5 ශිෂත්වය විභාගය සදහා ආප්තෝපදේශ ඉගෙන ගනිමු


5 වසර ශිෂත්ව විභාගය සදහා ආප්තෝපදේශ පිළිබද අවබෝධයක් ලබා තිබීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය .එබැවින් පහත  ආප්තෝපදේශ වලින් කුමක් විස්තර කරයිද යන්න පළමුව පිළිතුරු සපයා දෙවනුව පිළිතුරු සමග සසදා බලා ඔබගේ හැකියාව තේරුම් ගන්න.

  1. අව්ව තිබියදී පිදුරු වෙලා ගත යුතුය
  2. කඩුල්ලේ තරමට කද බදිනු
  3. අකල් වැස්සක් වැටුනා
  4. කලකදී වහලු කලකදී රස වෙනවලු
  5. පනින්න පෙර සිතා බලනු
  6. ඇගිල්ල තරමට ඉදිමුම ගත යුතුය
  7. කාලය රන් හා සමානයි
  8. ඉක්මන් කොටයි
  9. අද අපට හෙට උන්ට
  10. අඩු කළේ සෙලවේ
  11. විසෙන් විස නැසේ
  12. ඉවසීමෙන් සැනසීම ලැබේ
  13. ආරේ ගුණ නැරේ
  14. අළු ගසා දමලා
  15. අනුනවයෙන් බේරුනා
  16. සල්ලි දෙවියන්ගේ මල්ලි
  17. කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොටයි
  18. හිත ඇත්නම් පත කුඩාද?
  19. උඩ පැන්නොත් බිම වැටේ
  20. උපාය දන්නෝ අපායේ නොවැටෙති
  21. උඩින් ඔපේ යටින් හපේ
  22. තට්ටු කරන්නාට දොර ඇරේ
  23. අනුන්ට හැරු වලේ තමා වැටේ
  24. පල නොකියා පලා බෙදීම
  25. අලි මදිවට හරක්
  26. දේසේ හැටියට වාසේ
  27. කල දුටු කළ වළ ඉහ ගන්
  28. ජරමර අස්සේ බර කරත්ත
  29. කොරේ පිටට මරේ
  30. කළ දේ පල දේ
  31. කතාව දෝලාවෙන් ගමන පයින්
  32. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා
  33. අලසයාගේ සිත යකාගේ කම්මලය
  34. ඇවිද්ද පය දහස් වටි
  35. පිරිණු කළේ දිය නොසෙලේ
  36. ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්නට නොහැක
  37. කවට කමින් ඇස් රතු වේ
  38. උත්සහවන්තයා ජය ගනී
  39. ගුරුන්ටත් අකුරු වරදී
  40. අඩන්න ඕනේ කිරි එරෙන්න
  41. ගින්නක් නැතිව දුමක් නොනගී
  42. උඩගුකම විනාශයට මුල වේ
  43. අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමි නසි
  44. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ
  45. ඉහිරුණු කිරට අඩන්න එපා
  46. අව්ව තිබියදී පිදුරු වෙලා ගත යුතුය
  47. කාලය රන් හා සමානයි

 

 

 

 

 

