මෙහෙයුම් පද්ධතිය හා ගොනු හැසිරවීම ICT - Grade 6


මෙහෙයුම් පද්ධතිය

            මෙහෙයුම් පද්ධතිය යනු පරිගණක මෘදුකාංගයක් හෙවත් පරිගණක වැඩසටහනකි. මෙමඟින් කෙරෙන කාර්යයන් පහත දැක්වේ.

  • පරිශීලකයා හා පරිගණක දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කිරීම
  • පරිගණකය තුළ ඇති අනෙකුත් මෘදුකාංග හැසිරවීම

 

මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණ -

 

  • Windows
  • redhat
  • Linux
  • Mac OS

 

 

පරිශීලක අතුරු මුහුණත

            මෙහෙයුම් පද්ධතිය විවෘත කළ වහාම පරිගණක තිරයේ පෙන්නුම් කරන අතුරු මුහුණත (User Interface) වේ.

 

ගොනු හැසිරවීම

            පරිගණකයක විවිධ වර්ගයේ ගොනු (Files) ගබඩා කර ඇත. උදාහරණ ලෙස ඔබේ පාසලේ පහත වර්ගයේ ගොනු දක්නට තිබිය ඇත.

  • පන්තියේ ළමුන් ලබා ගත් ළකුණු
  • පාසල් විවිධ ප්‍රසංගයේ වීඩියෝව
  • පාසල් ගීතය
  • ක්‍රීඩා උත්සවයේ පින්තූර

 

ගොනුවක් කොටස් දෙකකින් සෑදී ඇත.

 

Application-in-Sinhala.pdf

Presentation Size.jpg

Tiute 3.docx

අධිරාජ්යයාගේ නව ඇදුම්.mp4

      ගොනු විවිධ සංකේත (icons) මඟින් දැකිය හැකිය.

 

 

ගොනුව හඳුනා ගැනීම සඳහා සුදුසු නමක් භාවිත කළ හැකි අතර, ගොනුව අයත් වන මෘදුකාංගය ගොනුවේ දිගුව මඟින් පෙන්වයි.

 

වැඩ කවුළුව (Working window)

            මෘදුකාංගයක් විවෘත කළ පසු වැඩ කවුළුව දිස්වෙයි. මෙම කවුළුව සමඟ වැඩ කිරීමට පහත අවස්ථා හඳුනා ගනිමු.

 

Minimize        

විවෘත වී තිබූ කවුළුව තිරයෙන් ඉවත් වී මත Task bar තැන්පත් වේ. Task bar හි පෙන්වන වචනය හෝ අයිකනය මත ක්ලික් කිරීමෙන් නැවත තිරයේ දර්ශනය වේ.

 

 

Maximize

කවුළුව විශාල කළ හැකිය. නැවත ක්ලික් කිරීමෙන් කවුළුව තිබූ ප්‍රමාණයටම සකස් වෙයි.

 

Close

කවුළුව වසා දැමිය හැක. Save කර නොමැති ගොනුවක් නම් එය Save කළ යුතුද යන ප්‍රශ්නය ඔබෙන් විමසයි.

 

 

Resize -           කවුළුව තිරයේ දිස්වන ප්‍රමාණය අඩු වැඩි කිරීමට Mouse

pointer මඟින් එහා මෙහා කිරීමෙන් කළ හැකිය.

ගොනු බහාලුම

සකස් කරන ලද ගොනු පිළිවෙලකට තබා ගැනීම සඳහා ගොනු බහාලුම භාවිත කරයි. (Folders) සුදුසු නමක් යොදා සකස් කරන ගොනු බහාලුමක ඊට අදාල ගොනු සුරැකිව තබා ගත හැකිය.

 

 

 

උදාහරණ

Folder name    (ගොනු බහාලුමේ නම) -           Grade 6

Files (ගොනු වල නම්)                          -           Students.dbf

                                                                        Teachers.dbf

                                                                        Teachers.xlsx

(එකම මෘදුකාංගයකින් සමාන නම් දෙකක් සහිත ගොනු දෙකක් එකම ගොනු බහාලුමක සුරැකීමට අවස්ථාව ලබා නොදෙන බව මතක තබා ගන්න.)

 

ගොනු (Files) පිළිබඳ පහත අවස්ථා අධ්‍යයනය කරමු.

