4 පාඩම, මව්පිය දූ දරු යුතුකම් (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)



  • දෙමාපියන්, මුල්ම ආචාර්යවරුන් යන අර්ථයෙන් “පුබ්බාචරිය” යන නමින්ද, සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්තවූ බැවින් “බ්‍රහ්ම” යන නමින් ද හැඳින්වේ.

    සටහන:-
    සතර බ්‍රහ්ම විහරණ පිළිබඳ වැඩිදුර විස්තරයක් සඳහා 10 ශ්‍රේණිය (පැරණි නිර්දේශය) 25 පාඩම වන “සිව් සත සනසන සිව් බඹ විහරණ“ සහ ඊට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් බලන්න.

  • බුදුරදුන් විසින් සිඟාලෝවාද සූත්‍රයේදී ලෝකයට ජීව ගුණය දෙන සූර්යයා උදා වෙන නැගෙනහිර දිශාවට දෙමාපියන් උපමා කොට දැක්වූයේ දෙමාපියන්ද දරුවන්ට ජීව ගුණය ලබාදෙන දෙන බැවිනි.

    සටහන:-
    සිඟාලෝවාද සූත්‍රය තුල, සිගාල නම් ගෘහපතියෙකුට (තරුණයෙකුට) බුදුරදුන් විසින්, සදිසාව කුමක්දැයි පහදා දී මව්පියන්, අඹුදරුවන්, ගුරුවරුන්, හිත මිතුරන්, පැවදි උතුමන් හා සේවකයන් යන පිරිස් වෙත සැලකිය යුත්තේ කෙසේද යන්න පහදා දීමට අදාල කරුණු අන්තර්ගතවේ. තවද, නරක මිතුරන් හා හොද මිතුරන් කවුරුන් දැයි පහදා දෙයි. ධනය වියදම් කල යුතු ආකාරයද පෙන්වා දෙයි. කෙටියෙන් කියතොත් බෞද්ධ ආචාර ධර්ම අන්තර්ගත සූත්‍ර දේශනාවකි සිඟාලෝවාද සූත්‍රය.

  • සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමාපියන් විසින් දූ දරුවන්ට ඉටුකළ යුතු යුතුකම් 5 කි. ඒවානම්,
    1. දරුවන් පාප ක්‍රියාවලින වලින් මුදවා ගැනීම
    2. දරුවන් යහපත් ක්‍රියාවල යෙදවීම
    3. දරුවන්ට හොඳින් ඉගැන්වීම
    4. සුදුසු කාලයේ දී ආවාහ විවාහ කර දීම
    5. සුදුසු කල දායාද පවරා දීම

  • දෙමාපියන් විසින් දරුවන්ට හොඳ නරක පෙන්වා දී, යහපත් ක්‍රියාවන්ගේ යහපත් ප්‍රතිඵල වටහා දී, කල්‍යාණ මිත්‍ර ඇසුරට යොමු කොට, සමාජයෙන් එල්ල විය හැකි නින්දා අපහාසයන්ගෙන් දරුවන් ගලවා ගැනීමට කටයුතු කරයි.

  • දෙමාපියන් තම දරුවන්ව අධ්‍යාපන කටයුතුවල යොදවා, දහම් පාසල් යවා, පාඨමාලාවන් සඳහා යොමුකොට සිය දරුවා උගත් ගුණවත් පුරවැසියෙක් බවට පත් කිරීමට කටයුතු කරයි.

  • තවද සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දරුවන් විසින් දෙමවුපියන්ට ඉටුකළ යුතු යුතුකම් 5 කි. ඒවා නම්,
    1. මවුපියන් පෝෂණය කිරීම
    2. මව්පියන්ගේ සියලු කටයුතු කරදීම
    3. මවුපියන්ගේ සිරිත් විරිත් හා කුල පරපුර රැකගැනීම
    4. මවුපියන් දුන් දායාද රැකගැනීම
    5. මව්පියන් මියගිය පසු පින් අනුමෝදන් කිරීම

  • සත්පුරුෂ දූදරුවෝ විවිධාකාරයෙන් තම දෙමාපීයන්ට සලකන අතර හිංසා පීඩාදිය කිරීමෙන් වැළකෙති.

  • එපමනක් නොව දෙමාපියන් විසින් සිදුකරගෙන ආ චාරිත්‍ර වාරිත්‍ර ඉදිරියට සිදුකරගෙන යාම, දෙමාපියන් විසින් පැවරූ දේපල අර්ථවත්ව පරිහරණය කිරීම, මියගිය දෙමාපියන්ට පිං අනුමෝදන් කිරීම ආදියත් දරුවන් විසින් දෙමාපියන්ට යුතුකම් ඉටු කළ හැකි තවත් ආකාර වේ.

  • මවුපිය දූ දරු යුතුකම් හරියාකාරව ඉටු නොවීම සමාජ පරිහානියට හේතුවන බවට වන උදාහරණ වර්ථමාන සමාජයේ දක්නට ඇත.

  • තම දෙමාපියන් සතු අඩුපාඩු මෛත්‍රී සිතින් පෙන්වා දීමද දූ දරුවන්ට කලහැකි තවත් එක් යුතුකමකි.

  • අන්‍යෝන්‍ය යුතුකම් හොඳින් හදුනාගෙන මැනවින් ඉටු කිරීම තුලින් දැහැමි ප්‍රඥාවන්ත සමාජයක් ගොඩනැගීමට උරදිම අප සැමගේ යුතුකමක් බැව් සිහි තබාගෙන කටයුතු කරමු.