පිළිතුරු

   01සුදුසු අවස්ථාවේ නියමිත වැඩ කරගත යුතුය

   02 පමණ දැන කටයුතු කරන්න

   03නොසිතු දෙයක් සිදු වුණා

   04සතුරන් වුවත් කලක් යන විට මිතුරු වන බව

   05යමක් කිරීමට පෙර කල්පනාකාරී වන්න

   06තමාගේ තරම දැනගෙන කටයුතු කළ යුතුය

   07කාලය ඉතා වටිනා දෙයකි

   08ඉක්මන් වීම හොද නැත

   09හැමදාම එක හා සමානව සිදු නොවේ

   10දැනුම අඩු අයගේ ඝෝෂාව වැඩිය

   11වැරදි කරන්නාට දඩුවම් කිරීමෙන් හික්මවා ගත හැකිය

  12ඉවසීම හොද ගුණයක් වේ

  13ජන්ම ගති වෙනස් නොවේ

   14හොද තත්වයකට පත් වීම

  • 15අවධානමකින් ගැලවීම
  • 16 මුදල් වලට කළ නොහැකි දෙයක් නැත
  • 17 යමෙකුගේ නියම තත්වය පෙනෙන්නේ ඔහුගේ ක්‍රියා වලිනි
  • 18 හිතුවොත් කළ නොහැකි දෙයක් නැත
  • 19 ආඩම්බර වීම හොද නැත
  • 20 නියම ක්‍රමය දන්නෝ කරදරයේ නොවැටෙති
  • 21 පිටින් ලස්සන වුවත් ඇතුලත හිස්ය.
  • 22 උත්සාහ කළ ප්‍රතිපලයක් ලැබේ
  • 23 අනුන්ට කරන වරද ආපසු තමාට ම පැමිණෙයි
  • 24 අප්‍රසාදය ක්‍රියාවෙන් පෙන්වීම
  • 25 තියෙන කරදර මදිවට තව කරදර ඇතිවීම
  • 26 තැනට සුදුසු ලෙස කටයුතු කිරීම
  • 27 අවස්ථාව උදා වු විට වැඩ කරන්න
  • 28 කලබලකාරී තැනක අවුල් ඇති කිරීම
  • 29 කරදර තිබියදී තවත් කරදර පැමිණීම
  • 30 කරන දෙයට පල විපාක ලැබේ
  • 31 කියන ආකාරයට ක්‍රියාව නැත
  • 32 වරක් වැරදුන දේ නැවත වරද්දා ගන්න එපා
  • 33 කම්මැලියාගේ සිත නිතර කලබලය
  • 34 සංචාරය ඉතා වැදගත්ය
  • 35 උගත් අය එය පෙන්වීමට උත්සාහ නොකරයි
  • 36 මුලින් කළ මෝඩකම් නැවත නිවැරදි කළ නොහැක
  • 37 ඕනෑවට වඩා විහිළු හොද නැත
  • 38 උත්සාහය ජයග්‍රහණය ට හේතුවකි
  • 39 අති දක්ෂයන්ටත් වැරදේ
  • 40 උත්සාහ කළ විට එහි ප්‍රතිපල ලැබේ
  • 41 යම් දෙයකට හේතුවක්ද තිබේ
  • 42 ආඩම්බර වීම නිසා විනාශය ලං වේ
  • 43 වරින්වර වෙනස් වීම කරන පුද්ගලයා විනාශයට පත් වේ
  • 44 නරක කාලයට හොද දේත් නරකට හිටි
  • 45 පසුගිය දේ ගැන පසුතැවිලි වී පලක් නැත
  • 46 සුදුසු අවස්ථාවේ වැඩ කර ගත යුතුය
  • 47 කාලය ඉතා වටිනා දෙයකි



ලිව්වේ : Anura
අදාල විෂය : සිංහල
ලියු දිනය : Mon 15 Oct 2018
මෙම ලිපිය කියවා ඇති ගණන : 184

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න


Anura Ekanayake

5-වසර සිංහල

අනෙකුත් ලිපි
ශ්‍රිතයක සීමාව
(Prabath විසින් 2018-11-11 දින උසස්පෙළ යටතේ සංයුක්ත ගණිතය විෂයට අදාලව ලියන ලදි)

සීමාව ගණන් හදන්න පුළුවන් උනාට ගොඩක් වෙලාවට සීමාව ගැන හොඳ පැහැදිලි චිත්රයක් අපි අතරේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම මොකක්ද මේ ශ්රිතයක සීමාව කියන්නේ? ගණිත ගැටලුවක දේවල් ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම-ණයවර ලිපිය හා එහි ක්‍රියාකාරීත්වය
(Eeshara විසින් 2018-11-07 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

සලේඛන ණයවර මෙය අන්තර්ජාතික වෙළඳාම සඳහා යොදා ගන්නා වූ විශ්වාසවන්තම හා යම්කිසි පිරිවැයක් දැරීමට වන ගෙවුම් ක්රමයයි. ණයවර ලිපියක් යනු, එහි පද හා නියමයන් සපුරමින් නම් කළ ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම- විනිමය බිල්පත සහ රැස් කිරීමකට සම්බන්ධ වන පාර්ශව
(Eeshara විසින් 2018-11-07 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

විනිමය බිල්පත සහ රැස් කිරීමකට සම්බන්ධ වන පාර්ශව. සරලව ගත් කල විනිමය බිල්පතක් යනු පාර්ශවයක් විසින් තවත් පාර්ශ්වයක් වෙත යම්කිසි ගනුදෙනුවකට අදාළ කිසියම් වටිනාකමක් ඉල්ලූ විට ...


