තාක්‍ෂණය, විද්‍යාව සහ ජන සන්නිවේදන ජාලයෙහි පරිවර්තනය


 

දේශීය නර්තනයෙහි නව ප්‍රවනතාවයන් කෙරෙහි බලපෑ තවත් ප්‍රධාන සාධකයක් වන්නේ තාක්ෂණික හා විද්‍යාත්මක පරිවර්තනයයි. සාම්ප්‍රදායික රඟමඩලෙහි පන්දම් එළියෙන් නැතහොත් විලක්කු ආලෝකයෙන් එළිමහන් රඟමඩලක රඟ දැක්වූ දේශීය නර්තනය තාක්ෂණික දියුණුවත් සමගම ගෘහස්ත වේදිකාව වෙත සම්ප්‍රේෂණය  විය. නව ආලෝක ශිල්ප ක්‍රම, නව වේදිකා භාවිත ක්‍රම ශිල්ප වඩාත් විධිමත් අංග රචන ක්‍රම ශිල්ප, රංග රටා සහ අවකාශ භාවිත මූලධර්ම යනාදී බොහෝ අංගෝපාංග එයට එක් විය.

ඇතැම් නර්තන රචනා සාම්ප්‍රදායික රංග භූමියෙහි රඟ දක්වන ලද ආකෘතියකට වඩා බොහෝ වෙනස්කම් සහිත ව ප්‍රදර්ශනය වීමට මෙය හේතු සාධකයක් විය. නර්තනය පමණක් නොව කවර කලා මාධ්‍යයක් වුව ද සමාජයේ අවශ්‍යතාවය මත තීරණය වන්නක් බව නොකිවමනා ය. එසේ හෙයින් මෙම තාක්ෂනයේ බලපෑමත් සමග ම ඒ කෙරෙහි රුචි අරුචි බව එහි නව ප්‍රවනතාවයන් කෙරෙහි ඍජු ලෙස ම බලපා ඇති බව පැහැදිලි ය. ඇතැම් විට ආකල්ප වෙනස් කිරීමට හෝ නව ආකල්පයන් නිර්මාණය කිරීමට හෝ විවිධ බලපෑම් ඇති කිරීමට කලාවට හැකි බවට සමාජයෙහි පිළිගැනීමක් ඇත. සමාජයෙහි වෙනස් වීමත් ඒ සමගම ඇති වූ තාක්ෂණයේ පරිවර්තනයත් චින්තන රටාවෙහි වෙනස්කමත් නර්තනය තුළ නව ප්‍රවනතාවක් ඇති වීම කෙරෙහි බලපෑම් ඇති කළ බව පැහැදිලි ය. රුපවාහිනිය සහ සිනමාව වැනි විනෝදාස්වාද මාර්ගයන්ගේ ප්‍රවේශය ද නර්තන කලාවෙහි නව ප්‍රවණතා ගොඩනැගීමෙහි දී බලපෑ ප්‍රධාන සාධකයක් බවට පත් වී ඇත. රුපවාහිනී මාධ්‍ය තුල යොදා ගත් විවිධ තාක්ෂණික ක්‍රම එනම් සමීප රූප, දුරස්ථ රූප, අධිවේගී සහ මන්දවේගී දර්ශන, විවිධ කෝණ, වෙනත් අවස්ථා සමග කාලීන වශයෙන් කරන දෘශ්‍ය සංකලන, ප්‍රතිබිම්බ නිර්මාණ ආදී කොට ඇති විවිධ ක්‍රමවේදයන් මගින් නර්තනයට පෙර නොවූ නැතහොත් සජීවී ලෙස පවත්වා ගත නොහැකි විචිත්‍රත්වයක්  එක් කරන ලදී. එසේ හෙයින් ම රුපවාහිනී නර්තන එයට ම ආවේණික වූ ආකෘතියකින් ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවයක් මතු විය.
                                    

