නාලන්දා විශ්වවිද්‍යාලයේ පරිහානිය.


නාලන්දා විශ්වවිද්‍යාලයේ පරිහානිය.


නාලන්දා විශවවිද්‍යාලය ආරම්භයේ දී කියන ලද ආනාවැකිය පසුකාලීනව සනාථ විය. හියුංත්සාං සඳහන් කරන ආකාරයට ආරාමය ගොඩනැගීමට බිම කැනීමේ දි එක් නාගයෙකුට තුවාල සිදු විය. මේ සිදුවීම මුල්කොට ගෙන නිමිත්ත පාඨකයෙක් මේ භූමියේ අනාගතය පිළිබඳව අනාවැකියක් ප‍්‍රකාශ කළේය. ”මෙම භුමිය අතිශ්‍රේෂඨය. මෙහි ගොබනගන ආරාමය පඤ්ච භාරතයටම ආදර්ශයක් වෙමින් සමෘධිමත්ව වසර දහසක් පවත්නේය. සියලූ විද්‍යාර්ථයින්ට මෙහිදී තමන්ගේ ඉගැනීම සම්පූර්ණකළ හැකි වන්නේය. නමුත් නාගයාගේ ලේ සෙලවීම නිසා මෙතැන දී බොහෝදෙනෙකුගේ ලේ වැගිරෙන්නේය” එය පසුකාලයේ සනාථ විය. මහමුද් ඉබන් භක්තියාර් නම් මුසල්මානු ආක‍්‍රමනිකයා නාලන්දා විශ්වවිද්‍යාලයේ සිටි සියලූම දෙනා සමූල ඝාතනය කළේය. ඒ ක‍්‍රි.ව. 1199 වර්ෂයේදීය. මේ අනුව බලන කල එම අනාවැකි සිද්ධිය ෂත්‍යක් වූ බව පැහැදිලිය. නාලන්දා විශ්විද්‍යාලයේ විනාශය එච්. පී. රෝලින්සන් නම් ඉතිහාසඥයා ”භාරතීය සංස්කෘතික ඉතිහාසය” නැමති ග‍්‍රන්ථයේ මෙසේ විස්තර කරයි. ”වර්ෂ 1199 දී මහමුද් ඉබන් භක්තියාර් විසින් බිහාර් ප‍්‍රදේශය හදිසියේ අල්ලා ගන්නා ලද්දේය.මුලු බලකොටුව සහ නගරය විද්‍යාලයකැයි සොයා දැනගන්නා ලදී. හින්දි භාෂාවෙන් ඔවුහු විද්‍යාලයකට බිහාර් යයි කීහ. හිස මුඩුකළ මහණ භික්‍ෂූන් සහමුලින්ම පාහේ වනසා දමන ලදහ. ඔවුන් සමග ඉන්දියාවේ පැවති බුදු සමයේ අන්තිම පහන් සිල නිවීගියේය. නාලන්දා මහා විශ්ව විද්‍යාලය එයට අයිති අමූල්‍ය පුස්තකාලය ද වනසා දමන ලදී. විහාරය හා ප‍්‍රතිමවෝ කැබලි කොටලන ලදහ” භක්තියාර්ගේ මුසල්මානු හමුදාව කළ මේ බිහිසුණු අපරාධය මුලු මහත් මානව සංහතියට කළ අපරාධයකි. මෙම සංහාරයේ දී භාෂා ශාස්ත‍්‍ර, දර්ශනවාධ උගත් දහස් ගණන් භික්‍ෂූන් වහන්සේලා බෙලිකපා මරා දැමූ ඇටසැකිලිවල ශේෂ, අගුරු වී ගිය බත්ඇට සහිත පාත‍්‍රා කැබලි තවමත් නටඹුන් අතර පවතී. මේවා වර්තමානයේ නාලන්දා කෞතුකාගාරයේ දී නැරඹිය හැකිය. මේ මහා මිනිස් ඝාතනය මෙහෙය වූ මුස්ලිම් හමුදාවේ නායකයා නාලන්දාවේ දානය වළඳමින් සිටි භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කර තම අධිරාජ්‍යාට වර්තාකළේ ”කහපාට නිලඇඳුමින් සැරසීගත් හමුදාවක් ඉතා පහසුවෙන් සම්පූර්ණයෙන් ඝාතනය කළ බවයි”. මේ මහා විනාශයෙන් නව මහල් පුස්තකාලය ඇතුලූ අනෙක් පුස්තකාල දෙක මස හයක් තිස්සේ ගිණිගත් බව පැවසේ. එම පුස්තකාලය එදා ලෝකයේ තිබූන් විශාලතම පුස්තකාලය ද වේ. මේ මහා විනාශය වන තෙක්ම නාලන්දා විශ්වවිද්‍යාලය ඉතා දියුණු තත්වයක පැවතී ඇත. මේ කාලයේ ඉන්දියාවේ තිබූ අනෙකුත් විශ්වවිද්‍යාල වූ තක්‍ෂිලා, ජගද්දලා හා වික‍්‍රමශීලා යන විශ්වවිද්‍යාල අතර විශිෂ්ඨ වූ එකක් විය. මෙතරමි දියුණු තත්වයක තිබූ මෙම විශ්වවිද්‍යාලයට මෙවැනි විනාශයක් කළ මුහම්මද් ඉබන් භක්තියාර්ගේ ඉරණම ඉතා ඛේදජනක විය. ”තිබ්බතය” ආක‍්‍රමණය කිරීමට සිතු ඉබන් භක්තියාර් ඉන්දියානු තිබ්බත දේශ සීමාවේ පිහිට් මහ ගංගාව තරණය කරද්දී ඔහුගේ සේනාව බලාපොරොත්තු නො වූලෙස ගලාගෙන පැමිණි ජල පහරකට හසු වී විනාශ වූහ. සේනාවට සිදු වූ විපත දරාගත නොහැකි වූ ඉබන් භක්තියාර් සියදිවි හානි කරගත්තේය. විනාශ වූ විශ්වවිද්‍යාලය නැවත ඉදි කීරීමට මුද්‍රිතභද්‍ර තෙරුන් මහත් උතසාහයක් දැරීය. නමුත් මෙම විශාල ආයතනය නැවත ගොඩනැගීම දුෂ්කර වූයේ ය. වසර 1000 ක් පමණ කාලයක් භාරතීය ජනතාවට ධර්මාවලෝකය හා ශාස්ත‍්‍රලෝකය ලබා දුන් නාලන්ද විශ්්වවිද්‍යාලය මුලු ආසියාව පුරාම කීර්ති රාවය පැතිර වූ ශ්‍රේෂ්ඨ බෞද්ධ අධ්‍යාපන අයතනක් වූයේය. මෙසේ දීපතිමත් ප‍්‍රදීපස්තම්භයක් බඳු වූ නාලන්දා විශ්වවිද්‍යාලය අතීත තොරතුරු පවසමින් නටබුන් අතරට එකතු වූයේ ය.




