අපෙන් උපදෙස් : 2020 o/l ජයගන්න නංගිගේ මල්ලියේ

2020 o/l ජයගන්න නංගිගේ මල්ලියේ


මල්ලියේ නංගියේ අපේ ජීවිතයේ හමුවන නොයෙක් අභියෝග අතරේ අපේ ජීවිතයේ  වැදගත් තීරණාත්මක අභියෝගයක් ලෙසින් අපොස සාමාන්‍ය පෙළ විභාගය අපට හදුනාගන්න  පුළුවන් 

මල්ලියේ නංගියේ වසර එකොළහක් පමණ කාලයක් උගත් ශිල්පය ආවර්ජනය කරමින් මුහුණ දෙන මෙම විභාගය ඔබගේ ජීවිතයේ මහත් වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වන බව ඔබ හොදින් හිතට ගත යුතු ය 

 මුලින්ම හිතන්න. (මම කොහොම හරි විභාගය සමත් වෙනව කියල) හැම කෙනෙක්ම එක වගේ නොවන නිසා කෙනාගෙන් කෙනාට මතක ශක්තිය වැඩි අඩු වශයෙන් උරුමවී ඇත. මතක ශක්තිය වැඩි අය දිහා බලා ඔබට බැරියැයි.නොසිතන්න. උත්සහ කරන්න. ඔයා ක්‍රමය මාරු කරල ඔයාට හරියන ලේසි විදිය සොයා ගන්න. 

මම උදාහරණයක් විදියට මම මෙහෙම කියන්නම් අපි හිතමු. අපි බයිසිකලයක් අරගෙන ඒ බයිසිකලේ යකඩ භාර් එකේ වාඩි වෙලා බයිසිකලේ පදින එකද ලේසි එහෙම නැත්නම් ෂීට් එකේ ඉදන් පදින එකද ලේසි ඒ ලේසි විදිය සොයා ගන්න නම් මල්ලියේ නංගියේ අපි අපේ ක්‍රමය මාරු කරල බලන්න ඕන. අන්න එතකොට තමයි අපිට හරියන ලේසි විදිය සොයා ගන්න පුළුවන් වෙන්නෙ 

මල්ලියේ හිතන්න. නංගියේ හිතන්න මේ වසර එකොළහක අධ්‍යාපන ලබාගන්න. ඔබට පැමිණි බාධක කොපමනද? පවුල් ප්‍රශ්න පාසල් ප්‍රශ්න මුදල් ප්‍රශ්න කී නොකී මෙවන් අභියෝග වලට මුහුණ දුන්නේ ඇයි ? මතක් කරගන්න මල්ලියේ නංගියේ ඒ බාධක ඔබ ඉවසුවේ ඔබේ අනාගතය වෙනුවෙන්මයි.මල්ලියේ එසේනම් ඒ සුව දායි අනාගතය සෑදීමේ පරම වගකීම ඇත්තේ ඔබටයි.

තමාට තියෙන අඩුපාඩු ගැන නොසිතන්න නංගියේ තමාට ඇති දේ ගැන හිතන්න මල්ලියේ ලෝකයේ නොයෙක් අඩුපාඩු මැද ලෝකය ජයගත් බොහෝ දෙනෙක් සිටිය බව හා සිටින බව මතක් කරගන්න. 

පාදයක් අහිමි වුවද ,දිවීමේ තරග උසව් ජයගන්න මිනිසුනුත් ඔබ මා අතරේ සිටින බව අමතක නොකරන්න .නංගියේ මල්ලියේ 

ඒ මිනිසුන් හා ඔබ මා ගත් කල අපට කුමන අඩුවක් ද අප කරන කැපකිරීම් මතයි. අපගේ ප්‍රතිඵල විවිධාකාර වන්නේ හිතන්න මුලින්ම ඔබට ජයගන්න පුළුවන් 

මල්ලියේ නංගියේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අපේ තීරණාත්මක විභාගයක් වුවද,ඔබ එයට භය වීම කිසිසේත් ම උවමනා නැත. මල්ලියේ ඔබ භය වුවාට කවරදාකවත් විභාගයේදී ඔබට ලකුණු පිරිනමනු නොලැබේ . හුදෙක් ඔබගේ ලකුණු අඩුවීමටද හේතුවක් වේ . ඔබගේ භය

නංගියේ විභාගයේ ප්‍රශ්න පත්‍ර සාදන්නේ අපගේ දැනුම මැනීමට මිස අපව අසමත් කිරිමට නොව 

මල්ලියේ අපි ජීවිතයේ ඕනම දෙයකට අපිට ඇති වන භය නැති කර ගැනීමට නම් අපි අපට ඇති වන අභියෝගයේ භයානකම ප්‍රතිඵලයට පිළිතුරක් සොයා තබා ගත යුතුය. 

මම උදාහරණයක් විදියට මම මෙහෙම කියන්නම් අපි හිතමු. ඔයාට මේ කාලයේ දී මුහුණ දීමට තියෙන ලොකුම අභියෝග සාමාන්‍ය පෙළ විභාගය නේ ඒ අභියෝගයේ ඇතිවිය හැකි භයානකම ප්‍රතිපලය නම් ඔබ විභාගය අසමත් වීමනේ. ඉතින් මේ විසල් අභියෝගයට ඔබ සොයාගන්නා පිළිතුරු කුමක්ද සරලව හිතන්න. මල්ලියේ නංගියේ අපි තව සැරයක් හරියට ම කරමු. මෙහෙම හිතන්න පුළුවන් නම් ඔබට ඇතිවන පීඩනය අඩු කරගන්න පුළුවන් ඇයි මට සිතේ.

හරි අපි දැන් බලමු මේ ඉතුරු ටික කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන කොහොමද විභාගය සමත් වෙන්න උත්සහ කරන්නෙ කියල, 

(1) ඔයා ඔයාට පුළුවන් හා බැරි විෂයන් වෙන වෙනම ලියා ගන්න. 

(2) මල්ලියේ නංගියේ ඔබට ඉතිරිව ඇති ඇති කාලය බලන්න. 

(3) අමාරු විෂයන් වලට වැඩි කාලයක් එන පරිදි කාලය බෙදා ගන්න. 

(4) ඔයාට එයි කියල හිතෙන සාමාර්ථයට වඩා එකක් වැඩි සාමාර්ථය ඒ ඒ විෂයන් ඉදිරියේ ලකුණු කරගන්න. 

(5) ඒ ලකුණු කරගත් සාමාර්ථය ගැනීමට උත්සහ කරන්න. තමාට පුළුවන් බව හිතන්න. මම ඔබට එයි කියල හිතෙන සාමාර්ථයට වඩා එකක් වැඩි සාමාර්ථයක් ලබා ගන්න උත්සහ කරන්න කියල කිව්වෙ 

අපි හදක් වෙන්න හිතුවොත් තරැවක් හෝ විය හැකි නිසා 

හිතන්න.........!මල්ලියේ නංගියේ ඔබ දක්ෂයි .ඔබට පුළුවන් 


ලිපිය කියවූ : 0