  • ගොනුවක් නිර්මාණය කිරීම (Create)
  • ගොනුවක් සුරැකීම (Save & Save as)
  • ගොනුවක් විවෘත කිරීම (Open)
  • ගොනුවක් සංස්කරණය කිරීම (Edit)




6-වසර - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙහෙයුම් පද්ධතිය             මෙහෙයුම් පද්ධතිය යනු පරිගණක මෘදුකාංගයක් හෙවත් පරිගණක වැඩසටහනකි. මෙමඟින් කෙරෙන කාර්යයන් පහත දැක්වේ. පරිශීලකයා හා පරිගණක දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කිරීම පරිගණකය තුළ ඇති අනෙකුත් මෘදුක...
Jayasundara Amal Shantha

6-වසර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

අනෙකුත් ලිපි
උසස්පෙළ - බුද්ධ ධර්මය
ප්රාග් බෞද්ධ භාරතීය ආගමික සමාජයේ පැවති ප්රධාන ආගමික සංස්කෘති 2 ක් වෙයි. 1. බ්රාහ්මණ ආගමික සංස්කෘතික සමාජය 2. ශ්රමණ ආගමික සංස්කෘතික සමාජය බෞද්ධ ත්රිපිටක ග්රන්ථවල බහුලව භාවිත පද ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තොරතුරු පද්ධති සංවර්ධන ක්රියාවලිය 1 කොටස පද්ධතියක් (System) යනු කුමක්ද? පද්ධතියක් යනුවෙන් හඳුන්වනේ යම්කිසි කාර්යයක් හෝ අරමුණක් සපුරා ගැනීම සඳහා අන්තර් සම්බන්ධතාවයකින් යුතුව ක්රියාකරනු ලබන අවයව (Components) සමූහයක ...

12-වසර - නර්තනය (සිංහල)
තාලය යනු ........ භරත මුනිවරයාගේ නාට්ය ශාස්ත්රය නම් ග්රන්ථයේ තාලය තාල අධ්යාය යනුවෙන් සඳහන් වේ. එහෙත් එහි ඊට නිර්වචන සපයා නැත.එය සංස්තෘත භාෂාවෙන් තාලය යන්නට යෙදෙන ...

6-වසර - බුද්ධ ධර්මය
01.අසිරිමත් බෝසත් කුමරු1 අප මහා බෝසතානන් වහන්සේ තුසිත දිව්යලෝකයේදෙව්සිරි විදිමින් සිටි කාලයකි.එකල උන් වහන්සේගේ ...

උසස්පෙළ - සිංහල
මං ශිෂ්ටාචාරය සමතික්රමණය කරමින් මානව ශිෂ්ඨාචාරය ක්රමයෙන් වර්ධනය වූ බව සැබවි. මනුෂ්යයා ශීර්ෂයත් කශේරුකාවක් සිරස වඩා ගැනීමෙන් තිරස්චිනයන්ගෙන් මිදුනෙ වී යනු සැබවි. මන්ද බුද්ධික භාවයේ ...

උසස්පෙළ - සිංහල
නාට්ය ප්රබේද කිහිපයකි. එනම් : ලෝකධර්මී - (ස්වභාවික) නාට්යධර්මී - (ශෛලීගත) අර්ධ ශෛලීගත 01. ස්වභාවික නාට්ය ස්වභාවික නාට්ය යනු ලෝකධර්මී නාට්ය සම්ප්රධායයි. මෙයට විරුද්ධ වන්නේ නාට්ය ධර්මී හෙවත් ශෛලීගත නාට්ය ...

උසස්පෙළ - සිංහල
මනමේ වැදගත් : උසස් පෙළ සිංහල විෂය සදහා නිර්දේශිත නාට්ය වන එදිරිවීර සරච්චන්ද්රයන්ගේ පේමතී ජායතී සෝකෝ නාට්ය හැදෑරීම සදහා මනමේ හා සිංහබාහු නාට්යන් දෙකේ දැනුමද ...

සාමාන්‍යපෙළ - සිංහල
පද බෙදීම නාම, ක්රියා, නිපාත යනුවෙන් පද වර්ග තුනකි. මෙයින් සමහරක් තනි අකුරකින් පමණක් යුක්ත ඉවෙතත් සියළු පද ලිවිය යුත්තේ එකිනෙක අතර පරතරය ඇතිවය. එය පද ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
අවදානම් අවම කිරීමට භාවිතා කරනු ලබන ශිල්පීය ක්රමයන් අවදානම් තුන කිරීමට බොහෝ ශිල්පීය ක්රමයන් ඇත. මෙම ශිල්පීය ක්රමයන් කණ්ඩ හතරකට සාරාංශ ගත කළ හැකිය. * අවදානම් ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර අරමුණු වලට බලපානු ලබන අවදානම්. අවදානම් කලමනාකරණයේ වැදගත්කම. විවිධ ව්යාපාර සංවිධාන සහ ඒවායේ අරමුණ පිළිබඳව මෙම පාඨමාලාවේ පළමු පාඨමාලාව පළමුවන පරිච්ඡේදය තුළ අප විසින් සාකච්ඡා කර ...