ආයුබෝවන් !

කෙටි සටහන් භාවිතයේදී සැලකිය යුතු කරුණු



6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා දහම් පාසල් පෙළ පොත් වල එන භාවනා පාඩම් හැර පාලි අභිධර්මය ඇතුලු අනෙකුත් සියලුම පාඩම් ආවරණය වන පරිදි “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” සකසා ඇත.විභාගයේදී විමසිය හැකි වැදගත් කරුණු සාරාංශ වන පරිදි සෑම පාඩමකටම වෙන වෙනම සැකසූ කෙටි සටහන් මෙහි ඇතුලත්ය. පාඩම උගන්වා අවසානයේදී ඉගැන්වූ පාඩමට අදාල කෙටි සටහන දරුවාගේ සටහන් පොතට ඇතුලත් කිරීමට සුදුසු වන පරිදි මෙය සකසා ඇත. තවද පාඩම උගන්වන අතරතුර පාඩම තුල හමුවන ඇතැම් සංකීර්ණ දහම් කරුණු සරළව විග්‍රහ කොට කෙටි සටහනට ඇතුලත් කොට ඇත. නමුත් එම විග්‍රහ කිරීම් දරුවාගේ සටහන් පොතට ඇතුලත් කළයුතු නැත.

ඇතැම් සංකීර්ණ දහම් කරුණු විග්‍රහ කිරීමේදී මූලාශ්‍ර වශයෙන්,
1. වෙනත් ශ්‍රේණියක දහම් පාසල් පෙළ පොතක්
2. එම ශ්‍රේණියේම වෙනත් පාඩමක්
3. ධර්මාචාර්ය විභාගයට අදාල පෙළ පොත්
4. රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ කෘතීන් හෝ
5. බොහෝ විට අන්තර්ජාලය ද
උපයෝගී කරගෙන ඇත.

සෑම පාඩමකම කෙටි සටහන් එකම රටාවකට අනුව සකසා ඇති අතර කෙටි සටහන් භාවිතයේදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

  1. කෙටි සටහන් මාලාවේ ඇතැම් තැනකසටහන:-වශයෙන් දක්වා ඇත්තේ,
    i. දහම් කරුණක වැඩිදුර පැහැදිලි කිරීමක් හෝ
    ii. ගුරුවරුන් වෙනුවෙන් විශේෂ සටහනක් ය.

  2. සටහන:-ලෙස දක්වා ඇති වැඩිදුර පැහැදිලි කිරීම් දරුවාගේ සටහන් පොතට ඇතුලත්නොකළ යුතු අතර එම කරුණු පාඩම විස්තර කර දීමේදී අවශ්‍යනම් උපකාර කරගත හැක.

  3. ඇතැම් සටහන් ගුරුවරයාගේ වැඩිදුර අවබෝධය සඳහාම පමණක් වන අතර ඒවා දරුවා සමග සාකච්ඡා කළ යුතු වන්නේ නැත.

  4. බොහෝ සටහන් වල ඇති වැඩිදුර විස්තර කිරීම් විෂයනිර්දේශයට පරිබාහිර වන අතර එම කරුණු විභාගයේදී විමසනු නොලැබේ.

  5. පාඩමකට අදාල කෙටි සටහනේ ඇතුලත් සියලුම කරුණු සටහන් පොතට ඇතුලත් කළ යුතු නැත. අනවශ්‍ය යැයි සිතෙන කරුණු ඉවත් කොට අමතර කරුණු එක් කොට කෙටි සටහන සංශෝධනය කිරීමට ගුරුවරයාට නිදහස ඇත.

  6. 10 ශ්‍රේණිය පෙළ පොතේ පාලි 10 වන පාඩමට සහ භාවනා පාඩම් 2 ට කෙටි සටහන් සකසා නැත.

දහම් පාසල් පෙළ පොතක පාඩමකට අදාල කෙටි සටහනක් සැකසීමට පෙර එම පාඩමින් පසුගිය වර්ෂ වල විභාග වලදී විමසන ලද ප්‍රශ්න පිළිබඳව සොයා බලා නිරන්තරයෙන් විමසීමට ලක් වන කොටස් කෙරෙහි වැඩි අවධානයක් යොමු වන පරිද්දෙන් සහ මේ වනතුරු විමසා නොතිබුනද ඉදිරියේදී විමසීමට ලක් විය හැකි කොටස් තෝරා බේරා වෙන් කර ගැනීමෙන් කෙටි සටහන් වඩාත් ඵලදායී කරගත හැක. ඒ සඳහා අවශ්‍ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සොයාගැනීමත්, පාඩමෙ සඳහන් ඇතැම් කරුණු වලට වැඩිදුර විග්‍රහ සෙවීමත්, අනවශ්‍ය කරුණු ඉවත් කොට අත්‍යාවශ්‍ය ම කරුණු පමණක් ඇතුලත් කිරීමත්, පාඩමේ සමස්ථ කෙටි සටහන හැකිතාක් කෙටි කිරීමත් ආදිය පිළිබඳව සැලකීමේදී එක් පාඩමකට වූවද කෙටි සටහනක් සැකසීම එතරම්ම පහසු කටයුත්තක් නොවන බව පැහැදිලි වේ.

