සමාන වචන - 6-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය

සමාන වචන

සමාන පද



රත්රන් - ස්වර්ණ, කසුන්, කනා, කනක, සුවන්, හේම,රන්,රත්‍රන්,කාන්චන,

සූර්යයා - දිනකර, දිනියුරු, දියනෙත, දිනමිණ, දිනිදු, දිවාකර, දිවයුරු, ඉර, දිනපති, බාසුරැ, රවි, රිවි,හිරු,
සහසැස්, නගෝමිණි, සැඬරැස්, නුඹමිණි, සහසකර,සැඩකර, අඳුරුරුපු, ගිම්රුස්, ගහමිණ, දිනරද, තික්මෙරද, දිනේන්ද්‍ර

හඳ - සඳ, චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිදු, නිශාකර, හිමකර, සිසි, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි, සසදර, ලළිඳු

පාර - මාවත, මඟ, මාර්ගය

එක්ක - සහ, හා, සමග, කැටුව

උදය - පාන්දර, අලුයම, උදෑසන, හිමිදිරිය

පාසල - විදුහල, විද්‍යාලය, පාඨශාලාව, සිප්හල, ඉස්කෝලය, ශාස්ත්‍රාලය

වාහනය - රථය, රිය, යානය

නංගී - නැගණිය

ගුරැතුමා - ගුරැවරයා, අචාර්යවරයා, විනයු, ඇදුරා

ඉක්මනින් - විගසින්, විගසට, කඩිනමින්, හනික, වහාම, යුහුසුලුව, නොලස්වා, අප්‍රමාදව, නොපමාව, කඩිසරව

දෙපැත්ත - දෙපස, දෙපාර්ශවය, දෙපළ, උභයපාර්ශව

ළඟ - අසල, කිට්ටුව, මෙහා, සමීපය, නුදුර, මෑත, මෙපිට, ආසන්න, මොබ, අසබඩ

අමාරැ - අපහසු, දුෂ්කර

ප්‍රශංසාව - ස්තූතිය, තුතිය, පැසසුම, ගෞරවය

සිරිත - චාරිත්‍රය

හඬ - නාදය, ශබ්දය, නද, රාවය, රැව්, ධ්වනිය

ගෙදර - නිවස, ගෙය, නිවාසය, ගෘහය, අගර, වාසස්ථානය

රෑ - රාත්‍රිය, නිශා

වැස්ස - වර්ෂාව, අහස්දිය

වෙල - කෙත, කුඹුර

පෙර - මුලින්, කලින්, පළමුව, ඉස්සර, ආදී, පුරාණ, අතීතයේ

මහ - ලොකු, විශාල, මහත්, විසල්

ඇදිරිය - කළුවර, අන්ධකාරය, අඳුර

විදුලිය - විද්‍යුතය

පමා - ප්‍රමාද, පරක්කු, ලස

පුදුම - අපූරැ, කදිම

හපන්කම් - දස්කම්, දක්ෂකම්, හැකිකම්, හැකියා, සමත්කම්, දක්ෂතා, සමර්ථතා, නිපුණතා, ප්‍රවීණතා, කුසලතා

රජතුමා - රජ, නිරිඳු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, නරපති, නරනිඳු, මහීපාල, නරදෙව්, භූපති

