නූතන රංග භූමි අලංකරණයේ දී භාවිත විවිධ ශිල්පක්‍රම


 

නූතනයේ රංග භූමි අලංකරණය කර ගැනීම සදහා විවිධ ශිල්ප ක්‍රම භාවිත කරන බව අද්‍යතන නව නිර්මාණය දෙස විමර්ශනාත්මක ව බැලීමෙන් අපට හදුනා ගත හැකි ය. අතීතයේ දී මෙන් නොව කාර්ය බහුල සමාජයක් තුළ වැඩි වෙලාවක් එක ස්ථානයක පුද්ගලයින් රදවා තබා ගැනීම අසීරු කරුණකි. එවන් වූ වටපිටාවක් තුළ ප්‍රේක්ෂක මනස මද වේලාවකට හෝ රදවා තබා ගැනීමට නිර්මාණකරුවා බොහෝ උපාය මාර්ග සොයා යනු ලැබේ. එවන් එක් උපාය මාර්ගයකි, නූතන රංග භූමි අලංකරණය.

එකී අලංකරණයේ දී ප්‍රේක්ෂක  අවධානය ලබා ගැනීමට භාවිත කරනු ලබන ශිල්ප ක්‍රම රැසක් අද්‍යතනයේ ව්‍යවහාරයේ පවතී. එවන් ශිල්ප ක්‍රම කිහිපයක් ලෙස වේදිකා ආලෝකනය, පසුතල නිර්මාණය, සැරසිලි සදහා භාවිත කරන විව්ධ අමුද්‍රව්‍ය, තාක්ෂණික ක්‍රම ශිල්ප හා ඩිජිටල් තාක්ෂණය ආදිය හැදින්විය හැකි ය.

ඒ වගේ ම රංග භූමිවල විවිධතා ද මීට අයත් වේ. මේ එක් එක් කරුණු පිළිබද විමසා බැලීමේ දී වේදිකා ආලෝකනය ඒ අතර ප්‍රදාන තැනක් ගනු ලබයි. විදුලි බලය සොයා ගැනීමත් සමග ම ලොවට එක්වුණු මෙකී ආලෝකය වර්තමාන වේදිකාව තුළ මහත් ආන්දෝලනයක් කළ තාක්ෂණික ශිල්ප ක්‍රමයක් ලෙස අර්ථ ගැන්වීම යුක්ති යුක්ත ය. මෙම ආලෝකනය තිත් පහන් හා ධාරා පහන් ලෙස වේදිකාව තුළ භාවිත කරන අතර නොයෙකුත් විදුලි බුබුළු වර්ග ද වේදිකා ආලෝකනය සදහා බාවිත කරනු ලැබේ.                                                                             

එය නූතන රංග භූමි අලංකාරණයේ දී බාවිත වන ශිල්ප ක්‍රමයකි. තවද රංග භූමි අලංකාරණය සදහා යොදා ගන්නා පසුතල නිර්මාණ ද නූතනයේ බාවිත තවත් එක් ශිල්ප ක්‍රමයකි.මෙකී නිර්මාණ ක්‍රමයේ දී වේදිකාව මත දිගහැරෙන කලා කෘතියෙහි සමස්ථ අර්ථය ම වඩාත් තීව්‍ර කොට පෙන්වාදීමේ හැකියාව ඇත. නිදසුනක් ලෙස “කරදිය” මුද්‍රා නාට්‍යයේ දී පසුතල නිර්මාණ ලෙස යොදාගෙන ඇති පොල්ගස්, පැල්පත, ගල්කුළ වැනි සංකේත මෙසේ පෙන්වා දිය හැක. ඒ තුළින් වෙරළාසන්න ධීවර පරිසරය මනා සේ ප්‍රේක්ෂකයාට සමීප කර ඇත්තේ නූතන රංග භූමි අලංකරණයේ බාවිත ශිල්ප ක්‍රම තුළ ඇති වටිනාකම ලොවට හෙළි කරවමිනි.

තවද රංග භූමි අලංකරණයේ දී භාවිත ශිල්ප ක්‍රමයක් ලෙස සැරසිලි සදහා භාවිත කරන අමුද්‍රව්‍ය පෙන්වාදිය හැකි ය. මෙකී අමුද්‍රව්‍ය ලෙස කැන්වස්කාඩ්බෝඩ්, හාඩ්බෝඩ්, රිජිෆෝම්, තුනී ලෑලි, රෙදි, ගෝනි රෙදි, වැනි කෘතීම ද්‍රව්‍ය පෙන්වාදිය හැකි ය. මේවා අද්‍යතන නව නිරමාණකරණයේ දී බහුල ව යොදාගන්නා බවක් අප නෙත ගැටී තිබේ. එයට හේතු වශයෙන් පෙන්වාදිය හැක්කේ මෙකී නිර්මාණ ආයාසයෙන් තොර ව වේදිකාවේ සවිකළ හැකි අතර සැහැල්ලු ශක්තිමත් භාවයකින් ද යුක්ත වීම ය.

