හරිත විප්ලවය


 

කෘෂි නිෂ්පාදන වැඩි කිරීම සදහා කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම වල තාක්ෂණික වශයෙන් දියුණුවක් ඇති කල ක්‍රයාවලියක් ලෙස හා ලොව සාගිනි නිවීම සදහා මහත් බලාපොරොත්තු තබා දියත් කළ කෘෂි විප්ලවීය වැඩ සටහන හරිත විප්ලවය ලෙස හැදින්වේ. එහි නිල නාමය වුයේ කෘෂිකාර්මික සංවර්ධනය සදහා ප්‍රකාශිත ලෝක සැලැස්ම යන්න ය.

එය ස්වාභාවික යැපුම් කෘෂිකර්මය වෙනස් කරමින් රසායනික වූ කෘෂිකර්මයක් ප්‍රශුත කළේ ය. ඉන් අනතුරුව මිනිසා කෙරෙහි හිමිව තිබු ස්වභාවික බොහෝ දෑ මිහිතලයෙන් ඉවත් කිරීමට ද එයට සම්පුර්ණ ශක්‍යතාවය තිබිණි. මෙය වැඩි ඵලදාවක් ලබා දෙන, පරිසරයට ඔරොත්තු දෙන බෝග වර්ග හදුන්වා දීම, විවිද කෘෂි රසායන ද්‍රව්‍ය, පොහොර, පළිබෝධ නාශක ආදිය බාවිතය හා වාරි මාර්ග ජලය ලබා දීම, යන්ත්‍ර සූත්‍ර මගින් ශීග්‍රයෙන් අස්වැන්න වැඩි පලදායි හා පරිසරයට ඔරොත්තු දෙන බෝග වර්ග හදුන්වා දීම හරිත විප්ලවය මගින් සිදුවේ.
හරිත විප්ලවය ආරම්බ වන්නේ 1943 දී මෙක්සිකෝවේ අහාර නිපැයුම වැඩි කිරීම සදහා කෘෂිකාර්මික පරීක්ෂණ ව්‍යාපෘතියක් ඇරබීම හරිත විප්ලවයේ ආරම්බය ලෙස සැලකේ. මෙය 1962 අවසන් වුවත් 1963 ලෝක අහාර හා කෘෂිකාර්මික සංවර්ධනය සදහා වන ලෝක සැලැස්ම නම් වැඩසටහන ඇරබීමත් සමග මෙම වැඩසටහන හරිත විප්ලවය නමින් ලොව පුරා ප්‍රචලිත විය. මේ සදහා ජාත්‍යන්තර කෘෂිකර්ම පරීක්ෂණ පිළිබද උපදේශක සබාව පිහිටවන ලදී. හරිතවිප්ලවය ආශිත කෘෂිකාර්මික තාක්ෂණය අංශ දෙකකින් ක්‍රියාත්මක විය.

  1. නව මාදිලියේ වැඩි පලදායී බීජ වර්ග නිපදවීම
  2. නවීන කෘෂිකාර්මික ශිල්ප ක්‍රම යොදා ගැනීම

1.නව මාදිලියේ වැඩි පලදායී බීජ වර්ග නිපදවීම ( දෙමුහුන් බීජ නිපදවීම)

වැඩි පලදායී බීජ වර්ග නිපදවීමේ ක්‍රමයක් ලෙස දෙමුහුන් බීජ ක්‍රමය හදුන්වා දිය හැකි ය. මෙමගින් සිදුවන්නේ ජාන වශයෙන් එකිනෙකට දුරස්ථ බීජ වර්ග දෙකක් පරාගනය කිරීමෙන් ලබා ගන්නා බීජ රෝපණය කර ඒවායින් බීජ ලබා ගැනීමයි. BG 407 , H  නමින් හදුන්වන වී ප්‍රබේද දෙමුහුන් කරන ලද වී ප්‍ර ෙභ්ද යි. තිරිගු හා රයි මුහුන් කොට වැඩි ගුණාංග සහිත තිරිගු වර්ග නිපදවා ඇත.

 දෙමුහුන් බීජ වල  විශේෂ ගුණාංග

  1. ලෙඩ රෝග වලට ඔරොත්තු දීම
  2. කෘමි උවදුරු වලට ඔරොත්තු දීම
  3. කෙටි කාල සීමාවක දී අස්වැන්න ලබා ගත හැකි වීම
  4. සාම්ප්‍රදායික වී වර්ග වලට වඩා කිහිප ගුණයකින් අස්වැන්න වැඩි වීම
  5. අධික වැසි වලට ඔරොත්තු දීම
  6. දිලිර රෝග වලට ඔරොත්තු දීම

පටක රෝපණය

වැඩි පලදාවක් ලබා ගැනීම සදහා අනුගමනය කල හැකි තවත් ක්‍රමයක් ලෙස පටක රෝපණය හැදින්විය හැකි ය. රසායනාගාර මගින් සිදු කරන ක්‍රයාවලියක් මගින් ශාක වල ඇති පටක වලින් ඉහළ ගුණාත්මක අගයක් ඇති පැල රාශියක් ලබා ගැනීම මෙමගින් සිදුවේ. මෙසේ හරිත විප්ලවය ආශිත කෘෂිකර්මය මගින් වැඩි පලදාවක් බීජ වර්ග නිෂ්පාදන සදහා අවදානය යොමු කරන ලදී. මේ නිසා ලෝක ධාන්‍ය නිෂ්පාදනය ඉහළ ගිය අතර මිලියනයක් පමණ ජනතාවට කුසගින්නෙන් මුදවා ගැනීමට හැකියාව ලැබී ඇත.