2465

ලිපිය කියවා ඇති ගණන
2465

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - බුද්ධ_ධර්මය
නාලන්දා විශ්වවිද්‍යාලයේ පරිහානිය. නාලන්දා විශවවිද්‍යාලය ආරම්භයේ දී කියන ලද ආනාවැකිය පසුකාලීනව සනාථ විය. හියුංත්සාං සඳහන් කරන ආකාරයට ආරාමය ගොඩනැගීමට බිම කැනීමේ දි එක් නාගයෙකුට තුවාල සිදු විය. මේ සිදුවීම මුල්කොට ගෙන නිමිත්ත පාඨකයෙක් මේ භූමියේ අනාගතය පිළිබඳව අනාවැ...
12-වසර - බුද්ධ_ධර්මය
නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භය හා විකාශය. භාරතීය බෞද්ධයන් සතු විශිෂ්ට ගණයේ උසස් බෞද්ධ අධ්‍යාපන ආයතන කිහිපයක් පිළිබඳව ඓතිහාසික සාධක විමසීමේ දී පැහැදිලි වේ. මගධ රාජධානියේ වර්තමාන බිහාර් ප‍්‍රාන්තයේ, රජගහ නුවරට සැතපුම් හතක් උතුරු දෙසින් නාලන්දාව පිහිටියේ ය...
12-වසර - බුද්ධ_ධර්මය
බුද්ධ කාලින භාරතයේ සමාජයීය පසුබිම කාන්තාව පිළිබද බ්‍රාහ්මණ චින්තනය භාරතීය ඉතිහාසයේ කාන්තාව ඉතාම පහත් කොට සැලකූ අදුරුතම යුගයක් ලෙස බ්‍රාහ්මණ යුගය ලෙස හැදින්විය හැක. පූර්ව වෛදික යුගයේදී කාන්තාවට තිබූ ගරුත්වය, නිදහස බ්‍රාහ්මණ යුගය වන විට සම්පූර්ණයෙන්ම අහිමිකර...
12-වසර - බුද්ධ_ධර්මය
ෂඩ් ශාස්තෘවරු ක්‍රි.පූ. 6 සහ 7 වන සියවස්වල එනම් බුද්ධ කාලින භාරත සමාජය තුල වැඩි වශයෙන්ම ප්‍රචලිතව පැවතියේ බ්‍රාහ්මණ ඉගැන්වීම් වේ. ඔවුන් විසින් ඉදිරිපත්කරන ලැබූ ධර්මය හා දර්ශනයන් හුදෙක් රදල පංතියේ චිරස්ථිතිය සදහා පමණක්ම වූ අතර පීඩිත සමාජය මෙම දර්ශනයන් හා ඇදහ...
12-වසර - බුද්ධ_ධර්මය
බුද්ධ කාලින භාරතයේ ආගමික පසුබිම. සිද්ධාර්ථ කුමරා උපත ලැබූ (ක්‍රි.පූ 623) කාලය වන විට භාරතයේ පැතිරි තිබූ ආගම්/ඇදහිලි අතුරින් මූලික ස්ථානයක් ගනු ලබන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම් වේ. බ්‍රාහ්මණ ඉගැන්වීම් සබැදිව ලිඛිත ග්‍රන්ථ 04 ක් අවධානයට යොමුවේ. ඒවා වේද ග්‍ර...
විජය හිමි

12-වසර බුද්ධ ධර්මය

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...