අස්නේ නර්තනය


 

කොහොඹා කංකාරිය ශාන්තිකර්මයෙහි එන ශාස්ත්‍රීය නර්තනාංගයක් වන අස්නේ නැටුම සාමූහික නර්තනාංගයකි. ගායනය සහිත ව නර්තනය කරනු ලබන මෙකී නර්තනාංගය සදහා කොහොඹා  කංරියට සහභාගි  වන සියලුම යක් දෙස්සන් සහභාගි වීම සම්ප්‍රදායික ලක්ෂණයක් වන අතර වෘත්තකර පථයක ගමන් කරමින් නර්තනයෙහි යෙදීම මෙකී නර්තනයෙහි සුවිශේෂී ලක්ෂණයක් වන අතර නර්තන ශිල්පීහු තම තමන්ගේ ශිල්පීය කුසලතා ප්‍රදර්ශනය කිරීම සදහා මෙය අවස්ථාවක් කර ගනිති. සඟ මහලු පිළිවෙලට නැතහොත් වැඩිහිටි බව හා ප්‍රවීනත්වය අනුව එකිනෙකා පිටුපසින් රඟමඩලට ප්‍රවේශ වීම මෙහි දී දැකිය හැකි සත් චාරිත්‍රයකි. අස්නේ නර්තනය ප්‍රථම වරට අභ්‍යාසයෙහි යෙදීමේ දී එයට අයත් පද කොටස් තාල තබා කීම වැදගත් ය. එමගින් තාලය සහ ලය වේගය පිලිබද ව අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. අස්නේ නැටුම විලම්බ ලයෙන් ආරම්භ වී අනුක්‍රමයෙන් එක් පදයෙන් පදයට ලය වේගය වර්ධනය වීමේ ලක්ෂණයක් දක්නට ඇත. එසේ හෙයින් අතින් තාල තබමින් පද කොටස් කීමේ හැකියාව ඇති කර ගැනීමෙන් ලය වේගය උචිත මට්ටමින් පවත්වා ගැනීමට  කුසලතාව ඇති කර ගත හැකි ය.

අස්නේ නැටුම සම්ප්‍රදායික ව නර්තනය කිරීමේ දී පොල් පන්දමක් එක් අතකින් දරා සිටීම සම්ප්‍රදායික කොහොඹා කංකාරියේ දී දැකිය හැකි ලක්ෂණයකි. එසේ ම ආතෝරකරු නර්තන කණ්ඩායම ඉදිරියෙන් කොප්පරා පන්දමක් රැගෙන යෑම ද මෙහි සාම්ප්‍රදායික ලක්ෂණයකි. අතීතයේ දී මේ ආකාරයෙන් පන්දමක් රැගෙන කරන ලද්දේ ආලෝකයේ අවශ්‍යතාවය මුල් කරගෙන බව ඉතිහාසයේ සදහන් වේ. කාලයාගේ ඇවෑමෙන් ආලෝකය සදහා යොදා ගත් අත් පන්දම නර්තනයට අදාළ රංග භාණ්ඩයක් ලෙසට අනුවර්තය විය. එසේ හෙයින් අස්නේ නර්තනයෙහි යෙදීමේ දී එකී රංග භාණ්ඩය අත දරාගෙන නර්තනයෙහි යෙදීමේ කුසලතාවය ද ඇති කර ගත් යුතු ය. අස්නේ නැටුම ගායනය සමග යෙදෙන නර්තනයක් වන හෙයින් ගායනය කරමින් නර්තනය කිරීමේ හැකියාව අනිවාර්ය අවශ්‍යතාවයකි.

ගායනය තාල රූප කිහිපයකට අනුව යෙදෙන හෙයින් තාල තබා ගායනය කිරීමටත්, ගායනය කරමින් නියමිත අංගහාරයන් පවත්වා ගනිමින් ගුරුවරයා අනුකරණය කරමින් නර්තනය පුහුණු විය යුතු ය. සාම්ප්‍රදායික නර්තනයක් වන හෙයින් ගුරුවරයා අනුකරණය කරමින් ඉගෙන ගැනීම මෙහි දී යොදාගත හැකි සාර්ථක හා ගුණාත්මක ඉගෙනුම් ක්‍රමවේදයයි. නියමිත ආකාරයෙන් ලය වේගය පවත්වා ගැනීම පිලිබදව අතිශයින් ම සැලකිලිමත් විය යුතු ය. ඇතැම් බෙර පදවල ස්වාභවය අනුව නිතැතින් ම ලය වේගය වැඩි කිරීමට පෙලඹ වීමක් ඇති වන බැවින් එකී පෙලඹවිමට අනවශ්‍ය ලෙස වහල් නොවී උචිත ලය වේගය පවත්වා ගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු ය. බෙර වාදනය සමග කණ්ඩායම් වශයෙන් සහ තනි තනි ව ගායනය සහිත ව නර්තන කිරීමේ නිපුණතාවය අත්පත් කර ගැනීම මෙහි දී අපේක්ෂා කෙරේ.

1. පදය            :-  තකුංත කුංකුං රුදගත

                          කුකුතක ජිං

                          තත් ජිං - ගත්තක

                          ජිංත ගතට ගත

කස්තිරම           :-  ගජ්ජිං කඩතක ජිංතක ජිංගත කුංදත් ///

                          ගජ්ජිං කඩතක ජිං කුඳ //

                          ගජ්ජිං කඩතක ජිංතක ජිංගත කුංදත්  

                          ගජ්ජිං කඩතක ජිංතක

                          ජිංගත කුංදත් තා

2. පදය            :-  කුංජිං ගත්තත් තකුජිං ගත්තත්

                          කුංජිං ගත්ත කුදා  - තකට තක

                          තක්කඩ තරිකිට ජිජි කුඳ

                          ජික්කඩ තරිකිට ජිජි කුඳ

                          කඩතක තරිකිට ජිජි කුඳ

                          තත් ජිත් තොං නං තා     

                    

                                           





