නාට්‍ය කලාවේ සීමා


නාට්‍ය කලාවේ සීමා

 

නාට්‍ය කලාව වෙනත් කලා මාධ්‍යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය.

නාට්‍ය හා කතා කලාව

කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් කතාව ','ජන කතාව ','ජාතක කතාව ','කතාදරය ' අරුත් ගැන්වෙයි .කතා කලාව  රස විදීමේ හෝ පුරාණයේ මෙන් ආසා රස විදීමේ මාධ්‍යකි .'ආඛ්‍යානය ''ශ්‍රව්‍ය කාව්‍ය 'ලෙස හදුන්වන්නේ එනිසා ය .පුරාණයේ 'මහා භාරතය ','රාමායනය ','ජාතක පොත ','සද්ධර්මරත්නාවලිය 'වැනි සම්භාව්‍ය කෘති ජනයා රැස් වන ඉස්තාන වල කියවා අකුරු නොදන්නා අයට ආසා රස විදීමට සලස්වා තිබේ .කතා කලාව පාඨකයින් සදහාය .

දෘශ්‍ය කාව්‍ය ලෙස හදුන්වන නාට්‍ය 'ඇසීමෙන් 'හා 'බැලීමෙන් ' රස විදීමේ මාධ්‍යකි .නාට්‍ය කරුවා යම් කතා පුවතක් හෝ අතීත කතාවක් සිදු වුයේ කෙලසද යන්න රග දක්වා පෙන්වයි .ප්‍රේක්ෂකයා එය බලා රස විදියි . 

කතා කලාවේ අවස්ථා ,සිද්ධි ගොඩනැගෙන්නේ අතීත රුපයෙනි .නාට්‍ය පෙළක [පිටපතක ] අවස්ථා ,සිද්දි නිරූපණය වන්නේ වර්තමාන රුපයෙනි .නළු නිලියෝ  නාට්‍යයේ කතා පුවත උචිත අභිනය දක්වමින් නාට්‍යමය අවස්ථා සිද්දි වේදිකාව මත 'සජිවිකරණය 'කරති . ප්‍රේක්ෂකයාට  එය දැනෙන්නේ මේ මොහොතේ සිදු වන සිදුවීමක් ලෙසය .

කතාව කියවීමට නිශ්චිත වෙලාවක් නැත .තම විවේකය පරිදි ටික ටික කියවා ගත හැකිය .අනවශ්‍ය විස්තර වර්ණනා අතහැර කියවීමෙන් රසයට බාධාවක් නැත .පාඨකයාට කාලය පිළිබද සීමාවක් නැත .වසරක් පුරා උවද කතාව ටිකින් ටික කියවිය  හැකිය .රසවත් සිදුවීම් නැවත නැවත කියවා රස විදිය හැකිය .නාට්‍ය කලාවට නිශ්චිත ආරම්භයක් අවසානයක් ඇත .ප්‍රේක්ෂක හිතුමතේ නාට්‍ය නැරබිය නොහැක .මනා අවදානයකින් නාට්‍ය නැරබිය යුතුය .මොහොතක් අවදානය වෙනස් උවහොත් අවස්ථා ,සිද්දි මග හැරී යයි .

කතාව කියවන්නාට මනාප තැනක සිට කියවිය කියවිය හැකිය . ස්ථානය තම නිවාස ,දුම්රිය නැවතුම ,බස් රිය ,අවන්හල ,විය හැකිය .ස්ථානය පිළිබද සීමාවක් නැත .නාට්‍යක් නැරබීමට නම් ඒ සදහා නිශ්චිත රගහලට යා යුතුය .ස්ථානය පිළිබද සීමාවක් පවතී .

