ප්‍රස්තාව පිරුළු 07 - උසස්පෙළ සිංහල

ප්‍රස්තාව පිරුළු 07

ප්‍රස්තාව පිරුළු

 

සෙවණට සිටි ගහේ අත්ත කපා දැම්මා වාගේ - තමාට උදව් උපකාර කළ කෙනෙකුට එරෙහිව තටයුතු කිරීම

 

ගිනි පේල්ලෙන් බැටකෑ මිනිහා කණා මැදිරියාටත් බයලු - වරක් හිරිවැර විද කටුක අද්දැකීම් ලද පසු ඊටවඩා සුළු දේකට වුවද බියවන බව

 

බල්ලාගේ වැඩේ බූරුවා බාරගත්තා වාගේ - තමන්ට අයිති නැති ක්‍රියාවන් සිදු කිරීමට ගොස් දඩුවම් විදීමට සිදුවීම.

 

කිරියි පැණියි වාගේ - හොද සම්බන්ධයක් ඇති බව

 

බල්ලෙක් බිරුවට කන්දක් පාත්වේ ද ? - නිවට පුද්ගලයින් බැනුම් ආදියෙන් නින්දා කරනු ලබුවත් උසස් ගුණවත් පුද්ගලයන්ගේ කීර්තියට හා හොද නමට කැළලක් නොවීම

 

ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකිය - පෙර කරන ලද මෝඩකම් වලට යළින් ප්‍රතිකර්මයක් කළ නොහැකි බව

 

හිගන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුණා වාගෙයි - දුකක් විදගෙන සිටින අතර තවත් විපතක් පැමිණීම

 

ගිරේට අසුවූ පුවක් ගෙඩිය මෙන් - කිසිදු නිදහසක් නොමැති බව

 

ගිලී මලෙන් ඇත දත සුද්දෝ - ගතානුගතික ජීවන ක්‍රම පුරුදු වු අය අතර නිදහසේ කටයුතු කරන්නන්ද සිටින බව

 

ගෙරවූ තරමට වහින්නේ නැහැ - කථාවේ තරමට වහින්නේ නැහැ

 

බඩේ ගිජු තියාගෙන කතා කරනවා වාගේ - තමාගේ අදහස් සගවා වෙනත් කතා ඉදිරිපත් කිරීම

 

චක්‍රවර්තී රාජ්‍යක් පහළ වූවා වාගේ - සම්පත් රැසක් ලැබීම

 

තක්සලාවටත් ගොස් නිකම්ම ආවා වාගේ - යම්කිසි දෙයක් ලබා ගැනීම පිණිස සුදුසුම ස්ථානයටත් ගොස් එයින් නිසි ‍ප්‍රයෝජන ලබා නොගැනීම

 

උරුලෑවා ගිය පාර වාගේ - අධම පුද්ගලයන් කරන නරක වැඩවලට අපකීර්තිය රට පුරා පැතිරෙයි

 

තට්ටු කරන්නාට දොර ඇරේ - යමක් ලබාගත යුත්තේ උත්සාහයෙනි

 

වැද්දන් කියන බණ වාගේ - තමන් සතුන් මරමින් අනුන්ට ඉන් මිදෙන්න යැයි අවවාද කිරීම

 

තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කීවාලු - තමන් වැඩ කරන්නෙ තමන්ට වුවමනා හැටියටයි

 

තැඹිලි ගෙඩිය උඩ වැසූ කපුටා වාගෙයි - කැපී පෙනෙන අවලස්සනක් හා නොගැළපීමක් ගැන පැවසීමේදී

 

ත් නැතිදා උක්දඩු ගිනි තපින්නද? - යමක් ලැබිය යුත්තතේ සුදුසු කාලයේදී මිස නුසුදුසු කාලයේදී නොවන බව

 

දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එනවා වාගේ - යහපත් කටයුත්තකට ගොස් අයහපත් කාර්ය්‍යක ද නිරත වීම

 

දවල් මිගෙල් රෑ දනියෙල් - දෙබිඩි චරිත ඇතිව කටයුතු කිරීම

 

බැදගත්තු බෙරේ ගහන්න ඕනෑ - කවර කටයුත්තක් හෝ ආරම්භ කළහොත් එය අවසන් කළ යුතු බව

 

නිකිණි සොයන්නට ගියා වාගේ - කොහේවත් නෙමැති දෙයක් සොයන්නට යාම

 

දෙයියන්ගේ හාල් කැවිලා වාගේ - හරි සිහියක් නොමැති බව

 

බට කැලේට ගිනි තැබුවා වාගේ - ගෝෂාකාරී ලෙස වේගයෙන් පැතිර යන බව

 

හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වාගේ - නුසුදුස්සෙකුගෙන් උපදෙස් පැතීම

 

නිතර දකින කුකුළාගේ කරමලය සුදුයි වාගේ - නිතර නිතර යම් දෙයක් දැකීමෙන් එහි යථා ස්වාභාවය අමතක කර දැමීම

 

දො‍ළොස් මහේ පහණ වාගේ - යමක් නිරතුරුවම දීප්තිමත්ව තිබීම

 

යන යකා කොරහත් බිදගෙන යනවා වාගේ -  නැවත නොඑන්න යන පුද්ගලයා විශාල ලෙස අලාභ සිදුකරමින් යනබව

 

නයාට අදුකොළ වාගේ - නුරුස්නාසුළු බව

 

නයාට හගලා‍ පොල්ල වරද්ද ගත්තා වාගේ - නැති සතුරෙකු ඇතිකර ගැනීම

 

 නරියා පඹගාලේ පැටලුනා වාගේ - කෛරාටික පුද්ගලයෙකු කිසියම් ප්‍රයෝගයකට හසුවීම

නරියා යනුවෙන් හදුන්වන්නේ සත්ව ලෝකයේ සිටින කපටිම සත්වයා ලෙසය. එවැනි සතෙකු පඹ ගාලක පැටලීම විශේෂ සිද්ධියකි. සෙසු සත්වයන්ව උගුල් වලට අල්ලා තමාගේ වාසිය සලසා ගැනීම නරියාගේ සිරිතය. එහෙත් ඔහු පඹගාලේ ලැටලුණේය.

 

යකඩ පිළිස්සුණු ගෙදරක පුළුං ඉතිරි වේද? - විෂාල විනාශයක් වූ තැන සුළුසුළු දේවල් ඉතිරි නොවන බව

 

නි‍යපොත්තෙන් කඩන්න තිබුණු ගහ පොරවෙන් කපන්න බැරිවා වා‍ගේ - ඉතා පහසුවෙන් සිදු කළ හැකි කාර්ය්‍යක් කල් දැමීම නිසා බලවත් කරදර ඇති වීම