13-වසර - නර්තනය_සිංහල
  දේශීය නර්තනයෙහි නව ප්‍රවනතාවයන් කෙරෙහි බලපෑ තවත් ප්‍රධාන සාධකයක් වන්නේ තාක්ෂණික හා විද්‍යාත්මක පරිවර්තනයයි. සාම්ප්‍රදායික රඟමඩලෙහි පන්දම් එළියෙන් නැතහොත් විලක්කු ආලෝකයෙන් එළිමහන් රඟමඩලක රඟ දැක්වූ දේශීය නර්තනය තාක්ෂණික දියුණුවත් සමගම ගෘහස්ත වේදිකා...
13-වසර - නර්තනය_සිංහල
චිත්‍ර කලාව නර්තනයත් සමග සමගාමීව පවත්නා වූ විෂයකි. සාම්ප්‍රදායික ශාන්තිකර්ම හා බැදි සැරසිලි කලාවට අදාළ සියලු ම අංගෝපාංග නියෝජනය කරයි. රංග භූමි අලංකරණය සදහා යොදා ගනු ලබන සියලුම සැරසිලි කලාත්මක නිර්මාණයෝ වෙති. කෙසෙල් පතුරු ලී මැස්ස මත බැදීමේ සිට විවිධ සැරසිලි ආකෘත...
13-වසර - නර්තනය_සිංහල
  කොහොඹා කංකාරිය ශාන්තිකර්මයෙහි එන ශාස්ත්‍රීය නර්තනාංගයක් වන අස්නේ නැටුම සාමූහික නර්තනාංගයකි. ගායනය සහිත ව නර්තනය කරනු ලබන මෙකී නර්තනාංගය සදහා කොහොඹා  කංරියට සහභාගි  වන සියලුම යක් දෙස්සන් සහභාගි වීම සම්ප්‍රදායික ලක්ෂණයක් වන අතර වෘත්තකර පථයක ගමන් ...
13-වසර - නර්තනය_සිංහල
  උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්‍රචලිත ව පවතින දේශීය ශාන්තිකර්මයන්හි යොදා ගනු ලබන රංග භූමි ප්‍රතිශත වශයෙන් ම සමාන නොවූව ද ඒ අතර පොදු සාමාන්‍යයක් දක්නට ඇත. ඇතැම් අය පෙන්වා දෙන ආකාරයට අනුව ප්‍රචලිත භාවිතයෙහි ගැමි නාටක ලෙස හදුන්වන කෝලම් සහ සොකරි නාටක...
13-වසර - නර්තනය_සිංහල
අනෙක් සියලු ම නර්තනාංග වලට වඩා කතකලි නර්තනයෙහි කැපී පෙනෙන වෙනස්කම වන්නේ එකී නර්තනයට ආවේණික වූ වෙස් ගැන්වීමේ ශිල්ප ක්‍රමයයි.අතිශයින් ම සංකිර්ණ වූත්, කලාත්මක වූත්, දුෂ්කර වූත් මෙකී වෙස් ගැන්වීම සදහා ගතවන කාලවේලාව ද බොහෝ ය. ඇතැම් වෙස් ගැන්වීම් සදහා පැය දෙක තුනක කාලයක් ...
13-වසර - නර්තනය_සිංහල
            ඉන්දියාවේ ප්‍රධාන නර්තන සාම්ප්‍රධායන් අතරින් උත්තර භාරතිය නර්තන සාම්ප්‍රධායක් ලෙස ප්‍රචලිත වීමට මෙයට ද ඉන්දියානු ආගමික පසුබිම ගැඹුරින් බලපා ඇත. ඒ අනුව ඉන්දියාවේ “රාමායනය, මහාභාරතය” වැනි වීර කාව්‍...
13-වසර - නර්තනය_සිංහල
                                                කතකලි නර්තනය කතකලි නර්තනය වූ කලි භාරතයේ අනෙකුත් නර්තන සම්ප්‍රදායන් තුනෙන් ම සුවිශේෂී ව විකාශය වී ...
kelum priyadarshana

13-වසර නර්තනය (සිංහල)

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
වන්නම් දහ අට රාග තමයි පවසන්නේ - කවි සිංද කියන්නේ තොන්නන් තරිකිට වන්නන් දහ අට දන්නේ - මේ සැටි පවසන්නේ පලමුව ගාහක වන්නමටයි පවසන්නේ - පිළිවෙළ අහපන්නේ දෙවනුව ...

12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යවසායකත්වයේ ප්රවණතා  ගෝලීය ව්යවසායකත්වය සමාජයීය ව්යවසායකත්වය හරිත ව්යවසායකත්වය අභ්යන්තර ව්යවසායකත්වය ගෝලීය ව්යවසායකත්වය ගෝලීය වශයෙන් වෙළෙඳාමේ යෙදීමයි. එනම්, ලෝකයේ කුමන ස්ථානයක සිටිය ද, තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ වෙනත් ඕනෑ ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...

7-වසර - ඉතිහාසය
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර අප ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ඇත නමුත් 7 ශ්රේණිය මෙම පාඩම සදහා එම ශිෂ්ඨාචාර වලින් ප්රධාන ශිෂ්ඨාචාර 2ක් මේ සදහා ඉදිරිපත් කොට ඇත.එනම්, ග්රීක ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 4 වන කොටස HTML (Hyper Text Markup Language) HTML යනු අන්තර්ජාලයේ www (wold wide web) පිටු සැකසීම සඳහා භාවිතා ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 3 වන කොටස මාධ්ය සම්පත් තොරා ගැනීම වෙබ් අඩවියකට ඇතුළත් කිරීම සඳහා විවිධ රූප, ශබ්ද, වීඩියෝ, ...

12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...