කතා කලාව කේවල මධායකි .රචාකයා තමන් ඉදිරියේ නැති නොදන්නා පාඨක පිරිසක් අමතයි . පාටක ප්‍රතිචාර ඒ මොහොතේ නොලැබෙයි .ශිල්පීන් රැසකගේ සුසංයෝගයේන් යුතුව නාට්‍ය සාමුහික කළා මාධ්‍යකි .සාමුහික ප්‍රයත්නයේ සාර්ථකත්වය මත නාට්යේ සාර්ථකත්වය රදා පවතී .එය 'කණ්ඩායම් ක්‍රියාවලියකි'.නාට්‍ය ප්‍රේක්ෂකයා සජීවීව ඊට සම්බන්ද වී ඒ මොහොතේදී ම ප්‍රතිචාර දැක්වයි .නාට්‍ය හා ප්‍රේක්ෂකයා අතර සිදු වන්නේ ප්‍රබල සජීවී ගනුදනුවකි .

කතා සදර්භය ගොඩනැගීමේදී කතා රචකයට සිමා නැත . පාඨක පරිකල්පනය මැවෙන අයුරින් අවස්ථා ,සිද්දි ,චරිත,හැගීම් ,වර්ණනා විස්තරාත්මකව ඉදිරිපත් කරයි .කතා කලාව දීර්ඝ වීම ගැටළුවක් නොවේ .[කෙටි කතව මිට වෙනස්ය ]නාට්‍ය මාධ්‍යයේ  එවන් දිගු විස්තර වර්ණනා අනවශ්‍ය .අවස්ථා ,සිද්දි ඉතා කෙටියෙන් ,සියුම්ව ඉදිරිපත් කල යුතුය .අවස්ථා ,සිද්දි වල කෙටි බව මෙන්ම ,සියුම් බව මෙන්ම ,සියුම්ව ඉදිරිපත් කලයුතුය .හේතුඵල සබදතාවක් රංගයට අත්‍යවශ්‍ය .අවස්ථා සිද්දි හැකි තරම් හකුළුවා ඉද්දිරිපත් කිරීම වේදිකාවේ සුවිශේෂී ලක්ෂණයයි .අනවශ්‍ය  දේ නාට්‍යයේ ඒකාබද්ධතාවට ත් ,රසයටත් ප්‍රබල හානියකි .අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය පමණක් නාට්‍ය මාද්‍යයේ දී තෝරා ගත යුතුය .

කතා කලාවේ දී පාඨකයා පරිකල්පනය මගින් අවස්ථා ,සිද්දි මනසේ මවා ගනී .එය පාඨකයාගේ බුද්ධිය ,පරිකල්පන ශක්තිය ,රස වින්දන ශක්‍යතාවය අනුව වෙනස් වේ .නාට්‍ය මාධ්‍යයේ සියල්ලන් ම දකින්නේ එක ම දර්ශනය යි  . නමුත් නාට්‍ය විග්‍රහ කර ගැනීම පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්ය .

කතා මාධ්‍ය ශක්‍යතා ගුණයෙන් යුතුය .කඩදාසිය මත මුද්‍රිත ද්‍රව්‍ය සගවා වසර දහස් ගණන් උවද සුරැකිව තබාගනී අවශ්‍ය මොහොතක පමණක් ස්පර්ශ කළ හැකිය කියවිය හැකිය .නාට්‍ය ට ප්‍රක්ෂකයා ඉදිරියේ සජීවී වනතුරු සැගවී සිටින්නට තැනක් නැත .එය නාට්‍යක් වන්නේ ප්‍රේක්ෂකයා ඉදිරියේ පමණි .ඉන්පසු නාට්‍යක් නැත ඇත්තේ නාට්‍ය පිටපත පමණි.          

