ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධව ප්‍රශ්න - සාමාන්‍යපෙළ සාමාන්‍ය දැනුම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධව ප්‍රශ්න

1. නව පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටා ඇත්තේ,

1. බත්තරමුල්ල
2. ගාලු මුවදොර   
3. ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ                                                  
4. කොළඹ

 

02. පාර්ලිමේන්තු සංකීර්ණය නිර්මාණය කිරීමේ කාර්යය පැවරූ ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ,

1. එඩ්වඩ් රීඩ්                                                                           
2. ජෙෆ්රි බාවා                 
3. මංජු  ශ්‍රී                                                                                
4. ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි

 

04. පාර්ලිමේන්තු සභා ගර්භයේ හැඩය වනුයේ,

1. සමචතුරස්‍රාකාර                   
2. සෘජුකෝණාස්‍රාකාර             
3. වෘත්තාකාර                        
4. බුබ්බුලාකාර

 

07. ප්‍රධාන ද්වාරයෙන් සභා ගර්භයට පිවිසීමට ඇති පියගැට පෙළට කෙළින්ම ඉහළින් සභා ගර්භයේ මැද කොටස මත අතුරා ඇති රතු පැහැති පලස මත, දිග සෘජුකෝණාස්‍රාකාර නිකල් පටියෙන් පිළිබිඹු වනුයේ,

1. සදාකාලිකත්වය සහ සෞභාග්‍ය                                                       
2. නිර්නිතභාවය
3. ඒකීයත්වය                                                                          
4. සභා ගර්භයේ සීමාව

 

05. පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ අසුන පිහිටුවා ඇත්තේ,

1. සභා ගර්භයේ දකුණු කෙළවරේ මැද                                     
2. සභා ගර්භයේ වම් කෙළවරේ මැද
3. සභා ගර්භයේ දකුණු කෙළවරේ පහළින්                               
4. සභා ගර්භයේ දකුණු කෙළවරේ ඉහළින්

 

03. නව පාර්ලිමෙන්තු සංකීර්ණයෙහි වැඩ නිමාවූයේ,

1. 1979                                   
2. 1985                                   
3. 1980                                 
4. 1982

 

08. කථානායකවරයා සභා ගර්භයට පැමිණෙන විට සෙංකෝලය රැගෙන යනු ලබන්නේ,

1. මන්ත්‍රීවරුන් විසිනි                                                               
2. කථානායකතුමන් විසිනි
3. වේත්‍රධාරීතුමන් විසිනි                                                                       
4. විනිශ්චයකාරවරුන් විසිනි

 

06. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුකූලව වසර 6 ක කාල සීමවක් සඳහා පාර්ලිමෙන්තුව සමන්විත වියයුතු මන්ත්‍රීවරු ගණන,

1. 250                         
2. 225                                     
3. 230                                     
4. 275

 

09. පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ කඩුවක් පැළඳ සිටීමේ වරප්‍රසාදය හිමි වනුයේ,

1. කථානායකතුමන් හට                                                                      
2. වේත්‍රධාරීතුමන් හට
3. විනිශ්චයකාරීතුමන්ලා හට                                                                
4. සභාපතිතුමන් හට

 

10. පාර්ලිමෙන්තුවේ බල අධිකාරියේ සංකේතය,

1. පුන්කලස                                                                
2. ලියවැල් මෝස්තර
3. සෙංකෝලය                                                            
4. සභා ගර්භය

 

11. මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ත්‍යාග කරන ලද කථානායක අසුන නිමවා ඇත්තේ,

1. පිරිසිදු ඉංග්‍රීසි ඕක් ලීයෙන්                                        
2. පිරිසිදු කළුවර ලීයෙන්
3. පිරිසිදු තේක්ක ලීයෙන්                                            
4. ඉහත කිසිවක් නොවේ

 

13. අභිනව මන්ත්‍රීවරුන් නිල වශයෙන් දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම ...................................... ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

1. ජනාධිපතිතුමාගේ                                                    
2. කථානායකවරයාගේ
3. වේත්‍රධාරීතුමාගේ                                                     
4. විනිශ්චයකාරීතුමන්ලාගේ

 

12. පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සභා ගැබේදී පිළිපැදිය යුතු හැසිරීම් රටාව සහ විවාදයන්හිදී පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙත් නියාමනය කිරීම සඳහා එකඟ වූ නීති සමුදාය හඳුන්වනු ලබන්නේ,

1. ව්‍යවස්ථාදායකය                                                     
2. විධායකය
3. ස්ථාවර නියෝග                                                      
4. දිවුරුම් ප්‍රතිඥාව

 

16. මෙරට පාර්ලිමෙන්තු ආණ්ඩුක්‍රම වර්ධනයේ විශේෂ අවස්ථා අතුරින් සාවද්‍ය පිළිතුර තෝරන්න.

1. කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරණ - ක්‍රි.ව. 1833             
2. කෲව් - මැකලම් ප්‍රතිසංස්කරණ - ක්‍රි.ව. 1910
3. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ - ක්‍රි.ව. ක්‍රි.ව. 1932                     
4. සෝල්බරි ප්‍රතිසංස්කරණ - ක්‍රි.ව. 1947

 

14. පාර්ලිමේන්තු සභාවේ අසුන් පැනවීමේ දී කථානායක ගැලරිය වෙන්කර ඇත්තේ කා සඳහාද?

1. මහජනයා සඳහා                                                      
2. හැන්සාඩ් නිලධාරීන් සඳහා
3. පාර්ලිමෙන්තුවේ නියෝජ්‍ය මහලේකම් සඳහා                      
4. සම්භාවනීය අමුත්තන් සඳහා

 

15. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමෙන්තුවේ කථානායක ධූරය දරනුයේ,

1. මහින්ද රාජපක්ෂ මහතා                                           
2. බැසිල් රාජපක්ෂ මහතා
3. රත්නසිරි වික්‍රමනායක මහතා                                               
4. චමල් ජයන්ත රාජපක්ෂ මහතා

 

17. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කර ගැනීමේ ඒකායන අරමුණ වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඵලදායී යටත් විජිතයක් හිමිකර ගැනීමයි. එහෙත් වසරින් වසර ශ්‍රී ලංකාවේ ආදායම පහත බසිමින් වියදම ඉහළ යන්නට විය. මේ පිළිබඳව සොයා බලා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කොමිසම වූයේ,

1. කෝල්බෲක් කොමිසම                                                        
2. ඩොනමෝර් කොමිසම
3. කෲව් මැකලම් කොමිසම                                                     
4. සොල්බරි කොමිසම

 

21. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා ලෙස පත්වූයේ,

1. අතිගරු විලියම් ගොපල්ලව මැතිතුමා                                               
2. ගරු දී.මූ. ජයරත්න මැතිතුමා
3. අතිගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා                                               
4. ඩී.එස් සේනානායක මහතා  

 

18. ඩොනමෝර් කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් පහත ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.

1. රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීම.                                            
2. සර්ව ජන ජන්ද බලය ප්‍රදානය කිරීම.
3. විධායක කාරක සභා ක්‍රමයක් ඇති කිරීම.     
4. රාජ්‍ය මන්ත්‍රණ සභාවට රාජ්‍ය නිලධාරීන් සිව්දෙනකු ඇතුළු කිරීම.

 

19. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.

1. දිවයිනේ සාමය පවත්වා ගැනීම හා යහපත් පාලනය සඳහා නීති සම්පාදනයට පාර්ලිමේන්තුව පිහිටවනු ලැබිණි.
2. එය මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව යනුවෙන් මණ්ඩල දෙකකින් යුක්ත විය.
3. මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නියෝජිතයන් 101 දෙනෙකුගෙන් සමන්විත විය. එහි ධූරකාලය වසර 06 කි.
4. සෙනෙට් මණ්ඩලය ලෙස හඳුන්වන ලද උත්තර මන්ත්‍රී මණ්ඩලය නියෝජිතයන් 30 කින් සමන්විත විය.

 

20. සෙනෙට් මණ්ඩලය ලෙස හඳුන්වන ලද උත්තර මන්ත්‍රී මණ්ඩලය නියෝජිතයන් 30 කින් සමන්විත විය. උත්තර මන්ත්‍රී මණ්ඩලය පිහිටුවීම මගින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වූ මූලික අරමුණු අතුරින් සාවද්‍ය ප්‍රකාශය වන්නේ,

1. දිවයිනේ සාමය පවත්වා ගැනීම හා යහපත් පාලනය සඳහා නීති සම්පාදනය.
2. සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම.
3. මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය දුරදිග නොබලා හදිසියේ ව්‍යවස්ථා පැනවීම වැළැක්වීම.
4. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම.

 

21. ශ්‍රී ලංකාවේ පැරණි පාර්ලිමෙන්තු ගොඩනැගිල්ලෙහි වර්ථමානයේ පිහිටුවා ඇති රජයේ දෙපාර්තමේන්තුව / කාර්යාලය වනුයේ,

1. ශ්‍රී ලංකා මුදල් දෙපාර්තමේන්තුව                                                      
2. ජනාධිපති නිල නිවාසය
3. ජනාධිපති ලේකම් කාර්යාලය                                                          
4. ජාතික අධ්‍යාපන ආයතනය

 

22. ව්‍යවස්ථාදායකය, විධායක හා අධිකරණ යන ආයතන තුනෙන් සැදුම්ලත් අතර රාජ්‍ය බලය ක්‍රියාවට නංවන අංශය හඳුන්වනු ලබන්නේ,

1. පාර්ලිමේන්තුව                                                                                
2. රාජ්‍ය
3. ආණ්ඩුව                                                                                          
4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව


ඉහත ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙබ් අඩවිය (http://www.parliament.lk/ ) පරිශීලනය කළ හැකි අතර පාසල් වල ක්ෂේත්‍ර චාරිකා යෑමේ දී පාර්ලිමේන්තු සැසියක් නැරඹීමට ද අවස්ථාව ලබා දී ඇත. අවශ්‍ය වෙතොත් 0714486249 අමතන්න.