1480

ලිපිය කියවා ඇති ගණන
1480

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


9-වසර - බෞද්ධ_දහම්_පාසල
ඇසළ පුන් පොහෝ දා බරණැස් නුවර ඉසිපතනාරාමයේ මිගදායේදී පස්වග මහණුන්ට දේශනා කළ ධම්මචක්කපවත්තන සූත්‍රය බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාවයි.සටහන:- පස්වග මහණුන්, 1. කොණ්ඩඤ්ඤ 2. වප්ප 3. භද්ධිය 4. මහානාම 5. අස්සජී යන හිමිවරුන්. ධම්සක් පැවතුම් සූත්‍රයේ එන ප්‍රධා...
9-වසර - බෞද්ධ_දහම්_පාසල
ඛුද්දක පාඨය හා සුත්ත නිපාතය යන ග්‍රන්ථ දෙකෙහිම ඇතුලත් වන රතන සූත්‍රය ආරක්ෂක පිරිතක් ලෙස භාවිතා කෙරෙයි.  තුන් සූත්‍රයෙන් එකක් වන රතන සූත්‍රයෙහි ත්‍රිවිධ රත්නයෙහි ගුණ සඳහන් වෙයි. සටහන:-තුන් සූත්‍රය1. රතන සූත්‍රය2. මහා මංගල සූත්...
9-වසර - බෞද්ධ_දහම්_පාසල
බුදුරදුන් බුද්ධත්වයට පත් වීමට ප්‍රථම බෝසත් අවදියේදී පිරූ දස පාරමිතාවන්, බුදුකුරු දම් හෙවත් බුද්ධකාරක ධර්ම නමින් හැඳින් වේ. එම දස පාරමිතා ධර්මයන් පහත පරිදි වේ.1. දාන පාරමිතාව2. සීල පාරමිතාව3. නෙක්ඛම්ම පාරමිතාව4. පඤ්ඤා පාරමිතාව5. වීරිය පාරමිතාව6. ඛන්ති පාරමිතාව7....
9-වසර - බෞද්ධ_දහම්_පාසල
දෙමාපියන්, මුල්ම ආචාර්යවරුන් යන අර්ථයෙන් “පුබ්බාචරිය” යන නමින්ද, සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්තවූ බැවින් “බ්‍රහ්ම” යන නමින් ද හැඳින්වේ. සටහන:- සතර බ්‍රහ්ම විහරණ පිළිබඳ වැඩිදුර විස්තරයක් සඳහා 10 ශ්‍රේණිය (පැරණි නිර්දේශය) 25 පාඩම ව...
9-වසර - බෞද්ධ_දහම්_පාසල
වැරදි නිවැරදි කරගත් අයට යහපත් පුද්ගලයෙකු විය හැකි බව සනාථ කරන බුදු දහමේ එන උදාහරණයකි අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිත කතාව. කුඩා කල අහිංසක නම් වූ අංගුලිමාලගේ, පියා - කොසොල් රජුගේ පුරෝහිත භග්ග නම් බමුණාත් මව - මන්තානි බැමිණියත් ගුරුවරයා - දිසාපාමොක් ඇදුරුතුමාත් ය. ...
9-වසර - බෞද්ධ_දහම්_පාසල
දෙව්දත් තෙරුන්ගේ වැරදි මග පෙන්වීම නිසා අජාසත් රජු විසින් තම පියා වන බිම්බිසාර රජු මරා මගධයේ රජ වූයේය. දෙව්දත් තෙරුන් බුදුරදුන් නැසීමට සිතා,1. දුනුවායන් යැවුවේය.2. ගිජ්ඣකූට පර්වතයේ සිට ගලක් පෙරලුවේය.3. රා කල දහසක් පොවා නාලාගිරි ඇතු යැවුවේය.4. නවක භික්ෂූන් 500ක් තම ...
9-වසර - බෞද්ධ_දහම්_පාසල
බුද්ධ, ධම්ම, සංඝ යන මේවා තෙරුවන් හෙවත් ත්‍රිවිධ රත්නය ලෙස හැඳින්වේ. ලෝකයේ අතිශය දුර්ලභ වටිනා සම්පත් තුනක් යන අර්ථයෙන් මේවා තෙරුවන් ලෙස හැඳින්වේ.වැදගත්:-කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේදුකකිනි මිනිසත් බව ලැබගන්නේමෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේසුදනෙනි කිම වීරීය නොකරන්න...
යසිරු නවෝදන

9-වසර දහම් පාසල (බෞද්ධ)

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
එක්තරා සංවර්ධිත රටක වර්තමාන ආර්ථික ප්රතිපත්තිය ඇබෙනොමික්ස් යනුවෙන් ප්රසිද්ධියට පත් ව ඇත. එම රට කුමක් ද? රටට ලැබෙන විදේශ විනිමය ප්රමාණය ඉහළ යන විට පාවෙන විනිමය ...

13-වසර - ගිණුම්කරණය
මූල්ය ගිණුම්කරණයේ සහ මූල්ය ප්රකාශනවල කාර්යභාරය හා සීමා නියම කරනු ලබන මූලධර්ම පද්ධතියක් ලෙස මූල්ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව හැදින්විය හැක. මූල්ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවෙහි ඇති පහත ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
අලුත් විෂය නිර්දේශයට අනුව පොඩි සංශෝධනයක්.. මං මුලින්ම ලියපු ජාතික ගිණුම් සම්බන්ධ ලිපියේ තියෙන මෙන්න මේ වගුව, මේ විදිහට නිවැරදි වෙන්න ඕන, ඇත්තටම මේ සංශෝධනය ගැන කිව්ව අපේ ...