ගජගා වන්නම - සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

ගජගා වන්නම

 

ගජගා වන්නම

 

උඩරට, පහතරට, සබරගමුව, යන නර්තන සම්ප්‍රදායන් තුනේම වන්නම් ඇත. උඩරට ප්‍රධාන වන්නම් දහඅටක් ඇත. මහනුවර යුගයේ  ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේ කවිකාර මඩුවේ ගායනා කර ඇත. කවිකාර මඩුවේ සේවය කර ඇත්තේ රම්මොළවක අධිකාරම් ය.  ඉන්දියාවෙන් පැමිණි ගණිතාලංකාර නම් බමුණකුගේ සහය ඇතිව මල්වතු පාර්ශවයේ හිමිනමක්  විසින් රචනා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. උඩරට නර්තන ආධුනිකයෙක් වෙස් ඇදුම් කට්ටලය ඇඳීමට පෙර වන්නම් දහඅට ද ප්‍රගුණ කළ යුතු වේ. සත්ව ,  සිද්ධි , අවස්ථා පාදක කොට ගෙන වන්නම් රචනා කර ඇති බව පෙනේ. සත්ව සඳහා උදාහරණ ලෙස වඳුරා , ඇතා , හාවා , උකුස්සා ,.. . . . . . . . ආදී සතුන් දැක්විය හැක. වන්නම් වලට නර්තනය පසු කාලයේ එක්ව ඇත. වාදනය සඳහා ගැටබෙරය හා තාලම්පට යොදා ගනී.  ශාන්ති කර්ම වලින් බැහැර නර්තන විශේෂයකි.  අපි නර්තනය, ගායනය, වාදනය යන අංශයන්ගෙන් පරිපූර්ණ වන්නම් රැකගනිමු.  එය අප සැමගේ වගකීමක් හා යුතුකමක් ද වේ.  

 

තිත - 4 + 4 ( මහ තනි තිත )  ( 1 2 3 4 + 1 2 3 4 )

බෙර පදය - තකුං ජිං කුජිං තක ජිං ගත කුකුද කුකුතක

  

තානම - තා නා තා ම් දා න තා ම් ද.............

ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............

නා නා ත ම් දා න තා ම් .......

දා න තා ........ නා...........

 

කවිය -  දෙව්පුර ඇතෙකි - කුඹු දහසයෙකි

දිග දළ අටෙකි - සත් ගැබෙකි

 

තානම - තා නා තා ම් දා න තා ම් ද.............

ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............

නා නා ත ම් දා න තා ම් .......

දා න තා ........ නා...........

 

කවිය -   වැව් පොකුණද කි   - සත් සිය ගැණ කි

එක පොකුණක කි  - සිව් මාලෙ කි

 

තානම - තා නා තා ම් දා න තා ම් ද.............

ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............

නා නා ත ම් දා න තා ම් .......

දා න තා ........ නා...........

 

කවිය -   සිව් මල පෙති කි  - ගැන තිස් දෙකකි

පෙත්තක නටු කි - සිව් සැටෙකි

 

තානම - තා නා තා ම් දා න තා ම් ද.............

ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............

නා නා ත ම් දා න තා ම් .......

දා න තා ........ නා...........

 

කවිය -  කවිකර වැනු කී  - ලෙව් ඉසි බසෙකි

ගජගා නමකී  - වන්නම කී

 

තානම - තා නා තා ම් දා න තා ම් ද.............

ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............

නා නා ත ම් දා න තා ම් .......

දා න තා ........ නා...........

 

කස්තිරම-     රුංතක ජිං තක තරිකිට කුංදත් රුංතක ජිං තක තරිකිට කුංදත් රුංතක ජිං තක තරිකිට කුංදත්

තාග්ගජිං තක තරිකිට කුංදත් තාග්ගජිං තක තරිකිට කුංදත්

රුංතක ජිං ජිං තකුතක ජිං ජිං  රැංතක ජිං තක තරිකිට කුද කුද

තාග්ගජිං තක තරිකිට කුංදත් රැංතක ජිං තක තරිකිට කුංදත් තා

 

සීරු මාරුව -  තකුතක ජිජිකුද ගජිත ගජිත කුද ගජිගත කුද කුද

තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා

 

අඩව්ව - තාම් දොම්ති ගත දොමිකිට කඩතක තරිකිට

කිතක දොමිති ගත කිත්තත් කුද කුද

තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා