News ආගමික සංහිඳියාව අගයන්න – කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්
ආගමික සංහිඳියාව අගයන්නැයි සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. රටවල් කිහිපයක මෙරට තානාපතිවරු,මහකොමසාරිස්වරු සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද(24) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිවසේදී පැවැත්වුණා. හමුවෙන් අනතුරුව අගරදගුරු හිමිපාණන් මාධ්‍යයට අදහස් පළ කළමින් මේ බව කියා සිටියේය. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ සියලු දෙනා ආගමික සංහිඳියාව අගය කරමින් තමන් ළඟ වෙනත් ආගමක් අදහන පුද්ගලයෙක් සිටී නම් ඒ කෙනාට ගරු කිරීමට පුරුදුවන ලෙසත් ඒ තුළින් එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගෙන බවත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළේය. මෙවැනි අවාසනාවන්ත සිදු වීම් හේතුවෙන් කලබලයට පත්ව භේද බින්න වීම නොව රටට ආදරය කරන්නේ නම් සියලු දෙනා සමඟ එකතු වී ජීවත් විය යුතු බව ද රංජිත් හිමිපාණන් පැවසීය. (උපුටා ගැනීම : siyatha news)

නවතම පුවත්

විශේෂ පුවත්

පාස්කු ඉරිදා ව්‍යවසනයට ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීම සඳහා යම්කිසි ආධාරයක් ලබාදෙන්නට විශේෂ ගිණුමක් ආරම්භ ... Read More

ශ්‍රි ලංකාවේ පසුගිය දිනවල රටෙහි ඇති වී තිබූ තත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු පාසල් හා විශ්ව විද්‍යාල මෙම මස 29 වනදා තෙක් කල් දැමුව ... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ලාංකික ජනතාවට ගෞරව දැක්වීම පිණිස ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා ධජයෙන් සරසා තිබුණි. ඩුබායි හි සංඛේතයක් මෙන්ම ... Read More