මී මැසි පාලනය - උසස්පෙළ කෘෂිකර්මය

මී මැසි පාලනය

 

අතිශය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සැකසුණු මී මැසි පෙට්ටි මගින් විනාශකාරී නොවන අයුරින් පැණි රැස් කිරීමේ හැකියාව ඇත. ඒ පිලිබදව කෙරෙන ක්‍රමානුකුල පෙළගැස්මක තවත් දිගහැරුමකි මේ, මී මැසි පාලනය අන්න්දනිය අත්දැකීමක් කරගත් මිනිසුන්ගේ අපරිමිත උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස සරුසාර මී පැණි අස්වැන්නක් වෙළදපලට ඉදිරිපත් කිරීමට බොහෝ රටවල් සමත් ව ඇත.ප්‍රථමයෙන් ම මෙම විෂය ක්ෂේත්‍රයෙ දී ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුයේ යුරෝපීය රටවල් ය. ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව ද 1986 වසරේ සිට සිය අවශතාවයන් සදහා අවශ්‍ය මී පැණි ගෙන්වනු ලද්දේ ඔස්ට්‍රේලියාවෙනි. එහෙත් මේවන විට යුරෝපීයන් පරදා මී පැණි නිෂ්පාදනයෙ දී ප්‍රමුකත්වය ගැනීමට අපේ ආසියාවේ ආර්ථික යෝදයා වන චීනය සමත් වී සිටී.

ඒ අභාෂය මත ශ්‍රී ලංකාව මී පැණියෙන් ස්වයංපෝෂිත කිරීමට ඉලක්ක කර ගනිමිනි. බොහෝ කලෙක සිට අප රටේ මී මැසි පාලනය ස්වයං රැකියාවක් යනුවෙන් හැදින්වීම වැරදි සහගත මර්ගෝපදෙශයකි. සබැවින් ම ශ්‍රී ලංකාව මී පැණියෙන් ස්වයං පෝෂණය කිරීම සදහා පළමු පියවරේ දී අවශ්‍ය වන්නේ ප්‍රයෝගික අද්දැකීමෙන් සහ නවීන තාක්ෂණික දැනුමෙන් මෙන්ම විද්‍යාත්මක මෙවලම් වලින් සන්නාහ සන්නද්ධ පරිණත මී මැසි පාලකයන් 100  දෙනෙකි. ස්වයං රැකියාලාභී මී මැසි පාලනය තිබිරි ගෙය ලෙස පරිහරණය කරමින් එම පරිසර හිතකාමී මිනිසුන් වෘත්තීමය මී මැසි පාලකයින් බවට පරිවර්තනය කිරීම සදහා මෙම ලිපි අත්වැලක් වනු ඇත. එම නිසා අංග සම්පුර්ණ බිගු පාලකයකු වීම සදහා අතාවශ්‍ය සුදුසුකම් පිළිබද අවදානය යොමු කරමු.

  1. ඔහු හෝ ඇය අපගේ සදාකාලික මිතුරා වූ අප හා අවට පරිසර පද්දතීන් සමග අවබෝදයෙන් හා සෙනෙහසින් පරිපුර්ණ කලණ මිතුරෙකු විය යුතු ය.
  2. අවට පරිසරයෙහි මධු ගෝචර ශාක සහිත භූමියක හිමිකරුවෙකු විය යුතු ය.
  3. රුචිකත්වය සහ හැකියාව මත පමණක් මී මැසි පාලනයට ප්‍රවේශ විය යුතුය.
  4. සෑම අවස්ථාවකදීම ප්‍රයෝගික විය යුතු ය.
  5. තමන් අවශෝෂණය කර ගන්නා න්‍යායික දැනුම හා ප්‍රයෝගික අද්දැකීම් දශමයකුදු සගවා තබා නොගෙන පෙරළා සමාජයට ප්‍රදානය කරන ආදරණිය මිනිසෙකු වියයුතුය.
  6. මේ සියල්ලට ම අමතරව පුංචි එඩිතරකමකුත් තිබිය යුතු ය.

ඉහත සියලු ප්‍රවේශයන් සපුරා ගන්නා අධුනික බිගු පාලයන් මුහුණ දෙන ප්‍රධාන  ප්‍රශ්න කිහිපයක් ඇත. මී මැසි ජනපදයක් සොයා ගැනීම හා ප්‍රයෝගික දනුම ලබා ගැනීම ඒ අතර ප්‍රධාන වේ. ප්‍රායෝගික පුහුණු කදවුරුවලට සහබාගි වීම, නිරන්තරයෙන් ප්‍රයෝගික ක්‍රයාකාරකම්වල යෙදීම, බිගු පාලනයේ ප්‍රවීණයන් ඇසුරු කිරීම විශයනුබද්ධ පොත පත කියවීම හා බිගු පාලන ක්‍රයාකාරකම් සහිත වීඩියෝ දර්ශණ නැරබීම ඒ අතර ප්‍රදාන වේ. මී මැසි ජනපද අවශ්‍ය තරම් මිලදී ගැනීමේ පහසුකම හා අවස්ථාවන් අප රටේ ඇති නමුත් සාර්ථක මීමැසි පාලකයකු වීම සදහා ස්වාභාවික පරිසරයේ පිහිටි බිගු ජනපදයක් අල්ලා ගැනීම ඉතා සාර්ථක කටයුත්තක් වේ. මී මැසි පෙට්ටි මිලදී ගැනීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමතකල ඒවා පමණක් මිලදී ගත යුතු ය. මී මැස්සන් හැසිරවීම සදහා පොල් මුඩු පමණක් භාවිතා කල යුතු අතර, මී මැස්සන්ගෙන් ආරක්ෂා වීම සදහා දුම් විසිරුම ද අනිවාර්යයෙන් ම කලයුතතකි. මීමැස්සන් පෙට්ටිගත කර ගැනීමෙන් පසුව රැදවිම සදහා  නියමිත දිග පළලින් යුතු දැවමය කණුවක් සිටවිය යුතු ය. කණුවේ උස පොලෝ මට්ටමේ සිට ඉහළ අඩි දෙකක් ද පොළොව අභියන්තර අඩි එක හමාරක් ද විය යුතු ය. මුදුනත ලෑල්ලේ දිග පළල අගල් 08 *10 ප්‍රමාණයට සකස් කල යුතු ය. මෙලෙස ක්‍රමානුකුලව කතයුතු කිරීම තුලින් සාර්ථක ලෙස මී මැසි පාලනයක් සිදු කල හැකි ය.