අන්තර්ජාතික ගැටුම්
(Disna විසින් 2018-11-06 දින සාමාන්‍යපෙළ යටතේ පුරවැසි අධ්‍යාපනය විෂයට අදාලව ලියන ලදි)

රාජ්යයන් අතර පවත්නා ගැටුම් අන්තර්ජාතික ගැටුම් ලෙස සරලව හඳුනාගත හැකිය. මෙම ගැටුම් ප්රධාන කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය. එනම් මතවාදී ගැටුම් හා යුධමය ගැටුම් වශයෙනි. ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම-විවෘත ගිණුම්
(Eeshara විසින් 2018-11-06 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

විවෘත ගිණුම් ක්රමය මෙම ක්රමයේ දී ප්රථමයෙන්ම අපනයනකරු විසින් ආනයනකරු වෙත මුලින් ම භාණ්ඩ නැව්ගත කරන අතර නැව්ගත කිරීමේ දී අදාළ ලිපි ලේඛන ආනයනකරුට සෘජුවම යවනු ...


ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික ලක්ෂණ
(Disna විසින් 2018-11-06 දින සාමාන්‍යපෙළ යටතේ පුරවැසි අධ්‍යාපනය විෂයට අදාලව ලියන ලදි)

ප්රජාතන්ත්රවාදී පාලනය යන්න සරලව හැඳින්විය හැකි වන්නේ ජනතාවගේ පාලනය යන්නයි. ප්රජාතන්ත්රවාදී පාලනය ආකාර දෙකකට ක්රියාත්මක වේ. 1. ඍජු ප්රජාතන්ත්රවාදය2. වක්ර ප්රජාතන්ත්රවාදය ග්රීසියේ ඇතෑන්ස් පෞර රාජ්යයේ පාලන කටයුතු ...

1 නෙක් කැමතියි

අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම- සලේඛන රැස් කිරිම
(Eeshara විසින් 2018-11-06 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

අපි මේ ලිපියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අන්තර්ජාතික වෙළඳාමේ ඉතා වැදගත් ගෙවුම් ක්රමයක් වන සලේඛන රැස් කිරීම පිළිබඳවයි. මෙම අවස්ථාවේ දී අපනයනකරු (ප්රධානියා) වෙළඳ ගිවිසුමට අනුව ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම
(Eeshara විසින් 2018-11-04 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

අන්තර්ජාතික වෙළඳාමෙ ප්රධාන ගෙවුම් ක්රම හතරක් දැක ගත හැක.ඒවා පහත පරිදි වේ. අත්තිකාරම් ගෙවීම විවෘත ගිණුම් ක්රමය සලේඛන රැස් කිරිම සලේඛන ණයවර යන ප්රධාන ක්රම ...


short note
(lalith විසින් 2018-11-03 දින සාමාන්‍යපෙළ යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

තොරතුරු සන්නිවේදන තාක්ෂණය - කෙටි සටහන දත්ත - වෙන් වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට නොහැකි අංක, වචන,සලකුණු දත්ත ලෙස හැඳින්වේ. තොරතුරු - දත්ත ගොනු කිරීමෙන් හා ...


ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 02
(Anura විසින් 2018-11-01 දින 3-වසර යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

ප්රශ්නයක පිළිතුරකට ලකුණු 2.5 ක් ලබා දෙන්න (1 ) වැවක ජලය බැස යාමට ඇති දොරටුව කුමක්ද? සොරොව්ව (2) වක්කඩ (3) කවාඩුව (2)සපත්තු හදන තැනැත්තා කුමන නමකින් හැදින්වේද? ...