දේශගුණ වර්ගීකරණ ( ආර්ද්‍ර මාධ්යෝෂ්ණ දේශගුණය )


උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අනුරූප වේ.

ආර්ද්‍ර මාධ්යෝෂ්ණ දේශගුණය - C

1.වියලි ගිම්හාන උප නිවර්තන වර්ගය / මධ්‍යධරණී දේශගුණය - Cs

ව්‍යාප්තිය - උතුරු අර්ධ ගෝලයේ අක්ෂාංශ අංශක 30-45 දක්වාත් දකුණු අර්ධ ගෝලයේ අක්ෂාංශ අංශක 30-40 දක්වාත් කලාපයේ පිහිටා ඇත.මෙම දේශගුණික වර්ගය මහද්වීපවල බටහිර වෙරළබඩ ප්‍රදේශ වලට සාමාන්‍යයෙන් සිමා වී තිබේ.මධ්‍යධරණී මුහුද අවට, උතුරු ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කොටසක, දකුණු අප්‍රිකාවේ නිරිත දිග ප්‍රදේශය එනම් කේප්ටවුන්, දකුණු ඇමෙරිකාවේ මධ්‍යම චිලී ප්‍රදේශය, ඕස්ට්‍රේලියාවේ නිරිත දකුණු වෙරළබඩ ප්‍රදේශ යනාදියේ ව්‍යාප්ත වී ඇත.

දේශගුණික ලක්ෂණ - කටුක වියලි ගිම්හාන ඍතුවක් හා තෙත් මෘදු ශිශිර ඍතුවක් ඇත.ගිම්හානයේදී දිප්ට්ඨිමත්ව සුර්යාලෝකය ලැබේ.වායුවේ ආර්ද්‍රතාවය අඩුය.අධික තාපයක් ඇතිවේ.වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් 500-760 අතර වේ.

ස්වාභවික වෘක්ෂලතා හා සතුන් - මෙම දේශගුණයේ ඇති ශාක මධ්‍යධරණී වනාන්තර ලෙස හදුන්වනු ලැබේ.වෘක්ෂලතා සදාහරිත වන අතර කටු පදුරුද දැකිය හැකි වේ.මෙම ශාක සදාහරිත ශුෂ්කකාමි ශාක වේ.කේතුධර ශාක ද පිහිටා ඇත.ශාක වල උත්ස්වේදනය අඩු කිරීමට සිහින් පත්‍ර පිහිටා ඇත.බොහෝ ගස් උසින් අඩු වේ.ඒවාට දිගු මුල් ඇත.

මානව කටයුතු - ජනාධික නගර මෙම දේශගුණයේ පිහිටා ඇත.සුර්යාලෝකය බහුල වීම, පලතුරු හා මල් ආදිය බහුල වීම, නිල් අහසක් හා නිල් පාට ජලාශ්‍ර තිබීම, සුන්දර වෙරළබඩ ප්‍රදේශ පැවතීම යනාදී කරුණු නිසා මෙහි ජනාවාසකරණය බහුල වී ඇත.සංචාරක කර්මාන්තයට හා චිත්‍රපටි කර්මාන්තයට මෙම දේශගුණික කලාපය ප්‍රසිද්ධියක් උසුලයි.ධාන්‍ය, පලතුරු, අල, නිවර්තන වැවිලි භෝග වගා කිරීම, සත්ව පාලනය යනාදිය සිදු කරනු ලබයි.

 

2.ආර්ද්‍ර උප නිවර්තන වර්ගය / චීන වර්ගය / උණුසුම් සෞම්‍ය නැගෙනහිර වෙරළබඩ වර්ගය - Ca

ව්‍යාප්තිය - මහද්වීපවල නැගෙනහිර පැත්තේ පිහිටා ඇත.අර්ධගෝල දෙකෙහිම අක්ෂාංශ අංශක 20-35 දක්වා පැතිරී තිබේ.චීනය, ජපානයේ දකුණු කොටස, ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිකොණ, දකුණු බර්සිලය යනාදියේ ව්‍යාප්ත වී ඇත.

දේශගුණික ලක්ෂණ - ගිම්හානයේ දිවා කාලය උෂ්ණාධික වේ.වාතයේ ආර්ද්‍රතාව අධික වේ.උණුසුම් සාගර ප්‍රවාහ වල බලපෑම ලැබේ.අහස නිතරම වලාකුළු වලින් බහුල වේ.උපනිවර්තන වැඩි පීඩන කලාප ආශ්‍රිතව හා ඊට පහල අක්ෂාංශ වල පිහිටා ඇත.සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1000 ක් පමණ වේ.

ස්වාභවික වෘක්ෂලතා හා සතුන් - සදාහරිත ශාක ප්‍රධාන වශයෙන්ම වර්ධනය වේ.ශාක වල කොළ පළල්ය.තද දැව සහිත පතනශීලි ශාක ද කේතුධර ශාක ද වර්ධනය වේ.සයිප්‍රස්, සීඩර්, හිකෝ වැනි ශාක වර්ග දැකිය හැකි වේ.ලෝරල් වැනි පදුරු වර්ග ද, මීන ශාක ද, උණ ගස් හා වැල් වර්ග ද තැනින් තැන බහුල වේ.තෘණ භුමි වල සාරවත් පසක් ඇත.

