දේශගුණ වර්ගීකරණ ( වියලි දේශගුණය )


උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අදාළ වේ.

වියලි දේශගුණය - B  

         

1.පහල අක්ෂාංශ කාන්තාර වර්ගය ( පහල අක්ෂාංශ ශුෂ්ක ) – Bwh

මෙම කාන්තාර උෂ්ණ කාන්තාර හා නිවර්තන කාන්තාර වශයෙන් ද හදුන්වයි.

ව්‍යාප්තිය - සෑම මහද්විපයකම ව්‍යාප්ත වී ඇත.සහරා කාන්තාරය, කලහාරි කාන්තාරය, අරාබි කාන්තාරය, තාර් කාන්තාරය, ඇටකාමා කාන්තාරය, බටහිර ඕස්ට්‍රේලියා කාන්තාරය, උතුරු ඇමෙරිකාවේ ඇරිසෝනා කාන්තාරය  වැනි ප්‍රදේශ වල ව්‍යාප්ත වී ඇත.

දේශගුණික ලක්ෂණ - සුර්ය රශ්මිය බහුලව ලැබේ.කාන්තාර වල වාර්ෂික උෂ්ණත්ව අන්තරය ඉහල මට්ටමක පවතී.මෙම දේශගුණය ව්‍යාප්ත වී ඇති කාන්තාර වල සුළං වේගයෙන් හමා යයි.සුළග ඉතා වියලි වන අතර එම නිසාම වැලි කුණාටු හා දුවිලි කුණාටු ද ඇති වේ.දිවා කාලයේදී කාන්තාරයේ සංවහන ලක්ෂණ ඇති වේ.කාන්තාරවල වාර්ෂික වර්ෂාපතනය ඉතා අඩු වේ.වාශ්පිභවනය ඉතාමත් අධික වේ.සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 250 ට අඩු වේ. ඇතැම් විට ලැබෙන වර්ෂාපතනය නිසා ප්ලායා විල් පවා නිර්මාණය වේ.

ස්වාභවික වෘක්ෂලතා හා සතුන් - ජල හිගයක් පවතින නිසා ප්‍රමාණවත් තරම් ශාක වර්ධනයක් සිදු නොවේ.තැනින් තැන මිටි තෘණ පදුරු දක්නට ලැබේ.වඩාත් සුලභව ඇත්තේ ශුෂ්කකාමි ගස් හා කටු පදුරු වේ.ශාක වල කදන් කටු සහිත වේ.ඇතැම් පැළෑටි වලින් දුර්ගන්ධයක් ද නිකුත් වේ.පතොක් ගස බහුලව දක්නට ලැබේ.තාල වර්ගයේ ශාකයක් ලෙස රට ඉදි ගස දක්නට හැකිය.ශාකයක මල් හට ගන්නේ නම් එයද ශාකයේ ඉහලම කෙළවරේය.සතුන් අතුරින් ඔටුවා ප්‍රධාන වේ.එමෙන්ම මිනිසුන් විසින් ඇති කරන එළුවෝ සහ බැටළුවන් ද වෙති.

මානව කටයුතු - කාන්තාර ප්‍රදේශ වල ජන සංඛ්‍යාව අඩු වේ.ඇතැම් ප්‍රදේශ වල සංචාරක සත්ව පාලනය සිදු කර ගෙන යනු ලබයි.රට ඉදි, ඔලිව්, පැගිරි, දුම්කොළ වැනි වගාවන් පවත්වාගෙන යනු ලබයි.සමහර දියුණු ප්‍රදේශ වල ජල සම්පාදනයෙන් තෘණ වගා කොට සතුන් පෝෂණය කිරීම සිදු කෙරේ.

 

2.පහල අක්ෂාංශ ස්ටෙප් වර්ගය ( පහල අක්ෂාංශ තෘණ ) – Bsh

ව්‍යාප්තිය - උතුරු හෝ දකුණු අක්ෂාංශ අංශක 15-30 දක්වා පැතිරේ.තාර් කාන්තාරය වටා ඇති ප්‍රදේශය, සිහෙල් කලාපය, අප්‍රිකාවේ සහරා කාන්තාරයට උතුරු ප්‍රදේශය යනාදියේ මෙම දේශගුණික කලාපය විහිදී ඇත.

දේශගුණික ලක්ෂණ - සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙ.ග්‍රේ. අංශක 20-30 ත් අතර පිහිටයි.වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 250-500 ත් අතර වේ.මෙම දේශගුණික කලාපය උප නිවර්තන වැඩි පීඩන කලාප සිමාවේ පිහිටා ඇත.

ස්වාභවික වෘක්ෂලතා හා සතුන් - තෘණ තලා වැඩිපුර දක්නට ලැබේ.ඒවා ද බොහෝවිට වියලි කාලයේ දී මැරී යයි.කටු පදුරු හා ශුෂ්කකාමි ශාක තැනින් තැන දක්නට ලැබේ.ලෝකයේ ඉතාම අප්‍රිය ජනක ප්‍රදේශ වන්නේ මෙම කාන්තාර වේ.

මානව කටයුතු - ජනාවාස අඩුය.ලෝකයේ ජන ශුන්‍ය ප්‍රදේශ ගණයට මේවා අයත් වේ.කෘෂිකර්මය සාර්ථක නොවේ.ඉදහිට සතුන් ඇති කිරීමක් දක්නට ලැබේ.