ගීත අනුව නර්තනය කිරීමේ ප්‍රවණතාවයත්, නිදහස් නර්තන ආරත්, බටහිර චලනයන්ගේ ඍජු බලපෑමත් දේශීය නර්තන කලාව ආක්‍රමණය කිරීමේ මූලාරම්භය වූයේ රුපවාහිනී සහ සිනමා මාධ්‍යයෙහි ප්‍රවේශය බව කිව යුතු ය. එය ආකාර දෙකකින් නැතහොත් ප්‍රවේශයන් දෙකකින් ඉදිරිපත් වූ බව දැකිය හැකි ය. රුපවාහිනී මාධ්‍ය හරහා සාම්ප්‍රදායික නර්තනාංග සදහා ලබා දුන් ඉඩකඩ සාම්ප්‍රදායික නර්තනය සමාජයේ සියලු කොටස් වෙත සම්ප්‍රේශණය විය. මේ සදහා තාක්‍ෂණය බොහෝ සේ බලපෑම් ඇති කිරීම සහ නර්තන ජාලයෙහි පරිවර්තනය ඇතිවීම ද,  එසේ ම සාම්ප්‍රදායික නර්තනයෙන් බැහැර වූ ඇතැම් නර්තනාංග ප්‍රචාරය සදහා ලබා දුන් ඉඩකඩ ප්‍රමාණය සාම්ප්‍රදායික නර්තනාංගයන්ට ලබා දෙන කාලයට සාපේක්ෂ ව වැඩි වීමක් පෙන්නුම් කරන හෙයින් එය, පොදු ජන රුචිය සහ ආකල්ප ඒ අනුව හැඩ ගැසීමට හේතුවක් විය. එසේ හෙයින් දෘශ්‍ය මාධ්‍ය සදහා ගෝචර වන ආකාරයට අනුව නර්තන නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් ඇති විය. එකී ප්‍රවණතාවය රංග වස්ත්‍රභරණ කෙරෙහි ද, නර්තන රචනය සහ අංගහාර වල වෙනස්කම් ඇති කිරීම කෙරෙහි ද මෙතෙක් බෙරය ප්‍රධාන නැතහොත් එකම භාණ්ඩය ලෙස යොදා ගැනීම වෙනුවට විවිධ සංගීත භාණ්ඩයන් එයට එක් වීම කෙරෙහි ද යනාදී වශයෙන් විවිධ ක්ෂේත්‍ර පාදක කොට ගෙන නව ප්‍රවණතා ගොඩ නැගීමට හේතු සාධක විය. මේ ආකාරයෙන් ගැඹුරින් කරුණු අධ්‍යයන කිරීමේ දී අපට වටහා ගත හැකි කරුණක් වන්නේ තාක්ෂණය හා විද්‍යාව නර්තනයට මෙන් ම ජන සන්නිවේදන ජාලයෙහි නව පරිවර්තනයක් සිදු කර ඇති බවයි.                                                                                   





13-වසර - නර්තනය_සිංහල
  දේශීය නර්තනයෙහි නව ප්‍රවනතාවයන් කෙරෙහි බලපෑ තවත් ප්‍රධාන සාධකයක් වන්නේ තාක්ෂණික හා විද්‍යාත්මක පරිවර්තනයයි. සාම්ප්‍රදායික රඟමඩලෙහි පන්දම් එළියෙන් නැතහොත් විලක්කු ආලෝකයෙන් එළිමහන් රඟමඩලක රඟ දැක්වූ දේශීය නර්තනය තාක්ෂණික දියුණුවත් සමගම ගෘහස්ත වේදිකා...
13-වසර - නර්තනය_සිංහල
චිත්‍ර කලාව නර්තනයත් සමග සමගාමීව පවත්නා වූ විෂයකි. සාම්ප්‍රදායික ශාන්තිකර්ම හා බැදි සැරසිලි කලාවට අදාළ සියලු ම අංගෝපාංග නියෝජනය කරයි. රංග භූමි අලංකරණය සදහා යොදා ගනු ලබන සියලුම සැරසිලි කලාත්මක නිර්මාණයෝ වෙති. කෙසෙල් පතුරු ලී මැස්ස මත බැදීමේ සිට විවිධ සැරසිලි ආකෘත...
13-වසර - නර්තනය_සිංහල
  කොහොඹා කංකාරිය ශාන්තිකර්මයෙහි එන ශාස්ත්‍රීය නර්තනාංගයක් වන අස්නේ නැටුම සාමූහික නර්තනාංගයකි. ගායනය සහිත ව නර්තනය කරනු ලබන මෙකී නර්තනාංගය සදහා කොහොඹා  කංරියට සහභාගි  වන සියලුම යක් දෙස්සන් සහභාගි වීම සම්ප්‍රදායික ලක්ෂණයක් වන අතර වෘත්තකර පථයක ගමන් ...
13-වසර - නර්තනය_සිංහල
  උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්‍රචලිත ව පවතින දේශීය ශාන්තිකර්මයන්හි යොදා ගනු ලබන රංග භූමි ප්‍රතිශත වශයෙන් ම සමාන නොවූව ද ඒ අතර පොදු සාමාන්‍යයක් දක්නට ඇත. ඇතැම් අය පෙන්වා දෙන ආකාරයට අනුව ප්‍රචලිත භාවිතයෙහි ගැමි නාටක ලෙස හදුන්වන කෝලම් සහ සොකරි නාටක...
13-වසර - නර්තනය_සිංහල
අනෙක් සියලු ම නර්තනාංග වලට වඩා කතකලි නර්තනයෙහි කැපී පෙනෙන වෙනස්කම වන්නේ එකී නර්තනයට ආවේණික වූ වෙස් ගැන්වීමේ ශිල්ප ක්‍රමයයි.අතිශයින් ම සංකිර්ණ වූත්, කලාත්මක වූත්, දුෂ්කර වූත් මෙකී වෙස් ගැන්වීම සදහා ගතවන කාලවේලාව ද බොහෝ ය. ඇතැම් වෙස් ගැන්වීම් සදහා පැය දෙක තුනක කාලයක් ...
13-වසර - නර්තනය_සිංහල
            ඉන්දියාවේ ප්‍රධාන නර්තන සාම්ප්‍රධායන් අතරින් උත්තර භාරතිය නර්තන සාම්ප්‍රධායක් ලෙස ප්‍රචලිත වීමට මෙයට ද ඉන්දියානු ආගමික පසුබිම ගැඹුරින් බලපා ඇත. ඒ අනුව ඉන්දියාවේ “රාමායනය, මහාභාරතය” වැනි වීර කාව්‍...
13-වසර - නර්තනය_සිංහල
                                                කතකලි නර්තනය කතකලි නර්තනය වූ කලි භාරතයේ අනෙකුත් නර්තන සම්ප්‍රදායන් තුනෙන් ම සුවිශේෂී ව විකාශය වී ...
kelum priyadarshana