ප්‍රසිද්ධ - පවර, පසිඳු, පරසිදු, පුවතර, ප්‍රකට, පතළ

කෙළවර - අග, අන්තය, කොන, අග්‍රය, අවසානය, නිමාව, සීමාව, සමාප්තිය

කතාව - අන්දරය, කතන්දරය, කථාව

අසහ - ගුවන, අඹර, ආකාශය, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග

දිලිසෙන - දිලෙන, බබළන

දෑස - දෙනෙත, දෙනුවන, දෙනයන, දෙඇස්, ඇස්දෙක

තොරතුරු - විස්තර, තතු

ඥානවන්ත - නුවණැති, නුවණක්කාර, පඥාවන්ත, බුද්ධිමත්,ප්‍රඥාසාර, නැණවත්, නැණැති, උගත්

යාළුවා - මිත්‍රයා, මිතුරා, සගයා, යහළුවා, සකි, සබඳ, සුහද, හිතවතා, සහෘදයා

කන්ද - පර්වතය, පව්ව, ගිර

අලියා - හස්තියා, ගජ, නා, ඇතා, වරුණ

මුවා - මිග, මෘග

ලී - දැව

වතුර - ජලය, දිය, පැන්, උදක, අඹ

ගඟ - ගංගාව, නදිය

සතුරා - හතුරා, පිළිමල්, ප්‍රතිමල්ලවයා,

අම්මා - මව, දිනිති, ජනනී, මාතාව, මෝ,මෑණියෝ,මාතා,මාතෘ

තාත්තා - පියා, පීතෘ, අප්පච්චි, අප්පා

සීයා - ආතා, මුත්තා

පුතා - පුත්‍රයා, පුතණුවන්

දුව - දියණිය, දෝණිය, දුහිතෘ

උගත් - වෘක්ත, පණිඩිත, බහුශ්‍රැත, පඬි, වියත්, නැණැති, ප්‍රඥාසාර

කැමති - රුචි, මනාප, රිසි

මිණිගෙඩිය- ගෙජ්ජි, රසුදැල්, කිකිණි

මොනරා - මයුර, මියුර, සිකි, ශඛි, පිල්බර, නිල්කැට

දූපත - දූව, දීපය, දිවයින

පොත - පුස්තකය, ග්‍රන්ථය

අපාය - දුගතිය, නිරය, යමපුර, යමලොව, අවීචිය. නරකාදිය

සක්‍රයා- සක්දෙවි, තිනෙත්, ඊශ්වර

තඑවර- අදුර, අන්ධකාරය, ඇදිරිය

කොඩිය - දද, ධජ, ජත්‍රය, කෙහෙළි

ප්‍රසිද්ධ - පතළ, පළ, පසිඳු, ප්‍රකට, පුවතර, පරසිදු

තරැණ - තුරැණු, යෞවන, යොවුන්

නියගය - පෑවිල්ල, ඉඩෝරය

කෑම - බොජුන්, භෝජන, ආහාර, ගොදුර

මහලු - නාකි, වෘද්ධ, වියපත්, වයස්ගත, වයෝවෘද්ධ

දැහැමි - ධාර්මික, ධාර්මිෂ්ඨ

තෑග්ග - තිළිණය, ත්‍යාගය, පඬුරැ

මුහුණ - වත, මුවන, මුව, වදන, වක්ත්‍රය

නිතරම- නිරතුරු, නිබද, නිති, නොකඩවා

ගින්දර - අග්නි, නල, අනල

පින් - කුසල්, පුණ්‍ය, සඳහම්

මිනිසා - නර, මනුෂ්‍යයා, මනු, මානව

ලියුම - ලිපිය, ලියමන, හසුන

අශ්වයා - තුරංග, සිදු, අස්, තුරඟ

වහළය - පියස්ස, වියන, සෙවිල්ල

කෙට්ටු - සිහින්, කේඩෑරි, කෙසග,කෘශ

පාර - මාර්ගය, වීදිය, මග, මාවත

බඩ - උදරය, ගැබ, කුස

පොළොව - දියත, මිහිකත, පෘථීවිය, මිහිමඩල, බිම, මිහි, මී, දෙරණ, භූමිය, ධරණි

පැරණි - පුරාණ, ආදිකාලීන, පෞරාණික

නවීන - අලුත්, නව, නූතන, නොපැරණි

කුරුල්ලා - පක්ෂියා, සියොත්, විහග, සකුණ, සියුරු, දද, සකලයන්

කැලෑව - වනය, වනාන්තරය, අරණ, වල, බැද්ද,

ඹෟෂධ - බෙහෙත්, ඹසු

අවුරුද්ද - වසර, වර්ෂය, වස




ඉන්දික නිශාන්ත
යතුරට සමාන පදයක් තියෙනවාද
2023 04 29 21:22:24