ගංගාවෙ සංගීතය - සාමාන්‍යපෙළ සිංහල හා සාහිත්‍යය

ගංගාවෙ සංගීතය

ගංඟාවේ සංගීතය (එච්. එම් කුඩලිගම )

 

 

 එච්. එම් කුඩලිගම කවියා :

 1918 දී කළුතර කුඩලිගම නම් පිටිසර ගමේ දී එච්. එම් කුඩලිගම මහතා උපත ලැබු අතර 1983 ගොතටුවේදි අභාවප්‍රාර්ත විය.

  • කුඩලිගම කවියා අයත් වන යුගය - කොළඹ යුගයේ දෙවන පරපුර
  • ඔහු ලියු ප්‍රචලිත කවි පන්ති - කුරුලු කූඩුව, සිරිමලී, වැස්ස
  • ඔහු ලියු පද්‍ය කෘති - ඈ, කුණාටුව, එකෝමත් එක රටක, සංවාදය
  • අනුවර්ථ නාමය - සිංහල ෂෙලී
  • ඔහු සේවය කළ පුවත් පත් - සිංහල බලය, දිනමිණ, සිළුමිණ, ජනතා
  • කුඩලිගම කවියා කාව්‍ය නිර්මාණයෙදි දස්කම් දැක් වූ ක්ෂේත්‍ර - ස්වභාව සෞන්දර්යය
  • මෙම යුගයේ සිටි වෙනත් කවීහු - පී. බි අල්විස් පෙරේරා, කපිල සෙනවිරත්න, මාකන්දුරේ ගුණවර්දන, මීමන ප්‍රේමතිලක, උපනන්ද බටුගෙදර
  • එතුමාගේ කවි පළ වූ සඟරා - මී වදය, දේදුන, සුවඳ
  • කුඩලිගම පෙරදිග කාව්‍ය සම්ප්‍රධායේ ආභාසය ලැබුවේ - රවීනාත් තාගෝර් ගෙනි.
  • එම කවිපෙළ ලිය වී ඇති දෘෂ්ටිකෝණය - උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය
  • කවි පෙළෙහි කථකයා - ගංඟාව
  • කවි පෙළෙහි අකෘතිය - සිව්පද සඳැස්
  • කවි පෙල ලියවී ඇති විරිත - සමුද්‍රඝෝෂ විරිත(සමුදුරු විරිත )
  • කවි පෙළෙහි භාෂාව - සරල කව්‍යාත්මක බසකි.
  • කුඩලිගම කාව්‍ය නිර්මාණයේ දී යොදාගත් තේමා - මනුෂ්‍ය ජීවිතය, සොබාදහම, ප්‍රේමය   

 

කවිය:

 1. කඳු බෑවුමක දං බෝවිටි පඳුරු තළා

     පහළට ඇඳි පර මල් පෙති ඉවත නොළා

     කලදෝ දියෙන් පොඟවා රන් පුළිනතලා

    සංගීතවත් වී යමි ඉදිරියට ගලා

 

2.  සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි

     ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි

     කවදා කොතැනකදි හෝ මහ මුහුද හිමි

     හමුවුණු කෙණෙහි මා සතු බර ඹහුට දෙමි

 

3.  එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ

     ඹබ කුමකටද මා දුටු තැන් විමසන්නේ

     මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ

     කිමදැයි කියා කිසිවකු ඇයි නොසොයන්නේ

 

4. විසිරි යන පරිදි රන් සමනලුන් රොද

    වන මල් පඳුරු දෙදරවමින් මුලින් ඇද

    උඩ පැන නට නටා ඇවිදින් ගිමන් සිඳ

    නැළවෙමි කුරුල්ලන්ගේ රජ දහන් මැද

 

5. සැපවත් වෙවී රට මැද හිරිකඩ වැස්සේන්

    කේතකි ගුහා උක් කොටු වෙල් එලි ඹස්සෙන්

   හේ දඩු බට පඳුරු නිල් ඹ්විටි අස්සෙන්

   ආයෙමි නිදහසේ දෙවඟන පසු පස්සෙන්

 

6. මහ හඬ දිදී වස් දඬු තාලයට හඩා

    කඳු රැළි වලින් ඇද හැලෙමින් නොවිඳ විඩා

    වන දෙව් ලියන්ගේ ගම්මානයක කුඩා

    කැරකෙමි සිනා රැළි මතු කොට ඉවුරු කඩා

 

7.  හිරිමල් සිනා රැළි පෙණ පිඩු මිහිරිතම

     ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම

     සම තැනිතලා වල හමුවෙයි අලසකම

     නිරසයි අතර මඟ අවහිර නොදුටු බිම 

   

  • කවි පෙළෙහි අනුප්‍රාසය නිරූපිත අවස්ථා -                   

                    " සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි "

                    " ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි " 

                    " ගල්පරවල ම හැපි හැපි බිහි කරමි මම " 

                    " ළය යට සසල බව මින් මතු නොනැගෙද්දෙන් "