භාරතීය නර්තනය හා බැදි අධ්‍යාපන ආයතන


 

කලා ක්ෂේත්‍රය

දකුණු ඉන්දියාවේ අඩයාර්හි පිහිටි නර්තන අධ්‍යාපන ආයතනයකි. මෙම ආයතනයෙහි ප්‍රදාන විෂය ක්ෂේත්‍රය ලෙස ඇත්තේ භරත නර්තනයයි. භරත නර්තනයට අමතර වශයෙන් නර්තනය හා බැදි අනෙකුත් විෂය ක්ෂේත්‍රයන් ද ඉගෙනුමට අවශ්‍ය කරනු ලබන පහසුකම් අද්‍යතනයේ දී ලබා දී ඇත. මෙම ආයතනයේ නිර්මාතෘවරිය ලෙස සලකන්නේ රුක්මණී දේවි අරුන්ඩේල් නමැති ශේ්‍රෂ්ඨ භරත නාට්‍ය ශිල්පිණියයි. මෙය මුලින් ම හදුන්වා ඇත්තේ “කලාව පිළිබද අන්තර්ජාතික විද්‍යායතනය” වශයෙන් බව රුක්මණී දේවි පසු කලෙක දී පැවැත් වූ සම්මුඛ සකච්ඡාවක දී කියා සිටියේ ය.

කලා ක්ෂේත්‍රය අරම්බයේ දී එයට සිසුන් ඇතුලත් කර ගැනීම පවා දුෂ්කර කාර්යයක් විය. එය ආරම්බ කරන ලද්දේ එක් ශිෂ්‍යාවකගෙනි. පසුව එම සංඛ්‍යාව හතරක් දක්වා වැඩි විය. රුක්මණී දේවිය නර්තන ශිල්පිණියක් ලෙස ජනප්‍රියත්වයට පත් වෙත් ම එයට ඇදී එන ශිෂ්‍ය සංඛ්‍යාව ද ක්‍රමයෙන් වැඩි විය. කලා ක්ෂේත්‍රයෙහි ප්‍රථම ගුරුවරුන් ලෙස කටයුතු කලේ “පණ්ඩ නල්ලූර් මීනාක්ෂි සුන්දරම් පිල්ලෙයි” සහ ඔහුගේ බෑනා වූ “චොක්කලිංගම්  පිල්ලෙයි” යන දෙදෙනා ය.පසුව සාරදා හොප්මන් සහ ක්‍රිෂ්ණාවතී ලක්ෂ්මන් යන ඇගේ ශිෂ්‍යාවන් දෙදෙනා එහි ගුරුවරුන් ලෙස පත් කරන ලදී. කලා ක්ෂේත්‍රය කලා අධ්‍යාපනයෙහි කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රුක්මණී දේවියගේ
අදහස විය. අද්‍යතනයේ දී එකී අදහස මල් පල ගැන්වී ඇත.


                                                                                                
චෙන්නායි ප්‍රදේශයේ අඩියාර්හි අක්කර 100 ක පමණ ප්‍රදේශයක විසිරී ඇති කලා ක්ෂේත්‍ර භූමියෙහි ඉගෙනුම ලබන දේශීය හා විදේශීය සිසුහු සොබාදහමට සමීපව තම ඉගෙනුම් කටයුතු කරගෙන යති. භාරතීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට භරත නර්තන විෂය සදහා එකී  අධ්‍යාපන ආයතනයේ දොරගුළු විවෘත වී ඇත. ශ්‍රී ලංකාවේ භරත නර්තනය පිළිබද කීර්තියක් උසුලන ප්‍රකට ශිල්පි ශිල්පිනියන්ගෙන් වැඩි දෙනෙක් එකී ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙති.

කේරල කලා මණ්ඩලය

කතකලි නර්තනය අතිශයින් පිරිහී තිබූ වකවානුවක එකී නර්තන කලාවේ ප්‍රවර්ධනය උදෙසා කේරල කලා මණ්ඩලය ආරම්බ කරනු ලැබී ය. එකී ආයතනයෙහි නිර්මාතෘවරයා වන්නේ මහා කවි “වල්ලිතෝල් නාරායන මෙන්න” මහතා ය. මොහු තම හිතවතුන්ගේ සහාය ඇති ව ආරම්බ කල සංවිධානය 1927 දී කේරල කලා මණ්ඩලම් යනුවෙන් කැලිකට් හිදී ලියාපදිංචි කරන ලදී. එහි කටයුතු කරගෙන යාමට මුදල් සදහා අරමුදලක් පිහිටවන ලද අතර විවිධ පුද්ගලයන්ගෙන් ඒ සදහා ආධාර ලබා ගන්නා ලදී.

