තාරක ආවා
ජානක ආවා
කුමාර එක්ක ම
කෝසල ආවා
එල්ලේ ගහමු ද
ඔන්චිලි පදිමු ද
බට්ටා පනිමු ද
ජානක ඇහුවා
බට්ටා පනිමු
බට්ටා පනිමු
හැමෝම සතුටින්
එකවර කිවුවා
කෝටුව ගත්තා
කොටුවක් ඇන්දා
අඹ කොට්ටය ගෙන
බට්ටා පැන්නා
ජානක පැන්නා
කුමාර පැන්නා
කෝසල කොටුවේ
මැදට ම පැන්නා
කොටුවෙන් කොටුවට
පැන ගිය තාරක
අන්තිම කොටුවට
සතුටින් පැන්නා