නූතන රංග භූමි අලංකරණයේ භාවිත තවත් එක් ශිල්ප ක්‍රමයක් වන්නේ තාක්ෂණික උපක්‍රම භාවිත කරන අතර, ඒ අනුව පරිගණක සැලසුම් මගින් කරනු ලබන ආලෝකකරණය පෙන්වාදිය හැකි ය. මෙම නව තාක්ෂණික ක්‍රමය සදහා ලෝකයේ දියුණු රටවල් අද වන විට දැඩි නැබුරු බවක් පෙන්වන බව බොහෝ නිර්මාණ තුලින් අපට පෙනේ. ඩිජිටල් තාක්ෂණය ද එසේම ය. නූතන රංග භූමි අලංකරණයේ දී භාවිත තවත් එක් ශිල්ප ක්‍රමයක් ලෙස රංග භූමි වල විවිධතා පෙන්වාදිය හැක. ඒ යටතේ රංග භූමි වල ඇතුලත් විවිධ වේදිකා වර්ග අතර කවාකාර වේදිකා,ආරුක්කු වේදිකා, කැරකෙන වේදිකා පෙන්වාදිය හැකි ය. ඒ වගේ ම තත් කාළවකවානුව වන විට යාන්ත්‍රික ව  ක්‍රයයාත්මක  වන උපකරණ සහිත නවීනතම වේදිකා ද මෙරට ඉදි වී ඇත. එයට නිදසුන් ලෙස “නෙලුම් පොකුණ” වේදිකාව හදුන්වාදිය හැක.

          

 