එකී අරමුදල ප්‍රමාණවත් නොවූ හෙයින් ඉන්දීය රජයේ අනුමැතිය සහිත ව පවත්වන ලද ලොතරැයියක් මගින් එයට මුදල් රැස් කර ගන්නා ලදී. කේරල කලා මණ්ඩලම් ආයතනය නිත්‍ය ලෙස ආරම්බ වන්නේ 1930 වසරේ දී ය. “කැකට් මදෝම්”  නමැති කුන්නාම් කුලම්හි පිහිටි ප්‍රදේශකදී ආරම්බ කරන ලද මෙම ආයතනයට ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් නොවූ හෙයින් වල්ලිතෝල් නාරායන මෙන්නගේ හිතවතෙක් වූ  මුකුන්ද රාජා විසින් පරිත්‍යාග කරන ලද අම්බලපුරම්හි පිහිටි ගොඩනැගිල්ලක් වෙත රැගෙන යන ලදී. නව ප්‍රදේශයෙහි වඩාත් විදිමත් ලෙස සංවිධානය වූ කේරල කලා මණ්ඩලම් ආයතනය “කතකලි නර්තනය” නර්තනය සදහා ආරම්බ කරන ලද්දේ වුව ද එකී ආයතනය එම විෂයට පමණක් සීමා නොකළ යුතු බවට අදහස් කරන ලදී. ඒසේ ම එය කේරලයට පමණක් සිමා නොවිය යුතු යැයි සලකන ලද හෙයින් එකී ඉගෙනුමට දෙස් විදෙස් සිසුන්ට අවස්ථාව සලසා දෙන ලදී.  

                                                                    




