News පාස්කු දින විපතට පත්වුවන් වෙනුවෙන් විශේෂ අරමුදලක්
පාස්කු ඉරිදා ව්‍යවසනයට ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීම සඳහා යම්කිසි ආධාරයක් ලබාදෙන්නට විශේෂ ගිණුමක් ආරම්භ කරන්නට තීරණය කර තිබෙන බව කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි. එම ගිණුම බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ආරම්භ කර ඇති අතර ”කොළඹ අගරඳගුරුතුමා ”කියන නමටයි ගිණුම ඇති බව මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන කළේය. අරමුදල නම් කරන්නේ ”2019 පාස්කු ඉරු දින ව්‍යවසනයෙන් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනය සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂ අරමුදල” යන නමින්ය බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 1190038741 යන ගිණුමට ඔබගේ පරිත්‍යාග බැර කළ හැකි බවද අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ ඉල්ලා සිටියි. (උපුටා ගැනීම : siyatha news)

නවතම පුවත්

විශේෂ පුවත්

පාස්කු ඉරිදා ව්‍යවසනයට ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීම සඳහා යම්කිසි ආධාරයක් ලබාදෙන්නට විශේෂ ගිණුමක් ආරම්භ ... Read More

ශ්‍රි ලංකාවේ පසුගිය දිනවල රටෙහි ඇති වී තිබූ තත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු පාසල් හා විශ්ව විද්‍යාල මෙම මස 29 වනදා තෙක් කල් දැමුව ... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ලාංකික ජනතාවට ගෞරව දැක්වීම පිණිස ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා ධජයෙන් සරසා තිබුණි. ඩුබායි හි සංඛේතයක් මෙන්ම ... Read More