 

3.මධ්‍ය අක්ෂාංශ කාන්තාර වර්ගය ( මධ්‍ය අක්ෂාංශ ශුෂ්ක ) – Bwk

ව්‍යාප්තිය - මධ්‍ය අක්ෂාංශ වල පිහිටි වියලි දේශගුණික වර්ගයකි.ගෝබි කාන්තාරයට උතුරින් හා නැගෙනහිරින්, මොන්ගෝලියාවේ, රොකී කදුවැටියට නැගෙනහිරෙන් පිහිටි උස් තැනිතලාව, කළු මුහුදට හා කැස්පියන් මුහුදට උතුරෙන් රුසියාවේ ස්ටෙප්ස් ප්‍රදේශ යනාදියේ මෙම දේශගුණික කලාපය ව්‍යාප්තව ඇත.

දේශගුණික ලක්ෂණ - උෂ්ණත්වයේ විචලනය අධිකය.වර්ෂාපතනය අඩු අතර වර්ෂාපතනය පිළිබද විශ්වාසයක් තැබිය නොහැකිය.දිගු නියං කාල ඇති වේ.

ස්වාභවික වෘක්ෂලතා හා සතුන් - වෘක්ෂලතා වැස්ම ඉතා දුර්වල වේ.මිටි තෘණ වර්ග හා ශුෂ්කකාමි පැළෑටි වර්ග වැඩේ.

මානව කටයුතු - පස සාරවත් වුවද වර්ෂාපතනය අඩු හෙයින් ප්‍රයෝජන සිමිත වේ.මිනිස් වාසයට සුදුසු වුවද ජන සංඛ්‍යාව අඩු වේ.එළුවන්, බැටළුවන්, ගවයන් ඇති කරනු ලබයි.ව්‍යාපාරික සත්ව පාලනය දියුණු වී ඇත.රයි, ඕට්ස් වැනි ධාන්‍ය වර්ග වගා කෙරේ.

 

 

උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
076-6557372 (කොළඹ/ගම්පහ අවට පමණි)

(විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)

 

 

 

 

 

 

 

 

 

 




3478

ලිපිය කියවා ඇති ගණන
3478

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙලට නියමිත ලෝක කෘෂිකර්මය පාඩමට අදාලව ලියන ලදී. හරිත විප්ලවය කෘෂි නිෂ්පාදන වැඩි කිරීම සදහා කෘෂිකාර්මික ශිල්පිය ක්‍රම වල තාක්ෂණික වශයෙන් දියුණුවක් ඇති කල ක්‍රියාවලියකි හරිත විප්ලවය . හරිත විප්ලවය යනු කෘෂිකාර්මික ක්ෂේස්ත්‍රය තුල යෙදවුම් පොදිය භාවිතය ...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අදාල වේ.    වායුගෝලයේ විශාල ප්‍රදේශයක දිගු කාල පරිච්චේදයක් තුලදී සිදුවන වෙනස්වීම් හෙවත් හැසිරීම දේශගුණය ලෙස හැදින්වේ. දේශගුණික වර්ගිකරණයක දී යොදා ගන්නා නිර්ණායක කිහිපයක් ඇත.එනම්, 1.දේශගුණික අංගයක් හෝ අංග කිහිපයක...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අනුරූප වේ.   නිවර්තන ආර්ද්‍ර දේශගුණය ( ආර්ද්‍ර නිවර්තන දේශගුණය ) – A 1.නිවර්තන වර්ෂා වනාන්තර වර්ගය ( නිවර්තන තෙත් ) - Af ව්‍යාප්තිය - සමකයේ සිට උතුරට හා දකුණට අක්ෂාංශ අංශක 5 – 10 ත් දක්වා විහිදෙ...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අනුරූප වේ. ආර්ද්‍ර මාධ්යෝෂ්ණ දේශගුණය - C 1.වියලි ගිම්හාන උප නිවර්තන වර්ගය / මධ්‍යධරණී දේශගුණය - Cs ව්‍යාප්තිය - උතුරු අර්ධ ගෝලයේ අක්ෂාංශ අංශක 30-45 දක්වාත් දකුණු අර්ධ ගෝලයේ අක්ෂාංශ අංශක 30-40 දක්වාත් කලාපයේ පිහිට...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අදාළ වේ. වියලි දේශගුණය - B             1.පහල අක්ෂාංශ කාන්තාර වර්ගය ( පහල අක්ෂාංශ ශුෂ්ක ) – Bwh මෙම කාන්තාර උෂ්ණ කාන්තාර හා නිවර්තන කාන්තාර වශයෙන් ද හදුන්වයි. ...
13-වසර - භූගෝල_විද්‍යාව
පෘතුවි ගෝලය මීට වසර බිලියන පහකට හෝ හයකට පෙර පහළ වූයේ යැයි විශ්වාස කරනු ලැබේ. මිනිසා ලොව පහළ වී දැනට වසර 50000 පමණ ගත වී ඇතයි අනුමාන කෙරේ. පසුගිය ඒ කාලය තුළ ස්වාභාවික විපත් වලින් සිදුවන පරිසර හානියක් මිස මිනිසාගෙන් සැලකිය යුතු හානියක් පරිසරයට සිදු නොවී ය. මිනිසා ගින්දර ස...
Samith Alwis

13-වසර භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...