දේශගුණ වර්ගීකරණ ( නිවර්තන ආර්ද්‍ර දේශගුණය )


උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අනුරූප වේ.

 

නිවර්තන ආර්ද්‍ර දේශගුණය ( ආර්ද්‍ර නිවර්තන දේශගුණය ) – A

1.නිවර්තන වර්ෂා වනාන්තර වර්ගය ( නිවර්තන තෙත් ) - Af

ව්‍යාප්තිය - සමකයේ සිට උතුරට හා දකුණට අක්ෂාංශ අංශක 5 – 10 ත් දක්වා විහිදෙයි.නිදසුන් ලෙස උතුරු දිග ඇමෙරිකාවේ ඇමසන් ගංගා දාරය සහ අප්‍රිකාවේ කොංගෝ ගංගා දාරය, මධ්‍යම ඇමෙරිකාවේ නැගෙනහිර ප්‍රදේශ, නැගෙනහිර මැඩගස්තරය, අග්නිදික ආසියාවේ සුමාත්‍රා, දකුණු පිලිපින් දුපත්, දකුණු මලයා අර්ධද්වීපය යනාදී ප්‍රදේශ හදුන්වා දීමට පුළුවන.

දේශගුණික ලක්ෂණ - වර්ෂය පුරාම ඒකාකාර වූ ඉහල උෂ්ණත්වය හා වර්ෂය පුරාම ඒකාකාර වූ අධික වර්ෂාව දක්නට ඇත.වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙ.ග්‍රේ. 21-27 ත් අතර පවතී.ඍතුමය චලනය අල්ප වේ.වාර්ෂික උෂ්ණත්ව අන්තරය ඉතාම අඩු වේ.දිවා කාලයේදී ශරීරය දවන සුළු තාපයක් ඇතිවේ.සංවහන ධාරා දිවා කාලයේ දී ක්‍රියාත්මක වේ.

ස්වාභවික වෘක්ෂලතා හා සතුන් - නිවර්තන වර්ෂා වනාන්තර නිවර්තන සදාහරිත වනාන්තර ලෙසත් සෙල්වාවනාන්තර ලෙසත් හදුන්වනු ලබයි.මෙම දේශගුණ කලාපයේ පිහිටා ඇති වනාන්තර වලට ප්‍රවේශවීම හා සංචාරය කිරීම අපහසු වේ.ශාක ස්තර කිහිපයක් ලෙස ව්‍යාප්ත වී ඇත.මීටර් 60 දක්වා උස් වූ ශාක ද දැකිය හැකිය.එමෙන්ම ශාක වල පත්‍ර පළල් වී ඇත.ඝන යටි රෝපණයක් ද දැකිය හැකිවේ.කළුවර, මහෝගනී, උඩවැඩියා වැනි ශාක දැකගත හැකිය.

මානව කටයුතු - මිනිස් වාසයට එතරම් හිතකර නොවේ.මැලේරියා, බරවා වැනි රෝග ව්‍යාප්ත වීම ඉහල මට්ටමක ඇත.රතු ඉන්දියානු ගෝත්‍රකයින්, කොංගෝ වනයේ පිග්මිවරු වැනි අය මෙහි ජිවත් වේ.මොවුන් දඩයම් කිරීම, වන ද්ද්‍රව්‍ය රැස් කිරීම, සල ගොවිතැන වැනි ආර්ථික කටයුතු වල නියැලෙයි.

 

2.නිවර්තන මෝසම් සුළං වර්ගය  - Am

ව්‍යාප්තිය - ශ්‍රී ලංකාවේ තෙත් කලාපය, අග්නිදිග ආසියාවේ මියන්මාර් සහ තායිලන්තයේ වෙරළබඩ ප්‍රදේශ වල, දකුණු ඇමෙරිකාවේ ඇමසන් ගංගා දාරයේ උතුරු ප්‍රදේශ වල, මධ්‍යම ඇමෙරිකාව, බටහිර ඉන්දීය දුපත්, බටහිර අප්‍රිකාවේ වෙරළබඩ ප්‍රදේශ, මැලේසියාවේ උතුරු කොටස යනාදියේ  මෙම දේශගුණික වර්ගය පිහිටා ඇත.

