළ හැකි පඨන මාත්‍ර මතකය (ROM) මෙලෙස අක් නමින් හැඳින් වේ.

ප්‍රශ්න අංක 12

ක්ෂුද්‍ර පරිපථ (Micro Processers) නිපදවීමේ පුරෝගාමී ආයතන දෙකකි.

ප්‍රශ්න අංක 13

පරිගණක යතුරු පුවරුවක් සවි කළ හැකි කෙවෙනි (Ports) වර්ග කිහිපයකි. ඒවා නිවැරදිව සඳහන් කර ඇති පිළිතුර වනුයේ,

ප්‍රශ්න අංක 14

පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් සවි කළ හැකි කෙවෙනිවලින් නිවැරදි පිළිතුර වනුයේ

ප්‍රශ්න අංක 15

ආචයනය හෙවත් දත්ත තැන්පත් කිරීම හෝ ගබඩා කිරීමට යොදා ගන්නා තාක්ෂණික ක්‍රම සඳහා වඩාත් නිවැරදි පිළිතුර වන්නේ,

ප්‍රශ්න අංක 16

පරිගණකයේ ප්‍රාථමික මතකය කොටස් තුනකට බෙදිය හැකි ය. ඒවා නම්,

ප්‍රශ්න අංක 17

පහත දැක්වෙන ලැයිස්තුවෙන් ආදාන උපාංගයක් නොවන්නේ කුමක් ද?

ප්‍රශ්න අංක 18

වඩා වේගවත් ව මුද්‍රිත පිටපතක් ලබා ගත හැකි මුද්‍රණ යන්ත්‍රයක් වනුයේ,

ප්‍රශ්න අංක 19

කැතෝඩ කිරණ නල (CRT) පරිගණක තිරයක් වෙනුවට ද්‍රව ස්පටික (LCD) තාක්ෂණික පරිගණක තිරයක් භාවිතය නිසා සැලසෙන වාසි දැක්වෙන පිළිතුර වනුයේ

ප්‍රශ්න අංක 20

ප්‍රතිදාන උපාංගවල දී බහුලව ම ප්‍රයෝජනයට ගන්නා උපාංගය වනුයේ

ප්‍රශ්න අංක 21

පරිගණකයක තිබෙන දෘඩ තැටියට (Hard Disk) අමතරව තවත් දෘඩ තැටියක් සවිකර ක්‍රියාත්මක කළ විට ප්‍රයෝජනය වන්නේ

ප්‍රශ්න අංක 22

ලෝකයේ ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය කවු ද?

ප්‍රශ්න අංක 23

ලොව ඉතාමත් ජනප්‍රිය පරිගණක නිෂ්පාදන සමාගමක් වන IBM ආයතනය බිහි වීමට මුල් වූ තැනැත්තා හඳුන්වන නම කුමක් ද?

ප්‍රශ්න අංක 24

නාමල්ගේ නිවසේ ඇති පරිගණකයේ 2 GB ධාරිතාවයකින් යුක්ත සංඛ්‍යාංක ඡායාරූප (Digital Photo) ගබඩා කර ඇත. ඒවා මුද්‍රණය කිරීමට අදාල ස්ථානයකට ගෙන යාමට පහත සඳහන් ඒවායින් වඩාත් සුදුසුම මාධ්‍ය තුමක් ද? 

ප්‍රශ්න අංක 25

උදෑසන ප්‍රවෘත්ති විකාශය රූපවාහිනියෙන් නැරඹීම අමල්ගේ පුරුද්දකි. මෙවන් සේවයක් ඔහුට ලබා ගැනීමට හැකිවූයේ

ප්‍රශ්න අංක 26

සාමාන්‍ය කටයුතු සඳහා භාවිත කරන පරිගණකයෙහි (General Purpose)කාර්ය භාරය කුමක්ද?

ප්‍රශ්න අංක 27

වි‍ශේෂ කාර්ය පරිගණකයන්හි (Special Purpose) ඇති විශේෂත්වය කුමක්ද?

ප්‍රශ්න අංක 28

අප රටෙහි සමාජයීය වශයෙන් පරිගණක ජාල යෙදුම් අවස්ථා අතරින් .......... අද වඩාත්ම ජනප්‍රියව ඇත.

ප්‍රශ්න අංක 29

මධ්‍යගත වැඩ සටහන් මගින් පොදුවේ පරිගණකය ඉටුකරනු ලබන අනෙකුත් කාර්යයන් පාලනය කිරීම අර්ථ දක්වනුයේ කුමන ලෙසින්ද?

ප්‍රශ්න අංක 30

වෛද්‍යවරයකුට හමුවන ස්නායුගත ආබාධ සහිත රෝගියෙකු පරීක්ෂා කිරීමේදී ඔහුට වඩාත් නිවැරදි තීරණයකට එළඹිය හැකි වනුයේ,

ප්‍රශ්න අංක 31

පරිගණක ශක්‍යතාව ඉතාමත් අඩු මට්ටමක පැවතීම අදාල වනුයේ,

ප්‍රශ්න අංක 32

Modulation / මුර්ජනය (ආකලනය) යනු

ප්‍රශ්න අංක 33

දත්ත හා තොරතුරු සම්ප්‍රේෂණයේ දී භාවිත වන සම්මතයක් වනුයේ,

ප්‍රශ්න අංක 34

පහත සඳහන් දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය අතරින් වඩාත්ම වේගවත් මාධ්‍යය තෝරන්න

ප්‍රශ්න අංක 35

ආලෝක තාක්ෂණය භාවිතවන ආචයන උපාංගයකි

ප්‍රශ්න අංක 36

..................... යාන්ත්‍රික (mechanical) යුගයට අයත් පරිගණකයකි

ප්‍රශ්න අංක 37

පහත සඳහන් ප්‍රකාශ අතරින් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න

ප්‍රශ්න අංක 38

පරිගණක යන්ත්‍රයක හෝරා සීග්‍රතාවය (clock speed) මනිනු ලබන්නේ

ප්‍රශ්න අංක 39

පරිගණකයක ආදාන උපාංග අතර උකුල් පරිගණකයන්හි (Laptop) වි‍ශේෂයෙන් භාවිත කරන ලද උපාංගයක් ලෙස මෙය නම් කරනු ලබයි.

ප්‍රශ්න අංක 40

බිටු ඇසුරු කරමින් සිදු කරන දත්ත සම්ප්‍රේෂණ වේගය මැණීමට යොදා ගන්නා මිනුමක් වන්නේ