4327 5

ලිපිය කියවා ඇති ගණන
4327

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - නර්තනය_සිංහල
තාලය යනු ........ භරත මුනිවරයා‍ගේ නාට්‍ය ශාස්ත්‍රය නම් ග්‍රන්ථ‍යේ තාලය තාල අධ්‍යාය යනු‍වෙන් සඳහන් ‍වේ. එ‍හෙත් එහි ඊට නිර්වචන සපයා නැත.එය සංස්තෘත භාෂා‍වෙන් තාලය යන්නට ‍යෙ‍දෙන පදයයි. ක්‍රි.ව. 6 වන සිය ව‍සේ දී අමර...
12-වසර - නර්තනය_සිංහල
වලියක් මංගල්‍යය මහනුවර දලදා මාලිගාවේ අවසාන රන්දොලි පෙරහැර නිම කිරීමෙන් පසු පසුදින දවල් පෙරහැර ගෙවදුනු ලැබේ. එසෙුම දවල් පෙරහැර සවස් වරුවේ ගෙවදිමත් සමග මාලිගාව අසල ඇති මහා විශ්ණු දේවාලයේ හතර වන මහලේ සත් දිනක් එකට පවත්වා මෙය අරඹනු ලැබේ. නුතන ලංකාවේ අද දක්වාත් දින 07 ක...
12-වසර - නර්තනය_සිංහල
  කලා ක්ෂේත්‍රය දකුණු ඉන්දියාවේ අඩයාර්හි පිහිටි නර්තන අධ්‍යාපන ආයතනයකි. මෙම ආයතනයෙහි ප්‍රදාන විෂය ක්ෂේත්‍රය ලෙස ඇත්තේ භරත නර්තනයයි. භරත නර්තනයට අමතර වශයෙන් නර්තනය හා බැදි අනෙකුත් විෂය ක්ෂේත්‍රයන් ද ඉගෙනුමට අවශ්‍ය කරනු ලබන පහසුකම් අද්‍ය...
12-වසර - නර්තනය_සිංහල
  රස නිශ්පත්තිය යනු මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කිරීමේදී පුද්ගල බද්ධව සිදුවන ක්‍රියාවලියක් ලෙසින් මිනිස් චිත්ත සන්තානයෙන් ඇතිවන හැගීම් එකිනෙකාට වෙනස් වන බැවින් යම් අත්දැකීමක් යම් කලා නිර්මාණයක් ආදිය හිදී එකිනෙකා ක්‍රියා කරන සහ සිත් වලට දැනෙන ආකාරයේ යම් කිසි...
12-වසර - නර්තනය_සිංහල
   කුවේණි අස්න කොහොබා කංකාරි ශාන්තිකර්මයේ ඇති ගයනය සහිත නර්තන අංගයක් වන මෙය විවිධ තාල ඇසුරින් නිර්මාණය වූ ශාස්ත්‍රීය නර්තන අංගයක් ලෙස පෙන්වාදිය හැකි ය. ගායනය සහිත ප්‍රථම නැටුම් අංගය වන අස්නේ නැටුමේ විවිද ගායන ෙශෙලීන් ඇතුලත් වී ඇත. පද්‍ය රචනයෙන් ක...
12-වසර - නර්තනය_සිංහල
  සන්නියකුම හෙවත් දහ අට සන්නිය වූ කලී පහතරට නර්තන සම්ප්‍රදායේ යකුන් වෙනුවෙන් පවත්වන්නා වූ ශාන්තිකර්මයක් ලෙස පෙන්වාදිය හැකිය . මෙහි වූ යක්ෂ චරිත ලෙස කළු යකා , රීරී යකා , අබිමාන යකා , මරු සන්නි යකා , සූනියම් යක්ෂනී සහ කෝල සන්නි යක්ෂයා හදුන්වා දීමට පුළුවන . මේ එක...
12-වසර - නර්තනය_සිංහල
  නූතනයේ රංග භූමි අලංකරණය කර ගැනීම සදහා විවිධ ශිල්ප ක්‍රම භාවිත කරන බව අද්‍යතන නව නිර්මාණය දෙස විමර්ශනාත්මක ව බැලීමෙන් අපට හදුනා ගත හැකි ය. අතීතයේ දී මෙන් නොව කාර්ය බහුල සමාජයක් තුළ වැඩි වෙලාවක් එක ස්ථානයක පුද්ගලයින් රදවා තබා ගැනීම අසීරු කරුණකි. එවන් වූ වට...
12-වසර - නර්තනය_සිංහල
කෝලම් ගැමි නාටකය උඩරට සම්ප්‍රදායට අයත් ප්‍රධාන ගැමි නාටකයමෙන් ම පහතරට පළාතට ආවේණික වූ ගැමි නාටකය වන්නේ “කෝලම්” නාටකය යි. කෝලම් නාටකයේ මූලික පරමාර්ථය වී ඇත්තේ හාස්‍ය උප්පාදනය හා සමාජයේ දුර්වල තැන් සියුම් ලෙස උපහාසයට ලක් කරමින් සමාජය සංශෝධනය කිරීම...
12-වසර - නර්තනය_සිංහල
කොහොඹා යකුම හෙවත් කොහොඹා යක්‌ කංකාරිය ශ්‍රී ලංකාවේ උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් ශාන්තිකර්මයන් අතර ප්‍රධානතම ශාන්තිකර්මය වූ කොහොබා යක්‌ කංකාරිය මහනුවර, උඩුනුවර, යටිනුවර, සත් කෝරලය, සතර කෝරලය, දුම්බර, හාරිස්‌පත්තුව වැනි ...
12-වසර - නර්තනය_සිංහල
  සොකරි නාටකය වනාහි උඩරට නර්තන සම්ප්‍රදාය හා බැදුණු ගැමි නාටක විශේෂයක් ලෙස හදුන්වාදිය හැකි ය. මාතලේ, හගුරන්කෙත, වන්නිය, බදුල්ල, ආදී ප්‍රදේශ පුරා ව්‍යාප්ත ව පවතින්නා වූ මෙකී ජන නාටකයෙහි ප්‍රදාන චරිත දෙකක් ලෙස “සොකරි” හා “ගුරුහාමි&r...
12-වසර - නර්තනය_සිංහල
  ඊසාන දිග ඉන්දියාවේ මනිපූර්හි අගනුවර වන ඉම්පාල් නගරය කේන්ද්‍රස්ථානය කොට ගෙන මනිපුරි නැටුම් සම්ප්‍රදාය බිහිවිය. ජන ජීවිතය හා බැදුණු විවිධ ජන කතා, දේව කතා හා රාධා ක්‍රෂ්ණා ඇසුරෙහි ගොඩනැගුණු කතා අන්තර්ගත ව බිහි වූ මෙම සම්ප්‍රදාය ඉතා මටසිලුටු, නම්&zwj...
12-වසර - නර්තනය_සිංහල
භරත නාට්‍යයේ දේව දාසී සංකල්පය භරත නාට්‍ය සම්ප්‍රදාය ප්‍රබල ලෙස හින්දු ආගමික සම්බන්දතාවක් මත ප්‍රබවය ලැබූ නර්තන අංගයක් බව දැක්වීමට මනා පිටුවහලක් වන්නේ දේවදාසී සංකල්පයයි. දේවාල වල දෙවියන් වෙනුවෙන් ඇප කැප වී සිටි කාන්තාවන් “දේවදාසීන්” ලෙස ඉ...
12-වසර - නර්තනය_සිංහල
ගැමි නැටුමෙන් හෙළිවන ආගමික පසුබිම ගැමි නැටුම වනාහි ගැමියන් විසින් ඔවුන්ගේ ජිවන වෘර්තීන්, සමාජ අවශ්‍යතා, සිරිත් විරිත්, ඇදහිලි - විශ්වාස හා ආගමික පසුබිම ඕනෑ එපාකම් යනා දී සියල්ල එකතුකර ගනිමින් නිර්මාණය කරගත්තා වූ කලා අංගයක් ලෙස පෙන්වාදිය හැකි ය. ප්‍රාථමික ගැමි ස...
kelum priyadarshana

12-වසර නර්තනය (සිංහල)

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...