දේශගුණික ලක්ෂණ - මධ්‍ය දෛනික උෂ්ණත්වයත්, මධ්‍ය මාසික, මධ්‍ය වාර්ෂික උෂ්ණත්වයත් ඉහල අගයක් ගනී.උෂ්ණත්ව අන්තරය ඉතා අඩුය.මෝසම් සුළං ක්‍රියාත්මක වේ.වර්ෂාපතනය බොහෝවිට මිලි මීටර් 2000 ඉක්මවනු ලබයි.

ස්වාභවික වෘක්ෂලතා හා සතුන් - නිවර්තන තෙත්  දේශගුනයේදී මෙන්ම මෙම දේශගුණයේ දී ද ස්වභාවික වෘක්ෂලතා වර්ගය වනුයේ නිවර්තන වර්ෂා වනාන්තර වේ.

මානව කටයුතු - අධික ලෙස ජනාවාසකරණයට මෙම ප්‍රදේශ ලක්ව ඇත.වී වගාව, කුළුබඩු වර්ග වග කිරීම, තේ රබර් පොල් ආදී වැවිලි භෝග වගාවන් සිදු කිරීම යනාදිය ආර්ථික කටයුතු ලෙස සිදු කරනු ලබයි.

 

නිවර්තන තෙත් හා වියලි හෙවත් සැවනා වර්ගය - Aw / As

ව්‍යාප්තිය -  මධ්‍යම ඇමෙරිකාවේ මෙක්සිකෝව, කියුබාව, කෙන්යාව, උගන්ඩාව, ශ්‍රී ලංකාවේ වියලි කලාපය, ඉන්දියාව, උතුරු හා ඊසාන ඔස්ට්‍රේලියාව, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, නයිජීරියාව ආදී ප්‍රදේශ වල මෙම දේශගුණික වර්ගය ව්‍යාප්තව ඇත.

දේශගුණික ලක්ෂණ - උෂ්ණත්වය සාමාන්‍යයෙන් අධික වේ.දිවා සහ රාත්‍රී කාලයේ උෂ්ණත්ව වෙනස ද ඉතා අඩු වේ.මෙම දේශගුණය අන්තර් නිවර්තන අභිසරණ කලාපයේ පිහිටයි.වර්ෂාපතනය මිලි මීටර් 1000-1500 ත් අතර වේ.සෑම වසරකම ඉතා පැහැදිලි තෙත් ඍතුවක් හා වියලි ඍතුවක් දක්නට ලැබේ.

ස්වාභවික වෘක්ෂලතා හා සතුන් මෙම දේශගුණික වර්ගයේ දී ස්වභාවික වෘක්ෂලතා වර්ග දෙකක් හදුනා ගත හැකිය.එනම්,

1.නිවර්තන මෝසම් වනාන්තර හෙවත් පතනශීලි වනාන්තර

2.නිවර්තන තෘණ භුමි හෙවත් සැවනා

මානව කටයුතු - පහත් තැනිතලා ප්‍රදේශ වී වගාවට යොදවා තිබේ.එමෙන්ම තිරිගු, ඉරිගු වැනි ධාන්‍ය වර්ග ද වගා කෙරේ.වනාන්තර ගිනි තබා එලි කර සල ගොවිතැන ද සිදු කරනු ලබයි.