එම පාඩමේ තරමක් සංකීර්ණ දහම් කරුණු වෙතොත් විෂය පිළිබඳව හසල අවබෝධයක් ඇති ගිහි පැවිදි පිරිස සමග සම්බන්ධ වී දහම් කරුණු වල විස්තර විග්‍රහ සෙවීමට ඇතැම් විට දින ගණනාවක් ගතවූ අවස්ථා පවා තිබේ. එසේ කැටි කොටගත් කරුණු යලිත් වරක් හෝ දෙවරක් කියවා බලා සංස්කරණය කිරීමෙන් අනතුරුව අවසාන් කෙටි සටහන සකසනු ලැබේ.

එවැනි එක් පාඩමකට අදාලව කෙටි සටහනක් සැකසීම පවා සැබවින්ම පහසු කටයුත්තක් නොවේ. එවැනි පාඩම් 70 කට ආසන්න සංඛ්‍යාවකට කෙටි සටහන් සැකසීම ඉතා අපහසු මෙන්ම සැබැවින්ම වෙහෙසකර කටයුත්තකි. එයට වඩාත්ම හේතු වී ඇත්තේ එම පාඩම් අතරට පාලි පාඩම් 10 ක් හා අභිධර්මය පාඩම් 10 ක් ද එක්වී තිබීමයි. කෙසේ හෝ වෙහෙස දරා සැලකිය යුතු කාලයක් වැය කොට 10 ශ්‍රේණිය දහම් පාසල් පෙළ පොතට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් සියල්ල සකසා නිම කොට ඇත.

නමුත් තවදුරටත් ඒ තුල වැරදි අඩුපාඩු මෙන්ම සංස්කරණය විය යුතු තැන්, වාක්‍ය නොගැලපීම්, අක්ෂර දෝශ ආදියද තිබිය හැකි වේ. මීට අමතරව වැදගත් කරුණු මගහැරී ඇති අවස්ථා ද, අනවශ්‍ය කරුණු එකතු වී ඇති අවස්ථා ද තිබිය හැක. සටහන් සැකසීම හා සංස්කරණය යන කාර්යයන් දෙකම තනි පුද්ගලයෙකු විසින් සිදුකිරීමේදී ඇතැම් අත්වැරදීම් ඇසට අසු නොවී මගහැරී යාම මෙයට එක් හේතුවක් විය හැකිය.

තවද කෙටි සටහන් ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී තවදුරටත් සංස්කරණය විය යුතු තැන් හමු විය හැක. එසේ බලන කල “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” සැබැවින්ම තවමත් සම්පූර්ණයෙන් ම සකසා නිම කොට නැත. එකී නොකී දහසකුත් එකක් අඩුපාඩු මගහරවා ගැනීමට මෙම කෙටි සටහන් පරිශීලනය කරන සැමට දායක විය හැකිය. එවන් අඩුපාඩුවක් දුටුවහොත් ඒ බව අපට දැනුම්දීමට තරම් කාරුණික වන්න.

මීට අමතරව කෙටි සටහන් මාලාව පිළිබඳව වෙනත් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට හැකිනම් නිසැකයෙන්ම එය මහත් අත්වැලක් වනු ඇත. චෝදනා හා විවේචන පිළිබඳව ද එසේම දත යුතුය. ඉහත කුමන හෝ හේතුවක් මත අපව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් myschool.lk වෙබ් අඩවියේ "අපට දන්වන්න" පිටුව භාවිතා කළ හැක.

11-වසර දහම් පාසල (බෞද්ධ)

අනෙකුත් ලිපි
ජල චක්‍රය / ජලාවර්තන චක්‍රය (Hydrological Cycle)
(වරුණ විසින් 2017-09-13 දින වෙනත් යටතේ NCT (CIVIL) පාඨමාලාව විෂයට අදාලව ලියන ලදි)

කාර්මික විද්යාල මඟින් පවත්වනු ලබන,ජාතික තාක්ෂණික සහතිකය (සිවිල් ඉංජිනේරු)හෙවත්NCT (civil)තුන් අවුරුදු අර්ධකාලීන පාඨමාලාව සඳහා මාර්ගෝපදේශ ලිපි පෙළ විෂයය කේතය : WE විෂයය : ජලය සහ ...

1 නෙක් කැමතියි

බිම් මැනීම (Surveying) - ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව
(වරුණ විසින් 2017-09-04 දින වෙනත් යටතේ NCT (CIVIL) පාඨමාලාව විෂයට අදාලව ලියන ලදි)

කාර්මික විද්යාල මඟින් පවත්වනු ලබන,ජාතික තාක්ෂණික සහතිකය (සිවිල් ඉංජිනේරු)හෙවත්NCT (civil)තුන් අවුරුදු අර්ධකාලීන පාඨමාලාව සඳහා මාර්ගෝපදේශ ලිපි පෙළ විෂයය කේතය : SU විෂයය ...

