ගී රස වින්දනයට
මිනිසත්කම
එකම මව් කුසක පිළිසිද
එකෙකු අනෙක නසන කාලෙක
සොදුරු දම් කෙලෙසින් සොයම්දෝ
සැන්දෑවක්
බටහිර අහස ගැබින්
හිරු නික්මෙද්දී
මද පවනින්
රන් වන ගොයම් නලවෙද්දී
සිහින් පිනි පොදක්
මා ගත දවටෙද්දී
ශ්රවනය විය මට........
නිසසල බව බිදිමින්
ගං දිය ගලන හීන් නද........
නෙත් යොමු කලෙමි
කදු පාමුල දිස් වන අරණට
මෙහෙණියක
දරා දෑතෙහි සුවද මල්
සෙමින් පිය තබා යන්නේ
බුදු පුදට........
මිහිකතට පෑයූ සුපුන් සද
දිවියේ කදු මුදුන් වසාගෙන
වැහි වලාකුළු හෙමින් මෝදු වන
මන්දාරම් ප්රබා රැස් විහිදුවන
ඉන්ද්ර මඩලකි ඔබ.......
ගල් බොරළු අතර මුතු ඇහිදින
කළු වලාවක රිදී ඉරයි ඔබ...
බබලනා
දෙදහස් පන්සියයක ඉතිහාසයේ
ගිරි සිරස දෙවොලක
පුපුදුවමින් ගම බිම් රැස
ගල ගිය කරුණා නදිය ඔබයි
බුදු පියාණනේ ...........
වියලි නියං සැයෙන් මල් පුබුදිනා
මිහිකත නුබයි හැම පිරිපත උහුලනා
දිනෙක මෙවන් මල් පිපි හිනාවෙන කණිසමට
ඔබ දුන් එලිය රැස් විහිදුවයි
සැණෙකින්
බුදු පියාණනේ ...........
සොයා යන්නට දිවියේ අරුත
කෙටි කර ගන්නට දිවයන සසර
එතෙර වෙන්නට සංසාර ගංගාව
පියමන් කල ඒ ගමනේ අරුත
දකින්නෙමු අපි අද දෙඇසින්
ඔබයි මිහිකතට පයු
සුපුන් සද
බුදු පියාණනේ.........
විසි එක් වන සියවසේ පන්සල
දවයි නෙත
ඉලෙක්ට්රොනික් රැස්
මාලාව
පෙළකි පා
ක්රොන්කිට්
සක්මන් මළුව
ඇනෙයි ඇස
වැලි ගැඩොල් හා යකඩ
ප්රකාර පවුරු පදනම්
සිතේ මට
අභිනික්මන් කරන්නට පන්සලින්........
සුදු පරවියනේ යලිදු එනු මැන
පින් බිමක් වූ ලක් දෙරණ මත
නිර්භය හෙළ විරුවන් විසු
බුදු පහස ලද හෙළ දෙරණ මත
එදා නිලබරේ නිදහසේ පෑයූබු
පරවී කැළ නොමැත අද
මනුෂ්යත්වය වල් වැදී ඇත
බල තණ්හාවෙන් දෑස්අන්ධ වී ඇත
යුධ ගිනි දැලින් වේලි ඇත
මේ පින් බිම - දහම් දෙරණ මත
පිපි සුවද දුන් සාමයට කුමක් විද?
රුදිරයෙන් තෙත්ව ඇත
ලක් මෑණියන්ගේ ළය මඩල
අප හැර ගිය සුදු පරවියනේ
ආයේ එනු මැන..........
හදවත් ඇත්තනි !
එක් වනු මැනවි
ගොඩ නගන්නට
නිදහස් , නිවහල්
දැයක්
අනාගතයට
සාදු ජනයින් කොහි ගිහිල්ලද ?
පන් දහස් කල් සසුන රැකුමට
උපුල්වන් දෙවි වරම් ලද රට
සිව් වරම් දෙවි සිව් කොනේ සිට
පිරිත් පැන් ඉස සෙත් පැතූ රට
ගිහින් පන්සල් පොහොය අටසිල්
රකින්නට ගිය නිතර පන්සල්
සාදු ජනයින් කොහිද මේ කල්
බෝ මළුවේ නැහැ සුවද තෙල්මල්
සුසිල්වත් යති වරුන් පෙර සිට
දහම් සුවදින් සුවද කල රට
දැරූ බන පද දමා ඉවතට
මිනිස් වගා බර වෙලා පාපෙට
ධනය ඇති තැන බලය එතනයි
පංච පපෙම ඇත්තේ එතනයි
නොමිනිසුන් දින දිනම මතු වෙයි
සුදාන මිනිසුන් වැඩ වෙලා යැයි
යදි යාදිනි ඇහෙන් නැතිවද
දෙවියෝ දෙව් ලෝකයට වැඩලද
ලෙයත් කදුලත් බලනු බැරිවද
දිවැස් දිව කන් අගුල් වැටිලද
වදින විටදී පිදු සිගා
නෙත් කැලුම් බිම හොවා
බෙදන්නට දැන් පිඩක්
අනේ මට බැරි උනා
සිරි පතුල් වෙහෙසුණා
අප ගැනම සොයා සොයා
පිරිනිවී වැඩි සේක
මගේ සම්බුදු පියා
බුදු නෙතින් බලා ලොව
සිතේ දුක නිවා දුන්
බුදු මුවින් ගලා ආ
මිහිරි දම් අමා දුන්
බුදු ගුණෙන් සදා සිත්
සැනසීම ලබා දුන්
බුදු සරණ යමු අපිත්
පිලි සරණ සදා දුන්
හිරු උදාවනු මිසෙක
අදුර එන්නට එපා
දෙපා පැටලුනු විටෙක
බිම වැටෙන්නට එපා