Networking #01

දත්ත සන්නිවේදනය හා පරිගණක ජාලකරණ තාක්ෂණය දත්ත හා තොරතුරු සන්නිවේදනය

දත්ත සනිවේදනය කියන්නෙ දත්ත එක් තැනක ඉදන් තවත් තැනකට අරන් යාම.දත්ත සන්නිවේදනය සදහා මූලික සංරචක කිහිපයක් ඕනෙ.

1.සම්ප්‍රේශකය(Transmitter)

සම්ප්‍රේශකය කියන්නෙ දත්ත නිපදවන කෙනා, උපකරණයයි. දත්ත සන්නිවේදනයේ ප්‍රධාන ස්ථානය හිමි වෙන්නෙ මෙයාට.

2.ග්‍රාහකය(Reciever)

ග්‍රාහකය කියන්නෙ දත්ත අවසානයට ලබා ගන්න පුද්ගලයා නැත්නම් ස්ථානයයි.

3.මාධ්‍යය(Media)

සම්ප්‍රේශකයෙ ඉදන් ග්‍රාහකයා වෙත දත්ත ගෙනියන්නෙ මෙයා තමයි.

4.නියමාවලිය(Protocol)

සම්ප්‍රේශකයා සහ ග්‍රාහකයා අතර ඇති කරගන්නවා යම් කිසි නීති මාලවක්. ඒකට තමා නියමාවලියක් කියන්නෙ.ජාලයක් තුල දත්ත සන්නිවේදනයේදි
විවිධ නියමාවලි භාවිත කරනවා.

උදා-  

FTP- File Transfer Protocol
HTTP- Hyper Text Transfer Protocol
SMTP- Simple Mail Transfer Protocol
POP- Post Office Protocol



දත්ත සම්ප්‍රේෂණය වන ආකාර 2 ක් තියනවා.

1.ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේශණය (Serial Data Transmission)

වයර් යුගලයක් භාවිතා කරලා දත්ත බිටු එකක් පසුපස එකක් තමයි සම්පේෂණය කරන්නෙ.

2.සමාන්තරගත දත්ත සම්ප්‍රේෂණය (Parallel Data Transmission)

මේකෙදි කරන්නෙ දත්ත බිටු කිහිපයක් එකවර වයර් යුගල කිහිපයක් ඔස්සේ සම්ප්‍රේෂණය කිරීම.

දත්ත සම්ප්‍රේෂණ විධි (Data Transmission Modes)

දත්ත සම්ප්‍රේෂණය වන විධි 3 ක් තියනවා.

1.ඒකපථ (Simplex)

දත්ත එක් දිශාවකට පමණක් සම්ප්‍රේෂණය කරයි.

2.අර්ධ ද්විපථ (Half duplex)

දිශාවල් දෙකටම දත්ත සම්ප්‍රේෂණය කළ හැකි උනත් එක් වරකට දත්ත සම්ප්‍රේෂණය කළ හැක්කේ එක් දිශාවකට පමණි.

3.පූර්ණ ද්විපථ (Full duplex)

දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය කළ හැකි අතර එකම අවස්ථාවේ වූවද දිශා දෙකටම දත්ත සම්ප්‍රේෂණය කළ හැක.

දත්ත සම්ප්‍රේෂණය කරන වේගය මනින්නෙ bps(bits per second) වලින් ඒ කියන්නෙ ඒකක කාලයක් තුළ සම්ප්‍රේෂණය කරන bit ප්‍රමාණයයි.

දත්ත සන්නිවේදන වේගය = සම්ප්‍රේෂණය වූ බිටු ප්‍රමාණය / ගත වූ කාලය


දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය (Transmission Media)

නියමු මාධ්‍යය (Guided Media)

මේවා හැදිලා තියෙන්නෙ භෞතික දේවල් වලින්. තඹ වලින් හදපු සන්නායක හා ප්ලාස්ටික් වලින් හෝ වීදුරු වලින් හදපු ප්‍රකාශ තන්තු උදාහරණ විදිහට ගන්න පුළුවන්.

නියමු මාධ්‍ය කිහිපයක් දැන් බලමු.

1. ඇඹරුණු කම්බි යුගල (Twsited pair cables)
2. සමාක්ෂක කේබල (Coaxial Cable)
3. ප්‍රකාෂ තන්තු (Fiber Optics)



1. ඇඹරුණු කම්බි යුගල

මේකෙත් නොවැසුණු ඇඹරුණු කම්බි යුගල(UTP-Unshielded Twisted Pair) සහ වැසුණු ඇඹරුණු කම්බි යුගල(STP-Shielded Twisted Pair) කියල වර්ග දෙකක් තියනවා. ක්ෂේත්‍රයේදි බහුලවම භාවිතා වෙන්නෙ ඇඹරුණු කම්බි යුගල තමයි. ප්ලාස්ටික් ආවරණයක් සහිත කම්බි යුගලයක් එකිනෙක අඹරලා තමා මේව හදලා තියෙන්නෙ. කේබලයක් පවතින්නෙ මෙවැනි යුගල හතරකින්. බොහෝ විට 100Mbps පරාසයක වේගයක් ලබාගත හැක. UTP කේබල වලබාහිරව එල්ල වන විද්යුත් චුම්බක ක්ෂේත්‍රයන්ගේ
බලපෑම නිසා දත්ත වලට හානියක් සිදුවෙන්න පුළුවන්. ඊට වඩා STP කේබල හොඳයි මොකද ඒවා ලෝහමය ආවරණයකින් ආවරණය කරල තියන නිසා හානිය අඩුයි. මේ කම්බි අඹරලා තියෙන්න හේතුව තමයි රැහැනක් තුළින් විද්යුත් ධාරවක් යනකොට ළග තියන තවත් රැහැන් වල විද්යුත් ධාරාවක් ප්‍රේරණය වෙනවා. මේක නිසා ඝෝෂාවක් හට ගන්නවා. ඒක වළක්වන්න තමයි කම්බි
අඹරන්නෙ.

2. සමාක්ෂක කේබල

මේකට සමාක්ෂක කේබල කියලා කියන්නෙ සන්නායක දෙකක් එකම අක්ෂයේ තියන හින්දයි. ඒ කියන්නෙ ඇතුලතින් තියන සන්නායකය වටේට තවත් සන්නායක් ස්තරයක් ආකාරයට තියනවා. ගොඩක් වෙලාවට මේවා භාවිත කරන්නෙ දුරකථන රැහැන් පද්ධති සහ LAN පද්ධති වල.