1 නෙක් කැමතියි

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෙටි සටහනක්
(නයෝමි විසින් 2017-09-04 දින 10-වසර යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

තොරතුරු සන්නිවේදනය හා තාක්ෂණය දත්ත (Data) යනු - :වෙන් වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක, වචන දත්ත (Information) -:දත්ත ගොනු කිරීමේන් පිළිවෙලකට සකසා අර්ථවත් කල ...


සැලසුම් ශිල්පීන් සඳහා මූලික පාඩම් මාලාව - 1 පරිමාණ (Scales) සහ එහි භාවිතය
(වරුණ විසින් 2017-08-28 දින වෙනත් යටතේ NCT (CIVIL) පාඨමාලාව විෂයට අදාලව ලියන ලදි)

සැලසුම් ශිල්පීන් සඳහා මූලික පාඩම් මාලාව - 1 (28-08-2017) පරිමාණ (Scales) සහ එහි භාවිතය ක්ෂේත්රයේ ඇති (සත්ය වශයෙන් පරිසරයේ දක්නට ඇති) යම් වස්තුවක හෝ පිහිටීමක හෝ ...

1 නෙක් කැමතියි

සාමාන්ය දැනුම ප්රශ්න 50ක්....
(Milini විසින් 2017-08-25 දින සාමාන්‍යපෙළ යටතේ සාමාන්‍ය දැනුම විෂයට අදාලව ලියන ලදි)

1. 2015 වසරේ මෝල්ටාවේ පැවතියේ කීවන පොදු රාජ්ය මණ්ඩල නායක සමුලුව ද? 24 වන සමුලුව 2. 2015 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (The 2015 United Nations ...


ලෝක ජාත්යන්තර දින - 2
(Milini විසින් 2017-08-25 දින සාමාන්‍යපෙළ යටතේ සාමාන්‍ය දැනුම විෂයට අදාලව ලියන ලදි)

ලෝක ජාත්යන්තර දින ලෝක මිහිතල දිනය :- අප්රේල් 22 ලෝක කම්කරු දිනය :- මැයි 01 ලෝක රතු කුරුස දිනය :- මැයි 08 ලෝක හෙද දිනය :- මැයි 12 පළමු ලෝක ...


රසායනික කර්මාන්ත 2
(Charith විසින් 2017-08-25 දින උසස්පෙළ යටතේ රසායන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

..........................රසායනික කර්මාන්ත......................... අප අවට පරිසරයේ පවතින සුලභ ස්වාභාවික ද්රව්ය භාවිත කරමින් මිනිසාට ප්රයෝජනවත් ද්රව්යය නිෂ්පාදනය කිරීමේ ක්රමවේදයක් සරලව රසායනික කර්මාන්තයක් ලෙස හැඳින්විය හැකිය. ...


ප්‍රතිසංවාදනය (Counterpoint) සහ Contrapuntal Motion සටහන - 2
(වරුණ විසින් 2017-08-25 දින වෙනත් යටතේ සංගීත අපරදිග විෂයට අදාලව ලියන ලදි)

ප්රතිසංවාදනය (Counterpoint)සහ Contrapuntal Motion (සටහන- 2)-25-08-2017 Contrapuntal motion මේ සිද්ධාන්තයෙන් පැහැදිලි කරන්නේ එකම කාල ප්රාන්තරයකදී වැයෙන ස්වර ඛණ්ඩ 2ක හැසිරීම පිළිබඳවයි. මෙම මෙලඩි දෙකෙහි ස්වර චලනයන්ගේ ...

1 නෙක් කැමතියි

බටහිර සංගීත සිද්ධාන්ත - ප්‍රතිසංවාදනය (Counterpoint) - සටහන - 1
(වරුණ විසින් 2017-08-22 දින වෙනත් යටතේ සංගීත අපරදිග විෂයට අදාලව ලියන ලදි)

ප්රතිසංවාදනය (Counterpoint) සහ Contrapuntal Motion (සටහන - 1)- 22-08-2017 මුල් කාලයේ බටහිර සංගීත කෘති වල සංගීතය ඒකරේඛීය ආකාරයෙන් පැවතුනි. තව දුරටත් පැහැදිලි කලොත්, එකම කාල ප්රාන්තරයක් තුල ...

1 නෙක් කැමතියි

ප්‍රතිස්වරන්‍යාසය (Counter Melody)
(වරුණ විසින් 2017-08-21 දින වෙනත් යටතේ සංගීත අපරදිග විෂයට අදාලව ලියන ලදි)

Counter Melody(ප්රතිස්වරන්යාසය) බටහිර සංගීතයේ ඇති ගැඹුරු ශිල්පීය ක්රමයක් තමයි, මේ අපි කෙටියෙන් counters නැත්නම් counter parts කියලා කියන්නේ. මෙහි නියම වචනය තමයි Counter Melody කියන නාමය. මෙයට ...

1 නෙක් කැමතියි