3329 6

ලිපිය කියවා ඇති ගණන
3329

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - නර්තනය_සිංහල
තාලය යනු ........ භරත මුනිවරයා‍ගේ නාට්‍ය ශාස්ත්‍රය නම් ග්‍රන්ථ‍යේ තාලය තාල අධ්‍යාය යනු‍වෙන් සඳහන් ‍වේ. එ‍හෙත් එහි ඊට නිර්වචන සපයා නැත.එය සංස්තෘත භාෂා‍වෙන් තාලය යන්නට ‍යෙ‍දෙන පදයයි. ක්‍රි.ව. 6 වන සිය ව‍සේ දී අමර...
12-වසර - නර්තනය_සිංහල
වලියක් මංගල්‍යය මහනුවර දලදා මාලිගාවේ අවසාන රන්දොලි පෙරහැර නිම කිරීමෙන් පසු පසුදින දවල් පෙරහැර ගෙවදුනු ලැබේ. එසෙුම දවල් පෙරහැර සවස් වරුවේ ගෙවදිමත් සමග මාලිගාව අසල ඇති මහා විශ්ණු දේවාලයේ හතර වන මහලේ සත් දිනක් එකට පවත්වා මෙය අරඹනු ලැබේ. නුතන ලංකාවේ අද දක්වාත් දින 07 ක...
12-වසර - නර්තනය_සිංහල
  කලා ක්ෂේත්‍රය දකුණු ඉන්දියාවේ අඩයාර්හි පිහිටි නර්තන අධ්‍යාපන ආයතනයකි. මෙම ආයතනයෙහි ප්‍රදාන විෂය ක්ෂේත්‍රය ලෙස ඇත්තේ භරත නර්තනයයි. භරත නර්තනයට අමතර වශයෙන් නර්තනය හා බැදි අනෙකුත් විෂය ක්ෂේත්‍රයන් ද ඉගෙනුමට අවශ්‍ය කරනු ලබන පහසුකම් අද්‍ය...
12-වසර - නර්තනය_සිංහල
  රස නිශ්පත්තිය යනු මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කිරීමේදී පුද්ගල බද්ධව සිදුවන ක්‍රියාවලියක් ලෙසින් මිනිස් චිත්ත සන්තානයෙන් ඇතිවන හැගීම් එකිනෙකාට වෙනස් වන බැවින් යම් අත්දැකීමක් යම් කලා නිර්මාණයක් ආදිය හිදී එකිනෙකා ක්‍රියා කරන සහ සිත් වලට දැනෙන ආකාරයේ යම් කිසි...
12-වසර - නර්තනය_සිංහල
   කුවේණි අස්න කොහොබා කංකාරි ශාන්තිකර්මයේ ඇති ගයනය සහිත නර්තන අංගයක් වන මෙය විවිධ තාල ඇසුරින් නිර්මාණය වූ ශාස්ත්‍රීය නර්තන අංගයක් ලෙස පෙන්වාදිය හැකි ය. ගායනය සහිත ප්‍රථම නැටුම් අංගය වන අස්නේ නැටුමේ විවිද ගායන ෙශෙලීන් ඇතුලත් වී ඇත. පද්‍ය රචනයෙන් ක...
12-වසර - නර්තනය_සිංහල
  සන්නියකුම හෙවත් දහ අට සන්නිය වූ කලී පහතරට නර්තන සම්ප්‍රදායේ යකුන් වෙනුවෙන් පවත්වන්නා වූ ශාන්තිකර්මයක් ලෙස පෙන්වාදිය හැකිය . මෙහි වූ යක්ෂ චරිත ලෙස කළු යකා , රීරී යකා , අබිමාන යකා , මරු සන්නි යකා , සූනියම් යක්ෂනී සහ කෝල සන්නි යක්ෂයා හදුන්වා දීමට පුළුවන . මේ එක...
12-වසර - නර්තනය_සිංහල
  නූතනයේ රංග භූමි අලංකරණය කර ගැනීම සදහා විවිධ ශිල්ප ක්‍රම භාවිත කරන බව අද්‍යතන නව නිර්මාණය දෙස විමර්ශනාත්මක ව බැලීමෙන් අපට හදුනා ගත හැකි ය. අතීතයේ දී මෙන් නොව කාර්ය බහුල සමාජයක් තුළ වැඩි වෙලාවක් එක ස්ථානයක පුද්ගලයින් රදවා තබා ගැනීම අසීරු කරුණකි. එවන් වූ වට...
12-වසර - නර්තනය_සිංහල
කෝලම් ගැමි නාටකය උඩරට සම්ප්‍රදායට අයත් ප්‍රධාන ගැමි නාටකයමෙන් ම පහතරට පළාතට ආවේණික වූ ගැමි නාටකය වන්නේ “කෝලම්” නාටකය යි. කෝලම් නාටකයේ මූලික පරමාර්ථය වී ඇත්තේ හාස්‍ය උප්පාදනය හා සමාජයේ දුර්වල තැන් සියුම් ලෙස උපහාසයට ලක් කරමින් සමාජය සංශෝධනය කිරීම...
12-වසර - නර්තනය_සිංහල
කොහොඹා යකුම හෙවත් කොහොඹා යක්‌ කංකාරිය ශ්‍රී ලංකාවේ උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් ශාන්තිකර්මයන් අතර ප්‍රධානතම ශාන්තිකර්මය වූ කොහොබා යක්‌ කංකාරිය මහනුවර, උඩුනුවර, යටිනුවර, සත් කෝරලය, සතර කෝරලය, දුම්බර, හාරිස්‌පත්තුව වැනි ...
12-වසර - නර්තනය_සිංහල
  සොකරි නාටකය වනාහි උඩරට නර්තන සම්ප්‍රදාය හා බැදුණු ගැමි නාටක විශේෂයක් ලෙස හදුන්වාදිය හැකි ය. මාතලේ, හගුරන්කෙත, වන්නිය, බදුල්ල, ආදී ප්‍රදේශ පුරා ව්‍යාප්ත ව පවතින්නා වූ මෙකී ජන නාටකයෙහි ප්‍රදාන චරිත දෙකක් ලෙස “සොකරි” හා “ගුරුහාමි&r...
12-වසර - නර්තනය_සිංහල
  ඊසාන දිග ඉන්දියාවේ මනිපූර්හි අගනුවර වන ඉම්පාල් නගරය කේන්ද්‍රස්ථානය කොට ගෙන මනිපුරි නැටුම් සම්ප්‍රදාය බිහිවිය. ජන ජීවිතය හා බැදුණු විවිධ ජන කතා, දේව කතා හා රාධා ක්‍රෂ්ණා ඇසුරෙහි ගොඩනැගුණු කතා අන්තර්ගත ව බිහි වූ මෙම සම්ප්‍රදාය ඉතා මටසිලුටු, නම්&zwj...
12-වසර - නර්තනය_සිංහල
භරත නාට්‍යයේ දේව දාසී සංකල්පය භරත නාට්‍ය සම්ප්‍රදාය ප්‍රබල ලෙස හින්දු ආගමික සම්බන්දතාවක් මත ප්‍රබවය ලැබූ නර්තන අංගයක් බව දැක්වීමට මනා පිටුවහලක් වන්නේ දේවදාසී සංකල්පයයි. දේවාල වල දෙවියන් වෙනුවෙන් ඇප කැප වී සිටි කාන්තාවන් “දේවදාසීන්” ලෙස ඉ...
12-වසර - නර්තනය_සිංහල
ගැමි නැටුමෙන් හෙළිවන ආගමික පසුබිම ගැමි නැටුම වනාහි ගැමියන් විසින් ඔවුන්ගේ ජිවන වෘර්තීන්, සමාජ අවශ්‍යතා, සිරිත් විරිත්, ඇදහිලි - විශ්වාස හා ආගමික පසුබිම ඕනෑ එපාකම් යනා දී සියල්ල එකතුකර ගනිමින් නිර්මාණය කරගත්තා වූ කලා අංගයක් ලෙස පෙන්වාදිය හැකි ය. ප්‍රාථමික ගැමි ස...
kelum priyadarshana

12-වසර නර්තනය (සිංහල)

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...