2.නූතන කෘෂිකාර්මික ශිල්ප ක්‍රම යොදා ගැනීම

කෘෂිකාර්මික කටයුතු වල දී යන්ත්‍ර බාවිතය පුළුල් වී ඇත. බිම් සැකසීම, බීජ වැපිරීම, පැල සිටවීම, කෘෂි රසායන ද්‍රව්‍ය බාවිතය, අස්වනු නෙලා ගැනීම සදහා යන්ත්‍ර සූත්‍ර බාවිතය ඉහළ ගොස් ඇත. මේ නිසා වැඩ කටයුතු පහසු වීම, කාලය ඉතිරි වීම, ශ්‍රම හිගයට පිලියමක් වීම, යන්ත්‍ර සූත්‍ර නඩත්තුව සදහා අවශ්‍ය සේවා සැපයීමට නව රැකියා බිහි වීම, රැකියා වියුක්තියට ඒ තුලින් විසදුමක් ලැබීම වැනි වාසි දායක සිදුවීම් නූතන කෘෂිකාර්මික ශිල්ප ක්‍රම බාවිතය මගින් සිදු වී ඇත.





13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙලට නියමිත ලෝක කෘෂිකර්මය පාඩමට අදාලව ලියන ලදී. හරිත විප්ලවය කෘෂි නිෂ්පාදන වැඩි කිරීම සදහා කෘෂිකාර්මික ශිල්පිය ක්‍රම වල තාක්ෂණික වශයෙන් දියුණුවක් ඇති කල ක්‍රියාවලියකි හරිත විප්ලවය . හරිත විප්ලවය යනු කෘෂිකාර්මික ක්ෂේස්ත්‍රය තුල යෙදවුම් පොදිය භාවිතය ...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අදාල වේ.    වායුගෝලයේ විශාල ප්‍රදේශයක දිගු කාල පරිච්චේදයක් තුලදී සිදුවන වෙනස්වීම් හෙවත් හැසිරීම දේශගුණය ලෙස හැදින්වේ. දේශගුණික වර්ගිකරණයක දී යොදා ගන්නා නිර්ණායක කිහිපයක් ඇත.එනම්, 1.දේශගුණික අංගයක් හෝ අංග කිහිපයක...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අනුරූප වේ.   නිවර්තන ආර්ද්‍ර දේශගුණය ( ආර්ද්‍ර නිවර්තන දේශගුණය ) – A 1.නිවර්තන වර්ෂා වනාන්තර වර්ගය ( නිවර්තන තෙත් ) - Af ව්‍යාප්තිය - සමකයේ සිට උතුරට හා දකුණට අක්ෂාංශ අංශක 5 – 10 ත් දක්වා විහිදෙ...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අනුරූප වේ. ආර්ද්‍ර මාධ්යෝෂ්ණ දේශගුණය - C 1.වියලි ගිම්හාන උප නිවර්තන වර්ගය / මධ්‍යධරණී දේශගුණය - Cs ව්‍යාප්තිය - උතුරු අර්ධ ගෝලයේ අක්ෂාංශ අංශක 30-45 දක්වාත් දකුණු අර්ධ ගෝලයේ අක්ෂාංශ අංශක 30-40 දක්වාත් කලාපයේ පිහිට...
13-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අදාළ වේ. වියලි දේශගුණය - B             1.පහල අක්ෂාංශ කාන්තාර වර්ගය ( පහල අක්ෂාංශ ශුෂ්ක ) – Bwh මෙම කාන්තාර උෂ්ණ කාන්තාර හා නිවර්තන කාන්තාර වශයෙන් ද හදුන්වයි. ...
13-වසර - භූගෝල_විද්‍යාව
පෘතුවි ගෝලය මීට වසර බිලියන පහකට හෝ හයකට පෙර පහළ වූයේ යැයි විශ්වාස කරනු ලැබේ. මිනිසා ලොව පහළ වී දැනට වසර 50000 පමණ ගත වී ඇතයි අනුමාන කෙරේ. පසුගිය ඒ කාලය තුළ ස්වාභාවික විපත් වලින් සිදුවන පරිසර හානියක් මිස මිනිසාගෙන් සැලකිය යුතු හානියක් පරිසරයට සිදු නොවී ය. මිනිසා ගින්දර ස...
kelum priyadarshana

13-වසර භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...

7-වසර - ඉතිහාසය
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර අප ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ඇත නමුත් 7 ශ්රේණිය මෙම පාඩම සදහා එම ශිෂ්ඨාචාර වලින් ප්රධාන ශිෂ්ඨාචාර 2ක් මේ සදහා ඉදිරිපත් කොට ඇත.එනම්, ග්රීක ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 4 වන කොටස HTML (Hyper Text Markup Language) HTML යනු අන්තර්ජාලයේ www (wold wide web) පිටු සැකසීම සඳහා භාවිතා ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 3 වන කොටස මාධ්ය සම්පත් තොරා ගැනීම වෙබ් අඩවියකට ඇතුළත් කිරීම සඳහා විවිධ රූප, ශබ්ද, වීඩියෝ, ...

12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 2 වන කොටස සන්ධාරය සංවිධානය (Conect Management) මෙමගින් අදහස් කෙරෙන්නේ වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්රමවත් පිළිවෙළකට පෙළ ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 1 වන කොටස වෙබ් අඩවි භාවිතය (Application of Web Site) වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්යතා තොරතුරු සන්නිවේදනය (Information Communication) එනම් අන්තර්ජාල ...