13-වසර නර්තනය (සිංහල)

අනෙකුත් ලිපි
13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙහි පළමු කොටස මෙතනින්කියවන්න. බ්රෙට්න්වුඞ්ස් සිටර්ස් නමින් හදුන්වන ජාත්යන්තර සංවිධාන දෙක මොනවා ද? යුරෝ මුදල් භාවිතා ...

13-වසර - ආර්ථික විද්‍යාව
1.ආර්ථිකවිද්යාව යනු සමාජය විසින් ඵලදායි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සදහා සම්පත් භාවිතා කරනු ලබන්නේ කෙසේ ද එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ ...

උසස්පෙළ - ජනමාධ්‍ය
සන්නිවේදනයේ ස්වරූපය වඩා ක්රමානුකූලව හඳුනාගැනීමට සන්නිවේදන ආකෘති ඉවහල් වේ.මෙකී ආකෘති මගින් යම් කරුණක් පරීක්ෂා කර බලා ඒ පිළිබඳව සමාජයට පිළිගත හැකි අදහස්,කරුණු,මත ආදිය ඉදිරිපත් කිරීමට ...

සාමාන්‍යපෙළ - සිංහල හා සාහිත්‍යය
සාමාන්ය පෙළ සිංහල භාෂාව හා සාහිත්යය විෂයට නියමිත, සිංහල සාහිත්යය සංග්රහයේ එන "දෑතේ කරගැට සිඹසනසන්නට" නම් නිර්මාණය බිහි කළ සුප්රකට කලාකරුවා අන් කවරෙකුත් නොව මහගම ...

සාමාන්‍යපෙළ - සිංහල හා සාහිත්‍යය
සිංහල ගද්ය සාහිත්යය ඉතිහාසය අනුරාධපුර යුගය තරම් ඈතට විහිද යන්නකි. ඓතිහාසික සිංහල ගද්ය සාහිත්යය ඉතිහාසය පිළිබඳ ජීවමාන සාක්ෂි සීගිරි කුරුටු ලිපි අතරින් හමු වේ. හය ...

සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
වන්නම් දහ අට රාග තමයි පවසන්නේ - කවි සිංද කියන්නේ තොන්නන් තරිකිට වන්නන් දහ අට දන්නේ - මේ සැටි පවසන්නේ පලමුව ගාහක වන්නමටයි පවසන්නේ - පිළිවෙළ අහපන්නේ දෙවනුව ...

12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යවසායකත්වයේ ප්රවණතා  ගෝලීය ව්යවසායකත්වය සමාජයීය ව්යවසායකත්වය හරිත ව්යවසායකත්වය අභ්යන්තර ව්යවසායකත්වය ගෝලීය ව්යවසායකත්වය ගෝලීය වශයෙන් වෙළෙඳාමේ යෙදීමයි. එනම්, ලෝකයේ කුමන ස්ථානයක සිටිය ද, තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ වෙනත් ඕනෑ ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...