මානව කටයුතු - මිනිසාගේ සැප පහසුවට හා ශාක වර්ධනයට මෙම දේශගුණික වර්ගය ඉතා සුදුසු වේ.වී වගා බිම් හා තිරිගු වගා බිම් මෙහි දක්නට ලැබේ.නිවර්තන වැවිලි භෝග ද හොදින් වගා කල හැකිය.

 

3.සාමුද්‍රික වර්ගය / බ්‍රිතාන්‍ය වර්ගය / සිසිල් සෞම්‍ය බටහිර වෙරළබඩ වර්ගය - Cb / Cc

ව්‍යාප්තිය - උතුරු අක්ෂාංශ අංශක 45-60 අතර ද දකුණු අක්ෂාංශ අංශක 40-55 අතර ද පැතිරී ඇත.යුරෝපා මහද්වීපයේ බටහිර ප්‍රදේශයේ මෙම දේශගුණය කැපී පෙනේ.බ්‍රිතාන්‍ය දුපත්, නොර්වේ, ප්‍රංශය, ජර්මනිය, යනාදියේ ව්‍යාප්ත වී ඇත.

දේශගුණික ලක්ෂණ - ගිම්හානය ප්‍රසන්න වේ.උප නිවර්තන වැඩි පීඩන කලාපයේ හා සෞම්‍ය අඩු පීඩන කලාපය අතර පිහිටා ඇත.අඩු සුර්යලෝකයක් ලැබේ.වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 760 ක් පමණ වේ.

ස්වාභවික වෘක්ෂලතා හා සතුන් - සෞම්‍ය කලාපික පතනශීලි වනාන්තර අවේනික ස්වභාවික වෘක්ෂලතා වර්ගය වේ.කේතුධර වනාන්තර ද පවතී.බීච්, හිකරි, සයිප්‍රස් වැනි ශාක වර්ග දැකිය හැකිය.

මානව කටයුතු - ජනධික නගර පිහිටා ඇත.තෘණ වගාව දියුණු කර ඇත.මස් පිණිස ගවයින් ඇති කරනු ලබයි.තිරිගු, බාර්ලි, ඕට්ස් වැනි ධාන්‍ය ද වගා කෙරේ.ඇපල් ප්‍රධාන වශයෙන්ම වගා කෙරේ.

 

 

උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
076-6557372 (කොළඹ/ගම්පහ අවට පමණි)

(විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)

 

 

 

 




2711

ලිපිය කියවා ඇති ගණන
2711

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙලට නියමිත ලෝක කෘෂිකර්මය පාඩමට අදාලව ලියන ලදී. හරිත විප්ලවය කෘෂි නිෂ්පාදන වැඩි කිරීම සදහා කෘෂිකාර්මික ශිල්පිය ක්‍රම වල තාක්ෂණික වශයෙන් දියුණුවක් ඇති කල ක්‍රියාවලියකි හරිත විප්ලවය . හරිත විප්ලවය යනු කෘෂිකාර්මික ක්ෂේස්ත්‍රය තුල යෙදවුම් පොදිය භාවිතය ...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අදාල වේ.    වායුගෝලයේ විශාල ප්‍රදේශයක දිගු කාල පරිච්චේදයක් තුලදී සිදුවන වෙනස්වීම් හෙවත් හැසිරීම දේශගුණය ලෙස හැදින්වේ. දේශගුණික වර්ගිකරණයක දී යොදා ගන්නා නිර්ණායක කිහිපයක් ඇත.එනම්, 1.දේශගුණික අංගයක් හෝ අංග කිහිපයක...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අනුරූප වේ.   නිවර්තන ආර්ද්‍ර දේශගුණය ( ආර්ද්‍ර නිවර්තන දේශගුණය ) – A 1.නිවර්තන වර්ෂා වනාන්තර වර්ගය ( නිවර්තන තෙත් ) - Af ව්‍යාප්තිය - සමකයේ සිට උතුරට හා දකුණට අක්ෂාංශ අංශක 5 – 10 ත් දක්වා විහිදෙ...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අනුරූප වේ. ආර්ද්‍ර මාධ්යෝෂ්ණ දේශගුණය - C 1.වියලි ගිම්හාන උප නිවර්තන වර්ගය / මධ්‍යධරණී දේශගුණය - Cs ව්‍යාප්තිය - උතුරු අර්ධ ගෝලයේ අක්ෂාංශ අංශක 30-45 දක්වාත් දකුණු අර්ධ ගෝලයේ අක්ෂාංශ අංශක 30-40 දක්වාත් කලාපයේ පිහිට...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අදාළ වේ. වියලි දේශගුණය - B             1.පහල අක්ෂාංශ කාන්තාර වර්ගය ( පහල අක්ෂාංශ ශුෂ්ක ) – Bwh මෙම කාන්තාර උෂ්ණ කාන්තාර හා නිවර්තන කාන්තාර වශයෙන් ද හදුන්වයි. ...
13-වසර - භූගෝල_විද්‍යාව
පෘතුවි ගෝලය මීට වසර බිලියන පහකට හෝ හයකට පෙර පහළ වූයේ යැයි විශ්වාස කරනු ලැබේ. මිනිසා ලොව පහළ වී දැනට වසර 50000 පමණ ගත වී ඇතයි අනුමාන කෙරේ. පසුගිය ඒ කාලය තුළ ස්වාභාවික විපත් වලින් සිදුවන පරිසර හානියක් මිස මිනිසාගෙන් සැලකිය යුතු හානියක් පරිසරයට සිදු නොවී ය. මිනිසා ගින්දර ස...
Samith Alwis

13-වසර භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...