 

 

 

උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
076-6557372 (කොළඹ/ගම්පහ අවට පමණි)

(විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)

 

 

 

 

 





13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙලට නියමිත ලෝක කෘෂිකර්මය පාඩමට අදාලව ලියන ලදී. හරිත විප්ලවය කෘෂි නිෂ්පාදන වැඩි කිරීම සදහා කෘෂිකාර්මික ශිල්පිය ක්‍රම වල තාක්ෂණික වශයෙන් දියුණුවක් ඇති කල ක්‍රියාවලියකි හරිත විප්ලවය . හරිත විප්ලවය යනු කෘෂිකාර්මික ක්ෂේස්ත්‍රය තුල යෙදවුම් පොදිය භාවිතය ...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අදාල වේ.    වායුගෝලයේ විශාල ප්‍රදේශයක දිගු කාල පරිච්චේදයක් තුලදී සිදුවන වෙනස්වීම් හෙවත් හැසිරීම දේශගුණය ලෙස හැදින්වේ. දේශගුණික වර්ගිකරණයක දී යොදා ගන්නා නිර්ණායක කිහිපයක් ඇත.එනම්, 1.දේශගුණික අංගයක් හෝ අංග කිහිපයක...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අනුරූප වේ.   නිවර්තන ආර්ද්‍ර දේශගුණය ( ආර්ද්‍ර නිවර්තන දේශගුණය ) – A 1.නිවර්තන වර්ෂා වනාන්තර වර්ගය ( නිවර්තන තෙත් ) - Af ව්‍යාප්තිය - සමකයේ සිට උතුරට හා දකුණට අක්ෂාංශ අංශක 5 – 10 ත් දක්වා විහිදෙ...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අනුරූප වේ. ආර්ද්‍ර මාධ්යෝෂ්ණ දේශගුණය - C 1.වියලි ගිම්හාන උප නිවර්තන වර්ගය / මධ්‍යධරණී දේශගුණය - Cs ව්‍යාප්තිය - උතුරු අර්ධ ගෝලයේ අක්ෂාංශ අංශක 30-45 දක්වාත් දකුණු අර්ධ ගෝලයේ අක්ෂාංශ අංශක 30-40 දක්වාත් කලාපයේ පිහිට...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අදාළ වේ. වියලි දේශගුණය - B             1.පහල අක්ෂාංශ කාන්තාර වර්ගය ( පහල අක්ෂාංශ ශුෂ්ක ) – Bwh මෙම කාන්තාර උෂ්ණ කාන්තාර හා නිවර්තන කාන්තාර වශයෙන් ද හදුන්වයි. ...
13-වසර - භූගෝල_විද්‍යාව
පෘතුවි ගෝලය මීට වසර බිලියන පහකට හෝ හයකට පෙර පහළ වූයේ යැයි විශ්වාස කරනු ලැබේ. මිනිසා ලොව පහළ වී දැනට වසර 50000 පමණ ගත වී ඇතයි අනුමාන කෙරේ. පසුගිය ඒ කාලය තුළ ස්වාභාවික විපත් වලින් සිදුවන පරිසර හානියක් මිස මිනිසාගෙන් සැලකිය යුතු හානියක් පරිසරයට සිදු නොවී ය. මිනිසා ගින්දර ස...
ECON with SAMITH

13-වසර භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...

7-වසර - ඉතිහාසය
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර අප ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ඇත නමුත් 7 ශ්රේණිය මෙම පාඩම සදහා එම ශිෂ්ඨාචාර වලින් ප්රධාන ශිෂ්ඨාචාර 2ක් මේ සදහා ඉදිරිපත් කොට ඇත.එනම්, ග්රීක ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 4 වන කොටස HTML (Hyper Text Markup Language) HTML යනු අන්තර්ජාලයේ www (wold wide web) පිටු සැකසීම සඳහා භාවිතා ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 3 වන කොටස මාධ්ය සම්පත් තොරා ගැනීම වෙබ් අඩවියකට ඇතුළත් කිරීම සඳහා විවිධ රූප, ශබ්ද, වීඩියෝ, ...

12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 2 වන කොටස සන්ධාරය සංවිධානය (Conect Management) මෙමගින් අදහස් කෙරෙන්නේ වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්රමවත් පිළිවෙළකට පෙළ ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 1 වන කොටස වෙබ් අඩවි භාවිතය (Application of Web Site) වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්යතා තොරතුරු සන්නිවේදනය (Information Communication) එනම් අන්තර්ජාල ...