News ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ලංකා ධජයෙන් සරසයි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ලාංකික ජනතාවට ගෞරව දැක්වීම පිණිස ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා ධජයෙන් සරසා තිබුණි. ඩුබායි හි සංඛේතයක් මෙන්ම ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ලෙසින්ද සඳහන් වන බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල ඊයේ(25) ශ්‍රී ලාංකේය ධජයේ වර්ණයෙන් සරසා තිබුණි. පසුගිය පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේදී මියගිය පිරිස වෙනුවෙන් සිය ගෞරවය දැක්වීම සඳහා ඔවුන් මෙලෙස එම ගොඩනැඟිල්ල ලාංකේය ධජයෙන් අලංකාර කර තිබුණි. මීටර් 828ක් උසින් යුතු බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම නගරය වන ඩුබායි හි පිහිටා තිබේ. (උපුටා ගැනීම : siyatha news)

නවතම පුවත්

විශේෂ පුවත්

පාස්කු ඉරිදා ව්‍යවසනයට ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීම සඳහා යම්කිසි ආධාරයක් ලබාදෙන්නට විශේෂ ගිණුමක් ආරම්භ ... Read More

ශ්‍රි ලංකාවේ පසුගිය දිනවල රටෙහි ඇති වී තිබූ තත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු පාසල් හා විශ්ව විද්‍යාල මෙම මස 29 වනදා තෙක් කල් දැමුව ... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ලාංකික ජනතාවට ගෞරව දැක්වීම පිණිස ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා ධජයෙන් සරසා තිබුණි. ඩුබායි හි සංඛේතයක් මෙන්ම ... Read More