 




535

ලිපිය කියවා ඇති ගණන
535

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
නාට්‍ය කලාවේ සීමා   නාට්‍ය කලාව වෙනත් කලා මාධ්‍යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්‍ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් කතාව ','ජන කතාව ','ජාතක කතාව ','කතාදරය ' අරුත් ගැන්වෙයි .කතා කලාව  රස විදීමේ හෝ පුරාණ...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
රංග රිද්මය (Rythem of Acting )  නාට්‍ය ප්‍රෙක්ෂක මනසේ "යථාර්ථයේ මායාව" ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්‍රේක්ෂක වින්දනයට හා බුද්ධියට ය. ප්‍රේක්ෂකයා  ද වින්දනය  ස්පර්...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
නාට්‍ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴   සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray)     සමාරෝපය (Impersonation )   පවතින සැබෑ යථා ස්වරූපයෙන්  බැහැ...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්‍රියාවලියකි.මිනිසා විද්‍යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්‍යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්‍රියාවන්ට දේවත්වයද සචෙිතනික ගුණය ...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
නෘත්ත,නෘත්‍ය,නාට්‍ය  ඉහත සඳහන් නෘත්ත,නෘත්‍ය,නාට්‍ය යන මෙි වචන තුන නාට්‍ය ශාස්ත්‍රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් නැත්නමි "නටි" ධාතුවෙන් ද සිද්ධ වන බව පෙනේ. නෘත,නෘත්‍ය ,නාට්&...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
කලාව    "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්‍රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ පිලිබදව විවිධ මත පළ කළහ. නමුත්  කලාව පිලිබදව අදහස් දක්වන විචාරකයින් ඒක...
අමිල බංඩාර

12-වසර නාට්‍ය හා රංග කලාව

අනෙකුත් ලිපි
10-වසර - ඉතිහාසය
මෙම ලිපිය මගින් පුරා විද්යාත්මක මූලාශ්රයයන්ට අයත් කාසි හා පුරාණ නටඹුන් ආදිය පිළිබදව සාකච්ඡා කෙරේ. කාසි නාණක හෙවත් කාසි වර්ග ඉතා වැදගත් පුරාවිද්යාත්මක මූලාශ්රයකි. මෙමගින්, ඒ ඒ වකවානුවල ලෝහ ...

10-වසර - ඉතිහාසය
පුරාවිද්යාත්මක මූලාශ්ර පුරාවිද්යාත්මක මූලාශ්රවලින් ලබා ගන්නා ඕනෑම වස්තුවක් මගින් පුරා විද්යාක්මක සාක්ෂි මතුකර ගත හැකි ය. කිසියම් සිදුවීමක් සිදු වූ කාලයේම සටහන් කර තැබූ හෝ එකල ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
දත්ත සන්නිවේදනය හා පරිගණක ජාල(DATA COMMUNICATION AND COMPUTER NETWORK) දත්ත සන්නිවේදනය(DATA COMMUNICATION) එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්රේෂණය කිරීම දත්ත සන්නිවේදනය නම් වේ. මෙහිදී දත්ත සම්ප්රේෂණය කරනු ...

10-වසර - සිංහල සාහිත්‍යය සංග්‍රහය
01.සතරකන්මණ්ත්රණය 1.පන්සිය පනස් ජාතක පොත රචනා කලේකුමන කාලයේද? ................................................................................................................................................................. 2.මෙයට අනුග්රහය දැක්වූයේ කවුද ? .................................................................................................................................................................. 3.ජාතකපොත ඇසුරින් ලියවූග්රන්ථ 3ක්ලියන්න. .................................................................................................................................................................. 4.ජාතක පොත ඇසුරින් රචිත ගීකාව්ය 3ක්ලියන්න. ................................................................................................................................................................. 5.ජාතක පොත ඇසුරින් රචිත කාව්ය ග්රන්ථ 5ක්ලියන්න. .................................................................................................................................................................. 6.ජාතක ...

12-වසර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
2.3 වොන් නියුමාන් ආකෘතිය 1945 දී ගණිතඥයෙකු වූ ජෝන් වොන් නියුමාන් (John Von Neummann) පරිගණක සඳහා භාවිතා කළ හැකි වූ නව සංකල්පයක් හඳුන්වා දෙනු ලැබුවේය. එහි ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...